14/05/2026
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - 2026 විශේෂ මාධ්‍ය හමුව
🔴Live | ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - 2026 විශේෂ මාධ්‍ය හමුව
🔴 Live | ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - 2026 විශේෂ මාධ්‍ය හමුවFor the latest Asian Mirror programmes and more updates, visit https://sinhala.asianmirror....
23/04/2026
රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා විද්‍යුත් රෝද පුටු ප්‍රධානය කිරීම
ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්ෂිතයට පත් රණවිරුවන් දස දෙනෙක් උදෙසා රණවිරු සේවා අධිකාරිය විසින් විද්‍යුත් රෝද පුටු දහයක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 09 වන දින රණවිරු සේවා අධිකාරීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි. මෙම විද්‍යුත් රෝද පුටුව සඳහා ප්‍රථිපාදන රාජ්‍ය මූල්‍ය ප්‍රථිපාදන යටතේ ලබා දී ඇත.
මෙහිදී විද්‍යුත් රෝද පුටුව භාවිතා කලයුතු රණක්ෂිතයට පත් රණවිරුවන් හා රණවිරුවන් රැකබලාගන්නා ඥාතීන් වෙත, විද්‍යුත් රෝද පුටු බෙදාහරින ආයතන විසින් විද්‍යුත් රෝද පුටුවේ ක්‍රියාකාරීත්වය හා නඩත්තුව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහනක් ද එදින සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන රණවිරු සේවා අධිකාරියේ සභාපති, උප සභාපති, අධ්යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් සහ රණක්ෂිතයට පත් රණවිරුවන්, රණවිරු බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.
17/11/2025
රණවිරු සේවා අධිකාරිය විසින් පරිගණක හා පරිගණක උපකරණ, ලැප්ටොප් සහ ටැබ් යන්ත්‍ර මිලදී ගැනීම.
12/11/2025
“විරුජය” විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන
රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දූදරුවන් වෙනුවෙන් “විරුජය” විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී 2025/11/10 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය ආවරණය වන පරිදි වෘත්තීමය සුදුකම් ලබා ඇති හා NVQ පාඨමාලා හදාරා ඇති රණවිරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් ලබාදීම උදෙසා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වටිනා දේශනයක් පවත්වන ලදී.
සම්මුඛ පරීක්ෂණයෙන් පසු ජපානය සඳහා 3 දෙනෙකු හා කොරියාව වෙත රැකියා අවස්ථා 4 දෙනෙකු වෙත ලබාදෙන ලද අතර ඉදිරියේ දී රැකියා රක්ෂා ලබාදීම සඳහා දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් දැනට ඊශ්‍රායලය, ජපානය, කොරියාව සඳහා ඇබෑර්තු ඇති බැවින් ජපානය, කොරියාව සඳහා භාෂා ප්රවීනත්වය ඇති අයවළුන් සහ ඊශ්‍රාලය සඳහා සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව ඇති අයවළුන් හට අයදුම් කල හැක. පහත සඳහන් වෙබ් අඩවියට ගොස් ඉඳුරාම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමි.
WWW.Slbfe.lk
මෙම වැඩසටහන සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවි කළමණාකාර රසික සිරිසේන මහතා සහ කාර්යය මණ්ඩලය, රණවිරු සේවා අධිකාරියේ සභාපති, උප සභාපති, අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් නිලධාරින්, රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, ආබාධිත හා රණක්ෂිතයට පත් රණවිරුවන් සහ රණවිරු දූවාදරුවන් 160 ක් මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලදී.
21/10/2025
“රසෝගය” වැඩසටහනක් ගම්පහට.
ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ''රසෝගය" 2025 ප්රසාංගික වැඩසටහන 2025 ඔක්තෝබර් මස 15 වන දින ගම්පහ නගර සභා ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම ප්‍රාසාංගික වැඩසටහනේ ජන ගීත, නාට්‍ය, චිත්‍රපට ගීත, කෝලම් ගීත, ගායන හා නර්තන යන විවිධ අංග ඉතා සාර්ථකව පැවැත්වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ රණවිරුවන් හා ඔවුන්ගේ ලඟම ඥාතීන් පමණක් වීම මෙහි විශේෂත්වයක් කොට සැලකිය හැකිය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි සුභාෂි නාත්තන්ඩියගේ මහත්මිය, ගම්පහ සහ කොළඹ වැඩසටහන් නිලධාරින් සහභාගී වූ අතර, රණවිරුවන් හා රණවිරු පවුල් සාමාජිකයන් 150 පමණ සහභාගී වන ලදී.
03/10/2025
ලංසු ආරාධනය (IFB)
රණවිරු සේවා අධිකාරිය විසින් ආබාධිත රණවිරුවන් සඳහා රෝද පුටු 75ක් මිලදී ගැනීම
25/09/2025
“විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන - මහනුවර දිස්ත්‍රික්කය.
රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්යාවන්, මව්වරුන්, දියණිවරුන් උදෙසා පවත්වන “විරුලිය” කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩමුලුව 2025/09/24 වන දින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත් වුනි. මේ සදහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විරුලියන් 108 දෙනෙක් සහභාගී විය.
මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍ය අශ්විනී සෙනවිරත්න මහත්මිය, ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සංජය හලන්ගොඩ මහතා, පොලිස් සේවාස්ථ පුහුණු කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රාජනායක මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් නිලධාරී අරෝෂා කරුණාරත්න මහත්මිය විසින් සිදුකරන ලදී.
මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිලිබදව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරණය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.
එසේම 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සදහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරණය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස් කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීමත්, අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමත් මෙහිදී සිදුවිය. ඉතා උද්යෝගීමත්ව ගායන හා නර්ථන ප්රසාංගික අංගයන් ඉදිරිපත් කිරීම මගින් වැඩමුළුව රසගැන්වීමට විරුලියන් කටයුතු කරන ලදී.
25/09/2025
“විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන - මාතලේ දිස්ත්‍රික්කය.
රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්යාවන්, මව්වරුන්, දියණිවරුන් උදෙසා පවත්වන “විරුලිය” කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩමුලුව 2025/09/23 වන දින මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත් වුනි.
මේ සදහා මාතලේ රෝහලේ මාතෘ හා ළමා රෝග විශේෂඥ වෛද්‍ය කණිෂ්ක සමරනායක මහතා, ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා පුහුණුකරු කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා, මාතලේ ළමා කාන්තා කාර්යංශයේ කාන්තා පොලිස් පරීක්ෂක ධම්මිකා කරුණාරත්න සහ කාන්තා පොලිස් පරීක්ෂක නිර්මලා පෙරේරා මහත්මියන් විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රාජනායක මහත්මිය හා මාතලේ දිස්ත්‍රික් නිලධාරී චමත් ලියනගේ මහතා විසින් සිදුකරන ලදී.
මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිලිබදව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරණය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.
එසේම 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සදහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරණය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස් කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීමත්, අදහස් හා යෝජනා සාකච්චා කිරීමත් මෙහිදී සිදුවිය.
25/09/2025
පුරන් වූ කුඹුරු අස්වැද්දවීම රණවිරු සේවා අධිකාරියෙන් ආරම්භ කරයි.
මහරගම රණවිරු සංසදයට අයත් නීලම්මහර ගම්මානයේ ඇති පුරන් කුඹුරු අස්වැද්දවීම රණවිරු සේවා අධිකාරියේ මැදිහත් වීමෙන් එම රණවිරු සංසදයේ ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට අඳ ක්‍රමය යටතේ ලබා දී අත්හැර තිබූ කුඹුරු අක්කර 10 ක භූමි ප්‍රමාණයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඔවුන්ගේ ශ්‍රම දායකත්වයෙන් නැවත වගා කටයුතු ආරම්භ කිරීම 2025 සැප්තැම්බර් මස 24 වන දින ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ප්‍රදේශවාසීන්ද සමඟ එක්ව සිදු කරන ලදී.
මේ සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, උප සභාපතිතුමා ඇතුළු නිලධාරි මඩුල්ලද, එම ප්‍රදේශයේ ගොවි සමිතියේ ලේකම්තුමා, ගොවිජන සේවා නිලධාරිතුමා, නිලම්මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමියද සහභාගි වූ අතර “නිජභූම් ස්වර්ණභූම්” පදනමේ නිර්මාතෘ වජිර ගුණසේකර දානපතිතුමා ඒ සඳහා අවශ්‍ය මිනි ස්කැවේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. ප්‍රමිතියෙන් හා ගුණාත්මක තත්වයෙන් ඉහල බීජ ඉදිරියේදි ලබාදෙමින් හා ඒ සම්බන්ධ තාක්ෂණය හා වෙලඳපොළ අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම එතුමා ලබාදෙන බවත් එතුලින් ආබාධිත විශ්‍රාමික රණවිරු ප්‍රජාවගේ ජීවන තත්වය නගාසිටුවීමට හැකිවන බවත් ඒ සඳහා අවශ්‍ය සියළු සහයෝගයන් ලබාදෙන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.
මෙම නියමු ව්‍යාපෘතියේ මුල් පියවර ලෙස දැනට විනාශ වී ඇති ඇල වේලි ප්‍රතිසංස්කරණයට අවශ්‍ය වැඩකටයුතු අද දින ආරම්භ කරන ලදි. තවද මෙම නියමු ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රමානුකූව අදියර වශයෙන් පුළුල් කිරීමටද, පසුකාලීනව එම ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු හිමි අනෙකුත් ප්රජාවද ස්ව කැමැත්ත මත මෙම වගා සංග්‍රාමය සඳහා සහභාගි කරගැනිමට හා ඔවුන්ව දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරිමටද එතුලින් සමස්තයක් ලෙස අප මාතෘ භූමිය, කෘෂිකාර්මිකව ස්වයංපෝෂිත කිරීම යන අරමුණ පෙරදැරිව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ප්රමුඛ කාර්ය මණ්ඩලය මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
29/08/2025
රණවිරු සේවා අධිකාරිය වෙතින් “විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහනක්
රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්යාවන්, මව්වරුන්, දියණිවරුන් සවිබලගැන්වීමේ, ඔවුන්ගේ සැගවුනු දක්ෂතා එළිදැක්වීමත් අරමුණුකරගත් ‘විරුලිය’ කාන්තා සවිබලකරන වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් වැඩමුලුව 2025 අගෝස්තු මස 27 දින කොළඹ 03 රණවිරු අධිකාරී ශ්‍රවනාගාරයේ දී විරුලියන් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත් වුනි.
මේ සඳහා ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය හෙද නිළධාරීනී දමයන්ති මලවලආරච්චි මහත්මිය හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශක ආචාර්ය නිමල්සිරි රණසිංහ මහතා සහ තඹුත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් සම්පත් උඩුකුඹුර මහතා සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රුක්සලා රාජනායක මහත්මිය හා කොළඹ දිස්ත්‍රික් භාර නිලධාරී සත්සර පතිරාජ මහතා විසින් සිදුකරන ලදී. මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිලිබදව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සඳහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, සහ වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සඳහා නීතිමය සහාය යන මාතෘකා ආවරණය කරමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කිරීම් සිදුවිය.
එසේම දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සඳහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරණය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස්කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීම සිදුවිය. වැඩසටහන අතරතුර විරුලියන් විසින් සිය ගායන දක්ෂතා ඉදිරිපත් කරමින් වැඩමුළුව රසගැන්වීම ද සිදුවූ අතර වැඩමුළුවට පැමිණි කොළඹ දිස්ත්‍රික් විරුලියන් පිනවීම සඳහා දිවා ආහාර විවේකයේදී රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ, වැඩසටහන් නිළධාරිනී තමාලී ප්‍රියදර්ශනී සහ මදූෂා මහත්මිය විසින් ගීත ගායනා කරමින් රසගන්වන්නට යෙදුනි.
26/08/2025
මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් රණවිරු සංසද හමුව.
මාතලේ දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 අගෝස්තු මස 19 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල “වීර පුරන්අප්පු” ශ්‍රවනාගාරයේ දීද, මහනුවර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 අගෝස්තු මස 20 වන දින මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේ දී සහ නුවරඑළිය දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 අගෝස්තු මස 21 වන දින නුවරඑළිය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මාතලේ දිස්ත්‍රික් රණවිරු සංසද හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ අතර ඒ සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් හා දිසාපතිතුමන් වන ප්‍රසන්න මදනායක මැතිතුමා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් එෆ්.ආර්.එම්. රියාල්දීන් මැතිණිය, සහකාර පොලිස් අධිකාරි තෙන්නකෝන් මහතා ඇතුළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 9ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ප්‍රශ්න හා ගැටලු සාකච්ඡාව සිදු කිරීම මෙන්ම මාතලේ අළුවිහාරේ රණවිරු ගම්මානයට ප්‍රවිෂ්ඨ මාර්ගය නැවත අළුත්වැඩියා කිරීම දිස්ත්‍රික්කයේ වෙසෙන රණවිරු දුවාදරුවන් සදහා යෝග්‍ය විදේශ රැකියා ව්‍යාපෘති, නව රැකියා උත්පාදනය හා කෘෂි ව්‍යාපෘති අවස්ථාවන් පිළිබඳ දිස්ත්‍රික් ලේකම් තුමන් විසින් හරවත් දැනුවත් කිරීමක් ද සිදුකලේය. ඉදිරිපත් වූ ගැටළු පිළිබඳව සභාපතිතුමා විසින් දිස්ත්‍රික් ලේකම් හා දිසාපති තුමන් වෙතින් කල ඉල්ලීමකට ක්ෂනික ප්‍රතිචාර දක්වමින් මාතලේ අළුවිහාර රණවිරු ගම්මානයට ඇති ප්රවිශ්ඨ මාර්ගය කොන්ක්‍රීට් යොදා සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කිරීම පිණිස එකඟතාවය පලකොට එම මොහොතේම ඒ පිළිබඳ වන මුදල් වෙන් කිරීමේ කටයුතු අදාල කාර්යය මණ්ඩලය හා එක්ව අවසන් කරන ලදී.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඒඑන් මොහොමඩ් මහතා, වෛද්‍ය ආධාර හා පසුඋවටැන් අංශයේ අංශ භාර නිලධාරි මේජර් වසන්ත කුමාර මහතා ද සහභාගි වූ අතර මෙහිදී ආබාධිත රණවිරුවන් සදහා ආබාධිත උපකරණ ප්‍රධානයක් ද සිදුකරන ලදී.
මහනුවර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ තේරී පත් වූ නිළධාරීන් සදහා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම, සංසද නිළධාරීන්ගේ ගැටලු, අදහස් හා යෝජනා සාකච්ඡාවට ලක් කරන ලදී. මේ සදහා රණවිරු සංසද නිළධාරීන් හා ළඟම ඥාතීන් 100ක පමණ පිරිසකගේ හා මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී රාජ්‍ය නිළධාරීන් 18 දෙනෙකු සහ මහනුවර ප්‍රජා පොලිස් ස්ථානාධිපති (කොට්ඨාශ) එස්එම්එස්ඩී සේනානායක මහතාගේ ද සහභාගීත්වයෙන් වැඩසටහන සාර්ථක අයුරින් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකරණ නිළධාරී ලුතිනන් කර්නල් ඒඑන් මෙහොමඩ් මහතා, වෛද්‍ය ආධාර හා පසුඋවටැන් අංශයේ අංශ භාර නිලධාරි මේජර් වසන්ත කුමාර මහතාද මේ අවස්ථාවට සම්බන්ධ විය.
නුවරඑළිය දිස්ත්‍රික් රණවිරු සංසද හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංසද සාමාජික ඇමැතිම හා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සිදුකරන ලදී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල නියෝජනය කරමින් රණවිරු විෂය භාර රාජ්‍ය නිළධාරින් සහාභාගි වූ අතර හගුරන්කේත, වලපනේ, අබගමුව කොත්මලේ සහ නුවරඑළිය සංසද නියෝජනය කරමින් සංසද නිලධාරි මණ්ඩලය ඇතුළු සාමාජික සාමාජිකාවන් 75 දෙනෙකු පමණ සහභාගි විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති රණවිරු ප්‍රජාව අමතා හරබර මෙන්ම වඩාත් කාලෝචිත පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. එහිදි රණවිරු අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල හා ගැටලු සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලදී. තවද සභාපතිතුමා විසින් සාමාජිකයින් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරු ලබා දෙන ලදී ඉන් අනතුරුව භාග්‍ය ගමගේ මහතා සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරිතුමා සභාව අමතා වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කල අතර රණවිරුවන් විසින් ඉදිරිපත් කරන ලද වැටුප් ගැටළු සඳහා පිළිතුරු ලබාදෙන ලදී. ශ්‍රී ලංකා පොලිස් රණවිරුවන් වෙනුවෙන් නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා සභාව අමතා ශ්‍රී ලංකා පොලිසියේ ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙන්ම වැදගත් යෝජනා රැසක් ද ඉදිරිපත් කරන ලදී. මින් ඉදිරියට දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරි වසමකම පිහිටුවා ඇති “මහජන ආරක්ෂක කමිටු” සඳහා රණවිරු සංසදයන්හි වගකිව යුතු නිලධාරියෙකු පත්කර ගැනීමට කටයුතු සිදුකරන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම වැඩසටහනට සහභාගි වූ රණවිරු සංසද සාමාජිකයින් විසින් මෙය ඉතා සාර්ථක වැඩසටහනක් බව ප්‍රකාශ කල අතර මෙහිදී රණවිරු සේවා අධිකාරියේ පළාත් අංශය ඉතා උසස් මට්ටමේ සහයෝගයක් ලබා දෙන ලදී. දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයද මේ වැඩසටහන සාර්ථකව කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් අතර අවශ්‍ය වූ සියළු පරිපාලනමය සේවාවන් 3 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉතා උසස් මට්ටමින් ඉටුකරන ලදී.