SL Fact & Triumph

SL Fact & Triumph

Share

Welcome to SL Fact & Triumph – your hub for inspiring Sri Lankan stories! Join us in spreading truth, pride, and the resilience that defines Sri Lanka.

We celebrate local successes, highlight businesses, and share positive developments across our nation.

22/03/2026

පාරේ "මෘගයින්"

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය දෙස බැලූ විට ඕනෑම අයෙකුට පෙනෙන පොදු දර්ශනයක් වන්නේ මී මැස්සන් මෙන් එහා මෙහා රිංගන ත්‍රිරෝද රථ සමූහයයි. එහෙත්, අද වන විට මේ "රෝද තුනේ මෝඩ රජවරු" මෙරට මාර්ග විනය පිරිහීමට සහ මහජන පීඩාවට ප්‍රධානතම හේතුවක් වී හමාරය. ඔවුන්ගේ දෛනික හැසිරීම දෙස බලන විට, බොහෝ දෙනාගේ අත්දැකීම අනුව, ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් බහුතරයක් හැසිරෙන්නේ කිසිදු බුද්ධියක් නොමැති මෝඩයින් පිරිසක් ලෙස පමණක් නොව, ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් නූගත්කම සහ අමන ගති ඇති අයෙකුගේ ප්‍රදර්ශනයක් මැනවින් පෙන්නුම් කරයි. පාර ඔවුන්ගේ පෞද්ගලික බුදලයක් ලෙස සිතාගෙන හැසිරෙන මොවුන්, සමාජයේ පිළිකුලට භාජනය විය යුතුම පිරිසකි.

නූගත්කමේ නිරුවත ත්‍රිරෝද රථ රියදුරෙකුට රතු එළියක්, මංතීරු නීතියක් හෝ වන්වේ (One-way) එකක් අදාළම නැත. ඔවුන්ගේ මේ "නොහික්මුණු රිය පැදවීම" යනු හුදෙක් නොසැලකිල්ලක් නොව, ඔවුන්ගේ සැබෑ නූගත්කම මැනවින් ප්‍රදර්ශනය කිරීමකි. නීතිගරුක රියදුරෙකුට පාර මැද රථය හැරවීම හෝ කිසිදු ඉඟියක් නොමැතිව පාර අයිනේ නතර කිරීම කෙතරම් භයානකද යන්න වැටහුණද, මේ මෝඩයින් ට ඒ පිළිබඳ කිසිදු වැටහීමක් නැත. පිටුපසින් එන වාහනය අනතුරකට ලක් වුවද, ඔවුන්ගේ අමන ගතිය නිසා ඒ පිළිබඳව කිසිදු වගකීමක් හෝ පසුතැවීමක් ඔවුන්ට නැත.

"මීටර් දාන්න බැහැ සර්, ඒ පැත්තට හයර් එකක් නැහැ," "වැස්ස නිසා වැඩියෙන් ඕනේ," "පාරේ ට්‍රැෆික් වැඩියි" මේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සුපුරුදු සින්දුවයි. මීටරය තිබුණත් එය ක්‍රියාත්මක නොකර රිසි පරිදි මුදල් අය කිරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දයි. විශේෂයෙන්ම විදේශිකයෙකු හෝ නුපුරුදු අයෙකු දුටු විට ඔවුන්ගේ "කෲරත්වය" දෙගුණ තෙගුණ වේ. සාධාරණ ගාස්තුව මෙන් දෙතුන් ගුණයක් ඉල්ලා අහිංසක මිනිසුන්ගේ මුදල් සූරාකෑම ඔවුන්ට ජයග්‍රහණයකි. මෙය හුදෙක් වංචාවක් නොව, ඔවුන්ගේ අමන ගති වලත්, බුද්ධියක් නොමැති මෝඩකමේ ත් දරුණු ප්‍රකාශනයකි.

බොහෝ ත්‍රිරෝද රථ ගාල්වල සිටින රියදුරන්ගේ භාෂාව සහ හැසිරීම ඉතාමත් ප්‍රකෝපකාරී වේ. කාන්තාවකට පාරේ නිදහසේ යාමට නොහැකි වන ලෙස විවිධ අශිෂ්ට විහිළු තහළු කිරීම හෝ අන් රියදුරන් සමඟ පරුෂ වචනයෙන් බැණ වැදීම මොවුන්ගේ දෛනික චර්යාවයි. මෙයින් පෙනෙන්නේ ඔවුන්ගේ හැදියාවේ ඇති බරපතල අඩුපාඩුව පමණක් නොව, ඔවුන් කෙතරම් නූගත් සහ අමන පිරිසක්ද යන්නයි. මේ නිසාම, ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ ත්‍රිරෝද රථ රියදුරන් දෙස බලන්නේ පිළිකුල සහ බිය මුසු හැඟීමකිනි.

අද වන විට පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන බොහෝ තරුණයින් පහසු මගක් ලෙස තෝරා ගන්නේ ත්‍රිරෝද රථයයි. මහන්සි වී වැඩ කරනවා වෙනුවට, හන්දියකට වී රස්තියාදු වෙමින්, අනුන්ගේ ඕපදූප හොයමින් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් කාලය ගත කරන පිරිසක් මේ වෘත්තිය වටා ගොඩනැගී ඇත. මෙය ඔවුන්ගේ ජීවිත පමණක් නොව, මුළු රටකම ශ්‍රම බලකාය සහ තරුණ පරපුරේ විනය මරු පහරකි.

සටහන: සියලුම ත්‍රිරෝද රථ රියදුරන් මෙසේ නොවන බව ඇත්තකි. ඉතාමත් ගුණවත්, නීතිගරුක රියදුරන් සුළු පිරිසක් සිටියද, අවාසනාවකට මෙන් බහුතරයකගේ, විශේෂයෙන්ම මෝඩ, අමන සහ නූගත් ක්‍රියාකලාපය නිසා සමස්ත වෘත්තියම අද වන විට සමාජයේ පිළිකුලට භාජනය වී ඇත.

භානු.

30/11/2025

Fact!

24/08/2025

තැපැල් සේවකයෝ finger print වලට කැමති නෑ,

පොලිසිය Body Cam වලට කැමති නෑ,

දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ,

බස් රියදුරෝ නීතිය ක්රියාත්මක වෙනවට කැමති නෑ,

අස්වැසුම ගන්න උන් දියුණු වෙන්න කැමති නෑ,

රාජ්ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ,

Freelancing කරන උන් ටැක්ස් ගෙවන්න කැමති නෑ,

ඌබර් පික්මී දුවන උන් card payments ගන්න කැමති නෑ,

බිස්නස් කරන උන් කෑෂ් බිස්නස් විතරයි, ඩිජිටල් වෙන්න කැමති නෑ (ටැක්ස් වලින් බේරෙන්න),

ගොවියෝ සහනාධාර කපනවට කැමති නෑ, (හැබැයි වී වලට සහතික මිලක් ඕනි කියල වැළපෙනවා 🙃),

සංස්ථා/අධිකාරි වල උන් OT අඩු කරනවට කැමති නෑ,

සමහර දේශපාලන හෙංචයියෝ, අස්වැසුම කපනවට කැමති නෑ,

ඒ ඔක්කොම එක්ක, ලංකාවේ එකෙක්වත් වෙලාවට වැඩ කරන්න කැමති නෑ,

හැබැයි ඔය හැම එකාලටම මේ රට සුපිරියට හැදෙන්න ඕනි.

20/07/2025

කොච්චර දේවල් ඉගෙන ගන්න උත්සාහ කරලත් අතරමඟ නැවතිනවද? අලුත් භාෂාවක්, සංගීත භාණ්ඩයක්, නැත්නම් අලුත් සොෆ්ට්වෙයාර් එකක් වුණත් හිතපු තරම් වේගෙකින් ඉගෙන ගන්න බැරි වුණාද? ඔයාට විතරක් නෙවෙයි, මේ හැඟීම ලෝකෙ පුරාම ගොඩක් මිනිස්සු විඳින දෙයක්.

ගොඩක් වෙලාවට අපි හිතන්නේ සමහර මිනිස්සුන්ව 'දක්ෂ' විදියටම ඉපදෙන්න ඇති කියලා. හැබැයි 'The Science of Rapid Skill Acquisition' කියන පොත කියවද්දි තෙරුම් ගත්තා ඒක එහෙම නෙවෙයි, ඕනෑම දෙයක් වේගයෙන් ඉගෙනීම කියන්නේ 'මැජික්' එකක් හෝ උපතින් ආ හැකියාවක් විතරක් නෙවෙයි, ඒක 'ක්‍රමවේදයක්' කියලා. ඒක මෙහෙමයි,

ගොඩක් වෙලාවට අපි අලුත් දෙයක් පටන් ගන්නේ බයෙන්. "මට මේක කරන්න පුළුවන්ද?", "මම මේකට දක්ෂ නැහැ" වගේ සිතුවිලි වලින්, ඒ නිසා අපි වේගයෙන් ඉගෙන ගැනිම, එක පටන් ගන්න කලින්ම මන්දගාමී වෙනවා..

හැබැයි, පොතේ කියන්නේ වේගවත් ඉගෙනීම කියන්නේ මුලින්ම ඔයා ඒක කරන්න පුළුවන් කියලා ඔයාගේ හිතට ඒත්තු ගන්වන්න කියලා. ඒකට කරන්න ඕනී සරල දෙයයි ඒ පරිපූර්ණත්වය (perfectionism) පස්සේ දුවන එක නවත්තලා, දවස ගානේ ඉගෙන ගන්න හැම චූටි පියවරක්ම, ප්‍රගතියක් කියලා හිතන්න පටන් ගන්න! ඒක ලොකු වෙනසක් ඔයාගේ හිතේ ඇති කරයි.

අලියෙක්ව එක හුස්මට කන්න බැහැ නේද? පොඩි කෑලි වලට කඩලා තමයි එයා කන්නේ. ඒ වගේම තමයි අලුත් හැකියාවක් ඉගෙන ගන්න එකත්. අපි එකපාරටම ලොකු දෙයක් ඉගෙන ගන්න හදන කොට, ඒක හරිම පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ වෙනුවට, ඔයා ඉගෙන ගන්න හදන හැකියාව පොඩි පොඩි කොටස් වලට කඩන්න. ඊට පස්සේ ඒ කොටස් එකින් එක ප්‍රගුණ කරන්න.

උදාහරණයක් විදියට, ගිටාර් ගහන්න ඉගෙන ගන්නවා නම්, මුලින්ම chord එකක් හරියට අල්ලන හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒක වෙනස් කරමින් practice කරන්න. මේ විදියට පොඩි දේවල් ප්‍රගුණ කරද්දී ඔයාටම දියුණුවක් දැනෙයි.

20% ක වෙහෙසින් - 80% ක ප්‍රතිඵල

මේක තමයි මේ පොතේ තියෙන ලස්සනම පාඩම. අපි කරන වැඩවලින් 20%කින් 80%ක් ප්‍රතිඵල ලැබෙනවා. අපි ගොඩක් වෙලාවට වැදගත් නැති දේවල් පස්සේ කාලය නාස්ති කරනවා. ඒ වෙනුවට, ඔයා ඉගෙන ගන්න හදන හැකියාවේ වැඩිම ප්‍රතිඵල ලබාදෙන ප්‍රධාන 20% මොකක්ද කියලා හඳුනා ගන්න. උදාහරණයක් විදියට, අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා නම්, මුලින්ම වැඩියෙන්ම කතා කරන වචන ටික, වාක්‍ය රටා ටික ඉගෙන ගන්න. ඒකෙන් ඔයාට කතා කරන්න පුළුවන් වෙයි. ඉතුරු දේවල් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ උත්සාහය නිෂ්ඵල වෙන්නේ නැතුව, ගොඩක් දුර යන්න පුළුවන්.

"කරන්න පුළුවන් තරම්" විතරක්...

අපි ගොඩක් වෙලාවට පොත්, වීඩියෝ ගොඩාක් බලලා වැඩේ පටන් ගන්න හිතනවා.. හැබැයි ඔයා කොච්චර දැනුම රැස් කරගත්තත්, ඒක ප්‍රායෝගිකව කරලා බලන්නේ නැත්නම්, ඒ දැනුම මතක තියෙන්නේ නැහැ. ඔයාට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක හරියට පීනන්න ඉගෙන ගන්න පොත් කියවනවා වගේ වැඩක්. පීනන්න නම් වතුරට බහින්නම වෙනවා. ඉගෙන ගන්න දෙයක් පොඩ්ඩක් ඉගෙන ගත්ත ගමන්ම ඒක ක්‍රියාවට නගන්න.

අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගැන පොඩ්ඩක් කියෙව්වා නම්, එකපාරම ඒකෙන් පොඩි දෙයක් හදන්න පටන් ගන්න. වැරදෙන්න පුළුවන්. ඒත් ඒ වැරදි වලින් තමයි ඔයා වැඩිපුරම ඉගෙන ගන්නේ.

හැබැයි පුන පුනා එකම දේ කරන එකෙන් අපේ දක්ෂතාවය වැඩි වෙන්නේ නැහැ. අපි දැනට කරන දේට වඩා ටිකක් අමාරු අභියෝගයක් ඉලක්ක කරගෙන, ඒක පූර්ණ අවධානයෙන් කරන එක තමයි ඇත්තටම වටින්නේ. ඔයා ගිටාර් එකක එකම සිංදුව දහපාරක් වාදනය කරනවා වෙනුවට, අලුත් chord එකක් හෝ තනුවක් එකතු කරලා ඒක ප්‍රායෝගිකව කරන එකෙන් තමයි ඔයාට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

සමහරවිට අපි එකම දේ, එකම විදියට පුහුණු වෙන්න හුරු වෙලා ඉන්නවා. හැබැයි පොතේ කියන විදියට, අලුත් හැකියාවන් ඉගෙන ගැනීමේදී ඒක වැරදියි. එකම ක්‍රියාව නැවත නැවත පුන පුනා කරනවා වෙනුවට, ඒ විෂයට සම්බන්ධකම් තියෙන විවිධ දේවල් එකට පුහුණු වෙන්න!

උදාහරණයක් විදියට, විවිධ භාෂා වල ව්‍යාකරණ එකට පුහුණු වෙනවා නම්, ඒක එකකට එකක් සම්බන්ධ කරගෙන මතක තබා ගන්න පුළුවන්, මේ ක්‍රමයෙන් ඔයාගේ මොළය වෙනස් විදියට සිතන්න පුරුදු වෙනවා...

"මූලධර්ම තේරුම් ගන්න!"

සමහර වෙලාවට අපි අලුත් දෙයක් ඉගෙන ගනිද්දී කටපාඩම් කරන්න පෙළඹෙනවා. ඒකත් හොඳ දෙයක්. හැබැයි ඒකට වඩා වටින්නේ ඒක පිටුපස තියෙන මූලධර්මය තේරුම් ගන්න එක! මූලධර්මය තේරුම් ගත්තාම ඕනෑම තැනකදී ඒක භාවිතා කරන්න පුළුවන්. ඒකට තමයි "mental models" කියලා කියන්නේ.

උදාහරණයක් විදියට, පොතක අලුත් ව්‍යාකරණ රටාවක් ඉගෙන ගන්නවා නම්, ඒක කටපාඩම් කරනවා වෙනුවට, ඒ ව්‍යාකරණ රටාව වාක්‍යයක් හදන්න භාවිතා කරන විදිය තේරුම් ගන්න. එතකොට ඔයාට ඕනෑම තැනක ඒක භාවිතා කරන්න පුළුවන්.

ප්‍රතිචාර (Feedback) ලබා ගන්න!

ඔයා අලුත් දෙයක් කරනකොට ඒක හරිද, වැරදිද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් ඒකෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා නිතරම ප්‍රතිචාර ලබා ගන්න. ඒක ඔයාගේ ගුරුවරයෙක්, මිතුරෙක් හෝ ඔයාගේ FB යාළුවෙක් වෙන්න පුළුවන්. ඒක මේ පොතෙන් ඉගෙන ගෙන මම නිතර භාවිතා කරන දෙයක්!

මොකද feedback කියන්නේ ඔයාගේ ගමන හරිද කියලා බලන දර්පණයක් වගේ. ඒකෙන් ඔයාගේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න පුළුවන්.

ඉගෙන ගත්තාට විතරක් මදි, ඒක මතක තියාගන්න ඕන. ඒකට "spaced repetition" වගේ memory aids ඒකට භාවිතා කරන්න. ඒත් මම කැමතිම විදිය තමයි අලුත් දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක. ඒ ගැන ලියන එක. යම් දෙයක් සරලව තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම්, ඒකෙන් කියවෙන්නේ ඔයා ඒක ඇත්තටම ඉගෙන ගෙන කියලා. ඒක අලුත් දේවල් ඉගෙන ගන්න පුදුමාකාර ක්‍රමයක්.

පරිසරය හදාගන්න!

අපි කරන දේට වඩා අපේ වටපිටාවත් ඒකට බලපානවා. ඔයාගේ වටපිටාව අවම බාධක ඇති තැනක් බවට පත් කරගන්න. ඔයාට අවශ්‍ය පුහුණු කිරීම් සඳහා නිශ්චිත වේලාවක් වෙන් කරගන්න (time-block your practice sessions). පොඩි පරිසර වෙනස්කම් වලින් ඔයාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අවසන් වශයෙන්, "වේගයෙන් ඉගෙන ගන්න නම් 'genius' කෙනෙක් වෙන්නම ඕන නැහැ. ඒක ඕනී කෙනෙක්ට පුළුවන්!" කියන මේ පොතේ අවසාන වාක්‍යය මගේ හිතට ගොඩක්ම වැදුණා. මේ පාඩම් ටික ජීවිතේට එකතු කරගත්තොත්, අලුත් ඉගෙනීම අමාරු දෙයක් නෙවෙයි.. විනෝදයක්!

"October Sky" කියන්නේ මේ ලිපියේ අපි කතා කරපු හැම දෙයක්ම, යථාර්ථයක් කළ මම නැරඹූ නිර්මාණයක්! මේක සැබෑ කතාවක්...

1957 වර්ෂයේ ඇමරිකාවේ West Virginia ප්‍රාන්තයේ Coalwood කියන පුංචි ගම්මානයේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම රඳා පැවතුණේ ගල් අඟුරු පතල මත.

ඒ ගල් අඟුරු පතලේ අධිකාරීවරයා තමයි John Hickam. එයාට පුත්තු දෙන්නෙක් හිටියා. වැඩිමලා පාපන්දු ක්‍රීඩකයෙක් වුණා. බාලයා, Homer Hickam, තාත්තාගේ අඩි පාරේ යමින් අනාගතයේදී පතලට බසිනු ඇතැයි තාත්තා සිහින මැව්වා. ඒ වුණත් Homer ට ඒ ගැන තිබ්බේ ලොකු උනන්දුවක් නෙවෙයි.

1957 ඔක්තෝබර් 04 වෙනිදා රාත්‍රියේ සිද්ධ වෙන සිදුවීමකින් Homerගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. එදා රුසියාව විසින් අභ්‍යවකාශයට යවන ලද Sputnik-1 චන්ද්‍රිකාව අහසේ යන අයුරු Homer සහ තවත් පිරිසක් පුදුමයෙන් බලාගෙන ඉන්නවා. ඒ දර්ශනය දුටු Homer ට තේරෙනවා තමන්ට ගල් අඟුරු පතලෙන් එහාට යන්න තියෙන එකම අවස්ථාව "රොකට් විද්‍යාව" කියලා. Homer ගේ මේ අදහස මුලින්ම ගමේ කාටවත් වැදගත් දෙයක් විදියට පෙනුණේ නැහැ. තාත්තා මේ අදහසට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා.

"උඹ ඔය මෝඩ වැඩ අත්අරින්න ඕන! ගල් අඟුරු පතල තමයි අපේ අනාගතය!" කියලා තාත්තා කෑ ගහද්දී, Homer "මට ජීවිතේටම පතලේ වැඩ කරන්න බැහැ තාත්තේ!" කියලා තරයේම කියනවා. මේ විදියට කිසිම දෙයක් Homer ගේ අධිෂ්ඨානය බිඳ දැමුවේ නැහැ. Homer තමන්ගේ යාළුවෝ තුන් දෙනාටම මේ වැඩේට එකතු වෙන්න කතා කරනවා. ඒ කණ්ඩායමේ ඉන්න අනිත් කෙනා තමයි Quentin.

"රොකට් එකක් කියන්නේ නිකන් පුපුරන දෙයක් විතරක් නෙවෙයි. ඒක ගණිතමය සමීකරණයක්. මට ඒක කියලා දෙන්න පුළුවන්, ඒත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා."

මේ යාළුවෝ හතර දෙනා, ඒ කියන්නේ "The Rocket Boys" එකතු වෙලා තමන්ගේ මුල්ම රොකට් එක හදනවා. එයාල මේ වැඩ වලට ඕනී දේවල් හා සල්ලි දැඩි උත්සහයෙන් කොහොමහරි හොයාගන්නවා...

ඒත් ඒක පටන් ගත්ත ගමන්ම පිපිරෙනවා. ඒ වගේම එකෙන් ගමේ තැපැල් පෙට්ටියකුත් විනාශ වෙනවා. ඒ හැමදෙයක්ම සිද්ධ වුණේ ගමේ ඉන්න හැමෝම මේ පිස්සු රොකට් බෝයිස්ලට හිනාවෙද්දී.

"මේ ළමයින්ට මොකක්ද වෙලා තියෙන්නේ? මට ඕන මගේ පුතා, මගේ අඩි පාරේ යන්න" කියලා තාත්තා අම්මාගෙන් අහද්දී, අම්මා කියනවා,

"ඔයාට ආසාව තියෙනවා නම්, ඒක කරන්න ඕන පුතේ. ඒකට කාගෙන්වත් අවසරයක් ඕන නෑ" කියලා Homerව දිරිමත් කරනවා. ගමේ හැමෝම වගේ හිනා වුණත්, මේ සිව්දෙනාට ලොකු සහයෝගයක් දුන්න අනෙක් කෙනා Miss Riley කියන ගුරුවරිය.

"මේක තරඟයක්. ඒත් මේක ඔයාලට ඔයාලවම ඔප්පු කරන්න තියෙන අවස්ථාවක්. මම ඔයාලට උපරිම උදව් කරනවා. හැබැයි මට ඕන වෙන්නේ ඔයාලා ගණිතයයි විද්‍යාවයි හරියටම උනන්දුවෙන් ඉගෙන ගන්න එක."

ඒ වගේම Quentin ඔහු රොකට් විද්‍යාවට අදාළ හැම ගණනයක්ම හරියටම කරන්න දක්ෂයෙක් වුණා. "මොළයක් තියෙන එකා තමයි වැඩේ කරන්නේ, අනිත් උන් නිකන් පස්සේ යනවා!" කියලා Quentin කියනවා. Quentin ගේ සහයෝගය නිසා මේ තරුණයෝ හතර දෙනාට රොකට් හදන හැටි, රොකට් සඳහා අවශ්‍ය propellant එක හදන හැටි, පුපුරණ ද්‍රව්‍ය හසුරවන හැටි ගැන හරියටම දැනගන්න ලැබුණා.

"සමහර දේවල් පොත් වලින් ඉගෙන ගන්න බැහැ. ඒවා ඇත්තටම කරලා බලන්න ඕන" කියලා Miss Riley දරුවන්ට කියනවා...

ඒ වචන වලින් ඔවුන්ගේ උත්සාහයට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔවුන් ඔවුන්ගේ 100 වෙනි රොකට් එකට "Auk 100" කියලා නම් තියෙනවා. ඒ රොකට් එක තමයි ඔවුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. එයාලාගේ සාර්ථක රොකට් දියත් කිරීම් දැකලා, ගමේ මිනිස්සුත් ඒ අයට උදව් කරනවා. නමුත් මේ අතරේදී ගල් අඟුරු පතලේ කඩා වැටීමක් සිද්ධ වෙනවා. මේ අනතුරේදී John Hickam (Homer ගේ තාත්තා) බරපතල තුවාල ලබනවා. Homer ට තාත්තාගේ රැකියාව භාරගන්න සිද්ධ වෙනවා..

ඒ කාලයේදී Homer ගේ හිතට එනවා, තමන්ගේ තාත්තා ගල් අඟුරු පතලට කොච්චර ආදරය කරනවාද කියලා. ඒ වගේම, තමන්ගේ සිහිනය වෙනුවෙන් වෙහෙස වීම, කොච්චර වටිනවාද කියන දේත් තේරුම් ගන්නවා.

චිත්‍රපටයේ අවසාන භාගයේදී, Homer සහ යාළුවෝ "ජාතික විද්‍යා ප්‍රදර්ශනයට" (National Science Fair) යනවා. නමුත් ඒ යද්දී ඔවුන්ගේ ප්‍රදර්ශනයට අවශ්‍ය ප්‍රධාන කොටස සොරකම් කරනවා. ඒ වෙලාවේ ඔවුන් හිතනවා හැමදේම ඉවරයි කියලා. නමුත් Homer ගේ තාත්තා පතලේ සියලුම වැඩ නවත්වලා, "මගේ පුතාගේ දක්ෂතාවයට හිනා වෙන්න එපා. මම උදව් කරනවා" කියලා, පුතාට ඕන ප්‍රධාන කොටස හදලා දෙනවා.

මේ චිත්‍රපටයේ අවසානයේදී Homer, National Science Fair එකේදී ජයග්‍රහණය කරලා විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. Homer, තමන්ගේ අවසාන රොකට් එක දියත් කරන්නේ තමන්ගේ තාත්තාට. "ඇයි ඔයා කවදාවත් මගේ රොකට් එකක් දියත් කරන්න කියලා ඉල්ලුවේ නැත්තේ?" කියලා Homer, තාත්තාගෙන් අහනවා. ඊට පස්සේ තාත්තා කියන්නේ හදවතටම දැනෙන දෙයක්. "මම ඒක හිතුවා... ඒත් මම ඒක කිව්වේ නැහැ.." කියල!

මේ චිත්‍රපටය කියන්නේ, සිහින සහ යථාර්ථය අතර තියෙන්නේ විශාල සටනක් බව හා ඒ සටන දිනන්න පුළුවන් බව. 'The Science of Rapid Skill Acquisition' පොතේ තිබුණ හැම පාඩමක්ම මේ චිත්‍රපටයේ කතාවට කෙළින්ම අදාළයි.

'ඉගෙනීම' කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ක්‍රමවේදයක් කියලා මේ චිත්‍රපටය නැවතත් ඔප්පු කරනවා. ඒ ක්‍රමවේදය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම්, අපිටත් අහසට යන රොකට් වගේ අපේ සිහිනත් ඕන උසකට අරගෙන යන්න පුළුවන්..

© සාගර දියගම

09/07/2025

කවදා හරි ඔයාට හිතිලා තියෙනවද, අපිත් එක්ක කතා කරන කෙනාගේ මූණ දිහා බලලා එයාගේ හිතේ තියෙන හැමදේම දැනගන්න පුළුවන් නම් කියලා?

ඔයා අලුත් ව්‍යාපාරික ගනුදෙනුවකට යනවා, නැත්නම් යාළුවෙක් හම්බවෙනවා, එහෙමත් නැත්නම් ඔයාගේ සහකරු සහකාරියත් එක්ක පොඩි වාදයක් යනවා කියලා. මේ හැම වෙලාවකම, එයාගේ ඇස් වලින්, තොල් වලින්, මූණේ රැළි වලින් එයා කියන්න හදන දේ වගේම, එයා හංගන දේත් ඔයාට කියවගන්න පුළුවන් නම්, ඒක කොච්චර වටිනවද? ඒක හරියට හරි පොටර් මැජික් වගේ කියලා හිතෙයි නේද?

අපේ අද කතාව ආරම්භ වෙන්නේ Chase Hughes නම් පුදුම හිතෙන කෙනෙක් එක්ක. එයා තමයි ලෝකයේ අංක එකේ ශරීර භාෂා විශේෂඥයා, ඇමරිකානු හමුදා නායකයින්ට මිනිස්සුන්ගේ හැසිරීම් කියවන හැටි, ප්‍රශ්න කිරීම් සහ මනෝවිද්‍යාත්මක යුධ උපක්‍රම ගැන එයා පුහුණු කරලා තියෙනවා. FBI නියෝජිතයන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට පවා උපදෙස් දෙනවා. ඇත්තටම, එයාට පුළුවන්ලු මිනිසෙක්ව මිනී මරන්න පවා මෝහනය කරන්න. ඒකට ගතවෙන්නේ විනාඩි 40ක් වගේ කෙටි කාලයක්! ඒක කොච්චර භයානකද?

"ඔයාට කෙනෙක්ව මෝහනය කරලා මිනී මරන්න පුළුවන්ද?

"අනිවාර්යයෙන්ම පුළුවන්."

"ඒකට කොච්චර වෙලාවක් යයිද?"

"විනාඩි 40ක්."

මේක ඇහුවම ඇඟ කිළිපොළා යනවා නේද? ඒත් එයා මේ දැනුම පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට උදව් කරන්න, ආරක්ෂා වෙන්න උගන්වන්න මිසක් වැරදි දේවල් වලට නෙවෙයි. එයා කියනවා, මිනිස්සු දුර්වල, තර්ජනයට ලක්වෙලා, නැත්නම් අනාරක්ෂිත බවක් දැනෙන වෙලාවට, පිරිමි අය නිතරම වගේ තමන්ගේ ලිංගේන්ද්‍රිය ආවරණය කරගන්නවා. ඒත් ගැහැණු අය කරන්නේ තමන්ගේ බඩ හරස් අතට අතක් තියාගෙන ගර්භාෂය ආවරණය කරගන්න එක. මේක හරියට ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණයක් වගේ..

අපි කෙනෙක් දිහා බලන කොට මුලින්ම බලන්නේ එයාගේ මූණ දිහානේ. ඉතින්, මූණකින් මොනවද අපට කියව ගන්න පුළුවන්?

Chase අපිට කියනවා, අපි කෙනෙක්ගේ මූණ දිහා බලලා පුදුම හිතෙන දේවල් දැනගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම, වයස 18-19 වෙන කොටම අපේ මූණේ හැදෙන රැළි වලින් අපේ ස්වභාවික හැසිරීම් සහ ජීවන රටාව ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්ලු. මේවා වයසට යන නිසා හැදෙන රැළි නෙවෙයි, හැඟීම් ප්‍රකාශ කරන නිසා හැදෙන රැළිලු!

සතුටින් ඉන්න අය..

නිතරම හිනාවෙන කෙනෙක්ගේ ඇස් කොණේ "කපුටු කකුල්" (crow’s feet) වගේ පොඩි රැළි තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිතය සතුටින් ගතකරන, සතුට ප්‍රකාශ කරන අය..

තරහින් ඉන්න අය..

කෙනෙක් නිතරම තරහින් ඉන්නවා නම්, ඇහි බැමි දෙක අස්සේ, නළල මැද්දේ පොඩි රැළි දෙකක් තියෙනවා. මේකට "ග්ලාබෙලා" (glabella) කියලා කියනවා.

සමාජශීලී අය..

ගොඩක් සමාජශීලී අයගේ නළලේ වැඩි රැළි ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව, අපේ නළල කියන්නේ අපේ "සමාජ දැන්වීම් පුවරුව" social billboard වගේ දෙයක්. අපි හැඟීම් ප්‍රකාශ කරන්න නළල ගොඩක් පාවිච්චි කරනවා.

උදාහරණයක් විදිහට, ඔයා කෙනෙක්ට "ආයුබෝවන්" කියන කොට ඔයාගේ ඇහිබැමි ඉහළට උස්සනවා නම්, 90%ක් දෙනාත් ඔයාට උත්තර දෙන්නේ එහෙමමයි. ඒක අපේ මොළයට ස්වභාවිකවම වැඩසටහන් වෙලා තියෙන දෙයක්. ඒ නිසා තමයි හිස කෙස් වලින් නළල වැහිලා තියෙන අයට මිනිස්සු ස්වභාවිකවම විශ්වාස නොකරන්නේ..

ඇස්වලින් කියවෙන රහස්

Chase කියනවා, අපිට කෙනෙක්ගේ මූණෙන් කියවගන්න පුළුවන් වැදගත්ම දේ තමයි එයා ඇස් පියවන වේගය, මේකට කියන්නේ blink rate කියලා. මේක අපිට පුදුම බලයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් කතාබහකදී මිනිසෙක් විනාඩියකට 15-17 වතාවක් ඇස් පියවනවා.

ආතතියේදී..

කෙනෙක් ආතතියෙන් ඉන්නවා නම්, එයාගේ blink rate එක විනාඩියකට 80 දක්වා වැඩි වෙන්න පුළුවන්. හිතන්න, ඔයා ව්‍යාපාරික සාකච්ඡාවකදී කෙනෙක්ගෙන් එයාගේ සැලසුම් ගැන අහන කොට එයාගේ ඇස් පියවන වේගය එකපාරටම වැඩි වෙනවා නම්, ඒක ආතති සහගත තත්ත්වයක්. ඒ වගේ වෙලාවට "රැවටීමක්" වෙන්නත් පුළුවන්...

උනන්දුව සහ අවධානය

කෙනෙක් කතාබහකදී අවංකවම උනන්දුවෙන් සහ අවධානයෙන් ඉන්නවා නම්, එයාගේ blink rate එක විනාඩියකට 3-4 දක්වා අඩු වෙන්න පුළුවන්. ඒක හරිම පුදුමයි නේද?

මේක ඔයාට ලොකු වාසියක් වෙන්න පුළුවන්. ඔයා කතා කරන කෙනාගේ ඇස් පියවන වේගය වැඩි වෙනවා නම්, ඔයා දන්නවා එයා ආතතියෙන් ඉන්නේ කියලා. උදාහරණයක් විදිහට, ඔයා පොදු දේශනයක් කරන කෙනෙක් නම්, ප්‍රේක්ෂකාගාරය දිහා බලාගෙන ඉන්නකොට, ඒ අයගේ blink rate එක වැඩි වෙනවා නම්, ඔයාට තේරෙනවා ඔයාට අවධානය නැතිවෙනවා කියලා...

ඒ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ කටහඬ වෙනස් කරන්න, වේදිකාවේ අනිත් පැත්තට ඇවිදින්න, අත්පුඩි ගහන්න, නැත්නම් මාතෘකාව වෙනස් කරන්න. එතකොට ආයෙත් blink rate එක අඩු වෙනවා, ඒ කියන්නේ අවධානය ආයෙත් ඇතිවෙනවා. මේක කෙනෙක්ව අවධානයෙන් තියාගන්න හොඳ උපක්‍රමයක්.

Shutter Speed
ඇස් පියවෙන වේගය
(මේ කියන්නේ ඇහි බැම වැහිලා ආයෙත් ඇරෙන වේගයට)

බිය ඇතිවිට..

කෙනෙක්ට බය දැනෙනකොට, ඇස් පියවෙන වේගය වැඩි වෙනවා.

සුවපහසුවක් දැනෙනවිට..

කෙනෙක්ට සුවපහසුවක් දැනෙනකොට, ඇස් පියවෙන වේගය අඩු වෙනවා.

හිතන්න, ඔයා කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට, එකපාරටම එයාගේ මුදල් ප්‍රශ්න ගැන කතා කරන කොට එයාගේ blink rate එක වැඩි වෙනවා වගේම shutter speed එකත් වැඩි වෙනවා නම්, ඔයා දන්නවා ඒක එයාට සංවේදී මාතෘකාවක් කියලා. ඔයාට එයාගේ හිත කියවන්න බැරි වුණත්, ඔයාට තේරෙනවා එයාගේ ප්‍රතිචාරය ඒ මාතෘකාවට කොහොමද කියලා.

තොල්වල රහස්

මුහුණේ තවත් වැදගත් ඉඟි දෙකක් තමයි තොල්වලින් කියවෙන රහස්.

තොල් තද කරගැනීම..

කෙනෙක් තමන්ගේ තොල් එකට තද කරගෙන ඉන්නවා නම්, ඒකෙන් කියවෙන්නේ බොහෝ විට එයා තමන්ගේ අදහසක් හෝ හැඟීමක් හංගනවා කියන එකයි. උදාහරණයක් විදිහට, ඔයා කෙනෙක්ගෙන් අහනවා,

"ඔයා අලුතින් ගත්ත දේ කොහොමද?" කියලා. එයා "ආ, නියමයි" කියලා තොල් තද කරගෙන කියනවා නම්, එයා ඇත්තටම කැමති නැති වෙන්න පුළුවන්. ඒක රැවටීමක්ම නෙවෙයි, ඒත් එයා යමක් හංගනවා කියලා අපිට තේරෙනවා. විකුණුම්කරුවෙක්ට මේක දැක්කොත්, එයාට තේරෙනවා ඒ මාතෘකාව ගැන ආයෙත් කතා නොකර ඉන්න එක හොඳයි කියලා. හැබැයි පොලීසීයේ ප්‍රශ්න කිරීමකදී නම්, මේකෙන් අදහස් වෙන්නේ ඒ මාතෘකාව ගැන තවත් ප්‍රශ්න අහන්න ඕන කියලා.

තොල් ඇතුළට ගැනීම

කෙනෙක් තමන්ගේ තොල් ඇතුළට ගන්නවා නම්, නැත්නම් ඇඟිල්ලක් කටේ දාගන්නවා නම්, ඒකෙන් කියවෙන්නේ එයාට යම්කිසි සහතිකයක් reassurance අවශ්‍යයි කියන එකයි. ඒ කියන්නේ එයාට යම්කිසි ආරක්ශාවක් හෝ සහයෝගයක් අවශ්‍යයි. Chase කියනවා එයා වේදිකාවට කෙනෙක්ව ගෙන්න ගන්න කොට, ඒ අය මේ වගේ දේවල් කරනවා කියලා. ඒ වෙලාවට එයාට තේරෙනවා ඒ අයට සහතිකයක් අවශ්‍යයි කියලා. මේ වගේ සරල දේවල් තේරුම් ගැනීමෙන් අපිට මිනිස්සුත් එක්ක වඩා හොඳින් අන්තර් ක්‍රියා කරන්න පුළුවන්. කෙනෙක්ගේ blink rate එක වැඩි වෙනකොට ඔයාට තේරෙනවා එයා ආතතියෙන් ඉන්නේ කියලා, ඒ නිසා ඔයාට පුළුවන් සංවාදය වෙනස් කරන්න.

කෙනෙක්ගේ තොල් තද කරගෙන ඉන්නවා නම්, ඔයාට තේරෙනවා එයා මොකක් හරි හංගනවා කියලා. මේවා අපේ දෛනික ජීවිතයට ගොඩක් වැදගත්. හිතන්න, ඔයාගේ යාළුවෙක් ඔයාට බොරුවක් කරනවා කියලා සැකයක් ආවොත්, එයාගේ blink rate එක වැඩි වෙනවද කියලා බලන්න පුළුවන්. නැත්නම්, ඔයා අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නකොට, ඔයාගේ සහකරු, සහකාරියගේ මුහුණේ ඉරියව්වලින් එයාගේ ඇත්ත ස්වභාවය ගැන පොඩි ඉඟි ටිකක් අහුලා ගන්න පුළුවන්. මේකෙන් අපි කෙනෙක්ව විනිශ්චය කරන්න ඕනේ නැහැ, ඒත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් එයාගේ ඇත්ත හැඟීම් මොනවද කියලා.

Chase ගෙන් ඇහුවා, කෙනෙක්ව තමන් වටා පහසුවට පත්කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද කියලා. එයා දුන්නේ අපූරු උපදෙස් කීපයක්!

ඔබ පුරෝකථනය කළ හැකි සහ විශ්වාසදායක කෙනෙක් ලෙස පෙනී ඉන්න.(Predictable and Reliable)

මුලින්ම, අනිත් කෙනාට ඔබෙන් කිසිම තර්ජනයක් නැහැ කියලා දැනෙන්න ඕනේ. ඒකට පහසුම විදියක් තමයි, කෙනෙක්ට මුහුණට මුහුණලා කතා නොකිරීම. අපේ මොළය ස්වභාවිකවම හැඩගැහිලා තියෙන්නේ, කෙනෙක් මුහුණට මුහුණලා ඉන්න කොට තරඟකාරී (competitive) හැඟීමක් ඇතිවෙන විදිහට. මේක පිරිමින්ට විතරක් නෙවෙයි, කාන්තාවන්ටත් පොදුයි. ඒක අපේ මොළයේ "සත්ත්ව මොළය" (mammalian brain) කියන කොටසෙන් එන දෙයක්. මේ මොළය අවුරුදු 200,000ක් තිස්සේ වෙනස් වෙලා නැහැ. ඔබ දැකලා ඇති, බාර්වල පිටිපස්සේ විශාල කණ්ණාඩි තියෙනවා. ඒකට හේතුව තමයි, මිනිස්සුන්ට මුහුණට මුහුණලා කතා නොකර, කණ්ණාඩියෙන් බලලා කතා කරන්න පුළුවන් නම්, රණ්ඩු සරුවල් ඇතිවීමේ සම්භාවිතාව අඩු වෙනවා කියලා ඒ අය කලින් ඉඳන්ම දැනගෙන හිටපු එක. ඉතින්, කෙනෙක්ව පහසුවට පත්කරගන්න නම්, ඔබ කිසිදු තර්ජනයක් නොවන විදිහට, කෙළින්ම මුහුණට මුහුණලා නොසිටීම වැදගත්.

සන්නිවේදනයේදී වචන වලට වඩා Non-verbal communication වැදගත්...

අපි කෙනෙක්ව විශ්වාස කරන්නේ හෝ පහසුවට පත්කරගන්නේ මොන වචන පාවිච්චි කරනවද කියන එකෙන් නෙවෙයි. Chase කියනවා, "බලපෑමක් කිරීමේදී වචන කියන්නේ අඩුම වැදගත් දෙය". අපේ මොළයේ අන්තිමටම දියුණු වුණු කොටස තමයි භාෂාවට අදාළ කොටස. ඒ නිසා අපි බොහෝ වෙලාවට යැපෙන්නේ වාචික නොවන සන්නිවේදනය මත.

ඉතින්, කෙනෙක්ව පහසුවට පත්කරගැනීමේ හැකියාව 90%ක්ම රඳා පවතින්නේ වාචික නොවන සන්නිවේදනය මතයි. ඒ කියන්නේ, ඔබ ඒ පුද්ගලයාට ළංවෙන විදිහ, ඔබ හැසිරෙන විදිහ.

කෙනෙක්ව විශ්වාසදායක සහ පහසුවෙන් දැනෙන කෙනෙක් බවට පත්කරගන්න පුළුවන් තවත් බලවත්ම ක්‍රමයක් තමයි, කතා කරනකොට විවෘත අත්ල (open palms) පෙන්වීම. ඔබ කතා කරන අතරතුර, ඔබගේ අත් සහ අත්ල බඩ හරියේ මට්ටමට තබාගෙන, වැදගත් කරුණු පැහැදිලි කරන විට අත්ල විවෘතව පෙන්වන්න.

මිනිස්සුන්ට ඔබව විශ්වාස කරන්න සහ ඔබ කියන දේ පිළිගන්න මේක 10 ගුණයකින් පමණ වැඩි ඉඩක් තියෙනවා. හිතන්න, ඔයා බයෙන් ඉන්න කොට, බොරු කියන කොට, නැත්නම් යම්කිසි දේකට බය වෙන කොට, අපි ස්වභාවිකවම ලිංගේන්ද්‍රිය ආවරණය කරගන්නවා. නැත්නම්, කාන්තාවන් නම් බඩ ආවරණය කරගන්නවා. මොකද මේ ප්‍රදේශයේ අස්ථි නැති නිසා අවදානමක් දැනෙනවා. ඒ වගේ වෙලාවක "ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්" කියලා අත්ල වහගෙන කිව්වොත්, ඒක ඔබටත් අමුත්තක් දැනෙයි. ඒත්, "ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්" කියලා අත්ල විවෘතව කිව්වොත්, ඒක මොළයට සම්පූර්ණයෙන්ම වෙනස් හැඟීමක් දෙනවා.

අපි හැමෝම ෆේස්බුක් එකේ හෝ ටී.වී. එකේ පින්තූර දැකලා, කෙනෙක්ගේ "බොඩි ලැන්ග්වේජ්" (ශරීර භාෂාව) ගැන අදහස් දක්වනවා. "අන්න අරයා බය වෙලා, ඒකයි අත මෙහෙම තියන්නේ" නැත්නම් "මෙයා බොරු කියනවා, ඒකයි මෙහෙම හැසිරෙන්නේ" වගේ දේවල් අපි කියනවා. මෑතකදී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර පැවති සාකච්ඡාවක පින්තූර ගැනත් මේ වගේ අදහස් ගොඩක් පළ වුණා. ට්‍රම්ප් තමන්ගේ ලිංගේන්ද්‍රිය ආවරණය කරගෙන සිටි අතර, සෙලෙන්ස්කි විවෘතව වාඩි වී සිටි බව බොහෝ දෙනා සඳහන් කළා. ඒත් මේවා ඇත්තටම අපිට කියන්නේ මොනවද? මේ ගැන ලෝකයේ අංක එකේ ශරීර භාෂා විශේෂඥයා වන Chase Hughes මොනවාද කියන්නේ කියලා බලමු.

Chase කියනවා, අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ තමයි "වෙනස්වීම්" changes. කෙනෙක්ගේ හැසිරීම් රටාවේ වෙනසක් සිදුවුණේ කීයටද? කොච්චර වෙලාවක් ඒ විදිහටම තිබුණද? ආයෙත් සාමාන්‍ය තත්ත්වයට ආවේ කීයටද ? මේවා තමයි වැදගත් ප්‍රශ්න.

ඔබට පුළුවන් ඡායාරූපයක තනි මොහොතක් අරගෙන, ඒකෙන් ඔබට ඕනෑම අර්ථයක් ගන්න. සෙලෙන්ස්කි පවා තමන්ගේ බඩ හෝ ලිංගේන්ද්‍රිය ආවරණය කරගෙන ඉන්න ඡායාරූප කීපයක් හොයාගන්න පුළුවන්. ඒත් අපි බලන්න ඕනේ ඒ මොහොතේ සිදුවුණු වෙනස මොකක්ද කියලයි.

ඒ නිසා, ට්‍රම්ප් ලිංගේන්ද්‍රිය ආවරණය කරගෙන සිටියේ සම්මුඛ සාකච්ඡාව පුරාම නම්, ඒකෙන් කියවෙන්න පුළුවන් එයා දුර්වල, තර්ජනයට ලක්වෙලා, නැත්නම් අනාරක්ෂිත බවක් දැනෙනවා කියලා. ඒත් ඒක තනි මොහොතක සිදුවුණ දෙයක් නම්, ඒකෙන් ලොකු දෙයක් කියවෙන්නේ නැහැ. අපි මිනිස් හැසිරීම් අධ්‍යයනය කරන කොට, තනි දෙයක් විතරක් නෙවෙයි බලන්න ඕනේ. විවිධ දේවල් කිහිපයක එකතුවක් (cluster of different things) දිහා බලලා තමයි නිගමනයකට එන්න ඕනේ.

ඔබට අවශ්‍ය දේ ලබාගැනීමට...

ඔබට අවශ්‍ය දේ ලබාගැනීමට නම්, මුලින්ම ඔබගේ "අපේක්ෂිත ප්‍රතිඵලය" (desired outcome) කුමක්දැයි තීරණය කරගත යුතුයි. බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඔබ කතා කරන සෑම කතාබහකම යම්කිසි ප්‍රතිඵලයක් තිබිය යුතුයි. "මේ කෙනාට හොඳ හැඟීමක් ඇති කරවන්න මට ඕනේ" කියන එක පවා හොඳ ප්‍රතිඵලයක්.

Chase උගන්වන ප්‍රබලම ක්‍රමවේදයක් තමයි ඔබ අනිත් කෙනාව එයාගේ හිතෙන්ම හෝ වචනයෙන් "මම මේ වගේ පුද්ගලයෙක්" (I am the type of person who blank) කියලා එකඟ කරගන්න එකයි. උදාහරණයක් විදිහට, Chase පොඩ්කාස්ට් එකකට යන කොට, එයා මුලින්ම කියනවා,

"Jack, පොඩ්කාස්ට් කරන අය ගොඩක් ඉන්නවා, ඒ අය යම්කිසි දැඩි රාමුවකට කොටුවෙලා, ඒත් අද ඔයත් එක්ක මේකට එන්න ලැබීම ගැන මම සතුටුයි."

මෙතනදී එයා Jack ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒත් Jack මානසිකව එකඟ වුණා, "මම ඒ වගේ කෙනෙක් නෙවෙයි" කියලා. මේක හරිම ඉක්මනින් වැඩ කරනවා. Chase මෙය තවත් පැහැදිලි කරනවා, ඔබ කෙනෙක්ට කෙලින්ම "ඔයා මෙහෙමයි" කියලා ප්‍රශංසා කළොත්, එයාගේ මොළයට දැනෙන්න පුළුවන් ඒක බලපෑමක් හෝ රැවටීමක් (manipulation) කියලා.. ඒත් ඔබ පොදු ප්‍රකාශයක් කරලා, "ඇත්තටම හරියට පොඩ්කාස්ට් කරන අය හරිම දුර්ලභයි. මම ඒකට ගොඩක් කැමතියි." කියලා කිව්වොත්, ඔබ එයාට කෙලින්ම කිව්වේ නැතත්, එයාගේ මොළයට දැනෙනවා "ඔව්, ඒ මම තමයි" කියලා. මේකෙන් ඔබට අනිත් කෙනාගේ ප්‍රතිචාරය විවේචනය කිරීමේ හැකියාව අඩු වෙනවා.

මතක තියාගන්න, මේක සංවාදයක ආරම්භයේ දී විතරයි. ඔබට කෙනෙක්ව වඩාත් විවෘත කරගන්න අවශ්‍ය නම්, ඔබට අහන්න පුළුවන්,

"ඔයා මේ තරම් විවෘත වුණේ කොහොමද? ඔයා හැමදාම මෙහෙමද, නැත්නම් මේකට ඔයාට මහන්සි වෙන්න සිද්ධ වුණාද?"

මේ ප්‍රශ්නයට උත්තර දෙන්න පටන් ගන්න කොටම, එයා වාචිකව තමන්ගේ අනන්‍යතාවයකට එකඟ වෙනවා. අපේ මොළයට බලපෑම් කරන්න පුළුවන් තවත් ප්‍රබල ක්‍රමවේදයක් තමයි Negative Dissociation කියන්නේ..

ඔබට කෙනෙක්ගේ යම්කිසි ගති ලක්ෂණයක් නැති කරන්න අවශ්‍ය නම්, ඔබ ඒ ගති ලක්ෂණය තියෙන කණ්ඩායමක් ගැන නරක විදිහට කතා කරන්න. උදාහරණයක් විදිහට, "අද කාලේ පොඩ්කාස්ට් කරන ගොඩක් දෙනෙක් වැඩ කරන්නේ ඔරලෝසුව දිහා බලාගෙන, වැඩේ ඉක්මනට ඉවර කරන්න හදනවා. ඒක හරියට මාව ගණන් නොගන්න ඩොක්ටර් කෙනෙක් එක්ක ඉන්නවා වගේ..." මෙතනදී ඔබ අනිත් කෙනාට සෘණාත්මක චිත්‍රයක් මවා පෙන්වා, ඔබ ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා එයාගේ හිතට දානවා. කරල බලන්න ඒක නියමට වැඩ කරනවා..

අවසාන වශයෙන්, කෙනෙක්ව පහසුවට පත්කරගැනීම කියන්නේ, ඔබේ විශ්වාසය (confidence) බෝවන ගතියක් බවට පත්කිරීමයි. කෙනෙක් කෘත්‍රිම විශ්වාසයක් (artificial confidence) පෙන්වන කොට, ඒකෙන් අනිත් අයට පොඩි හැඟීමක් ඇතිවෙන්න පුළුවන්.

ඔබ ආතතියෙන් සිටියත්, සන්සුන් භාවයක් සහ ආත්ම විශ්වාසයක් පෙන්වන විට, ඔබේ විශ්වාසය අනිත් අයටත් ගමන් කරනවා. ඔබ කෙනෙක්ට බලපෑම් කරන්න (persuade) උත්සාහ කරනවා නම් ඒක ආගමික නායකයෙක් වුණත්, ප්‍රශ්න කරන්නෙක් වුණත්, දරුවෙක් හදන මවක් හෝ පියෙක් වුණත් ඔබේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ඔබේ විශ්වාස මට්ටම අනිත් පුද්ගලයාට "මාරු කිරීම" (transfer)යි. එනම් ඔවුන්ට තීරණයක් ගැනීමට අවශ්‍ය විශ්වාසය ඔවුන් තුළ ඇති කිරීමයි.

ඉතින්, මේ දැනුමෙන් අපි ඉගෙන ගන්නේ, මිනිස් හැසිරීම් කියන්නේ සංකීර්ණ දෙයක් වුණත්, පොඩි පොඩි දේවල් වලින් අපිට ලොකු දේවල් තේරුම් ගන්න පුළුවන් කියන එකයි. ඔබේ සන්නිවේදනය වඩාත් ඵලදායී කරගන්න, අනෙක් අයව වඩා හොඳින් තේරුම් ගන්න, සහ ඔබේ විශ්වාසය ඔවුන්ටත් ලබා දෙන්න මේ කරුණු නිසැකව ඔබට උපකාරී වේවි.

© සාගර දියගම

28/06/2025

මම අද කොළඹ hospital එක ගාවින් උදේ වැඩට යනකොට
Radio news එකේ කෙහෙළිය ගැන කිව්වා

ඇත්තට කෙහෙළිය කරපු තරම් සහාසික විදියට හොරකම් කරල නැතුව ඇති මේ ලෝකේ කව්රුවත් 😔

මුලු රටම බන්කොලොත් වෙලා ඉන්න වෙලාවක,
ඉන්දියාවෙන් හිගා කාල ඉල්ලගත්ත සහනාදරෙකින්
මැරෙන්න පන අදින දුප්පත් පිලිකා රෝගියෙක්, ස්නායු රෝගියෙක් ගේ ජීවිතේ අන්තිම බලාපොරොත්තුවෙන් හොරා කන්න හිත හදාගත්තේ කොහොමද කියල නඩුවේදී මිනිහගෙනුයි, අර ලොකුවට ඉගෙන ගත්ත දොස්තර මහත්තුරුයි ගණකාදිකරී මහත්තුරුන්ගෙන් අහන්න ඕනේමයි !

හිතන්න අර ජමනියේ lab එකේ, මේ තියෙන්නේ ලුණු වතුර කියල test කරපු මිනිස්සු ලංකාව මොන තරම් නරුම රටක් කියල හිතනවා ඇතිද ?

කෙහෙළියගේ අම්ම නැතිවෙලනම් හොදයි 🙏🏽
අම්ම කෙනෙක්ට මේවගේ පුතෙක්ව උහුලන්න අමාරුයි

කවදාවත් කෙහෙළිය තරම් දුප්පත් වෙන්න එපා !

Credit to original writer

23/06/2025

ගෙදර යන්න කියල නැග්ග බස් එකේ පුදුම ඝෝෂාවක්. ආබාධිත පුද්ගලයන් සඳහා හෙන බජවුව්ක්.

සීට් එකේ එහා පැත්තෙ කෙනා එක්ක කතා කළත් ඇහෙන්නෑ. කොන්දොස්තරට කතා කරල කිවුව මල්ලි, ඕකෙ සද්දෙ ටිකක් අඩු කරන්න කියල. ඒකෙ සද්දෙ අඩු වෙන්නෑලු. හ්ම්ම්.

ගත්ත 1955 ට කෝල් එකක්. මම මේ බස් එකක ඉන්නෙ. ඇහෙනවද මේකෙ සද්දෙ කියල ඇහුව.

බස් එකේ නම්බර් එක කියන්නකො මහත්තය කිවුව. රූට් එක ඇහුව. කොහෙ ඉඳල කොහෙටද බස් එක යන්නෙ ඇහුව. විනාඩි දහයක් යන්න කලින් සද්දෙ ඉවරයි. පුදුම සැනසීමක්.

ප.ලි.
කොන්දොස්තර ටිකට් එක දෙනකල් ඉවසන් ඉන්න. එතකොට අපි ඒ බස් එකේ මගියෙක් බව ඔප්පු කරන්න සාක්ෂියක් තියෙනව.

උපුටා ගැනීම
Thusitha weerasinghe

17/06/2025

"එවේලේ ඩ්‍රෙසිං රූම් එක පැනික් වෙච්ච විදිහ මම හිතන්නේ හරි. ඒ දවස්වල මම තරුණයි. මම ඇවිල්ලා අවුරුද්දයි දෙකයි. ඉතින් ඒ ඇරගන්ස් එක තිබුණා", වයස අවුරුදු 24දී කරපු දේ ගැන වයස අවුරුදු 38ක පරිණත ඇන්ජලෝ මැතිව්ස්, Newswire සමඟ සාකච්ඡාවකදී කියන්නේ එහෙමයි.

2011 ජූලි 03 වැනිදා ලෝඩ්ස්හිදී පැවැත්වුණු එංගලන්ත-ශ්‍රී ලංකා එක්දින තරගයේදී ලකුණු 247ක ඉලක්කයක් හඹාගෙන ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 43වැනි පන්දුවාරය වෙද්දී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 87ක් වාර්තා කරගෙන තිබුණා. ජයග්‍රහණයට අවශ්‍ය වුණේ තව ලකුණු 17යි. ඒ නිසා 21හැවිරිදි චන්දිමාල්ට ශතකයක් ගැන තිබුණේ අඩමාන බලාපොරොත්තුවක්. බලාපොරොත්තුවක් නොතිබුණයි කිව්වත් සාධාරණයි.

ඒත් අනිත් පැත්තේ හිටපු 24 හැවිරිදි තරුණ ඇන්ජලෝ මැතිව්ස්, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී වාර්තා කරන ශතකයක වටිනාකම හොඳින්ම දැනගෙන හිටියා. ඔහු නවක චන්දිමාල්ට ඒ සඳහා උදව් වෙන විදිහට පන්දු නවත්තමින්, අපේ භාෂාවෙන් කිව්වොත් 'ලෑල්ල දාමින්' හිටියා.

මේ ගැන ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නෙමෙයි. නායක ටී.එම්.ඩිල්ෂාන් නුරුස්නා බැල්මෙන් ඒ දිහා බලාගෙන හිටියා. කළමණාකරු දුලිප් මෙන්ඩිස් සුපුරුදු බරැති මුහුණින් ඒ දිහා බලාගෙන හිටියා. ඒත් ඇන්ජලෝ, නොසැලී තමන්ගේ මතයේම හිටියා.

47වැනි පන්දුවාරයට පහර දීමේ අවස්ථාව ලැබුණේ ඇන්ජලෝට.

"ඇන්ජි, සීය ඕන නෑ. ඉවර කරලා දාමු", චන්දිමාල් කිහිප වතාවක්ම කියනකොට ඇන්ජලෝගේ ඉතිහාසගත වදන් එළියට ආවා.

"මට මේක දිනන්න ඕන බෝල දෙකයි. ඒ වෙනකම් උඹට 100ට යන්න පුළුවන්"

ඔහු මොකද කළේ? නිලකුණු පන්දුවාරයක් නිමා වෙනතුරුම පන්දු 6කට 'ලෑල්ල දැම්මා'. චන්දිමාල් දුවන්න උත්සාහ කළත් ඇන්ජලෝ සීමා ඉරෙන් හෙල්ලුණේ නෑ. එතකොට චන්දිමාල් ලකුණු 94යි. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 8යි.

නායක ටී.එම්. ඩිල්ෂාන්ගේ ඉවසීමේ සීමාව පැන්නා. ලෝඩ්ස් සඳළුතලයේ වාඩිවෙලා හිටපු පුටුව පස්සට තල්ලු කරපු ඩිල්ෂාන් අතපය දික්කරමින් ක්‍රීඩාගාරය තුළටයි ඉන් පිටතටයි යන්න වුණා. ලසිත් මාලිංග, "ඒයි ඒයි ඒයි" කියමින් තරුණයන්ට රාජකාරිය මතක් කළා. ඇන්ජලෝ කියන්නේ එවකට තරුණ ක්‍රීඩකයෙක්. ඔහු විසින් කළ යුතුව තිබුණේ ජ්‍යේෂ්ඨයන් කියන දේ. ඒත් ඒ කාල පරිච්ඡේදය ඇන්ජලෝගේ ආත්ම විශ්වාසය අහස උසට තිබුණු කාල පරිච්ඡේදයක්.

ඩිල්ෂාන්ගේ ගෙරවුමක් හංගගත්තු අත් ආවරණ දෙකක් ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයෙන් ක්‍රීඩාංගණය තුළට ආවත් තරුණ මදයෙන් ආඩ්‍ය ඇන්ජලෝ මැතිව්ස් ඔවුන්ව එන මගින්ම හරවලා යවන සංඥාවක් දුන්නා. ක්‍රීඩාගාරය නොසන්සුන්. ප්‍රේක්ෂකාගාරයත් නොසන්සුන්.

ටිම් බ්‍රෙස්නන් විසින් යවපු ඊළඟ පන්දුවාරයේ දෙවැනි පන්දුව මිඩ් ඔන් කලාපයට ඉහළින් හයේ සීමාවෙන් එපිටට යවපු චන්දිමාල් ලෝඩ්ස්හිදී ඓතිහාසික එක්දින ශතකයක් වාර්තා කළා. ඇන්ජලෝ පන්දු 21කදී එක ලකුණයි. ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා. අද ඒ සොඳුරු මතකය අවුරුදු 15කට ආසන්නව පැරණියි.

"පරිණත වෙන්න වෙන්න අපි දන්නවා, මයිල්ස්ටෝන්ස් වලට වඩා තරගයක් දිනන එක තමයි අත්‍යාවශ්‍ය. (ඒක තමයි) අපේ ඉලක්කය විය යුත්තේ. මම අන්ඩස්ටෑන්ඩ් කරනවා ඒ ප්ලෙයර්ස්ලා පැනික් වුණ එක. මොකද මම හිටියත් දැන් (ක්‍රීඩාගාරයේ), මම ඒ දේ කරන්න පුළුවන්. මොකද මම හිතනවා තරගය දිනන්න ඕන කියලා. එවේලේ මගේ ඔලුවේ තිබුණේ ඒක ක්‍රීඩකයෙකුට සුවිශේෂී අවස්ථාවක් කියලා, ඔහු ඒක ගත යුතුයි කියලා", 38 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් එහෙම කියනවා.

ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. බැරිවෙලා හෝ එදා ඒ ව්‍යායාමය අසාර්ථක වුණා නම් ඇන්ජලෝ මැතිව්ස් බැනුම් අහන්නේ මුළු රටකින් විතරක් නෙමෙයි, ලෝකයකින්ම. වැදගත්ම දේ, ජයග්‍රහණය ලබපු නිසා එදා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හෝ නිළධාරීන් ඔහුට කිසිම සැර වචනයක් කිව්වේ නෑ.

ඇන්ජලෝගේ තරුණ මදය ගැබ්වුණු ආත්ම විශ්වාසය, චන්දිමාල්ගේ ලෝඩ්ස් ශතකය ළඟින්ම ඔහුගේ අවදානම් සහිත මතකයත් තැබුවා. අපි හැමෝගෙම තරුණ කාලය කියන්නේ එහෙම අවදානම් මැද ගෙවෙන එකක්. ඒත් අත්දැකීම් ලැබෙනකොට මිනිස්සුන් පෞද්ගලික උත්කර්ෂයන් පසෙකලා, ඊට වඩා විශාල පරමාර්ථ වෙනුවෙන් වෙහෙසෙනවා.

Article credits to
- අසංක හදිරම්පෑල.

16/06/2025

අද මම ඔබට ඊශ්‍රායල් පලස්තීන ගැටුම සහ ඉරානය ඊට සම්බන්ධවූ ආකාරය ගැන මුල සිටම පැහැදිලි කරන්නයි මේ හදන්නේ. ඔටෝමාන් පාලනය යටතේ පැවති පලස්තීනයට යුදෙව්වන් සංක්‍රමණය වුනේ 19 වන සියවසේ අගදීය. ඒකාලේ ලෝකය පුරා බැංකු පවත්වා ගෙන යමින් වෙලදාම් කල යුදෙව්වන්ය.

මේ කාලේ පලස්තීනයේ බහුතරයක් සිටියේ සුන්නි මුස්ලිම් වරුන්ය. පලවෙනි ලෝක යුද්ධය ආරම්භ වීමට පෙරාතුව බ්‍රිතාන්‍ය සහ ඔටෝමාන් වරු අතර යුද්ධයක් පැවතුනා.

ඒ කාලයේ පලස්තීනයේ ද ඔටෝමාන් වරුන්ගේ පාලනයක් තිබුණු නිසා යුදෙව්වෝ බ්‍රිතාන්‍ය පැත්ත අරගෙන උදව් කලා. මෙන්න මේ කාලේ 1917 දී බ්‍රිතාන්‍ය වරුන්ට උදව් කිරීමට යුදෙව්වන් මැදිහත් වීම නිසා නුඹලාට අපි රටක් දෙන්නම් කියා පොරොන්දුක් වුනා.

ඒ අනුව බ්‍රිතානයේ හිටපු බැල්ෆර් නම් විදේශ ඇමති වරයා යුදෙව්වන්ට පලස්තීනයේ පදිංචි වීමට බිම් කඩක් දුන්න. හැබැයි මේකට කිසිම සුන්නි මුස්ලිම් වරයෙක් හෝ අරාබි ජාතිකයෙකු කොහෙත්ම සතුටු වුනේ නැහැ.

1917 න් පස්සේ තමයි මේ ගැටුම් ආරම්භ වුනේ. මම මේ කිව්වේ ඊශ්‍රායල් ගැටුම ආරම්භ වූ කාලය සහ ඔවුන් පලතීනයට පැමිණි කාලය සහ කුඩා බිම්කඩක් බ්‍රිතාන්‍යන් විසින් ලබාදීම.

මොකද පලස්තීනය පාලනය කල ඔටෝමාන් වරුන් පරාජය කිරීමට සහය දීම හරහා ඔවුන්ව පරාජය කිරීමෙන් පසුව 1917 ඇතිකර ගත් බැල්ෆ ගිවිසුමට අනුවයි මේ පසුබිම නිර්මාණය වුනේ.

ඉන් පසුව ලෝකයේ විසිරී සිටින යුදෙව්වන් ටික ටික පලස්තීනයට සංක්‍රමණය වුනා. එසේ වර්ධනය වෙලා ඉන්න අතරේ දෙවන ලෝක යුද්ධය හට ගත්ත.

ඒ කාලේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එකාබද්ධව රුසියාවේ සහයද ඇතිව ජර්මනියේ හිට්ලර්ව පරාජය කලා. හිට්ලර්ට යුදෙව්වන් සමග උපන් ගෙයිම තරහක් තිබුන. එනිසා එයාලව හොය හොයා මරුවා.

එහෙම වුනේ හිට්ලර්ගේ ආච්චි ( මවගේ මව කෙල්ල කාලේ ) යුදෙව් ගෙදරක වැඩකාර කමකට ගිහින් ඉන්න කොට ඒ අයිතිකාර බොසාගේ පුතා අතින් දුෂණය වූ බවට සඳහන් වූ වීඩියෝවක් මා දුටුවා.. ඒ දුෂණයෙන් පසුව ලැබුන දරුවා තමයි හිට්ලර්ගේ අම්ම. එයාට සිදුවූ අසාධාරණය ගැන ක්කොපයෙන් පසුවුණා.

මේ තරහා වැඩි වූ තවත් බොහෝ කතා තියෙනවා එව්වා ලියන්න ගියොත් ඉරාන ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ගැන ලියන්න බැරි වෙනවා. හිට්ලර් ගේ යුදෙව්ව් තරහා කතාව මෙයින් අවසන් කරමි. නැවත ඉශ්‍රයලයේ ආරම්භවී මේ ගැටුම ගැන ලියන්නෙමි.

ඉන් පස්සේ 2 වන ලෝක යුද්ධයේදී ජර්මනියේ හිට්ලර් මුළු ලෝකෙම ඉන්න යුදෙව්වන්ට හිරිහැර කලා ඝාතනය කිරීම් වැනි දේවල් සිදුවුනා. අවසානයේදී ඔවුන් පලස්තීනය වෙත සංක්‍රමණය වීම උග්‍ර වුනා.

එහිදී ජර්මනියේ හිට්ලර් පරාජය කරන්න උදව් කිරීම නිසා බ්‍රිතාන්‍ය දෙපාර්ශවයටම රටක් දෙන්නම් කියලා පොරොන්දු දුන්න. එවක පලස්තීනයේ අරාබි භාවෂාව කතා කරන ජාතියක් හිටියා වුනාට පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබුනේ නැහැ.

යුද්ධය කාලේ යුදෙව් ධනවතුන් ඇවිල්ල කිබුට්ස් කියල සාමුහික ගොවි ජන ව්‍යාපාරයක් හඳුන්වා දුන්න. මොකද දිගු කාලයක් පවතින යුද්ධය නිසා ආහාර හිඟය අඩුකරන්න එය ඉවහල් වුනා.

ඉන්පසුව ඔවුන් ව්‍යාපාර කළා මධ්‍යධරණී මුහුදේ වරාය ඉදිකළා. අවසානේ 1947 දී බෙන්ගුරියන් ගේ නායකත්වයෙන් ඊශ්‍රායලය නමැති යුදෙව්වන්ගේ ස්වාධින රාජ්‍යය ඉතාම කුඩාවට ආරම්භ කළා.

අරාබි රාජ්‍යයන් සියල්ලම මේක යුදෙව්වන්ගේ රටක් හැටියට පවරාදීම පිළිබඳව විරුද්ධ වෙලා ඊශ්‍රායලය 1947 දී ඔවුන් සමග යුධ වැදුනා. ඒ සඳහා මුලිකත්වය ගත්තේ ඊජිත්තුවයි. මොකද ඒ කාලේ බලවත් අසල වැසියා ඊජිත්තුවයි.

හැබැයි එයාල පමණක් නෙවෙයි , ජෝර්දානය . ලෙබනනය , සිරියාව , ඉරාකය හොඳටම මැදීහත් වුවද ඉරානයත් කුඩාවට සම්බන්ධ වෙමින් මැදිහත් වුනා. කෙසේ නමුත් මොශේදායන් ගේ නායකත්වයෙන් 1947 පැවති ඒ යුද්ධයෙන් ඊශ්‍රායලය ජයගනු ලැබුවා.

හිට්ලර් පාරාජය කිරීමෙන් පසුව UN එක හදලා ඉන් පසුවයි ඊශ්‍රායල් කියන රාජ්‍යයට පිළිගැනීමක් කරමින් ඊශ්‍රායලය නමැති රාජ්‍යයට ලෝකයේම පිළිගැනීමක් ලබාදීමට කටයුතු කලා. මේවට මුල් වුනේ UK සහ US ප්‍රධාන කොට යුරෝපා රටවල්ය.

ඉන්පසුව අද වගේම වරින් වර විවිධ වූ නම් වලින් සැදුනු අරාබි සංවිධාන සහ රටවල් රැසක් ඊශ්‍රායලය යුද්ධ කළා.1967 ඊශ්‍රායලය විසින් දින 6 යේ යුද්ධයේදී අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන් ගණනාවකට මහා විශාල හානි ගෙන දුන් ප්‍රහාරයක් සිදුකලා.

එකටත් හේතු තිබුනා. ඒ රටවල් ගහන්න සැලසුම් කරන බවට මොෂාඩ් ඔත්තු සේවයෙන් ලැබුණු තොරතුරු සුපිරි නිසා ඊශ්‍රායලය ඉස්සර වුනා. අර රටවල් සමුහයටම විශාල ප්‍රහාරයක් එල්ල කළා.

ඔබ දන්නව අදත් ඊශ්‍රායලය ඉරාන නායකයින් හමාස් නායකයින් හිස්බුල්ලා නායකයින් ඉලක්ක කර පහරදීම් වල නිරවද්‍ය භාවය සුපිරියටම තියෙනව. ලිපිය දිග වැඩි වෙන නිසා ඒ පහරදීම් සියල්ල මොනවද කියා ලියන්න යන්නේ නැහැ. අවශ්‍යම නම් කොමෙන්ට්ස් වලින් අහන්න කියා දෙන්නම්.

ඊට පස්සේ එය ටිකෙන් ටික අදියරෙන් අදියර සැලසුම් සහගතව ඔවුන්ගේ භුමියේ ප්‍රමාණය විශාල කරගෙන දැන් තියෙන තත්වයට පැමිණියා. මේ ගැන ලොකු කතාවල් ගොඩාක් තියෙනව.

ඒවා එසේ වෙද්දී ඊට එරෙහිව මුස්ලිම් වරුන් සටන් කල නමුත් සියලු දෙනාම ඒකාබද්ධ වී නොකළ නිසා වගේම ඊශ්‍රායලයේ ධනය සහ බුද්ධි අංශවල දියුණුව නවීන අවි ආයුධ නිෂ්පාදනය සහ ඇමරිකාවේ සහ යුරෝපා රටවල සහයද නොඅඩුව ලැබුන නිසා බොහෝ අවස්ථාවල ඔවුන් ජයගනු ලැබුවා.

තත්වය මෙසේ සිදුවෙද්දී පලස්තීන ජනතාවට සිදුවූ හානි අසාධාරණ කම් වැනි දේවල් වල ගොඩක් කතා තියෙනව. මේ අවස්ථාවේ එව්වා සේරම ලියන්න ලියන්න ගියොත් ඔයාල කියවන්න මැලි වියහැකියි. ඒ කියන්නේ යසර් අර්පත් විසින් පලතීන විමුක්ති සංවිධානය ( PLO ) එක හදාගෙන සටන් කල හැටි.

ඇමරිකාවේ බිල් ක්ලින්ටන් සාම ගිවිසුමක් ගහලා දෙගොල්ලන් සමාදාන කරපු හැටි. 2004 අගභාගයේදී යසර් අර්පත් මරණයට පත්වීම. එයාට විෂ වර්ගයක් ලබාදීම නිසා එසේ වුනා කියනවා. එයට ඔහුගේ සුරූපී තරුණ බිරිඳත් හවුල් කියලා විශාල කතා බහක් ඇති වුනා.

මේ වෙලාවේ එව්වා ලියන්නත් බැහැ. පොඩ්ඩක් මතක් කළා පමණයි. කොහොම හරි මේ වනවිට ඇවිලී යන යුද්ධය දිගට ඇදී ගියොත් මුළු ලෝකයේම විනාශයට හේතුවක් වෙන්න පුළුවන් කියලයි මගේ කියවීම.

ඒවා එහෙම වෙන්නේ කොහොමද කියා පැහැදිලි කරන්න ගියොත් නම් තවත් මේ වගේ දෙකක් ලියන්න වෙනවා. එනිසා මෙය ඉහලට නොගොස් ඉක්මනින්ම සාමය ඇතිවේවා කියල ප්‍රාර්ථනා කරමු..

මේ මරා ගැනීම් සති දෙකක් 3 ක් එක දිගට අදුනොත් පමණක් මොන වගේ දෙයක් වියහැකිද කියලා හොඳ නරක සියලු තොරතුරු එකම වාර්තා ලිපියකින් ලියන්නම් හොඳේ. කොහොම නමුත් මෙවර ඉශ්‍රයලට දැඩි හානි පමුනවා ඇති බව නම් විශ්වාසයි.

මේ දක්වා ගුටි කෑවේ ගාසා තීරයේ පලස්තීන වැසියන් බටහිර ඉවුරේ පලස්තීන වැසියන් කුඩා දරුවන් වගේම හමාස් , හිස්බුල්ල , හුති වැනි සංවිධාන වල අයයි. හැබැයි දැන් තත්වය වෙනස් වෙලා දැන් ඊශ්‍රායල් වැසියන්ටත් නැවත හිතන්න වෙලා..

මොකද ඔවුන් හිතා ගෙන හිටියේ ඊශ්‍රායල් අයන් ඩොම මිශයිල ආරක්ෂණ පද්ධති නිසා කිසිඳු දවසක ඉරානයට ප්‍රබල පහර එල්ල වෙන එකක් නැහැ කියලයි හිතාන හිටියේ.

එයාල විතරක් නෙවෙයි ඊශ්‍රායලයේ ඉන්න සමහර ලංකාවේ අයත් බොහොම උජාරුවෙන් කතා කලා හැබැයි එයාල යුද්ධය ගැන මීට වඩා සානුකම්පිතව බලන්න පුරුදු වෙන්න ඕනා. මොකද යුද්ධයක් යනකොට ඇතිවෙන බය හැමෝටම එකසේ දැනෙනවා. එනිසා මම නම් යුද්ධයට තරයේම විරුද්ධයි.

මම මෙහෙම කියන්නේ මේක එන්න එන්නම ඉහල ගිහින් විශාල බර අවිවලින් පහරදීලා බැරි වෙනකොට අසරණ වෙන කොට න්‍යෂ්ටික අවි උවද පාවිච්චි නොකරයි කියලා කාටද කියන්න පුළුවන්.

මගේ කියවීම අනුව ඉරානය මීට කලින් කරපු පහරදීම් වලට වැඩ වැඩි බරක් යොදලා මේ සැරේ වැඩේ පටන් අරගෙන තියෙනවා කියලයි. එහෙම කරන්න හේතුව ලෙස මම දකින්නේ රුසියාව සහ චීනය උතුරු කොරියාව වැනි නියෂ්ටික අවි සහිත රටවල නායකයින් ගේ සහය ලබා දෙන්න පොරොන්දු වුනා වියහැකියි.

ඒ කියන්නේ එයාලගේ සහයත් දෙනවා නම් මේක බොහෝ දුර දිග යන්න වුවද බැරි නැහැ. එහෙම ගිහින් න්‍යෂ්ටික අවි ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් මිලියන ගණනින් ( දශලක්ෂ ගණනින් ) ජීවිත හානි වියහැකි වගේම 3 වන ලෝක යුද්ධයක් ද ඇතිවීමේ අවධානම බැහැර කල නොහැකියි.

එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ සඳහා ජනතාව දැනුවත් කරමින් මේවා ලියන්නේ යුද්ධයට වචනයකින් හරි එරෙහි වෙයල්ලා කියලා බල කරන්නයි.

ඔයාලත් මේවාට වචනෙකින් හරි හෙලා දකින්න කියලා උනන්දු කරන්නයි.. මේවා ලියන්නේ. දැන් මේවයේ ඇත්තම වැරදි කරුවන් කවුද කියල හොයන්න ඔයාලට තියා මෙතරම් සොයා බලන මටවත් හරියට දන්නේ නැහැ. ඒ තරමට සංකීර්නයි.

හැබැයි මේවා මෙහෙම සිදුවීම පිළිබඳව USA සහ UK ඇතුළු ලෝක බලවතුන්ට මේ පාපයෙන් ගැලවෙන්න නම් බැහැ. මොකද මේවා වල යටගියාවේ නරක සිදුවීම් දෙපාර්ශවය විසින්ම කර තිබෙනවා.

හැබැයි මට දැනෙනවා මේකේ නියම වැරදි කාරයෝ කවුද කියලා. ඒ වුනාට මම ඔබලට එය කියන එක සාධාරණ නැහැ. මොකද එය එක පැත්තක් ගත්තා වෙනවා. එහෙම වුනාම යුද්ධය සඳහා උඩගෙඩි දීමක් වෙනවා.

එනිසා අපි හැමෝම මේකට විරුද්ධ වෙමු කියල මම යෝජනා කරනවා. පැත්තක් ගන්නම එපා. තම තමන් ගේ ආණ්ඩු වලට සාමය සඳහා වැඩ කරපල්ලා කියලා බල කරමින් අරගල කරමු.

ලෝකය පුරාවටම එහෙම ජනමතයක් එනකොට එයාලට එය අහක දාන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුනාම කිසියම් තීරණයක් ගන්න කලින් එයාලට දෙපාරක් හිතන්න වෙනව. ඔබලා හැමෝටම යහපතක්ම වේවා.

Copied

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo