Jathika Nidahas Peramuna

Jathika Nidahas Peramuna

Share

Jathika Nidahas Peramuna is Very famous Political party in Sri Lanka

04/06/2026

🔴වැටෙන රුපියලක් ගානෙම බර පැටවෙන්නෙ මහජනයගෙ කරට !

විරුවපට්ටම් ගහගෙන බලන් ඉන්නෙ කවුද ?



04/06/2026

🔴 මල ගෙයක් අස්සෙ මගුල් ගෙයක් ගන්නෙ කොහොම ද?
හිගන්නන්ට පුයර දාන මෝඩ චූන් මෙන්න !



03/06/2026

🔴අත් රෝස පාට වෙනකම් පිගන් හෝදලා එවන ඩොලර් ටිකෙන් නේද "රෝල්ස් රොයිස්” ගේන්න ඉඩ දුන්නෙ?
🔴තියෙන ඩොලර් සොච්චමෙන් පිස්සු නැටුවම රුපියල වැටෙන්නෙ නැද්ද ?



03/06/2026

🔴 අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්...

🔴 මේ ආණ්ඩුවේ හොරකම, බැරිකම, ගොන්කම තුළින් අනුර මේ රටම අමාරුවේ දමලා...

🔴 මේක මළ ගෙවල් අස්සේත් “රජ මගුල් කන” නරුම ආණ්ඩුවක් වෙලා...

🔴 මේ ආණ්ඩුව කරන්නේ හිගන්නන්ටත් පවුඩර් දානවා වගේ වැඩ...

ජනපති අනුර IMF පදයට නටමින් පොදු ජන ලේ උරා බොන නරුම පාලනයක... විදේශ ශ්‍රමිකයන් පිඟන් හෝදා එවන ඩොලර්වලින් ධම්මිකලාට, මලික්ලාට, කුරේලාට, ඩඩ්ලිලාට “රෝල්ස් රොයිස්” සහ “චොපර්” සැප... අනුර කුමාර රට විතරක් නෙවෙයි ජවිපෙත් අමාරුවේ දාලා -
- විමල් වීරවංශ රට හොල්ලන හෙළිදරව්වක!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි. බත්තලමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ආණ්ඩුවේ රෙදි ගලවන සටන්කාමී අදහස් දැක්වීමක නිරත වූ වීරවංශ මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට පමණක් නොව තමන්ගේ පක්ෂයද අන්ත අමාරුවක දමා ඇති බවට චෝදනා නගමින් දැඩි දෝෂදර්ශනයක් එල්ල කළේය.

පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමූ බවත්, ඊලගට විදුලි බිල සහ ජල බිල නැවතත් අලුත් වටයකින් ඉහළ දැමීමට කුරුමානම් අල්ලමින් සිටින බවත්, ගජ මිතුරන් පිනවමින් රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමේ කුරිරු උත්සාහයක රජය නිරත වෙමින් සිටින බවත් පෙන්නා දෙමින්, ඒ දුෂ්ඨ ‍වෑයම පිටුපස ආණ්ඩුවේ නිරුවත හෙළි වෙමින් තිබෙන බවත් පෙන්වා දෙමින් වීරවංශ මහතා මෙසේ ද පැවසීය:

“බලය ගන්න කලින් ඇහුවේ “ලෝක වෙළඳ පොළේ මිලට මේවා විකුණන්න ආණ්ඩුවක් ඕනද? පාලකයෙක් ඕනද?’ කියලා. දැන් ඒ සියලු පාලකයන්ගේ වාර්තා අභිභවා ඉතාම නරුම විදිහට මේ රටේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ගැන මෙලෝ සැලකිල්ලක්, තැකීමක් නැතුව, අර රජ මාලිගාවට වෙලා සැපෙන් ඉන්න ගමන් මූල්‍ය අරමුදලේ පදයට නටමින් බර පිට බර පටවමින් තිබෙනවා. දැනුත් කියනවා අපි තාම තෙල් දෙන්නේ පාඩුවක් තියාගෙන කියලා. ඒ කියන්නේ තව වටයකින් දෙකකින් ඉතා ඉහළ මිලකට ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලු ඉන්ධන මිල ඉහළ දාන්න තමයි ඔය කුරුමානම් අල්ලන්නේ, නහයෙන් අඬාගෙන එන්නේ.”

IMF ණය සහනදායී නෑ... 5.3%ක හැංගිච්ච දඬුවම් පොලියක්!
ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 695 ගැන උදම් අනමින් ජනතාව මුළා කරන “මෝඩ චූන්” ප්‍රතිපත්තියක් ගෙන යන බවත්, මෙරටට ලැබී ඇත්තේ 5.3% ඉක්මවන අධික පොලී සහ දඬුවම් අධිභාර සහිත මාරක ණය උගුලක් බවත් වීරවංශ මහතා කරුණු සහිතව ඔප්පු කර සිටියේය:

“මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 695ක් ලැබුණා කියලා ‘චූන්’ වෙන මිනිස්සු ‘මෝඩ චූන්’ වලට අඳිනවා. බැලූ බැල්මට කියන්නේ සොච්චම් ගාණකට හම්බවෙන්නේ කියලා. නමුත් ඇතුළත සූක්ෂමව තියෙනවා හැංගිච්ච අගයන් ටිකක්. මූලික ණය පොලී අනුපාතය 2.73%කට, තව 2%ක ‘දඬුවම් අධිභාරයක්’ එකතු වෙනවා - ඒ 2%ක දඬුවම් අධිභාරය එන්නේ අපි ශ්‍රී ලංකාවට හිමි මූල්‍ය අරමුදලේ ණය කෝටාවෙන් 300%කට වඩා අරන් හින්දා. ඊළඟට සේවා ගාස්තුව ගන්නවා 0.5%ක්. මේවා ඔක්කොම එකතු කරාම 5.3%ට වැඩියි පොලී අනුපාතය. ඒ නිසා මේවා සහනදායී ණය නෙවෙයි. ඩොලර් මිලියන 695ක් කියන්නේ තෙල් නැව් තුනක් ගේන්න පුළුවන්. ඒ තෙල් නැව් තුනක් ගෙනාවට පස්සේ ඊට පස්සේ අපි මොකද කරන්නේ? විරවපට්ටන් ගහන් උඩ බලාගෙන ඉන්න ඕනද?”

අහිංසකයන්ගේ ඩොලර් පුච්චලා ප්‍රකෝටිපතියන්ට සුපිරි සැප දෙනවා!
රටේ නිෂ්පාදන ආර්ථිකය හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීමට කිසිදු උපායමාර්ගික පියවරක් නොගන්නා වත්මන් පාලනය, රටේ ඉන්නා මහා පරිමාණ ධන කුවේරයන් සන්තර්පණය කිරීම සඳහා අහිංසක විදේශ ශ්‍රමිකයන්ගේ ලේ, කඳුළු විකුණමින් සිටින බව කියමින් වීරවංශ මහතා බරපතළම විවේචනයක් එල්ල කළේය:

“බොහෝම අමාරුවෙන්, ‘අත් රෝස පාට වෙනකන්’ පිඟන් හෝදලා, නොවිඳිනා දුක් විඳලා මැදපෙරදිග සේවය කරන අපේ අම්මලා, තරුණ දරුවන් එවන ඩොලර් සොච්චම ඩඩ්ලි සිරිසේනලාට ‘රෝල්ස් රොයිස්’ ගේන්න, තව අනිත් හාල් මුදලාලිට ‘චොපර්’ (හෙලිකොප්ටර්) ගේන්න පුච්චන්න ඉඩහදලා දුන්නා. මේ තියෙන ඩොලර් ටිකවත් අත්‍යාවශ්‍ය උවමනාවන් වෙනුවෙන් පරිස්සමෙන් පාවිච්චි කරනවා වෙනුවට මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියන්ට ඕන විදියට ඒ ඩොලර් ටික මිලියන ගණනින් බිලියන ගණනින් පුච්චන්න ඉඩකඩ හදලා දුන්නා. මේක පාපයක්!

මේකද ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දරන පාලනයකින් මේ රටේ පොදු ජනතාව බලාපොරොත්තු වුණේ? ඉහළ පැළැන්තියට උපරිම සතුට දනවන්නයි, තියෙන ඩොලර් ටික පුච්චලා පහළ මිනිහගේ ලේ උරා බොන්නයි, ඒ මිනිහා මත බර පිට බර පටවන්නයි - ඒකද බලාපොරොත්තු වෙච්ච ගමන?”

“ලෝකේ වැඩිම මිලට තෙල් ගනිමින් ප්‍රීමියම් එකෙන් හොරා කනවා”
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සහ ආණ්ඩුවේ වංචා සහගත ගනුදෙනු නිසා පිරිවැය ඉහළ යන බවත්, එහි බර ජනතාව මත පැටවීම සාධාරණ නොවන බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එහිදී වත්මන් ජනාධිපතිවරයාගේ පැරණි ප්‍රකාශ පවා ඔහුට එරෙහිව අවියක් කර ගැනීමට වීරවංශ මහතා කටයුතු කළේය:

“තෙල් ගේන්නේ ඩොලර් වලින්. ලෝකේ වැඩිම මිලට තෙල් ගේන්නේ ලංකාව. ප්‍රීමියම් එකට ගෙවනවා ඩොලර් 40ක් 50ක්. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක - දැන් එතුමා ජීවතුන් අතර නැහැ - එතුමා තමයි ඒ කාලේ කිව්වේ ‘ප්‍රීමියම් එකෙන් තමයි හොරා ගන්නේ’ කියලා. එතකොට අද ඩොලර් 40යි 50යි ප්‍රමියම් එක. ලෝකේ වැඩිම මිලට ඩීසල් පෙට්‍රල් ගන්නේ ලංකාව. එහෙම හොරා කන ගමන් ගේන්න මේ ඉන්ධන වලට වැය වෙන්නේ ඩොලර්. රෝල්ස් රොයිස් ගේන්න, හෙලිකොප්ටර් ගේන්න ඉඩ දුන්නු හින්දා පසුගිය මාස හතරට 5.3%කින් රුපියල වැටෙනවා. වැටෙන රුපියලක් ගානේම බර පැටවෙන්නේ මහජනයාගේ කරට. මිනිස්සු උදේ, දවල්, රෑ තෙල් බොන්නේ නැහැ. ආණ්ඩුවේ අමනකම්, හොරකම්, ගොංකම් නිසා සිද්ධ වෙන පිරිවැය බර මහජනයා පිට පටවන්න එපා!"

බාල ගල්අඟුරු සහ මළගෙවල් අස්සේ මගුල් කෑම!
විදුලි බල අර්බුදය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘති හරහා රටේ මුදල් විනාශ කරන ආකාරය තවදුරටත් පැහැදිලි කළ ඒ මහතා:

"අඩුම විදුලි ප්‍රමාණයක් ජනනය කරන්න පුළුවන් විදියේ බාල ගල්අඟුරු ගේනවා. ඒ ඉතුරු ටික නිෂ්පාදනය කරන්න ඩීසල් බලාගාර වලට එක යුනිට් එකකට රුපියල් 100කට වඩා වැඩි අගයක් ගෙවලා ගන්නවා. අන්න පිරිවැය වැඩි වෙනවා. බාල ගල්අඟුරු ගේන්න කිව්වේ මහජනයද? අනෙක් පැත්තෙන් “පඬු කරඳ ගහ” හින්දා පටන් ගන්න බැරි වෙච්ච අධිවේගී මාර්ගය පටන් අරන් ‘දේශීය මුදල් වලින් කරන්නේ’ කියලා පාරම්බානවා.

දේශීය මූල්‍ය වෙළඳපොළෙන් 10%, 13% වැනි ඉහළ පොලියට බැඳුම්කර වලින් ගත්තු සල්ලි තමයි ඔය පාර හදන්න ගන්නේ. ඕකට තාර ගේන්න, යන්ත්‍ර සූත්‍ර ගේන්න, සිමෙන්ති ගේන්න විදේශ විනිමය වැය වෙන්නේ නැද්ද? මේක ‘මළගෙයක් අස්සේ මගුල් ගෙයක් කනවා’ වගේ වැඩක්. තියෙන ඩොලර් ටික පුච්චලා, රුපියල වැටුණම ‘කරන්න දෙයක් නැහැ’ කියලා පිරිවැය මහජනයාගේ කර පිට පටවලා අත හෝදගන්න ඉන්නවා."

ජනාධිපතිවරයා මෙහෙයවන ගජමිතුරු වළල්ල.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ සාමාජිකයන් පාවා දෙමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අතකොළුවක් වී ඇති බවට චෝදනා කරමින් විමල් වීරවංශ මෙසේ බරපතළ දේශපාලන විවේචනයක් එල්ල කළේය:

“අනුර කුමාර ජනාධිපතිතුමා දුවන්නේ ධම්මික පෙරේරාට, මලික් සමරවික්‍රමට, ක්‍රිෂාන්ත කුරේලාට, හනීෆ්ලාට - ඒ ගජමිතුරු වළල්ලට ඕන විදිහටයි තීරණ ගන්නේ. ඒ නිසා තමයි රෝල්ස් රොයිස් ගේන්න, චොපර් ගේන්න පාර පාදලා දෙන විදිහට ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. ඔහු අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියට ක්‍රියාත්මක නැහැ. සපුරා පටහැනි ගමනකයි යන්නේ. අන්තිමට ඒ ගජමිතුරු වළල්ල සන්තර්පණය කරන ගමනේ බර තමයි පිරිවැය හැටියට රටේ පොදු ජනතාවට පටවන්න ඉන්නේ. මේ පාපයට අනුර කුමාර ජනාධිපති වග කියන්න ඕනේ!”

ජවිපෙ සාමාජිකයන්ට අභියෝගයක්!
අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍ය සාමාජික බලකායට සෘජු අභියෝගයක් එල්ල කළ විමල් වීරවංශ මහතා, "ඕගොල්ලන්ගේ පංචේන්ද්‍රයන් වැඩ කරන්නේ නැද්ද? මේවා තේරෙන්නේ නැද්ද? දන්නේ නැද්ද? තේරෙනවා නම් දන්නවා නම් තමුන්ගේ නායකයාට මේක කියලා දෙන්න උත්සාහ කරන්නේ නැත්තේ මන්ද?" යනුවෙන් ප්‍රශ්න කරමින් සිය සටන්කාමී දේශනය නිමා කළේය.

30/05/2026

🟡වෙසක් සඳ සිසිල...

"ආණ්ඩුව නුඹලා සතු වූ නමුත් මේ රට නුඹලාගේ නොව අපේය. නුඹලා මෙහි පැමිණ සිටින්නේ අපේ පොළොවෙන් යමක් සපයාගෙන සිය රටේ හෝ මේ රටේම හෝ පදිංචිව කා බී ප්‍රීතිමත් වීමට ය. අප මේ රටේ ඉපද සිටින්නේ අවුරුදු 2000 කට වඩා ඉපැරණි ඉතිහාසයකට අයත් ධර්මයත්, ශාස්ත්‍රයත්, ජනතාවත් සඳහා ය."

සුදු අධිරාජ්‍යවාදී පාලනය පිළිබඳව එසේ වදාලේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝය. උන්වහන්සේ සඳහන් කරනු ලබන ධර්මය අප ලද අමිල දායාදයයි. "සබ්බං වේ අමතා වාචා - ඒස සම්මෝ සනන්තනෝ" යනුවෙන් වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. එහි අර්ථය වන්නේ, "සත්‍යම අමුර්ත වචනයයි. එය සදාතනික ධර්මයයි" යන්නය. සත්‍යම ධර්මය වූ කල එය අමිල වටිනාකමැති දායාදයක් නොවන්නේ කෙසේ ද?

මේ දහම යාගය තුරන් කළේය. දානය හුරු කළේය. මනුෂ්‍යයන් කෙරෙහි පමණක් නොව සියළු සත්වයන් කෙරෙහි "නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !" යැයි ප්‍රාර්ථනා කරන්නට තරම් උසස් මනසක් නිර්මාණය කළේය. ජාතක කතා වස්තුවල බෞද්ධ රජවරුන් අනුගමනය කළ යුතු දසරාජධර්ම ලෙස හඳුන්වන ලද එක්තරා ව්‍යවස්ථානුකූල නීති මාලාවක් මේ දහම තුළ අන්තර්ගතව තිබේ. ඒවානම්,

1. දාන (දුප්පත් රට වැසියාගේ හිත සුව පිණිස රජු විසින් අනුගමනය කළ යුතු සුබසාධන ප්‍රතිපත්තිය මෙමගින් අදහස් කෙරේ.)

2. සීල (පස් පව් වෙතින් වැලකී නිවැරදි රාජකීය ජීවිතයක් ගත කිරීම)

3. පරිච්චාග (රටවැසියාගේ යහපත සඳහා පරිත්‍යාගශීලීව කටයුතු කිරීම)

4. අජ්ජාව (සෘජුව සහ අවංකව ක්‍රියා කිරීම)

5. මද්දව (මෘදු ගති ගුණයෙන් යුක්තව සහ කරුණාවන්තව රට වැසියාට සැලකීම)

6. තප (කෙලෙස් හැඟීම් යටපත් කර ගනිමින් සුඛෝපභෝගී බවින් තොර වූ චාම් ජීවිතයක් ගත කිරීම)

7. අක්කෝධ (නොකිපීම, එමඟින් සතුරන් සහ විරුද්ධකරුවන් රට තුළ ඇතිකර ගැනීමෙන් වැළකීම)

8. අවිහිංසා (අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. සියලුම සත්ව ප්‍රජාවට තම විජිතය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම)

9. ඛන්ති (ඉවසීම)

10. අවිරෝධතා (හැකි තරම් මහජන මතයට එකඟව ක්‍රියා කිරීම සහ ඊට එරෙහි නොවීම)

මීට අමතරව, කූටදන්ත සූත්‍රයේ රජ කෙනෙකු සතු විය යුතු ලක්ෂණ පිළිබඳව ද දක්වා තිබේ. බහුශ්‍රැතභාවය (බහුස්සුතෝ), නුවණැතිභාවය (පණ්ඩිතෝ) සහ වියත්භාවය (වියත්තෝ) යනු එම ලක්ෂණ වේ. මහා සුදස්සන සූත්‍රයේ දක්වා ඇත්තේ පියකු තම දරුවන්ට ප්‍රිය උපදවන ආකාරයෙන් පවතින්නාක් සේම රජු ද තම රට වැසියාහට ප්‍රියව පැවැතිය යුතු බවය. සූත්‍ර පිටකයේ එන කරුණු අනුව, ආර්ථික වශයෙන් රට සංවර්ධනය කිරීම, සමාජයීය වශයෙන් දුගී බව තුරන් කිරීම, දේශපාලන වශයෙන් රටේ සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම, රටවැසි ජනතාවගේ සදාචාරාත්මක සහ ‍අධ්‍යාත්මික වර්ධනය ඇති කිරීම යන යුතුකම් රජ කෙනෙකු සතු වේ.

මේ උරුමය මත බිහි වූ මහරජගැමුණු ක්‍රි.පූ. 137 දී මරණාසන්නව සිටිය දී සිය සත් ක්‍රියාවන් සිහිපත් කළ අන්දම මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

"මා විසින් විවිධ ස්ථාන 18 ක පිහිටු වූ රෝහල් මගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු, ඖෂධ හා සුදුසු ආහාර පිරිනැමීමට කටයුතු කළා"

එම දියුණු මගම ගත් බුද්ධදාස රජු පිළිබඳව මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

"දරුවන්ට දෙමාපියන් දක්වන සැලකිල්ල සේම සිය යටත්වැසි මිනිසුන්ට සැලකීමට රජු උත්සාහ ගත්තේය. ධනය ඔවුන් වෙත බෙදා දීමෙන් ද ජීවිතයේ සතුට හිමිකර දීමෙන් ද යහපත් දිවි පෙවෙතකට මග පෙන්වීමෙන් ද ඔහු ජනයාට සේවය කළේය. එපමණක් ද නොව ඔහු රෝග පීඩාවට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම ද කළේය."

මේ මග මහා පරාක්‍රමබාහු රජු ද අනුගමනය කළේය. ඒ ක්‍රි.ව. 1150 වන විට ය. ඒ ගැන "මහාවංශය" පවසන්නේ මෙසේය.

"මෙම නරපතියා විසින් රෝගී ස්ත්‍රී පුරුෂ සිය ගණනකට නැවතී ප්‍රතිකාර කරගත හැකි විශාල ශාලාවක් ගොඩනංවන ලදී. එහි තිබීමට අවශ්‍ය දෑ පහත පරිදි සපයන ලදී. සෑම රෝගියකුටම ගැහැණු හා පිරිමි සේවකයකු බැගින් සපයන ලද අතර ඔවුන් විසින් රෝගියාට ආහාර සැපයීම ඇතුළුව දිවා රාත්‍රී සත්කාර කිරීම අපේක්‍ෂා කරන ලදී. ඒ අසළ පිහිටුවන ලද ගබඩාවල ආහාර සඳහා ධාන්‍ය ඇතුළු ද්‍රව්‍ය රැස්කර තිබිණි. ඒ අතරම ඖෂධ ගබඩා ද පවත්වාගෙන යන ලදී. රෝග පිළිබඳ මනා අවබෝධයක් ඇති වෛද්‍යවරුන්ගේ සේවය එම රෝගීන් වෙත ලබාදෙන ලදී. එම වෛද්‍යවරු නඩත්තු කිරීමට ද ප්‍රතිපාදන වෙන් කරන ලදී. රෝගීන්ගේ අවශ්‍යතා සැපයීමට අවශ්‍ය දේ දිවා, රාත්‍රී සැපයීමට වෛද්‍ය උපදෙස් ලැබිණි. සිව් පොහොය දිනවල දී රජු සිය රාජාභරණ හා ඇඳුම් ඉවත්කොට පිරිසිදු ඇදුමින් සැරසී ශීලය සමාදන් වී සිය ඇමතිවරුන් සමඟ මේ ගිලන් රෝහලට පැමිණ සුව දුක් විමසීමේ නිරත විය."

බුද්ධදාස රජු (ක්‍රි.ව. 340 - 369) සෑම ගම්මාන දහයකටම එක් වෛද්‍යවරයකු බැගින් පත්කරන ලද බව සඳහන් වන්නේ ද මහාවංශයේමය.

දොරබාවිල ටැම් ලිපියේ, "ව්‍යවස්ථා නොරක්නා රජවරුන්, ඈපා, මාපාදින් කවුඩු බලු වන" වග සඳහන්ව තිබේ. ඒ මේ ධර්මයේ උරුමය අනුව යමිණි. මැදිරිගිරිය ශිලා ලිපියෙන්ද තහවුරු වන්නේ එකල පැවති රෝහල් හි විධිමත් පරිපාලනයක් සේම, උසස් සේවා තත්වයක් ප්‍රජාව වෙත ලබාදීමට රාජ්‍ය මට්ටමේ පැවති උනන්දුව ය.

3 වන විජයබාහු රජු පිළිබඳව "රාජ රත්නාකාරය" නම් වූ ඓතිහාසික ලේඛණයේ සඳහන් වන්නේ සෑම ගමකම පාසැල් ආරම්භකර භික්ෂූන් එහි ප්‍රධානත්වයට පත්කරන ලද බවයි. බොහෝ විට, ඒ අපගේ පාඨශාලා අධ්‍යාපනයේ ආරම්භය විය හැක. නොඑසේනම්, එය ඊටත් එපිටට ගලා යා හැකිය. එම පාසල්වල ඉගෙනුම ලබාගන්නවුන්ගෙන් කිසිවක් අයකර නොගැනුන බවත්, පිරිවැය රජු විසින්ම දරන ලද බවත් එහි තවදුරටත් සඳහන්ව තිබේ. රජු විසින් කලින් කලට අධ්‍යාපනය ලබන ශිෂ්‍ය පිරිසගේ අධ්‍යාපන ප්‍රගතිය විමසා බලා ඇති බවත්, හොඳම ප්‍රගතිය පෙන්වන ලද ශිෂ්‍ය පිරිස භික්ෂු ජීවිතයට ඇතුලත් කරගනු ලැබූ බවත් "රාජ රත්නාකාරය" හි සඳහන්ව ඇත.

සිඟාලෝවාද සූත්‍රයේ බුදුන් වහන්සේ අවධාරණය කරනු ලැබ ඇත්තේ පුද්ගලයා සතු අයිතිවාසිකම්වල පැවැත්ම, යුතුකම් මත සාපේක්ෂව ආරක්ෂා වන අන්දම ගැනය. වේළුද්වාර සූත්‍රයේ දී මිනිසාගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳව ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

බදුලු ටැම් ලිපියේ සඳහන් වන "සම්වතා" යන පදය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් හඳුන්වා දී තිබෙනුයේ "අයිතිවාසිකම් ප්‍රඥාප්තිය" ලෙසිනි. එහි "සම්" යන්න ස්වාධිපත්‍යය, ආධිපත්‍ය, අයිතිය ආදියට සමාන කල හැකි බවත්, සංස්කෘතික ව්‍යවස්ථා යන්නෙත් බිඳී ව්‍යවහාරයට පැමිණි "වත" යන්න නියම කල, තීරණය කල, පිහිටුවන ලද යන අර්ථ ගැබ් වී ඇති බවත්, ඒ අනුව සමාස පදයක් ලෙස සැලකිය හැකි සමස්ත ශබ්දය සඳහා "අයිතිවාසිකම් ප්‍රඥාප්තිය" ලෙස අර්ථකථනය කල හැකි බවත් ඔහුගේ අදහස විය. එමගින් කියැවෙන්නේ බෞද්ධ සභ්‍යත්වය සමඟ බැඳුණු රාජ්‍ය පාලනය, ඓතිහාසිකව පැවති දේශපාලන, සමාජ හා ආර්ථික තත්වයන්ට සාපේක්ෂව පුද්ගල හා වෙනත් අයිතිවාසිකම් පිළිබඳ පිළිවෙතක් ඈත අතීතයේ සිට අප සතුව පැවැති බවයි.

බොදු දහම විසින් ගොඩනගන ලද සභ්‍යත්වය අප සතු පෞඩ උරුමය වේ. ආමන්ඩගාමිණී අභය රජු (ක්‍රි.ව. 22-31) "ලක්දිව මුළුල්ලෙහි මාඝාතය හෝ සතුන් නොමරවයි !" නියෝග කළේ ඒ උරුමය හේතුකොට ගෙන ය. සිලාකාල රජ දවස (ක්‍රි.ව. 522-535) "ලක්දිව තුල කිසිදු සතකු නොමැරිය යුතුය" යනුවෙන් නීති පැනවූයේ සතා සීපාවුන් කෙරෙහි ද සානුකම්පිතව බලන්නට බුදු දහම සිත පුරුදු කළ නිසාය.

එකොළොස්වන සියවසට අයත් පාලමොටෛ දෙමළ පුවරු ලිපිය, පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව. 1051-1106) හින්දු ආගම කෙරෙහි දක්වන ලද අනුග්‍රහය දක්වා තිබේ. සංඝ කර්මයක් ඉටු කිරීමේදී බෞද්ධ සංඝ සමාජය තුල අනුගමනය කරන ලද දියුණු හා ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය ගැන බෙහෙවින් පැහැදුනු ඉංග්‍රීසි ජාතික ස්ටෙලන්ඩ් සාමිවරයා "ඉන්දියාවේ දායාදය " නැමැති ග්‍රන්ථයට ලියූ ප්‍රස්ථාවනාවේ සඳහන් කර ඇත්තේ "නියෝජන ස්වයං පාලන ආයතනයන් හි මුල්ම මූලාශ්‍ර සඳහා අප නැඹුරු විය යුත්තේ මෙම බෞද්ධ ග්‍රන්ථයන්වලට ය. අද පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ බීජයන් දැනට දෙදහස් වසරකට වඩා පැරණි ඉන්දියාවේ පැවති බෞද්ධයන්ගේ මන්ත්‍රණ සභාවල දක්නට තිබීම සමහරවිට බොහෝ දෙනාට පුදුමයක් විය හැක" යනුවෙනි. ෆෙඩ්‍රික් එංගල්ස් තම "Diulectics of Nature" කෘතියේ VII වෙළුමේ 203 හා 204 පිටුවල මෙසේ සඳහන් කර තිබේ.

"න්‍යාය භෞතික චින්තනය පහළ විය හැක්කේ සංඥා විඥාන ආදියෙහි තතු සොයන්නට වීමෙන් පසුවය. එහෙයින් ඒ චින්තන විධිය පහළ වූයේ මනුෂ්‍යයා, බෞද්ධයන් හා ග්‍රීකයන් සේ උසස් තැන තෙක් දියුණු වුනු අවධියකය. අනතුරුව චින්තනයේ අනූන විකාශනය සිදුවන්නේ නවීන දර්ශනය ආශ්‍රයෙනි."

මේ සියලු අදහස් පෙන්වා දෙන්නේ බුදු දහම පිළිබඳ වටිනාකමය. එය අමිල වටිනාකමැති අප සතු උසස්ම සම්පත බව ය.

බුදු දහම, එය මත ගොඩනැගුන සභ්‍යත්වය කොතරම් සුවිශේෂී වටිනාකමකින් යුක්තදැයි අප වටහාගත යුත්තේ එබැවින්ය. අප පණ සේ මේ දහම රැක ගත යුත්තේ අප වෙනුවෙන්ම නොවේ. අනන්‍යයන් ද වෙනුවෙනි. උප නූපන් සියළු ජීවීන් වෙනුවෙනි. සහ කම්පනයෙන් යුතු මිනිසකු රහිත ලොව හිස්බවින් පිරුණු මුඩු බිමක් වන බැවිණි.

"ධර්ම ශ්‍රවණයෙහි අනුසස් පසෙකි. නොඇසූදෙය අසන්නේය. ඇසූදෙය පිවිතුරු කරන්නේය. සැක දුරු කරන්නේය. දෘෂ්ටිය ඍජු කරන්නේය. සිත පහදන්නේය."

- ධම්මසවණ සූත්‍රය, අංගුත්තර නිකාය.

මේ වෙසක් පොහොය, සැවොම තථාගතයන්වහන්සේ දෙසූ මග වෙත තව තවත් සමීප කරත්වා! සියලු සිත් සැනසීම ලබත්වා!

විමල් වීරවංශ,
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2026.05.30

28/05/2026

🔴 මේ රට ණය උගුලෙන් ගලවාගතහැකි ආර්ථික සමාජීය දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි..!
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
TV දෙරණ වාද පිටිය




28/05/2026

🔴 විදේශ විනිමය අර්බුදයෙන් රට ගලවාගැනීමට නම් විදේශ විනිමය පනත වහාම සංශෝධනය කල යුතුයි..!
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
TV දෙරණ වාද පිටිය




28/05/2026

ඊද් මුබාරක්!
Eid Mubarak! 🌙




28/05/2026

🔴 ජවිපෙට වංචාකාරයො කියනවනම් ලැජ්ජයි..!
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර




28/05/2026

🔴 මේ ආණ්ඩුව රටේ ආර්ථිකය හරි පැත්තට ගන්න යෙදූ මූලෝපායික ක්‍රියාමාර්ග මොනවාද ?
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර




Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 428/1, Robert Gunawardena Mawatha, Battaramulla
Colombo
10120