ඇත්ත - Truth

ඇත්ත - Truth

Share

Public Figure

05/06/2026

RamCharan Fan | රාම්චරන්ගෙ රසිකයා

ජූනි 01 වෙනිදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විජයවාඩා හි ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගනය අතුරු සිදුර නැතිව පිරී ගියේ සුපිරි තරු දෙකක් එදා එතනට එන නිසා. PEDDI | පෙඩ්ඩි ඒ අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ Pre-Release එක තමයි එදා සූදානම් කරලා තිබුනේ. ප්‍රධාන චරිත රඟපාන රාම්චරන් සහ ජාන් වී කපූර් එතනට ආවා. අතුරු සිදුරු නැතිව පිරිලා හිටපු රසික රසිකාවියන් ප්‍රීති ඝෝෂා නගනවා උනත් මේ මේ අතර හිටපු එක රසිකයෙක් වෙනත් දෙයකට තමයි කුරුමානම් ඇල්ලුවේ. ඒ තමන්ගෙ ආදරණියම තරුව වන රාම්චරන්ව ළඟටම ගිහින් කතා කරලා පොටෝ එකක් ගන්න. ඒත් හිතන තරම් ඒක ලේසි වුනේ නැහැ . වේදිකාව වට කරලා තනා තිබෙන වැට ගාවටම ආවත් ඔහුට ඊට එහා යන්න කොහොටවත් ඉඩක් නම් ලැබෙන්නෙ නැහැ. ජාන් වී සහ රාම් පුටුවල ඉඳගෙන මාධ්‍ය වෙත ඔවුන්ගෙ අදහස් පවසනවා. කිලෝ මීටර් සිය ගනනක් ගෙවා පැමින තමන්ගෙ සිහිනය අත් හරින්න නම් මේ රසිකයාට හිත දෙන්නෙ නැහැ.. ඔහු එක්වරම ආරක්ෂිත වැටෙන් පැනලා රාම් ගාවට යන්න දුවනවා එකෙනෙහිම ක්‍රියාත්මක වන රාම්ගේ ආරක්ෂකයින් ඔහුව ඔසවලා ආයෙත් වැටෙන් අනෙත් පැත්තට දානවා. මේ සිද්ධියෙන් තැති ගැන්වුනු ජාන් වී ව ආරක්ෂත ස්ථානයකට කැටුව යනවා. ඊට පස්සේ ඇත්තට රාම් චරන් කලේ හැමෝගෙම සතුටු කදුලක් එකතු කරන දෙයක්. රාම් අර රසිකයාට කතා කරනවා. ඔහු රාම් ලඟට එන හරිම ගෞරවයෙන් තමන් පැලඳ සිටි අව් කණ්නාඩියත් ගලවලා. රාම් ඔහු සමග කතා කරනවා. කතා කරලා කියනවා

හරි දැන් කියන්න අපි දෙන්නගේ පොටෝ එකක් ගන්න කියලා.

මෙන්න මෙතනදී තමයි පුදුම දේ වෙන්නෙ . අර රසිකයා පොටෝ එක ගන්න මූන හරවනකොට තමයි හැමෝගෙම ඇස් උඩ යන්නෙ. මොකද ඒ ඉන්නෙත් රාම් චරන් මයි..

මේක චිත්‍රපටයක ජවනිකාවක් නෙවේ ඇත්තටම සිදුවුනු දෙයක්.
ඇත්තටම ඒ රසිකයා රාම් චරන්ගෙ නිවුන් සහෝදරයෙක් තරමටම සමානයි.
රාම් ට ඔහු කොච්චර ආදරේ කියනවානම් ඔහු රාම් ගෙ හැම කොන්ඩා විලාසිතාවක් විදියටම ඔහුත් කොණ්ඩේ හදනවා.. රැවුලත් ඒ විදියටස වවනවා .. ඇවිදින්නෙ කතා කරන්නෙත් රාම්ව අනුකරණයි කරලා.. ඒ තරමට ඔහු රාම්ට ආදරය කරන රසිකයෙක්..

ඉතින් මේ සිද්ධිය ගැන ලස්සන වීඩියෝ දෙකක් ඔන්න මම කමෙන්ට්වල දානවා. බලලා ඒකට ලයික් එකකුත් දාන්න.. ❤️❤️❤️

ඉතින් ඔයාටත් එහෙම රසිකයෙක් හෝ රසිකාවියක් ඉන්නවාද?

05/06/2026

ලොකු අයියා සමාජ සේවකයෙක්ද ගේම් කාරයෙක්ද? ඔබ මොකද හිතන්නෙ?

05/06/2026

දියවැඩියාව ගොඩක් දෙන්නෙකුට හැදෙන්නෙ ආහාර රටාවෙන් දෙක ජානමය කරුනු තුන මානසික ආතතිය. මේ දේවල් වෙනස් කලොත් ඔයාට දියවැඩියාව ඔයාගෙන් අයින් කරන්න පුළුවන්. මේ වීඩියෝව දිය වැඩියාව හැදුනු අයට විතරක් නෙවේ හැදෙන්න පුළුවන් කියලා හිතන අයටත් උදව් වේවි. ලස්සන පෝෂ්‍යදායි ආහාර රටාවක් සහ දිනකට පැයක විතර ව්‍යායාම කිරීම තුලින් දිය වැඩියාවෙන් ඔයාගේ මුදල් හූරාකන වෛද්‍යහොරුන්ගෙන් සහ බෙහෙත් කම්පැනි කාරයෙන්ගෙන් ඔයාටම බේරිලා ඉන්න පුළුවන්.

05/06/2026

දැන් තිරගත වේ

05/06/2026

Eshan Nagasingha | ඒශාන් නාගසිංහ

ලෝකයේ විශාලතම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවා. සෙල්ලම් නැහැ කොල්ලෝ ලංකාවේ අපේ එකෙක් ..
මේක තමයි ලෝකෙ දැනට තියෙන AI තාක්ෂනය පවා වැඩියෙන්ම යොදාගෙන ඇති නැව.
ඒශාන්ගෙ මාසික වැටුප කීයක් විතර ඇතිද?
අඩුම ඇමරිකානු ඩොලර් 20000 ක්
ඒ කියන්නෙ රු ලක්ෂ 75 ක් විතර
ඒශාන්ව අද මුලු ලංකාවම දන්නවා..

ඒශාන් මොරටුවේ විශ්ව විද්‍යාලයේ NDT උපාධිදාරියෙක් .. ඒශාන් අද මේ තත්වයට ආපු ගමන දුශ්කර එකක්.. ඒකට ලොකු කට්ටක් කන්න ඕනෙ .. අවුරුදු 20 ක් විතර.. ඒක පටන් ගන්නෙ මොන්ටිසොරියේ එහෙම නැත්නම් පෙරපාසැලේ ඉඳලා.. පෙර පාසැලෙන් පටන් ගන්න අධ්‍යාපනය පහේ පන්තියට වෙනකම් ලොකු මහන්සියක් ගන්න දෙයක් නැහැ ඊට පස්සෙ තමයි ඔයාගෙ කැපවීම මහන්සිය උපරිමයෙන් යොදවා ඔරුව පදින්න තියෙන්නෙ.. මහා කරදර බාධක මැද වන මෘගයක් මැද සුළ කුනාටු මැද ඔයා ඔරුව පදවාවි .. ඒත් නවතින්න එපා ඒ හැම දේම ටික දුරක් විතරයි.. එතනින් පස්සේ ඔයා එන්නෙ හරිම නිසංසල වූ හැමදාම උදේට ලස්සනට හිරු නැග එන සවසට හිරු බැස යන සුන්දර පරිසරයක් ඇති මහා විලකට .. එතනින් එහා කරදර බාධක තවත් නැහැ.. ජීවිතයේ ඔයාට අවශ්‍ය හැමදේම ලඟටම එනවා. අන්න ඒකයි උගත් කමේ බලවත් අවිය.. ඒක ලබාගත් කෙනා ජීවිතය දිනනවාමයි..

හැබැයි උඹ මේ කට්ට කාලා ඉගෙන ගන්න ඕනෙ කාලේ .. ඒ කට්ට නොකා ආතල් එකේ ඉන්නවා කියන්නෙ උඹේ ජීවිතේ ඇත්තටම සුපිරි ආතල් ගන් ඕන කාලේ උඹ පට්ට දුක් විඳිනවා කියන එකයි..

04/06/2026

පන අදින මිනිසුන්ටත් හුස්ම ටිකක් දෙන්න හුස්ම අරන් ආයේ පන එන්න මේ පේජ් එකට join වෙන්න නම් follow කරන්න. හැකි තරම් share කරන්න.ඔබට ජය නියතයි

04/06/2026
04/06/2026

ලෝකයේ දියුනු රටවල් අතරට ලංකාව කියන දූපත අරන් යන්න විශාලතම බාධාව වෙලා තියෙන්නෙ ලංකාවේ දූපත් මානසිකත්වයෙන් පිරිණු බොහෝ පිරිසක් තවමත් රට තුල ඉන්න නිසා. මේ අයව මේ මානසිකත්වයෙන් මුදවා ගැනීම කල හැක්කෙ ඔවුන්ට ලෝකය දැකීමට සැලැස්වීම තුලිනුයි. තවමත් දියුනු රටක ජනතාව ගෙවන සැප පහසු ජීවිත හීනෙකින්වත් දැකලා නැති මේ මිනිසුන් සිතන්නෙ පරිප්පුයි බතුයි මාළු කෑල්ලකුයි එක්ක බත් ටිකක් කාලා ඉන්න තිබුනා නම් ඇති යි කියාය.
ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී අපි තවමත් බත් පිඟානක හිර වෙලා.
පුංචි උදාහරනයක් ගමු. ලංකාවේ දිය වැඩියාව කියන රෝගය නැති කෙනෙක් ඉන්න පවුලක් සොයා ගන්න පුළුවන්ද? දිය වැඩියාව පාලනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. ඒ කියන්නෙ දිය වැඩියා රෝගියෙකුට ගත යුතු ආහාර ක්‍රමයක් තියෙනවා. දිය වැඩියා රෝගියෙකුට බත් කන්න කියන්නෙ දවසටම යෝගට් කෝප්පයක් තරම් ප්‍රමානයක්. එතකොට උදේට බිත්තරයක් එක්ක පාන් පෙත්තක් පලතුරු කෑල්ලක් දවල්ට මස් හෝ මාළු ( තම්බා හෝ වාෂ්පීකරනය කොට) වැඩිපුර සහ සුදුසු එලවළු වර්ගයක් දෙකක්( තම්බා ) රාත්‍රි ආහාර වේලත් මස් හෝ මාළු හෝ බිත්තර සමග එළවළු ස්වල්පයක්. හිතන්න කීයෙන් කී දෙනාටද මේ වගේ ආහාර රටාවක් පවත්වාගෙන යා හැකි. අපිට කන්න වෙලා තියෙන්නෙ තුන්වේලටම බත් බත් බත්. නැත්න්ම පාන්. ඒකත් බඩ පැලෙනකම් ගිලින්න වෙලා. ඉතින් දිය වැඩියාව පාලනය කරන්න වැඩිපුර බෙහෙත් ගන්න වෙනවා. ඉතින් දිය වැඩියාවට සරිලන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නවා කියන්නෙ කෙනෙකුට හීනයක්. මොකද ඒ වගේ ආහාර රටාවක් පවත්වාගෙන යන්න මුදල් ඕනෙ. අඩු ආදායමක් ලබන හැමෝගෙම තුන්වේල කවර වෙන්නෙ බත් වලින්. බත් වැඩි පුර කන තරමට දිය වැඩියාව වැඩි වෙනවා. ඉතින් දියුනු රටක දිය වැඩියා රෝගියෙකුට මේ වගේ ආහාර රටාවක් පහසුවෙන්ම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ ඒ අයගේ ආදායමින් මේ වගේ දෙයක් සපුරා ගැනීම ඉතාම සුළු දෙයක් නිසා.

දියුනු රටක මේ හැම දේම කරන්නෙ දියුනු පරිපාලන ක්‍රමයක් ඒ රටවල් තුල තියෙන බැවින්. ඒ පරිපාලනය තුල ඔවුන් වඩාත් අවධානය යොමු කරන්නෙ ජනතාවගේ යහපත. ඒ වැනි රටක රජය බිස්නස් කරන්නෙ නැහැ. ඒ කියන්නෙ රජයෙන් සපයන සේවාවලින් ලාභ ලබන්න කටයුතු කරන්නෙ නැහැ.
ඒත් නොදියුනු රටවල් කරන්නෙ ජනතාවට රජයෙන් ලැබිය යුතු සේවා පවා පුද්ගලික අංශයට විකුනා ජනතාව හූරන් කන්න පුද්ගලික අංශයට බලපත්‍ර දෙන එක.
රටක බල ශක්තිය ( විදුලිය , ඛණිජ තෙල් සැපයීම)
සෞඛ්‍ය , ජන සන්නිවේදනය, ප්‍රවාහනය ජල සම්පත යන මේ අංශ 05 රජය ජනතාවට සැපයිය යුතු අනිවාරය සේවාවන්. එය සැලකිය යුත්තෙ එය රජයේ වගකීමක් ලෙස. ඒවා ලාබ ලබන ව්‍යාපාර ලෙස නොවේ. රටක බල ශක්තිය කියන්නෙ මුලු රටම දුවන මාද්‍යයි. එය නැවතුනු කල රටක කර්මාන්ත
මෙන්ම බොහෝ දේ බිඳ වැටී රටක් ඉක්මනට අගාධයට යනවා.. රටක ජන සන්නිවේදනය ජනාතවගේ අනන්‍යතාවය රැඳී ඇති තැනක් .. ඒ තුල ජනතාවගේ හැඳුනුම්පත් අංක බැංකු ගිනුම් අංක සහ තවත් පුද්ගලික තොරතුරු ගබඩා වී තියෙනවා. ප්‍රවාහනය කියන්නෙ රටක පොදු ජනතාවට බොහෝ වැදගත් අංශයක් . රැකියාවට , පාසැලට , දුර බැහැර වැදගත් කටයුතුවලට ප්‍රවාහන මාධ්‍ය ගොඩක් වටිනවා. ජලය . ජලය කියන්නෙ මිනිසාගේ ජීවය. පිරිසිදු ජලය තම රටේ ජනතාවට ලබා දීම රජයක ඉතාමත් වටිනා කාර්රයයක්. කිසිම ලෙසක ජලය කියන සම්පත පුද්ගලික ව්‍යාපාරයක් කර ගැනීමට රජය ඉඩ දිය යුතු නොවේ. පානීය ජලබෝතල සැපයීම වුවද නිසි නියාමනයන්ට සහ අධීක්ෂණයට ලක් විය යුතුයි.

ඉතින් මේ අංශ ජනතා අයිතියෙන් උදුරා පුද්ගලයන්ට බාර දෙනවා කියන්නෙ ඒවා පුද්ගලික ව්‍යපාර වෙන එක. බිස්නස්කාරයන් මේ දේවල් වලින් මුදල් උපයා ගනිමින් ලාබ ලබන්න කටයුතු කරනවා කියන්නෙ භයානක තත්වයක්. ඔවුන්ට එලෙස මිල ගනන් පනවන්නත් ඔවුන්ට අවශ්‍ය නම් සේවා සැපයිම නතර කරන්නත් ඔවුන්ට පුළුවන්.එවිට මුදල්ම ජීවිකාව කරගත් මේ අයට පුළුවන් ජනතාව සූරා කන්න එවිට මෙය රජය දීපු බපත්‍රයක් වගේ මේ රජයක් සතුව රජයේ යටතේම සේවා පවත්වාගෙන යා යුතු අංශ පුද්ගිලකකරණය කිරීම.

බිස්නස් කාරයන් හිතු මනාපෙට මිල ගනන් දමමින් අධික ලාභ ඉපැයීමට කටයුතු කරනවා. මොක ද මේකට රජයට මැදිහත් තියෙන ඉඩකඩ සීමිත වෙනවා ඒවා පුද්ලිකකරණය කල පසු.

දියුනු රටවල විශේෂයෙන්ම බල ශක්තිය සහ ප්‍රවාහනය මිනිසුන්ට සපයන්නෙ ඉතා සහනදායි මිලකට. ලංකාවේ මිනිසුන්ට සහනදායි මිලකට තවමත් ලැබෙන එකම දේ නම් ජලය විතරයි.

03/06/2026

අවු 12 ක දැරියක් විවාහ කරගන්න පුළුවන් නීති තියෙන්නෙ ලෝක අති අමා< නුෂික ලෙස මානව හිමිකම් කඩ කරන කාන්තාවන් හිතේ හැටියට දූ> ශණය කරන්න පුළුවන් එහෙම කරලා ඒ කාන්තාවන් ම රා දැමුවත් කිසිම කේස් එකක් වැටෙන්න නැති ඇෆ්ගනිස්ථානය යේමනය පාකිස්ථානය සිරියාව වගේ රටවල. ත්‍ර< ස්ත වාදය අන් තවාදය පිරුනු රටවල. ඒත් හේම රතන අවු 14 ක දැරියක් දූෂනය කලා කියලා වැල ලෙන උන් දන්නෙ නැහැ ත්‍රස් තවාදී රටවල තියෙන ඒ නීතිය ලංකාවෙත් සම්මත බවත් ඒ අනුව අවු 12 කල දැරියක් අවු 60 ක 70 ක එකෙකුට වුවත් විවාහ කරගෙන ඒ දරුවාට දස වධ දි දී හරි ලිං< ගිකව සතුටු වෙන්න පුළුවන් බව.
අවු 12 ක් කියන්නෙ ළමයෙක්.. ලමයෙක් අවු 20 ක එකෙක් එක්ක විවාහ උනත් 50 ක එකෙක් එක්ක විවාහ උනත් ලිංගිකත්වය කියන දේ නොදන්න ඒ ළදරු මනසට සිදු වෙන්නෙ අපරාධයක්. උන්ගෙ ගෙවල් වල ඒ වගේ විවාහ කරලා දෙන්න හදන ලමයින්ව අවුරුදු පහේ වගේ ඉඳලා පාසැල් නොයවා ඒකට පුරුදු පුහුණු කරනවාද කියලා නම් දන්නෙ නැහැ . එහෙම වුනත් මේ රටේ මේ මහා ලොකුවට ලෝකෙ උතුම් රට උසස් ජාතිය කියලා පාරම් බාන අවුරුදු 2500 ක සුපිරි ඉතිහාසයක් තියෙනවා කියලා කෑ මොර දෙන රාවණාගේ යක්කු පුත්තු ඉන්නවා කියලා ඉන්දියාවටත් චැලෙන්ජ් කරන උන් ඉන්න රටේ ලෝකෙ දරුනුම අන්> ත වාදීන් ඉන්න රටවල විකෘති කාමාශාවන් සංසිදවන නීතියක් සම්මතයි. ක්‍රියාත්මකයි. …

උන්ට පුළුවන් නම් අපිට බැරි ඇයිද කියලා පල්ලේගම වගේ උන් හිතුවා වෙන්නත් පූළුවන්..

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo