09/05/2026
රුපියල් 3,000,000/- (රුපියල් ලක්ෂ තිහ) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත කුරුණෑගල, මහ නගර සභාවේ උප නගරාධිපති අත්අඩංගුවට.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කුරුණෑගල බස්නැවතුම්පල සහ වෙළඳ සංකීර්ණයේ නඩත්තු හා පිරිසිදු කිරීම සඳහා පැමිණිලිකරු විසින් ලබාගෙන තිබූ ටෙන්ඩරයේ වැසිකිළි පද්ධතියේ ජල ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 40ක් හිඟව පැවතීම හේතුවෙන් බස්තැවතුම්පල පිරිසිදු කිරීමේ ගිවිසුම කුරුණෑගල මහනගර සභාව විසින් අහෝසි කිරීමට යන බව පවසා එම ගිවිසුම අවලංගු වීම වැළැක්වීමටත්, ඒ සඳහා ඉදිරියේදීත් මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව උදව් උපකාර කිරීම සඳහාත්, රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉදිරියටත් මෙම කොන්ත්‍රාත් කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යාමට මාසිකව ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ගිවිසුම අවලංගු වීම වැළැක්වීම සඳහා අල්ලස් ලෙස මුලින් ඉල්ලූ රුපියල් ලක්ෂ 50 ක මුදල රුපියල් ලක්ෂ 30 දක්වා අඩු කර ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මත කුරුණෑගල, මහ නගර සභාවේ උප නගරාධිපති මොහම්මදු මොයිනුඩීන් මොහම්මට් අෂාර්ඩීන් යන අය 2026.05.08 වන ප.ව.6.00ට පමණ බත්තරමුල්ල පිහිටි හෝටලයක් තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
Official Web site එකට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.youtube.com/-ce7ey
Official Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.facebook.com/ciaboc
09/05/2026
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට.
කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ දයා පුෂ්පකුමාර හේවා බැට්ටගේ යන අය දූෂණ චෝදනා මත 2026.05.08 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එකී දූෂණ චෝදනාවන් පහත පරිදි වේ.
1. තමාට අයිති ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිල දී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබාගෙන අයුතු වාසියක් සිදුකරගැනීම
2. රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගැනීමට යැයි පවසා නිසි ක්‍රමවේදයෙන් බැහැරව දීමනා පත්‍ර හිමිකරුට රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවීමට කටයුතු කර එකී ඉඩම නීත්‍යනුකූල ලෙස පවරා ගැනීමක් සිදුනොකර ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදුකිරීම හා දීමනා පත්‍රකරුට අයුතු වාසියක් සලසා දීම
3. ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙත බෙදා දීම සඳහා බව පවසමින් නිසි අනුමැතියකින් තොරව හා නියමිත ක්‍රමවේදයට පරිභාහිරව රු.26,025,650/- ක මුදලක් වියදම් කරමින් අභ්‍යාස පොත් මිල දී ගෙන එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දමමින් ප්‍රාදේශීය සභාවට පාඩු සිදු කිරීම
4. පුද්ගලික ආයතනයක් විසින් ඉඩම් කොටස් කර විකිණීමක දී පොදු කොටසක් ලෙස වෙන් කර ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන තිබූ පර්චස් 202 ක පමණ වපසරියකින් යුත් ඉඩම තම ඥාතියෙකු වෙත රු.2,000,000/- ක අඩු වටිනාකමකට බැහැර කිරීමෙන් ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදු කිරීම
Official Web site එකට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.youtube.com/-ce7ey
Official Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.facebook.com/ciaboc
09/05/2026
රු.129,600/- ක (රුපියල් එක්ලක්ෂ විසිනවදහස් හයසියය) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර පණ්ඩුලගම යුධ හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින පැමිණිලිකරු ලබාගෙන ඇති විශ්‍රාම ණය මුදල පියවීමට උදව් කළ හැකි බව පවසා, පැමිණිලිකරුගේ ණය මුදල් සම්බන්ධයෙන් විස්තර ලබාගෙන එම විස්තර අනුව, රු.2,500,000/- (රුපියල් ලක්ෂ විසිපහක) ආධාර මුදල ලබා ගැනීමට පෙර ගෙවිය යුතු මුදල් ලෙස අවස්ථා 03 ක දී අල්ලස් ලෙස රු.129,600/- ක (රුපියල් එක්ලක්ෂ විසිනවදහස් හයසියය) ක මුදලක් මහජන බැංකු ගිණුමකට බැර කරවාගෙන, නැවතත් ලේඛණ ගාස්තු ලෙස රු.13,457/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉහත ගිණුමට බැර කරන ලෙස දැනුම් දීම යන අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර පණ්ඩුලගම යුධ හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු වන දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක යන අය 2026.04.30 දින පෙ.ව.10.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
Official Web site එකට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.youtube.com/-ce7ey
Official Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.facebook.com/ciaboc
29/04/2026
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අත්අඩංගුවට
නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞෂල්‍යා විජේසිංහ යන අය 2026.04.28 දින පෙ.ව.9.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.
Official Web site එකට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.youtube.com/-ce7ey
Official Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.facebook.com/ciaboc
29/04/2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව 2009 සැප්තැම්බර් මස 02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව, ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග කරන ලද නඩුවට අදාලව. වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකු වූ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන යන අයට 2026.04.23 වන දින වසර 06ක සිර දඬුවම් නියම කරන ලදි.
ඉදිරිපත් කළ සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසුව ගරු අධිකරණය විසින් විත්තිකරුට එරෙහි චෝදනා සනාථ වූ බව තීරණය කර ඇති අතර, කොළඹ මහාධිකරණයේ අංක 06 අධිකරණයේ දී 2026.04.23 දින HCB 2116/2015 නඩු අංකය යටතේ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන ට එරෙහිව ගෙන ආ චෝදනා තුනම සම්බන්ධයෙන් වරදකරු බවට ගරු මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් තීන්දු කර ඇත. ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා වසර 06 බැගින් සිරදඬුවම් (එකවර ගෙවී යන සේ) සහ එක් එක් චෝදනාවට රු. 5,000/- බැගින් දඩ මුදල් මෙන් ම අල්ලස් ලෙස ලබාගත් රු. 15,000/-ක මුදලට සමානව අමතර දණ්ඩන මුදලක් ද නියම කර ඇත. කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවීම සිදු කරන ලදි.
Official Web site එකට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.youtube.com/-ce7ey
Official Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.facebook.com/ciaboc
Labour Officer sentenced to six years’ imprisonment for accepting bribe.
Amudamana Arachchige Nimal Rohana Somawardana, a Labour Officer attached to the Haputale District Labour Office was sentenced to 06 years imprisonment in connection with a case heard before the Colombo High Court. The charges were filed based on a complaint received by the Commission on 02 September 2009 regarding a solicitation and acceptance of a bribe of Rs. 15,000 from a businessman operating a poultry farm in Weerasekaragama, Wellawaya.
Upon full consideration of the evidence led in the case, the Honourable Court determined that the prosecution had established the charges beyond a reasonable doubt. Accordingly, High Court Judge Mohomad Mihail convicted the accused, Amudamana Arachchige Nimal Rohana Somawardana, on all three counts levelled against him under Case No. HCB 2116/2015, and imposed a 06-year prison sentence on each count, to run concurrently. In addition, the Court imposed a fine of Rs. 5,000 for each count, along with a penalty equivalent to the bribe amount, Rs. 15,000. The conviction was delivered at Colombo High Court No. 06 on 23 April 2026. Ms. Thanuja Bandara, Assistant Director-General, conducted the prosecution on behalf of the Commission.
Official Web site එකට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube චැනලයට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.youtube.com/-ce7ey
Official Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න
Link: https://www.facebook.com/ciaboc
Labour Officer sentenced to six years’ imprisonment for accepting bribe.
இலஞ்சம் பெற்று தொழிலாளர் அலுவலக கள அதிகாரிக்கு 6 ஆண்டுகள் சிறைத்தண்டனை விதித்துத் தீர்ப்பு
வெல்லவாய, வீரசேகரகமவில் கோழிப்பண்ணை நடத்தி வரும் ஒரு வியாபரியிடமிருந்து ரூபா 15,000/= இலஞ்சமாகக் கேட்டுப் பெற்றது தொடர்பாக, இலஞ்சம் அல்லது ஊழல் பற்றிய சார்த்துதல்களைப் புலனாய்வு செய்யும் ஆணைக்குழுவிற்கு 2009 செப்டம்பர் 02 அன்று கிடைக்கப்பெற்ற எழுத்து மூல முறைப்பாட்டின் அடிப்படையிலான விசாரணைகளின் அடிப்படையில் குறித்த குற்றச்சாட்டுகள் மீது கொழும்பு மேல் நீதிமன்றத்தில் தாக்கல் செய்யப்பட்ட வழக்கின் விசாரணைகளின் நிறைவில் ஹப்புத்தலே மாவட்ட தொழிலாளர் அலுவலகத்தில் தொழிலாளர் அதிகாரியாகப் பணியாற்றி வந்த அமுதமன ஆரச்சிகே நிமல் ரோஹன சோமவர்தன என்ற குற்றவாளிக்கு 2026.04.23 அன்று 6 ஆண்டுகள் சிறைத்தண்டனை விதித்து தீர்ப்பளிக்கப்பட்டது.
சமர்ப்பிக்கப்பட்ட அனைத்துச் சான்றுகளையும் பரிசீலித்த பின்னர், குற்றம் சாட்டப்பட்டவருக்கு எதிரான குற்றச்சாட்டுகள் நிரூபிக்கப்பட்டுவிட்டன என்று கௌரவ நீதிமன்றம் தீர்மானித்துள்ளது. மேலும், கொழும்பு மேல் நீதிமன்றம், நீதிமன்ற இல 06 இல், HCB 2116/2015 என்ற வழக்கு இலக்கத்தின் கீழ் 23.04.2026 அன்று அமுதமன ஆரச்சிகே நிமல் ரோஹன சோமவர்தன மீது சுமத்தப்பட்ட மூன்று குற்றச்சாட்டுகளிலும் அவர் குற்றவாளி என்று கௌரவ மேல் நீதிமன்ற நீதிபதி முகமது மிஹால் தீர்ப்பளித்துள்ளார். அதன்படி, ஒவ்வொரு குற்றச்சாட்டுக்கும் 06 ஆண்டுகள் சிறைத் தண்டனையும் (அத்தகைய தண்டனைகள் ஒரே நேரத்தில் அனுபவிக்கப்படல் வேண்டும்), ஒவ்வொரு குற்றச்சாட்டுக்கும் ரூபா 5,000/= அபராதமும், இலஞ்சமாகப் பெற்ற ரூபா 15,000/= தொகைக்குச் சமமான மேலதிக தண்டப்பணமும் விதித்து தீர்ப்பனிக்கப்பட்டது. இவ்வழக்கினை ஆணைக்குழுவின் சார்பில் உதவிப் பணிப்பாளர் நாயகம் செல்வி தனுஜா பண்டாரா அவர்கள் நெறிப்படுத்தினார்.
28/04/2026
Are you a public servant? You can now submit a declaration of your assets and liabilities without any administrative penalties.
Declarations relating to assets and liabilities as at 31.03.2026 can be submitted on or before 30.06.2026 without incurring an administrative fine.
You are hereby requested to access the Centralized Electronic System of the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) and submit your declaration today:
https://ald.ciaboc.gov.lk/?utm_source=facebook&utm_medium=paid&utm_campaign=ald_awareness&utm_content=post3_en
28/04/2026
நீங்கள் ஓர் அரச ஊழியரா? தற்போது நீங்கள் நிர்வாக அபராதங்கள் இன்றி உங்கள் சொத்துக்கள் மற்றும் பொறுப்புக்கள் குறித்த வெளிப்படுத்துதலை சமர்ப்பிக்க முடியும்.
2026.03.31 ஆம் திகதியன்று நிலவும் உங்கள் சொத்துக்கள் மற்றும் பொறுப்புக்கள், 2026.06.30க்குள் சமர்ப்பிக்கப்பட்டால், நிர்வாகத் தண்டப்பணம் இன்றி வெளிப்படுத்துதலை சமர்ப்பிக்க முடியும் என்பதை அறிவிக்கின்றோம்.
நீங்களும் இன்றே, இலஞ்சம் அல்லது ஊழல் பற்றிய சார்த்துதல்களை புலனாய்வு செய்வதற்கான ஆணைக்குழுவின் மத்தியமயமாக்கப்பட்ட இலத்திரனியல் முறைமைக்குள் பிரவேசித்து, உங்கள் வெளிப்படுத்துதலை சமர்ப்பியுங்கள்:
https://ald.ciaboc.gov.lk/?utm_source=facebook&utm_medium=paid&utm_campaign=ald_awareness&utm_content=post2_ta
27/04/2026
ඔබත් රජයේ සේවකයෙක්ද?
පරිපාලන දඩයකින් තොරව ඔබේ වත්කම් ප්‍රකාශ කරන්න!
2026.03.31 දිනට ඇති වත්කම් සහ බැරකම්, 2026.06.30 දිනට පෙර ඉඳිරිපත් කිරීමෙන් පරිපාලන දඩයකින් තොරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉඳිරිපත් කල හැකි බව දන්වා සිටිමි.
ඔබත් අදම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට පිවිසෙන්න.
https://ald.ciaboc.gov.lk/?utm_source=facebook&utm_medium=paid&utm_campaign=ald_awareness&utm_content=post1_si
27/04/2026
Civil Aviation Authority Staff Awareness on National Integrity Framework
The Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) conducted an awareness programme for officers of the Civil Aviation Authority on 10th April 2026 at the Auditorium of the Civil Aviation Authority of Sri Lanka (CAASL) in Katunayake. The programme was organized by the Civil Aviation Authority with the objective of strengthening ethical standards and promoting clean governance practices within the public sector.
This initiative aligns with Sri Lanka’s National Integrity Assessment Framework, which is being implemented to further strengthen integrity within government service. The framework aims to enhance transparency, accountability, and ethical governance by addressing corruption risks, managing conflicts of interest, and reinforcing adherence to a standardized Code of Conduct for public officers.
Mr. Sunil Jayarathna, Chairman of CAASL & Capt. Daminda Rambukwella, Director General of Civil Aviation & Chief Executive Officer (DGCA & CEO), the Civil Aviation Authority of Sri Lanka (CAASL), Mr. Asanga Liyanarachchi, Director of Air Transport & Economics Regulation and all Executive Officers, and other officers were participated. This program was organized by the support of the CAASL Internal Affairs Unit. Mr. Sampath Arachchige Corruption Prevention Officer and Ms. Wimukthi Jayasooriya Corruption Prevention Officer from the CIABOC participated as resource persons, sharing their expertise and valuable insights with attendees. Through this program, awareness was raised about the Anti-Corruption Act No. 09 of 2023, the new legal provisions related to bribery, corruption and the concept of compliance, the efficiency, effectiveness and responsibility of the public servant, the problems they have in this regard.
Official Web site
Link: https://www.ciaboc.gov.lk
Ciaboc YouTube Channel
Link: https://www.youtube.com/-ce7ey
Official page
Link: https://www.facebook.com/ciaboc