06/05/2026
පොහොට්ටුව දෙකඩ කළේ කවුද🤔, රනිල්ට උදව්වක් කරන්න හිතලා ගෝඨාභය ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙලා රනිල්ට ජනාධිපතිකම දුන්නා වගේ කතාවක්, නාමල්ට අමතක නිසා ආයෙත් මතක් කරන්න ඕනි👇🏿 එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, දකුණු කදවුරට ජයවෙිවා😇🐘
රනිල්ට උදව් කරලා උන එකමදේ පක්ෂය දෙකඩවීමයි කියලා නාමල් තැන තැන කියනවා,
නාමල් කියන ඒ කතාවේ ගන්න ගොඩක් දේවල් අපට තියනවා, නාමල් කියන කතාව හරියට විග්‍රහ කළොත් රාජපක්ෂලා දේශපාලන වශයෙන් නිරුවත් කරන්න පුළුවන්, ජනතාව ඉස්සරහා දේශපාලන වශයෙන් දෙතුන් පාරක් නිරුවත් උන රාජපක්ෂලාට ආය ආයෙත් නිරුවත් වෙනවා කියන්නේ එච්චර ලොකු කේස් එකකුත් නෙවෙයි,
රාජපක්ෂලාගේ දේශපාලන අසූචි වල නාමල්ලා ආය ආය අවුස්නකොට රටම ගඳ ගදගහනවා, නාමල්ගේ කතාවට නහය වහගෙන විතරක් හිටලා වැඩක් නෑ, නාමල්ලා දැන් හරියට කතා කරන්නේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබුණ රනිල්ට උදව්වක් විදිහට මහින්ද ඉල්ලා අස්වෙලා රනිල්ට අගමැතිකම දුන්නා වගේ,
ඊට පස්සේ රනිල්ට තවත් උදව්වක් කරන්න හිතලා ගෝඨාභය ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙලා රනිල්ට ජනාධිපතිකම දුන්නා වගේ කතාවක්, නාමල්ට අමතක නිසා ආයෙත් මතක් කරන්න ඕනි කතාවක් මෙතන තියනවා,
ජූලි 09 වෙනිදා මේ රටේ ජනතාව ඇවිත් රාජපක්ෂලා පන්නලා දැම්මා,
මැයි 09 වෙනිදා මහින්දත්,
ජූනි 09 වෙනිදා බැසිලුත්,
ජූලි 09 වෙනිදා ගෝඨාභයත් පන්නලා දැම්මා,
නාමල් ඇතුළු කණ්ඩායමක් මහ මුහුදේ තමයි හැංගුනේ, ගෝඨාභය සිංගප්පූරුවේ,
තව බේබි කෙනෙක් ඕස්ට්‍රේලියාවේ, තව තව අය එක එක වර්ගයේ බංකර් ඇතුලේ හැංගිලා හිටියා, කොහොම හරි අන්තිමට අපට ඉතිරි උනේ රාජපක්ෂලා බංකොලොත් කරලා පැනලා ගිය රටක්, මේ අර්බුදයේදී රාජපක්ෂලාගේ පළවෙනි තේරීම උනේ ෆොන්සේකා, ඊළඟට සජිත්, ඊට පස්සේ අනුර, ඒ තුන්දෙනාම බෑ කිව්වට පස්සේ තමයි රාජපක්ෂලා රනිල්ගේ පැත්තට හැරුනේ,
ඒ කියන්නේ රාජපක්ෂලාට තිබුණ හතරවෙනි Option එක රනිල් වික්‍රමසිංහ, ඊට වැඩිය හොඳ Options තුනක් එයාලට තිබුණා, හැබැයි ඒ කිසි කෙනෙක් අභියෝගය බාරගත්තේ නෑ, ඇත්තටම ඒ වෙලාවේම ජනාධිපති ධූරය කියන්නේ හරියට මරණ වරෙන්තුවක් ඉල්ල ගන්නවා වගේ වැඩක්, රනිල් වික්‍රමසිංහ අසාර්ථක උනා නං රනිල්ටත් රිටන් එක හම්බවෙනවා, රට ඒ තිබුණ තත්වයෙන් පහලට වැටුනා නම් ජනතාව ගෝඨාභයට වගේ රනිල් වික්‍රමසිංහට පැනලා යන්න ඉඩ නොදෙන්නත්, ඉඩ තිබ්බා,
ඒක නිසා රාජපක්ෂලා එදා රනිල් වික්‍රමසිංහට දුන්නේ දෙපැත්ත ඇවිලෙන විලක්කුවක්, එක පැත්තකින් බංකොලොත් කරපු රටක්, අනිත් පැත්තෙන් දැවැන්තම ජනතා නැගිටීමක්,
ඒ මදිවට මේ සියල්ලට වගකියන්න ඕනි රාජපක්ෂලා ආරක්ෂා කරන්නත් වෙලා, බංකොලොත් රටක් එක්ක හොරු මුලක් රනිල්ට බාරදීලා මහ හොරු ටික පැනලා ගිහිල්ලා, ඒ වගේ වෙලාවක, මොකද්ද, රනිල්ට කරන්න තියෙන්නේ🤔.,
රනිල් ආපු ගමන් සියලු දෙනාට රට හදන්න ආරාධනා කළා, ඔය කියන සුද්ධෝදන සජිත්වත්, සත්ගුණවත් අනුරවත් ඒ වෙලාවේ උදව්වට ආවේ නෑ, දැන් රනිල්ට කරන්න තියෙන්නේ ඉන්න පිරිසත් එක්ක මොකක් හරි කරන එක නෙවෙයිද🤔,
එතන විවිධ චෝදනා අඩු වැඩි වශයෙන් තියන අය හිටියා, හැබැයි එයාලා රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙලා රට වෙනස් කළා, රනිල් වික්‍රමසිංහට බැංකු හොරා කියපු දිනේෂ්ට වෙනස් වෙන්න පුළුවන් වුනා, රනිල් වික්‍රමසිංහ හිරේ යනකං මට නින්ද යන්නේ නෑ කියපු මහින්දානන්දලටත්, වෙනස් වෙන්න පුළුවන් වුනා,
නාමල්ලා උඩ තියාගෙන හිටපු කංචනලට වෙනස් වෙන්න පුළුවන් වුනා, මහින්දගේ බැසිල්ගේ දකුණු අත වගේ හිටපු ප්‍රසන්නලට වෙනස් වෙන්න පුළුවන් වුනා, පොහොට්ටුව හදන්න දරදිය ඇදපු ලන්සලාට වෙනස් වෙන්න පුළුවන් වුනා,
ඇත්තටම වෙනස් වෙන්න බැරිවුනේ රාජපක්ෂලාට විතරයි, රාජපක්ෂලා හිටියේ පරණ සාටක දර්ශනය කරේ ඔතාගෙන,
වැඩවසම් සාටක දර්ශනය තමයි ඇත්තටම මේ රටට විනාශය ගෙනාවේ,
රාජපක්ෂලා එක්ක බොහොම පොඩි කණ්ඩායමක් විතරයි ඉතිරි වුනේ, පොහොට්ටුවේ අති බහුතරය වෙනස් වුනා, රනිල් වික්‍රමසිංහ ඉන්න කට්ටියත් එක්ක රට හදන වැඩේ පටන් ගත්තා,
රාජපක්ෂලාට එලියට එන්න වාතාවරණයක හැදුන දවසේ ඉඳන් රාජපක්ෂලා මේ රටට ආයෙත් හතුරුකම් කරන්න පටන් ගත්තා,
බංකොලොත් වෙච්චි රටට පළවෙනි IMF වාරිකය හම්බ වෙනකොටම බැසිල් තමන්ගේ කීකරු ගෝලබාලයන්ට ඇමතිකම් ඉල්ලුවා,
අරහෙන් IMF ලෝන් එක පාස් වෙනකොට මෙහේ රනිල් වික්‍රමසිංහගේ මේසෙ උඩට බැසිල්ගේ ඇමති නාමලේඛනය ආවා,රට බංකොලොත් කළා විතරක් නෙවෙයි බංකොලොත් රටට හම්බ උන විස්තීර්ණ ණය මුදලේ පලවෙනි වාරිකයත් මංකොල්ල කන්න හැදුවා, රාජපක්ෂලා කියන්නේ ඒ තරම් දේශපාලන තක්කඩි පිරිසක්, රාජපක්ෂලා හැම වෙලේම හැදුවේ,
රනිල් වික්‍රමසිංහව එයාලගේ උවමනාව වෙනුවෙන් පාලනය කරන්න,
ඒක බැරි වෙනකොටම නාමල්ලා මේ රටට හතුරුකම් කළා, මේ වෙනස කාටත් වැඩිය හොඳට තේරුනේ පොහොට්ටුවේ අයට,
ඒ වෙනස දිනේෂ්ට, ප්‍රසන්නට, කංචනට, ලන්සාලට දැනෙන්න පටන් ගන්න ඇති,
රට වට්ටලා, වට්ටපු රටත් මංකොල්ල කන්න හදන තරමට රාජපක්ෂලාට කුරිරු වුනා,
ඒක මිනිහෙක් රට හදන්න මහන්සිය වෙද්දි සජිත්ලා, අනුරලා, රාජපක්ෂලා,
ඒ මනුස්සයාගේ කකුලෙන් ඇද්දා,
ඇත්තටම පොහොට්ටුව ඇතුලේ බෙදීම සිද්ධ වෙන්නේ එහෙමයි,
එහෙම නැතිව රනිල් වික්‍රමසිංහ දොල පිදේනි දීලා පොහොට්ටුවේ අය දිනා ගත්තා නෙවෙයි, රාජපක්ෂලාගේ තක්කඩි වැඩ තවදුරටත් ඉවසන්න බැරිව, පොහොට්ටුවේ අති බහුතරය,
රනිල් එක්ක එකතූ වුනා,
අද ඔය රනිල් වික්‍රමසිංහට, රනිල් රාජපක්ෂ, කියන උදවිය මෙි ටික කියවාගත්තොත් හුගාක් වටිනවා, වගේම, චන්ද්‍රිකා, මහින්ද, ගොඨාභය බලයට ගේන්න, සමාජ මාධ්‍යය වල ලියපු, පෝලිමෙි ගිහින් කතිරේ ගහපු අය, එදා අරගලය වෙලාවෙදි, පොලු පාරවල් දීලා, බෙිරේ වැවට තල්ලු කරපු, ජේවීපී එකටම, තවත් වටෙිකින් පෝලිමෙි ගිහින් කතිරේ ගහලා, බලය දුන්නා,
ඉතින් මෙිකට වැරදි කාරයා රනිල් වික්‍රමසිංහද,
රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, දකුණු කදවුරට ජයවෙිවා😇🐘
#ඇහැරෙන්න #මෙිආන්ඩුවරටටසාපයක් #ජාතිකහොරබලවේගය #තඹුත්තේගමකවටයා #කෙබරකොටාගෙදරපල #කෙබර_කෝලම #රටහදනහරිපාර
පොහොට්ටුව දෙකඩ කළේ කවුද🤔, රනිල්ට උදව්වක් කරන්න හිතලා ගෝඨාභය ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙලා රනිල්ට ජනාධිපතිකම දුන්නා වගේ කතාවක්, නාමල්ට අමතක නිසා ආයෙත් මතක් කරන්න ඕනි👇🏿 එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, දකුණු කදවුරට ජයවෙිවා😇🐘
සජිත් පාක්ෂියන් යනු UNP බවද හිතට අරන් නැවැත එන්න ...