02/06/2026
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" තේමාව යටතේ ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ක්‍රියාත්මක "ගම් දහසක වැඩ දහසක්" ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව වැව අසල දී අද (02) ආරම්භ විය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, මාතලේ දිස්ත්‍රික් දිසාපති ප්‍රසන්න මදනායක , පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මින් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
31/05/2026
ජාතික වෙසක් උත්සවයට සමගාමීව මාතලේ වෙසක් කලාපය දහස් සංඛ්‍යාවක බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. වෙසක් තොරණ් , අලංකාර වෙසක් කූඩු , වෙසක් බැති ගී හා දන්සල් විශාල සංඛ්‍යාවකින් මාතලේ වෙසක් කලාපය සංවිධානය කර තිබිණි. 30,31,01,02 යන දිනවලදී මෙම වෙසක් කලාපය පැවැත්වීමට නියමිතය. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සියලුම අවස්ථාවන් විවෘත විය.
29/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...
26/05/2026
21 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් වැඩසටහන චීනයේ “වුක්සි” නගරයේදී අද 26 දින ආරම්භ විය. මෙම වැඩසටහන සදහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකීක ධූත කණ්ඩායමක් චීනය බලා පිටත්ව යන ලදි. ත්‍රෛයිනිකායික අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් මෙම ධූත පිරිස නියෝජනය කෙරේ.
18/05/2026
මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන්හි වනමංදාව භාවනා මධ්‍යස්ථානය පුජා භූමියක් ලෙස නම් කරමින් සන්නස්පත්‍ර ප්‍රධානය ශ්‍රී ලංකා ජනරජයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න , වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම අවස්තාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුළු නායක ස්වාමින්වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසි බැතිමතුන් ඇතුළු පාසල් දරැවන් දෙමාපියන් ද එක්ව සිටියහ.
17/05/2026
ටවර් හෝල් රඟහල පදනම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව 30 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මෙන්ම, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මැයි 15 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා , නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රින්ස් සේනාධීර මහතා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති, කීර්ති වැලිසරගේ මහතා, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු මහතා, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ, වරුණ අලහකෝන් මහතා, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා, ප්‍රවීණ රංගන ශිල්පී නිමල් ජයසිංහ මහතා, ජයග්‍රාහී පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරු දැරියන්, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ විද්‍යාර්ථීන් හා ටවර් හෝල් රඟහල පදනමේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
13/05/2026
මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපළ සඳහා වන්දි ගෙවීම, නිවාස හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදි සාකච්ජා කළ අතර, මාතලේ නගර සංවර්ධන සැලැස්ම ඇතුළු 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින්හි ප්‍රගතියද පරීක්ෂා කෙරිණි. මේ අතර පහත කරුණු සියල්ලක්ම අවධානය වෙනුවෙන් යොමු කරන ලදී.
ප්‍රතිපාදන කළමනාකරණය: 'දිට්වා' වෙනුවෙන් වෙන් කළ රුපියල් බිලියන 500ක මුදල මේ වසර අවසන් වීමට පෙර සංවර්ධන කටයුතු සඳහා ඵලදායීව සහ කාර්යක්ෂමව යොදා ගැනීම.
යටිතල පහසුකම්: දීර්ඝකාලීන ගැටලුවක් වන ගලේවෙල - මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම.
මානුෂීය සහ සුභසාධන කටයුතු: සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ස්ථිර වැඩසටහනක් සකස් කිරීම.
ආර්ථික ප්‍රවර්ධනය: නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ගෙන ඇති පියවර අධීක්ෂණය කිරීම.
නීතිය සහ රාජ්‍ය සේවය: සියල්ලන් නීතියට යටත් විය යුතු බව තහවුරු කරමින්, පවතින නීති රාමුව තුළ සිට ජනතාවට උපරිම සේවයක් සැපයීමට රාජ්‍ය නිලධාරීන් උනන්දු කිරීම.
මේ සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍යය ඇමති ගමගෙදර දිසානායක සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරවරුන් වන සුනිල් බියන්විල, දිනේශ් හේමන්ත පළාත් පාලන ආයතන වල දේශපාලන අධිකාරියද, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු රාජ්‍යය නිළධාරින්න් ද සහභාගී විය.
11/05/2026
අපවත් වී වදාළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහනුවර නාථ දේවාල විහාරාධිපති උපාධ්‍යාය දුරන්දර , ගෞරවාර්හ ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් අද (11) දින පස්වරුවේදි මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදි සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අභයකෝන් මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.
10/05/2026
දෙමටලුව , දික්වැහැර , සිවල්ලව යන විහාරත්‍රයාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම වාගීශ්වර ශ්‍රී දේවානන්දාභිදාන රැකව ශ්‍රී ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේහට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුම් වූ මහෝපාධය පදවියට පත්වීම නිමෙත්‍තෙන් උන්වහන්සේ පිළිගැනීමේ හා උපහාර පිදීමේ මහෝත්සවය අද (10) දින බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දික්වැහැර රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණකුල, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.