සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්,
සියලුම ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන් වෙත,
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ තැපැල් බෙදාහැරීම් කටයුතු තාවකාලික වශයෙන් දිනක් හැර දිනක් පහත පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇත.
1. ම.තැ.හු. සිට වවුනියාව, පොළොන්නරුව, මහනුවර හා බදුල්ල දක්වා තැපෑල සඳුදා, බදාදා හා සිකුරාදා දිනයන්හි රාත්රියේදී සුපුරුදු වේලාවන්වලට ක්‍රියාත්මක වේ.
2. පර්යන්තයන්වල සිට එනම් වවුනියාව, පොළොන්නරුව, මහනුවර හා බදුල්ල සිට ම.තැ.හු. දක්වා තැපෑල අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා රාත්රියේදී සුපුරුදු වේලාවන්වලට ක්‍රියාත්මක වේ.
3. මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට රත්නපුර, කුරුණෑගල, පුත්තලම, පාදුක්ක, බුලත්සිංහල, හංවැල්ල, වරකාපොල, වාද්දූව, කිරිඳිවැල, මීගමුව, කෝට්ටේ යන මාර්ගවල තැපෑල අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනවල පමණක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
4. දුම්රිය මගින් සිදු කරනු ලබන තැපැල් බෙදා හැරීම් කටයුතු තවදුරටත් සිදු කිරීමට නියමිතය. (බදාදා නිවාඩු දිනයක් බැවින් ඊට ගැලපෙන ලෙස කටයුතු කරන්න.)
5. ඔබ පලාත තුළ තැපැල් මාර්ගවල තැපැල් බෙදාහැරීම් කටයුතු ඉහත තැපැල් මාර්ගවලට අනුගත වන පරිදි අවස්ථානුකූලව දිනක් හැර දිනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න.
ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
පිටපත්:
1. තැපැල්පති - කාරුණික දැන ගැනීම සඳහා
2. පාලක (මෙහෙයුම්) - අදාළ කාර්යය මණ්ඩල දැනුවත් කිරීම සඳහා
3. අධිකාරී (ම .තැ.හු.) - අදාළ කාර්යය මණ්ඩල දැනුවත් කිරීම සඳහා
Sri Lanka Post And Telecommunication Services Union
New Official page of Sri Lanka Post And Telecommunication Services Union...Put your like to our page and Keep in touch with us...
15/03/2026
15/03/2026
ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතය ලබා ගන්නා ආකාරය
14/02/2026
14/02/2026
14/02/2026
14/02/2026
දිවයින පුරා පිහිටි තැ.තෝ.ම.හී ගැටලු වෙනුවෙන් ප්රමුඛ අවධානය යොමු වන්නේ නම් ඉතා අගනේය. සෞඛ්‍යය හ ජනමාධ්‍ය අමාත්‍යවරයාට ස්තුතියි තැපෑල වෙනුවෙන් මේ කරන මැදිහත් වීමට. නමුත් සේවක නියෝජනයන්ටද ඇහුම්කම් දෙන්නට හැකිනම් ප්‍රායෝගික හා ඵලදායි ලෙස මෙවැනි දේ සැලසුම් කල හැකිය.
14/02/2026
Want your business to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo
