පේමන්ට් එකේ අපි

පේමන්ට් එකේ අපි

Share

කල්පනාවෙන් ඇවිදින්න ..
අහුල ගන්න දේවල් ගොඩයි !

උඹටත් මට වගේ

හීන ඇති කල් පැනපු
වට්ටි ඇති මල් කඩපු
කෙල්ලො ඇති බෑ කියපු
කොල්ලො ඇති වල බැහැපු

ක්ලාස් ඇති කට් කරපු
ඩෙනිම් ඇති පැච් දාපු
ලොවෙත් නැති ලව් කරපු
පෙමක් ඇති හිත බිදපු

හැමදාම කිස් කරපු
තෑගි ඇති විසිකරපු
විටින් විට රින්ග් කරපු
ලයින් ඇති කට් කරපු
හීත රෑ නිදි වරපු
රොකට් ඇති උඩ යවපු

හා නැද්ද කියහන් o.O

27/04/2026

කැම්පස් අවුට් වෙලා
ඉස්සේලාම ජොබ් එක
නුවරඑළියේ
ගුඩ්වුඩ් වල
සංවර්ධන නිළදාරි තැන,
මට ඔයාව මුණ ගැහුණේ
එහෙදි,
කඳු පල්ලම්
සානු දිගේ
දරා ගන්න බැරි හීතල
මට තාමත් මතක
නුඹ මාව උණුහුම් කල
අපුරුව
එක තේ කෝප්පයකින්
හැමදාම පුරුද්දට ගිය,
කාලය ගෙවිලා
අපි එක ගෙදරක,
ලොක්කා ආවා
ලොකු එකී,
පොඩි එකා
ඒ හිතලේම ලොකු උනා,
ලොකු ඒකිගේ උපන් දිනේ
අගොස්තු 15
එදාම තමයි ක්ලිනික් යන්න
තිබ්බේ ඔයාට,
ගිහින් ආවට පස්සේ
කථා කලේ හරි අඩුවෙන්,
ඊට පස්සේ හැමදාම හිල්ලුවා මතකයි,
පැන්ෂන් ගිහින් දැන් කාලයක් උනත්
අතේ සොච්චම නැති උනත්
අපිට අපි හිටියා හයියට,
එදත් ඔයා ගියේ ඉස්ප්රිතාලේට
ඇඳ ගෙන මම ආසම සාරිය,
පන්සල වංගුවෙන්
හැරිලා ආපහු හැරිලා බලද්දී ,
මතක් උනා මට ඉස්සර
අපේ වත්තේ ප්‍රේම සංගුව,
එදා තමයි මම ඔයාව පණපිටින් දැක්ක
අන්තිම වතාව.
ඉස්පිරිතාලෙන් එද්දී පණිවුඩ
ඇත්තටම මගේ පපුව තිබුණේ
නවතිනම තැනක,
එත් පිළිකාවකට
පුළුවන් නම් ඈත් කරන්න මිනිස්සු මෙහෙම
අපි ජීවත්වෙලා මොකටද?
අදට අවුරුදු හතක් මැණික
මම මැරිලා ගොඩක් කල් දන්නවද ?
මහා ගෙදර තනියම කියව කියවා ඉද්දි
මම මටම
අදත් මම ඉඟුරු
ප්ලේන්ටි දෙකක්
හැදුවා අපි දෙන්නටම !

24/04/2026

බුදුදහම එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද ? බුදුන් දේශනා කරන්නේ මා මේ දේශනා කල දහම කර පින්නා ගෙන යායුතු දෙයක් නෙමෙයි, සසරෙන් එතර වීම සඳහා පමණයි " කියන කරුණ එත් අපි මොනාද කරන්නේ ? අපි කරන්නේ මේ වෙලාවේ එක කරේ තියාගෙන ඉන්න එක නේද ? මේ හාමුදරුවන්ට ලෝක සාමය නෙමෙයි හිතේ සාමයවත් දැන් ඉතිරිවෙලා තියනවද ? ඇත්තටම තේරෙන්ද අපි මොන තරම් ගෝත්‍රිකයිද කියලා ? බුදුදහම තාමත් පැවතෙන රටක අපි කොහෙද ඉන්නේ ?
ඇත්තටම පන්සල් ගොඩනැගිලි , මහා පිළිම, මහා විශාල ස්ථුප අස්සේ මොන තරම් කුඩා බාල මිනිස්සු ටිකක්ද මේ රටේ ඉන්නේ ? සෙට් එකක් දේශපාලනේ කරනවා, තව සෙට් එකක් බිස්නස් එකක් කරනවා අපි මේ මිනිස්සු ආව වැඩේ කරන්න ඉඩ දෙනෙන් නැතිව හුරේ දානවා. මහා ඉතිහාසයක් තියන ජාතියක් ජාත්‍යන්තරය ඉදිරියේ ෆේල් කියන ලේබල් එක බලේන්ම අලව ගන්නවා. අපිට ආලෝකා සහ පඤ්ඤාකර හාමුදරුවෝ මේ පෙන්නලා දෙන්නේ අපිට නිවන මොන තරම් දුරද කියන එක? සතෙක් වෙලත් ආලෝකා ගාව තියන හික්මිම, විනය, ඉවසීම අපි ගාව තියනවද ? ඇත්තටම පඤ්ඤාකර හාමුදරුවෝ මේ බලු පැටියාගෙන් අපිට පෙන්න්න හදන්නේ එක නෙමෙයිද ? අපි අපි අදහන අපි දන්නවා කියන දහමෙන් මොන තරම් ඈතද කියන එක ?

Photos from පේමන්ට් එකේ අපි's post 23/04/2026

හැමෝටම ප්‍රශ්ණයක් තිබුණා සහ තියනවා හිනාවෙනවා කොචොක් කරනවා අපිට මොකටද සාම පා ගමනක් කියන අවුල .. ඒකට ආන්ස්වර් එක මේ ෆොටෝ වල තියනවා !

22/04/2026

බෝසත් සුනඛයාගේ කථාව | කුක්කුර ජාතකය

තමන්ගේ ජාතියට රැකවල් දිය යුත්තේ තමන්ගේ කෙනෙක්මයි. තමන්ගේ ධර්මය රැකගත යුත්තේ තමන්මයි. අපගේ බෝසතාණන් වහන්සේ තමන්ගේ වර්ගයා රැකගැනීම පිණිස නොයෙක් ආත්මවල සිය ජීවිතය කැප කොට තියෙනවා. පුරණ ලද පාරමී බලයෙන් යුතු අප මහා බෝසතාණන් වහන්සේ පවා එක්තරා අවස්ථාවක සුනඛ යෝනියෝ ඉපදුනා. එදා තමන්ගේ ඤාති වර්ගයාට වෙන්ට තිබුනු මහ විපතකින් ඔවුන්ව බේරාගත්තා. භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්මවලදී පවා තමන්ගේ ඤාති වර්ගයා බේරාගන්ට කටයුතු කළ බව දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා කථා කරමින් සිටියා. ඒ අවස්ථාවේ එතනට වැඩම කොට වදාළ අප භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක මහා බෝධිසත්වයන්ටත් කිසියම් කර්මයකට අනුරූපව සුනඛ යෝනියේ උපදින්ට සිදුවුනා. ඉතින් සුනඛ යෝනියේ උපන් බෝසත් සුනඛයා නොයෙක් සියගණන් සුනඛයන් පිරිවරාගෙන මහා සුසාන භූමියක වාසය කළා.
එක් දවසක් බරණැස් රජ්ජුරුවෝ සුදු අශ්වයන් යෙදූ ඉතා අලංකාර ලෙස සැරසූ අනගි අශ්ව කරත්තයෙන් උයන් කෙළියට ගියා. හිරු අවරට යද්දි නැවතත් ඒ අශ්ව කරත්තෙන් මාලිගයට ආවා. රජ්ජුරුවෝ රථයෙන් බැහැලා මාලිගයට ගොඩවුනා. රථයේ බැඳපු අසුන්ව අස්ගාලට ගෙනිච්චා. නමුත් එදා රථය ඇතුළට දාන්න බැරිවුනා. රජමිදුලේම තිබුනා. එදා රෑ වැහැපු වැස්සට අශ්ව රථය තෙමිලා ගියා. මාලිගාවේ උඩුමහල් තලයේ සුරතලයට ඇතිකරන වංශවත් බල්ලන් හිටියා. ඒ විශාල බල්ලන්ට තෙත සම්ගඳ ඉව වැටුනා. ඔවුන් හිමින් පහතට බැස්සා.
ඒ රථයට ගොඩ වෙලා තෙත සම් තෙත් වූ වරපට ආදිය කාලා දැම්මා. පසුවදා උදෑසන රාජසේවකයන්ට සපා කා විනාශ කරන ලද තෙත් වූ සම් ඇති වරපට ඇති රථය දකින්ට ලැබුනා. ඔවුන් මේ කාරණය රජ්ජුරුවන්ට පැමිණිලි කළා.
“දේවයන් වහන්ස, ගමේ බල්ලෝ කාණු කටකින් රජමිදුලට ඇවිත් තියෙනවා. අශ්ව කරත්තේ ආසනයට යෙදූ සමත් සම්පටිත් ඔක්කොම කාලා” රජ්ජුරුවෝ වහාම රථය බලන්ට ආවා. මුළු රථයම විනාශ කරලා! රජ්ජුරුවන්ට හොඳටම කේන්ති ගියා. “එසේ නම් සේවකයිනි, එක බල්ලෙක් තියන්ට එපා. දුටු දුටු තැන මරාපියව්” කියා රාජ අණ පැවැත්තුවා.
එදා පටන් ගමේ සියලුම බල්ලන්ට මහා නරක කලදසාවක් උදාවුනා. රාජ සේවකයන් දුටු දුටු තැනදී බල්ලන්ව මැරුවා. පණ බේරාගෙන පලා යන බල්ලෝ කෙළින්ම මහ සොහොනට දිව්වා. බෝසත් සුනඛයා වටේ එකතු වෙන්ට පටන් ගත්තා. එතකොට බෝසත් සුනඛයා ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා.
“අහෝ මිතුරනි, මොකද මේ…. මහ භයකට පත්වෙලා වගේ ගැහි ගැහි ඉන්නේ. මොකක්ද වුන කරදරය?” “අනේ අපි වරදක් කළේ නෑ. රජ්ජුරුවන්නේ අස්ප කරත්තේ බල්ලෝ කාලාලු. හනේ…. අපට ඒ පැත්තටවත් යන්ට වරම් නෑ. නමුත් අහුවුනේ අපවයි. රජ්ජුරුවන්ට හොඳටම කේන්ති ගිහින් රාජ අණක් නිකුත් කළාලු. දුටු දුටු තැන අපව මරන්ට කීවාලු…. අනේ අප දන්නා හඳුනන සෑහෙන දෙනෙක් මැරුනා. මහා විපැත්තියක් අපට වුනේ.”
“ඕ…. එහෙමද! ඔය රාජ මාලිගයට බල්ලන්ට යන්ට පාරක් තොටක් ඇත්තේම නැද්ද?”
“අනේ නෑ…. පාරේ යද්දි අස්ප කරද්දි දැක්කා මිසක්කා ඒක අහලකටවත් යන්ට අපට වරම් නෑ”
‘ඕහෝ…. එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ…. වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා. තැතිගත් සුනඛයන්ව අස්වැසෙව්වා.
“සුනඛයිනි, භය වෙන්ට කාරි නෑ. මං තොපව ඔය මරණ භයෙන් නිදහස් කරවන්නම්. මං ගොහින් රජ්ජුරුවන්ව බැහැදකින කල් මෙතැනම වාසය කරව්. පිටතට යන්ට එපා” කියලා බෝධිසත්වයොත් තමන්ගේ පෙර ආත්මයන් පවා සිහි කළ හැකි ජාතිස්මරණ ඤාණයෙන් පුරන ලද පාරමී ධර්මයන් සිහි කළා. මෛත්‍රී සිත පෙරටු කරගත්තා. ‘මා හට කිසිවෙකුගෙන් ගල් පහරක් හෝ මුගුරු පහරක් හෝ ආයුධ පහරක් හෝ එල්ලවෙන්ට එපා’ කියලා අධිෂ්ඨාන කළා. හුදෙකලාවේම ඇතුලු නුවරට ගියා. බෝසතුන්ගේ ආනුභාවය නිසා ඔහුව දුටු කවුරුවත් කිපී බැලුවේ නෑ. බෝසත් සුනඛයා කෙලින්ම මාලිගාව ඇතුලට ගියා. රාජ සභාවට ම ගියා. රජ්ජුරුවෝ යම් ආසනයක වාඩි වී සුනඛයන්ව ඝාතනය කරන්ට අණ දුන්නාද එදත් ඒ ආසනයේම වාඩි වී සිටියා. සුනඛයා කෙලින්ම ගිහින් ආසනය යටට රිංගා ගත්තා. රාජ පුරුෂයෝ සුනඛයාව එතනින් එලවා දමන්ට සූදානම් වුනා. එතකොට රජ්ජුරුවෝ එය වැළැක්කුවා. සුනඛයා හෙමින් හෙමින් ආසනය යටින් එළියට ආවා. රජ්ජුරුවන්ට වන්දනා කළා.
“දේවයන් වහන්ස, තොප බල්ලන්ව මරාදමන්ට අණ කළාද?”
“ඔව්… ඇයි?”
“රජතුමනි…. ඔවුන් නුඹවහන්සේට කළ අපරාධය කුමක්ද?”
“ඔවුන් ඉතා බලවත් රාජ අපරාධයක් කරලා තියෙනවා. මාගේ අශ්ව රථයේ එළාපු ඉතාම වටිනා සම්, වරපට ආදිය කාලා විනාශ කරලා තියෙනවා.”
“එතකොට රජතුමනි, යම් සත්තු ඒවා කෑවාද ඒ සතුන් කවුරුන්ද කියා නුඹවහන්සේ හොඳාකාරවම දන්නවාද?”
“නෑ…. එහෙම නිච්චියට ම කියන්ට බෑ.”
“සම් කාපු සත්තු මෙවුන් කියා නිච්චියට ම නොදැන ඒ මොහොතේ ඉඳන් දුටු දුටු තැන බල්ලන් මරවන්ට නියෝගය දීපු එක හොඳයිද දේවයන් වහන්ස?”
“ඒකේ වැරැද්දක් පේන්ට නෑ. රථයේ සම් බල්ලන් කාපු නිසයි දුටු දුටු තැන සියලු බල්ලන්ව මරන්ට කියා රාජාඥාව නිකුත් කළේ.”
“එතකොට මහ රජ්ජුරුවනි, ඒ ආඥාවට අනුව මිනිස්සු සියලුම බල්ලන්ව මරා දමනවාද? නැත්නම් ඇතැම් බල්ලන්ට ඒ මරණ දඬුවම බලපාන්නේ නැද්ද?”
“ඔව්…. අපේ මාලිගාවේ වංශවත් බල්ලන්ට මරණ දණ්ඩනය බලපාන්නේ නෑ.”
“එතකොට දේවයන් වහන්ස, නුඹවහන්සේ මේ දැනුත් කිව්වේ රථයේ සම් බල්ලන් විසින් කා දැමූ නිසා දුටු දුටු තැන සියලු බල්ලන්ව මරා දමන්ට සුනඛ වධය නිකුත් කළා කියලයි. එහෙත් මේ දැන්ම අපේ
මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ට මරණ දණ්ඩනය බලපාන්නේ නෑ කියනවා. එහෙනම් නුඹවහන්සේ මේ කාරණයේදී ඡන්දයෙනුත් ද්වේශයෙනුත් මෝහයෙනුත් භයෙනුත් අගතියට ගිහින් නොවැ ඉන්නේ. ඒක රාජ ධර්මයක් නොවෙයි. රජෙක් වුනාම තීරණයක් ගැනීමේදී තරාදියෙන් කිරලා බලනවා වගේ හැම පැත්තක් ගැනම කරුණු සොයා බලන්ට වටිනවා නොවැ. දැනුත් එහෙමනේ වෙලා තියෙන්නේ. රජ මැදුරේ බල්ලොන්ට දඬුවම් නෑ. දුර්වල බල්ලන් දුටු දුටු තැන මැරුම් කන්ට නියමිතයි. මේකට කිය යුත්තේ සුනඛයන්ට මරණය කියලා නොවේ. දුර්වලයන්ට මරණය කියලයි. ප්‍රබලයන් සුවසේ වැජඹෙනවා. දේවයන් වහන්ස, ඔබ යමක් කරනවාද එය ධර්මය නම් නොවේ” කියා බෝසත් සුනඛයා මේ සේ පැවසුවා.
“රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන පෙනුමැතිව සිටින
රාජ කුලේ බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ
රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම්!
මේ නීතිය සැමට සමව නැත්තේ
දුබලයන්ට මරණයමයි ඇත්තේ”
බෝසත් සුනඛයා මේ ගාථාව කියලා මෙහෙම සුසුම් හෙළුවා.
“අහෝ… රජවරු කරන්ට ඕනෑ වැරදිකාරයන්ට දඬුවම් දීමයි. නිවැරදි අයට නොවෙයි. මෙතන තියෙන්නේ ඊට විරුද්ධ දෙයක්. වැරදිකාරයෝ සුවසේ වැජඹෙනවා. නිවැරදි අයට මරණ දඬුවම! අහෝ…. ලෝකයේ පවතින්නේ අයුක්තියයි. අහෝ…. ලෝකයේ පවතින්නේ අධර්මයයි.”
බෝධිසත්වයන්ගේ මේ වචනය ඇසූ රජ්ජුරුවන්ගේ සිත වෙනස් වුනා. රජ්ජුරුවෝ සුනඛයාගෙන් මෙහෙම ඇහුවා. “පණ්ඩිතයෙනි, එතකොට තොප දන්නවාද මගේ රථයේ සම් කෑවේ අසවල්ලුය කියා කියන්ට?”
“එසේය… මා දන්නවා.”
“ඔව්… කවුද සම් කෑවේ?”
“වෙන කවුරුවත් නොවෙයි. තමුන්නාන්සේගේ මාලිගාවේ සුවසේ වැජඹෙන වංශවත් බල්ලෝ තමයි ඒ හැම දෙයක්ම කළේ.”
“එවුන්ම මේවා කෑවා කියලා දැනගන්නේ කොහොමෙයි?”
“දේවයන් වහන්ස, මේ රජගෙයි බල්ලෝම මේවා කෑ වග මට පෙන්නන්ට පුළුවනි. මෝරු ටිකකුයි, තණකොළ ටිකකුයි මට ගෙනත් දෙන්ට” එතකොට රජ්ජුරුවෝ ඒවා ලැබෙන්ට සැලැස්සුවා. “මේ තණකොළ පොඩි කෑලි වලට කපා මෝරු වලට කලවම් කොට බල්ලන්ට පොවන්ට” කියලා බෝධිසත්වයෝ අනුශාසනා කළා. රජ්ජුරුවෝ ඒ කියපු විදිහට බල්ලන්ට පෙව්වා. මොහොතයි ගියේ බීපු බීපු බල්ලෝ වමනේ දැම්මා. සම් කෑලි, වරපට කෑලි වමනෙත් සමග වැටුනා.
රජ්ජුරුවෝ මහ පුදුමයට පත්වුනා. කාටවත්ම විසඳාගන්ට බැරිවුන දෙයක් මේ කැලේ ඉන්න සුනඛයෙක් විසඳා දුන්නා නොවැ කියලා මහත් සතුටට පත්වෙලා බෝසත් සුනඛයාට සිය සුදු සේසතින් පිදුවා. එතකොට බෝසත් සුනඛයා “මහ රජ්ජුරුවෙනි, ධර්මයෙන් යුක්තව රාජ්‍යය කරන්ට. මව්පියන්ට, ක්ෂත්‍රියයන්ට වගේම අන්‍ය සියලු දෙනාටත් යහපත සලසන්ට. නිති පන්සිල් රකින්ට. අප්‍රමාදීව ධර්මානුකූලව කටයුතු කරන්ට” කියලා අවවාද කොට සුදු සේසත රජ්ජුරුවන්ට ම දුන්නා. මහත් සතුටට පත් රජතුමා සියලු සත්වයන්ට අභය දානය දුන්නා. එදා පටන් සියලුම සුනඛයන්ට රාජ භෝජන ලැබෙන්ට සැලැස්සුවා. සුනඛයා දුන් අවවාද රන්පත් වල ලිව්වා. ඒ අවවාද අවුරුදු දස දහසක් පැවතුනා. සුනඛෝවාදයේ පිහිටි රජතුමා මරණින් මතු දෙවියන් අතර උපන්නා.
පින්වත් මහණෙනි, තථාගතයන් ඤාතීන්ට යහපත සැලසුවේ මේ ආත්මයේ විතරක් නොවෙයි. ඔය විදිහට පෙරත් කටයුතු කළා. එදා රජ්ජුරුවෝ වෙලා සිටියේ අපේ ආනන්දයන්. සුනඛ පිරිස වෙලා සිටියේ මේ බුදු පිරිසමයි. සුනඛයා වෙලා සිටියේ මමයි” කියා අප භාග්‍යවතුන් වහන්සේ මේ කුක්කුර ජාතකය වදාළා.
මම හිතන්නේ කුක්කා කියන වචනය එන්න ඇත්තේ මේ පාලි සංස්කෘත භාෂාවෙන්, දැන් ලංකාවේ රැඩිකල් ඇත්තෝ ගොඩකට ප්‍රශ්ණය තියෙන්නේ බල්ලාගේ මිසක් තමන්ගේ දෘශ්ටියේ නෙමෙයි, නිරාගමිකයෝ සහ රැඩිකල් කියලා හංවඩු ගහ ගත්ත ගොඩාක් අයට මේ සාම පා ගමනේ අඩු පාඩු පෙන්න පටන් අරගෙන, ආලෝකා ඇමරිකාවේදී ලෝක සාමයේ සංකේතයක් වෙන්නත් ලංකාවේදී ආලෝකා බලු වෙන්නත් එකම හේතුව මිනිසුන්ගේ දෘෂ්ටිය, අන්න ඒ නිසා තමයි ඇමරිකාවේ මිනිස්සු එහෙම ජිවත් වෙන්නත් බල්ලන්ටත් අන්ත විදිහට මේ රටේ මිනිස්සු ජිවත් වෙන්නෙත් අන්න ඒ නිසා, සතෙක් උනත් එහෙම ආදරය, රැකවරණය ලබන්න පින් කරලා තියනවා එත් අපි, මොනාගේ හරි අඩුපාඩු හොයාගෙන ඒවා උලුප්ප උලුප්පා දවස ගෙවනවා, හරියට බුද්ධ දහම දර් ශනය පරිශීලනය කරපු මනුසස්යෙක්ට එහෙම මේවා දිහා බලන්න බෑ, මොකද බුදු දහම පටන් ගන්නෙම අහිංසාවෙන්, සත්ව කරුණාවෙන්, බුදුදහමකියන්නේ කර තියාගෙන යා යුතු, බරක් කරගන්නා වූ හෝ අන්ධ ලෙස ඇදහිය යුතු "ආගමක්" (Religion) නොව, එය ප්‍රායෝගිකව ජීවිතයට ගලපාගෙන යථාර්ථය අවබෝධ කරගැනීමේ "දර්ශනයක්" (Philosophy) , එත් අපි මේ වෙලාවේ ආලෝකාව කරේ තියන් දුවනවා, "ඒහි පස්සිකෝ" එක තමයි මේ සාම පා ගමනේ ටැග් ලයින් එක එකේ තේරුම " එව බලව " තමන්ගේ හිතේ කෙලෙස්, හිතේ උපත ලබන්නට එන කෙලෙස්, ප්‍රහානය කල බව, ප්‍රහානය වූ බව තමන්ම දැක ගන්නට ඕනේ. අත්දැක ගන්න ඕනේ, ඒකයි "ඒහි පස්සිකෝ". "ඕපනයිකෝ" කියන්නේ - "උපනෛයකෝ" ඒකෙන් මිදීනිදහස් වීම. "අකාලොකෝ" කියන්නේ කෙලෙස් අත් හැරලා ඒකෙන් මිදීනිදහස් වීම. මේ ඔක්කොම "ධම්මෝ සංදිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදීතබ්බෝ" කියන්නේ, මේ තමන්ගේ හිතේ ක්‍රියාත්මක වන කෙලෙස් දැකලා, කෙලෙස් වලට සම්බන්ධවීම දැකලා, "ධම්මෝ සංදිට්ඨිකෝ", ඒ කෙලෙස්. කෙලෙස් බව දැන ගෙන, ඒ කෙලෙස් අතැරිය හැකියි, අතහැරිය යුතුයි කියන එක "අකාලිකෝ" . "ඕපනයිකෝ" කියන්නේ ඒක උපනෛයකෝ, නෙක්ඛම්ම කියන තත්වයෙන් නිදහස් විය හැකියි, නිදහස් විය යුතුයි. ඒක අත්හැරියා කියන එක "ඒහිපස්සිකෝ". "පච්චත්තං වේදීතබ්බෝ" කියන්නේ, මේ කෙලෙස් විනයට බලලා, සම්මතයෙන් පරමාර්ථ ධර්මයෙන් දැකීම. ඒ නිසා ඔය ගාථාවේ තියෙන්නේ, නිවන් මගට උපකාර වන අනුපූරක, අනුපුබ්බංගම කෙලෙස් ප්‍රහානය කිරීමේ මාර්ගය විග්‍රහ කිරීමක් මිසක ඔය එව බලව තව මොනවහරි කියලා තියෙන්නේ, ඒවා නෙවෙයි. ඒවත් ඉතින් අර නා නා අර්ථයට අයිතියි. අන්න එකයි මේ දැනුත් කියන්න තියෙන්නේ බල්ලෙක් උනත් අපිට කලින් ආලෝකා නිවන් යයි, මොකද අපි මේ කියන දෙයක් ආලෝකා දන්නේ නෑ, එයා එයාගේ ගමන යනවා, අපිට ගෙදරක පොඩි ළමයෙක් ශික්ෂණයක් එක්ක ගොඩ නගා ගන්න බෑ , එත් ආලෝකා කිලෝමීටර් 2500 වැඩිය මේ හාමුදුරුවරු එක්ක ඇවිදිනවා, ඉතින් අපිට වඩා ආලෝකා ඉදිරියෙන්, මොකද ආලෝකාට අල්ල ගන්න දේවල් නෑ , එත් අපිට මේ වෙලාවේ අල්ල ගෙන ඉන්නෙම අලෝකාව. අලෝකාව හාමුදුරුවරු උස්සන් බලෙන් ඇවිද්දන්නේ නෑ, එයා ඒ ගමන යන්නේ කැමැත්තෙන්, කල්‍යාණමිත්‍ර සේවනය කියලා කියන්නේ අන්න එකට, අපි ගෙදර හදන බලු පැටියා ගැන හිතන්න, අපි එනකන් එයා ගේට්ටුව ගාව , කොච්චර බලන් ඉන්නවද ? අපි දැක්කට පස්සේ එයාගේ හැඟීම්, අපි ගාව දැවැටෙන විදිහ , අපි කොහේ ගියත් එයා කකුල් අස්සෙන් අපිට කලින් ඇවිදින විදිහ, මේවා ඩ්‍රාමා නෙමෙයි , මේවා ඇත්ත සිදුවීම්, සතෙක් උනත් මනුස්සයෙක් උනත් මේ ලෝකෙට එන්නේ සංසාර බැඳීම් එක්ක, එහෙමයි අපිට එයාලව මුණ ගැහෙන්නේ, ඉතින් මේ වගේ වීදි සුනඛයෙක් නිසා , ගල් පාරවල් කන , උණු වතුර , ඇසිඩ් පාරවල් කන, මේ අහිංසක සත්තු ගැනත් සමාජයේ ඇස් ඇරෙනවා , භය වෙනවා, ඒ නිසා කොරහේ කිඹුල්ලු දකින්නේ නැතිව, එන්න ඇවිත් බලන්න ! රැඩිකල් නෝනලා , මහත්තයලා !
චැනල් ටිකයි, අධික ශ්‍රද්ධාව ඇති මිනිස්සු සහ දේශපාලුවෝ ටික මේක කරගෙන යන්න දීලා පැත්තකට උනා නම් එකත් ලොකු දෙයක්, මේ වෙද්දී ජාත්‍යන්තරව විවේචන එන්න පටන් අරගෙන තියෙන්නේ, තව ටිකක් මේක අල නොකර පල්ලම් බැස්සා නම් වටිනවා, කිලෝමීටර් 2500 ඇවිද්ද මිනිස්සුන්ට මේක කජ්ජක් නෙමෙයි.

Photos from පේමන්ට් එකේ අපි's post 21/04/2026

අමුතුවෙන් දාන මාන දෙන්න යන්න එපා, තෝරන් ගහලා ලවුඩ් ස්පිකර් දාලා රඟන්න යන්නත් එපා , එකක් ආලෝකා සහ එයාගේ හෙල්ත් කන්ඩිෂන් එක , දෙවෙනි එක අපේ රටේ නාටක බලන්න නෙමෙයි මේ ඇත්තෝ ඇවිත් තියෙන්නේ, මේකෙන් දේශපාලනේ කරන්න යන්නත් එපා, බුදුදහම කියන්නේ දර්ශනයක් එකේ කොහෙවත් දේශපාලනේ නෑ ඒ නිසා එයාලට එයාලගේ පාඩුවේ ඒ ආව වැඩේ කරන් යන්න දෙන්න, සෙල්ෆි පිස්සුව සහ ෆොටෝ පිස්සුව හදාගේන මේ රට තවත් රටවල් ඉස්සරහා පජාත කරන්න එපා, මේ වෙලාවේ මේ සාම පා ගමන මුළු ලෝකෙම බලන් ඉන්නවා, ඔලුවෙන් හිතන්න පුළුවන් උන්ට ගේමක් ගහන්න පුළුවන් , මැප් එක දාලා ඇති, ටුවරිසම් ප්‍රොමොට් කරන්න පුළුවන් ප්‍රචාරණ වැඩ මේ වැඩේට අවහිරයක් වෙන්නේ නැති විදිහට කරා නම් අන්න එක මේ රටට වටිනවා. හාමදුරුවන් වහන්සේලා ඇවිත් තියෙන්නේ සැප සම්පත් පරිහරණය කරන්න නෙමෙයි, එයාලට ඕනි ධර් ම ප්‍රචාරය ඒ වගේම ලෝක සාමය, අපිට ඒ ගැන දෙයක් දීලා අපෙ රටින් ගන්න පුළුවන් දෙයක් තියනවා නම් අරන් යන්න, හාමුරුවන්ගෙනුත් හිඟා කාලා , වංචා කරන්න පුළුවන් උන් මේ රටේ ඉන්නවා එහෙම වෙන්න එපා, හාමුදුරුවන් වහන්සේලා එන තැනට ෆෝන් , කැමරා අමෝරා ගෙන ගිහින් ඒ ගමනට බධා නොකර, කරදර නොකර අමුතු ශ්‍රධාවක් උපද ගන්නේ නැතිව හිටියා වගේ හිටපල්ලා , මොකද ලෝකෙම මේ වෙද්දී මේ රට දිහා බලන් ඉන්නේ !
අඩුම තරමේ මේ හාමුදුරුවන් වහන්සේලා ටික මේ රටින් යනකන් උඹලා උඹලාගේ කලර් ස් සහ ක්ලාස් එක නොපෙන්වා ඉඳපල්ලා ඒ ඇති .

14/04/2026

සතුටින් හිනාවෙලා සාමයයෙන් ඉන්න ලැබෙන්න ඕනි, හැම මනුස්සයෙක්ටම, හැම ආගමකටම, හැම ජාතියකටම,
හැම රටකටම,
එහෙම උනාම හිත් වල හැම දාම අලුත් අවුරුදු ❤️❤️

#අවුරුදු 🇱🇰 ゚

12/04/2026

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල්, ප්රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි ❤️

සුබ ගමන් ඔබට 🙏

10/04/2026

මීදුම් දුමාරයේ
සීත හැන්ඳෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ
කොළ පාට හැලුනු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ
කොළ පාට හැලුනු ඈත නිම්නයේ

වළාවකින් හැඩදමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ
කොළ පාට හැලුනු ඈත නිම්නයේ

Video Credits : Jezeelariff | Dr.Colambage | සැරිසරන්නා

පද : Chaminda Rathnasooriya

゚ ゚ ❤️

Photos from පේමන්ට් එකේ අපි's post 08/04/2026

මේක දකින උන්ට, අනේ වඳින්නම් !

බුලත් කෙළ ගහන්න එපා, හැමතැනම චූ කරන්න එපා, කෙළ ගහන්න එපා, කුණු විසික් කරන්න එපා, ඔය බල්බ්, TV, යකඩ ගලවන් යන්න එපා, කකුල් තියන්න එපා, පොස්ටර් සහ ක්ලාස් නෝට්ස් අල්වන්න එපා, තාවකාලික වාසස්ථාන කරගන්න එපා, ටොයිලෙට් ගියාම වතුර ගහපල්ලා, බිත්තිය සහ දොර තියෙන්නේ අහවල් ඒවා පේනවට ,ඒ නිසා ඒවට චු කරන්න වමනේ දාන්න එපා, අනිත් කාරනේ කොටුවේ ඉන්න ගණිකා නෝනාවරු මහත්වරු, මේකට දක්කන්න එපා, එයාලා එක්ක යන්න ඕනි නම් ඕනි තරම් ප්ලේස් අවට ඇති, මේක මේන් ටේන් කරන්නේත් මිනිස්සු, උන්ටත් නහයවල් තියනවා, සහ ඒත් මිනිස්සු ! මොන රජයකින් කරත් මේ දේවල් බුක්ති විඳින්නේ අපි ඒ කියන්නේ මිනිස්සු ! අපි ටැක්ස් ගෙවනවා මේවා අපිටත් අයිති කියලා ලොකු සීන් නම් එපා, අපි දැක්කොත් නම් අනිවා මොකා උනත් සොට් එක දෙනවා! මේ දේවල් රැක ගනිල්ලා ! නැත්නම් මේවගෙන් හෑල්ලුවට ලක් වෙන්නේ අපේ රට ! බබල් ගම් එකක් කෑවත් ගෙදර ගෙනත් විසික් කරන විදිහේ රටක් හදමු, එහෙම උනාම ආණ්ඩු තිබ්බත් එකයි, නැතත් එකයි ! මේක ලස්සනට මේන් ටේන් කරමු, මොකද දැක්කා නේ රැල්ලට චිත්‍ර ඇඳලා තාප්ප වලට උනු දේ ? රටක මේකප් එක ශාර්ප් වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙන් , අපි ඉන්නේ පේමන්ට් එකේ, අපි ඇලට් එකේ ඉන්නේ, එහෙම වැරදි කලොත් ඒ දේවල් ෆොටො ගහලා විඩියෝ දාන්නත් අපි අමතක කරන් නෑ, එහෙම දේවල් දැක්කොත් අපිට එවන්න ! අපි එහෙම මිනිස්සු ගැන හැමෝටම පෙන්නමු !

ස්තූති ආණ්ඩුවට : අදහස පහළ උනු ඇමතිතුමාට,
නියෝජ්‍ය ඇමතිතුමා, ඒ අමාත්‍යාංශයේ සේවකයින්ට, ගල්කැටේ ඉඳලා ඇදලා හදලා කොළඹ මේච්චර ලස්සන කරපු ශ්‍රමය පුජා කරමු ඒ උත්තම මින්නිස්සුන්ට ,
බදුගෙවන නොගෙවන මගේ රටේ මිනිස්සුන්ට ❤️🙏

#මිනිස්සුන්ට ゚ ゚ 🇱🇰 #කොළඹ 🇱🇰

08/04/2026

මගේ රටෙත්, මේ මුළු ලෝකෙමත්
යකඩ වලට වඩා
තමන් හයියයි කියල පෙන්නපු
ඒ උතුම් මිනිස්සුන්ට
ආදරෙන් ! ♥♥

With love,
to those noble souls
who proved in my country and across the whole world
that the human spirit is stronger than an iron bullet! ♥♥♥

゚ ゚ 🚫 🇺🇦

05/04/2026

අප්පච්චි නැති වෙනකොට මට අවුරුදු 5 යි. මට යාන්තමට අප්පච්චිව මතකයි. අපි එතකොට හිටියේ පූගෝඩ අප්පච්චිගේ මහගෙදර. අප්පච්චි නැති වෙලා මාස කීපයකින් අපිට ඒ ගෙදරින් යන්න වුනා. බාප්පා එහෙමත් නැත්තම් අප්පච්චිගේ මල්ලී මට මතකයි මහ වැස්ස තිබුන දවසක අම්මයි මාවයි ගෙදරින් එළවලා දැම්මා...තොගේ මූසලකමට තමා අරුත් මැරුණේ කියලා ඒදා බාප්පා අම්මගේ මුණට කෙළ ගැහුවා. අම්මා මහ වැස්සේ මාවත් අරගෙන කිරිදිවෙල අම්මගේ අක්කගේ ගෙදරට ආවා. ඒ ගෙදර පොඩි ගෙදරක්. ඒක කාමරයක් විතරයි තිබුනේ. ඒත් අම්මගේ අක්කයි, ඒයාගේ මහත්තයි අපිට එහෙ ඉන්න දුන්නා. ලොකු අප්පච්චි ඉඩම් කච්චේරියේ කාර්‍යාල කාර්ය සහකයෙක්. අම්මා කුලී වැඩට යන්න පටන් ගත්තා. ලොකු අම්මා මාව අම්මා එනතුරු බලා ගත්තා. ලොකු අප්පච්චි ඒයාගේ යාළුවෙකුට කියලා මාව කිරිදිවෙල ගමේ පාසලට දැම්මා. මම පහ වසර ශිෂ්‍යත්වය සමත් වුනා. මට මතකයි ඒදා මගේ අම්මගේ මුණේ තිබුන හිනාව. අම්මා වාගේම ලොකු අම්මයි ලොකු අප්පච්චියි පුදුම විදියට සතුටු වුනා. අම්මා කියුවේ උඹට පුළුවන් නම් ලොකු අප්පච්චි වගේ ආණ්ඩුවේ කාර්‍යාලයක රස්සාවක් කරන්න...ඒ තරම් ඉගෙන ගනින් මයේ පුතේ කියලා. ..ශිෂ්‍යත්වයෙන් පස්සේ කොළඹ ලොකුම ඉස්කොලේට මාව දාන්න ලොකු අප්පච්චි තීරණය කරා. ඒයා අම්මට කියුවා උඹ බය වෙන්න එපා ..මම කොල්ලව බලා ගන්නම් කියලා. මට තාම මතකයි ඒ විද්‍යාලයට ආපු පළවෙනි දවස. බොනික්කෝ වගේ ලස්සනම ලස්සන ළමයි. සුදු කොක්කු වගේ. හරි ලස්සනට ඇදුම් ඇදලා කොණ්ඩේ පීරලා හුගාක් ළමයි ඉස්කොලේ ආවේ. මම බලපු ටෙලියක හිටපු බේබීලා වගේ ළමයි....මුලින් මුලින් ඉස්කොලේ නුහුරු බවක් දැනුණා. ගමේ ඉස්කොලේ වගේ නෙමෙයි, හාත්පසින්ම වෙනස්..තාත්තගේ නෑයෝ අම්මට බැනලා තිබ්බා ඕකා මොකටද කොළඹ ඉස්කොලේට දැම්මේ...තොපිට පුළුවන්ද ලොකු මිනිස්සු කරන ඒවා කරන්න කියලා. ඇත්ත....ඉස්කොලේ හිටපු හුගාක් ළමයි එක්ක ගත්තාම මම පොළවනම් ඒ ළමයි අහස වගේ...ලොකු අප්පච්චි රස්සාව ඉවරවෙලා ගෙදර ඇවිත් රෑ ගෙවල්වල තීන්ත ගාන්න ගියා. ඒ මම වෙනුවෙන් සල්ලි හොයන්න. ඒයාගේ දුවට මට තරම් ඉගෙන ගන්න බැහැ. ඒයා සමාන්‍ය පෙළ විභාගයත් අසමත් වුනා...ඒත් ලොකු අප්පච්චි කියුවේ මයේ එකෝ හොදට ඉගෙන ගනින්. උඹට පුළුවන් අපේ පවුලම ගොඩ දාන්න කියලා. ඉස්කොලේ වෑන් එකට දෙන්න...ක්‍රිඩා කරන්න අවශ්‍ය දේවල් ගන්න...ඇත්තටම හුගක් සල්ලි වියදම් වුනා. මම පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වියදම් කරා...සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල එන්න දීන කීපයකට කලින් අම්මා වත්තක වැඩ කර කරා ඉන්නකොට පොළගෙක් ගහලා මැරුණා...

මම වෙනුවෙන් දුක් විදපු අම්මව බලා ගන්න මට බැරි වුන වේදනාව මගේ හුස්ම යනකම්ම තියේවී...ඒත් ලොකු අම්මයි ලොකු අප්පච්චියි මට අම්මයි අප්පච්චියි නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ...මම සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්....ලොකු අප්පච්චි ප්‍රතිඵල ආපු දවසේ තෑග්ගක් විදියට වෙද නළාවක් අරගෙන ආවා...පුතේ උඹ කවදා හරි දොස්තර කෙනෙක් වෙන්න ඔනේ..මම උඹව දොස්තර කෙනෙක් කරලා තමයි පස්ස බලන්නේ..ඒ වචනවල තිබුනේ වචනවලින් කියන්න බැරි තරම් ආදරයක්...බලාපොරොත්තුවක්...

ඉද හිට මුණ ගැහුන තාත්තගේ නෑයෝ...උඹ මොකද බයෝ කරන්නේ..කරන්න පුළුවන් මගුලක් කරපන් බන්...නිකම් කාළකණ්නි වෙන්නේ නැතුව රස්සාවක් කරපන් කියලා දොස් කියුවා. පපුවට පිහි පහරවල් අනිනවා වාගේ ඒ වචන...මම හිතා ගත්තා කොහොම හරි රැන්ක් එකක් දානවා කියලා...ඔව් මම ඒක කරා....ප්‍රතිළුල ආපු දවසෙම ලොකු අප්පච්චි ගෙනත් දුන්න වෙද නළාව ඒයාගේ පපූවට තියලා මම කියුවා ඔයාට තරම් හොද පපුවක් කිසිම දොස්තර කෙනෙකුට හම්බ වෙන්නේ නැති වෙයි...

ජිවිතය කියන්නේම මහ පොතක්...සමහර පිටු තියෙනවා හරිම දුක් බරයි..සමහර පිටු තේරූම් ගන්නම බෑ...තාත්තගේ නෑයෝ ගැන හුගක් පිටු ඒ වගේ...තේරූම් ගන්න බෑ...සමහර පිටු හරිම ආදරණියයි. ලොකු අම්මගේ, ලොකු අප්පච්චිගේ අක්කගේ හැම පිටුවක්ම හරිම සුන්දරයි...ආදරණියි...පොඩි වුනත් ඒක මහ මාළිගාවක්...ලොකු අම්මා හින්දවලා හදන පරිප්පු හොද්දයි සම්බෝලයයි දිව ඔසුවක් වගේ....ඊ ලග පිටු ටික මට ලියන්න වෙන්නේ ලොකු අම්මගෙයි ලොකු අප්පච්චිගෙයි අක්කගෙයි සතුට වෙනුවෙන්....මම ඒකත් කරනවා .

- දර්ශන කුරුප්පු-



゚ ゚

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo