Lanka police-gossip
නිතී ගරුක රටක් මහජන මිත්‍රශීලී පොලිසියක් උදෙසා
02/03/2026
බදුල්ල අවට කුඩු බෙදු යුවල නීතියේ රැහැනට කොටු විය...
මොවුන් ඊෂිකෑස් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් තිබිණ.
කන්දකැටිය පොලීසිය විසින් පසුගියදා සොරණාතොට බුදුගේකන්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කල ප්‍රශ්න කිරීම හමුවේ මෙම තොරතුරු වැඩි දුරටත් තහවුරු කර ගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කලේ.
එහිදි අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල හම්බාවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිද වන 23 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දි එම පුද්ගලයා සන්තකයේ හෙරොයින් මිලිග්රැම් 5,200ක් හා කාන්තාව සන්තකයේ මිලිග්රැම් 5,350 ක් තිබි හමුවූ බවද පොලිසිය පවසයි.
ඌව දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජෙසිරි ,බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහ සහකාර පොලිස් අධිකාරි වේහිත දේශප්‍රිය යන නිලධාරීන් ගේ ඝෘජු අධීක්ෂණය යටතේ,
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග, උපොප නවරත්න, පොසැ වීරසිංහ (70204) පොකො ප්‍රියන්ජිත් (88115) පොකො තිලක් (95777) පොකො කුරුප්පු (90411) කාපොකො (8882) දීපිකා සහ පොකොරි (19580) චන්දන යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.
25/02/2026
නාරිගම මුහුදේ ගිලෙන්නට ගිය අවුරුදු 64 වන ජර්මන් ජාතිකයකු පොලිස් නිලධාරීන් විසින් බේරාගනි
2026/02/25 දින පැය 11.50 පමණ නාරිගම ජිවිතාරක්ෂක එකකයේ lucky Elephant ජිවිතාරක්ෂක මුරපොලේ නිලදාන්රින් විසින් ඇට්ලීස් හෝටලය ඉදිරිපිට ක්ෂණික දිය වැලකට හසුවි සිටි අවුරුදු 64 වන ජර්මන් ජාතිකයකු බේරාගෙන ගෙන ආදල හෝටලය වෙත භාර දෙන ලදි
සහභාගිවු නිලදාන්රින්
පො සැ 69951 පුෂ්පකුමාර
පො කො 36188 වික්‍රමසිංහ
25/02/2026
දික්වැල්ල මුහුදේ ගිලෙන්නට ගිය විදේශිය ජාතිකයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් විසින් බේරාගැනේ
2026.02.19 වන දින පැය 1700 ට පමණ දික්වැල්ල පෙහෙඹිය වෙරල තිරයෙ දිය නෑමට පැමිණි විදේශිය ජාතිකයින් දෙදෙනෙකු දිය වැලකට හසු වී දියඹ දෙසට මිටර් 150 ක් දුරින් සිටියේදි ජිවිතාරක්ෂක රාජකාරි යෙදි සිටි නිලධාරීන් විසින් නිරුපද්‍රිතව බෙරා ගන්නා ලදි.
රාජකාරි යෙදිය සිටි නිලධාරීන්
පො.සැ.46484 තිලකරත්න
පො.සැ.69394 පුෂ්ප කුමාර
පො.කො.32622 ප්‍රසන්න
25/02/2026
හික්කඩුව මුහුදේ UK ජාතික ( පියා සහ දියනිය ) පොලිස් නිලධාරීන් විසින් බේරාගැනේ
2026/02/20 දින පැය 1100 ට පමණ හික්කඩුව නාරිගම ජිවිතාරක්ෂක මුරපොළ ඉදරිපිට දි දියවැලකට හසුවි ගොඩ බිමට පැමිණිමට නොහැකිව සිටි UK ජාතිකයින් ( පියා සහ දියනිය ) පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් විසින් බේරගන්නා ලදි
සහභාගි වු නිලදාන්රින්
පො කො 82094 වලිසිංහ
පො කො 83277 කුමාරසිංහ
පො කො 36188 වික්‍රමසිංහ
පො කො 96221 දුමින්ද
25/02/2026
රුසියානු ජාතික පියා සහ දියනිය හික්කඩුව මුහුදේදී පොලිස් නිලධාරීන් විසින් බේරාගැනේ
2026/02/20 දින පැය 1130ට හික්කඩුව නාරිගම ජිවිතාරක්ෂක මුරපොල ඉදිරිපිටදි ක්ෂණික දියවැලකට හසුවි ගොඩබිමට පැමිනිමට නොහැකිව සිටි රුසියානු ජාතික පියා සහ දියනිය පොලිස් ජිවිතාරක්ෂක නිලදාන්රින් විසින් ජිවිතය බේරාගෙන ගොඩබිමට රැගෙන එන ලදි
සහභාගිවු නිලදාන්රින්
පො කො 82094 වලිසිංහ
පො කො 83277 කුමාරසිංහ
පො කො 36188 වික්‍රමසිංහ
පො කො 96221 දුමින්ද
25/02/2026
හික්කඩුව මුහුදේදී රුසියානු ජාතික කාන්තාවක් බේරාගැනේ
2026/02/24 වන දින පැය 15.50 ට පමන හික්කඩුව හික්කට්‍රන්ස් හෝටලයේ නවතැන් ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවක් කැස්බෑවන් බලමින් තම ස්වාමියා සමග පිහිනමින් සිට ඇත. එසේ පිහිනමින් සිටින අතර තුරදී දිය වැලකට හසුවී මීටර් 75 ක් පමන දියඹට ගසාගෙන යන අවස්ථාවෙදී බියට පතව ආධාර ඉල්ලා ඇතිඅතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා වෙරලාරක්ශක බලකා නිලධාරීන් එක්ව එම කාන්තාව නිරුපද්‍රිතව වෙරලට රැගෙන එන ලදී.
රාජකාරි සිටි නිලදාරීන් .
පො.ප ලක්මාල්
පො.කො 29640 රත්නායක
පො.කො 83277 කුමරසිංහ
25/02/2026
හික්කඩුව පන්නම්ගොඩ Dive For You ආයතනයේ හිමි කරු විසින් තම පුද්ගලික ධනයෙන් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ පරිහරනයට Rescue tube එකක් පරිත්‍යාග කරන ලදී.
25/02/2026
24/02/2026
විකෘති කාමාශාවන් සඳහා ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු හා එහි හිමිකරු (24) වන දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මෝදර සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තිදෙනකු හා එහි හිමිකරු ලෙස පෙනී සිටි හෝමියෝපති වෛද්‍යවරයෙකු බවයි පොලිසිය පවසන්නේ.
හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මුවාවෙන් විකෘති කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක් පිළිබඳව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව අධිකරණයන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මුල්ලේරියාව අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක් පවත්වාගෙන යන මෙම විකෘති කාමාශාවන් ඉටුකරන මධ්‍යස්ථානය උපාය දූතයක යොදවා වටලා පරීක්ෂා කර ඇති බව සඳහන්.
උපාය දූතයා රුපියල් හත්දහසක මුදලක් ගෙවා කාමාශාවන් ඉටුකර ගැනීමට සූදානම් වනවාත් සමඟම ලබාදුන් දුරකථන සංඥාව අනුව ආවේශන රාජකාරියෙන් අවට රැඳී සිටි නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.
එම අවස්ථාවේදී හෝමියෝපති වෛද්‍ය ක්‍රම මුවාවෙන් විවිධ කාමාශාවන් ඉටුකර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ කාමාශාවන් විකෘති ලෙස ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙන උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
ඒ අතර ප්ලාස්ටික් ලිංගික අවයව ,වේවැල් දම්වැල් , මාංචු, රබර් පටි , රබර් ලිංගික අවයව, ලණු , කඹ ඇතුළු විවිධ මාදිලියේ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයකට රුපියල් හත්දහසේ සිට දස දහස දක්වා මුදල් අය කොට කාන්තාවන් ලවා මෙම විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ
Click here to claim your Sponsored Listing.
