15/11/2024
යුක්තිගරුක ශ්‍රී ලංකාවක් බිහිකරනු වස් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වෙත ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකාවාසී පුරවැසියන් සියළු දෙනාටම ගෞරව පූර්ව ස්තූතිය මෙයින් පල කර සිටින්නෙමු.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළ මොහොතේ පටන් මේ වනතුරු නන් අයුරින් අප වෙත සහයෝගය ලබා දුන්, අපව විශ්වාස කළ සියළු දෙනාගේම කැපකිරීම් මල් ඵල ගන්වන්නට අප වඩ වඩාත් ශක්තිමත්ව යළි නැගී සිටීමට අධිෂ්ඨාන කරගන්නෙමු. මෙතැන් පටන් උදා වන නවමු ශ්‍රී ලංකාවක් තුළ පෙර සේම ඉදිරියටත් ඔබේ හඬ වන්නට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය බැඳී සිටින්නෙමු.
සත්‍ය වෙනුවෙනුත්, ජනතාව වෙනුවෙත් දිගින් දිගටම නැගී සිටීමට සූදානම් වන අප, යළි යළිත් සිහිගන්වන්නේ එකම දෙයකි.
" වෙනස යනු වරප්‍රසාදයක් නොව අයිතියකි "

14/11/2024
13/11/2024
13/11/2024