27/03/2025
මෙවර යක්කලමුල්ල ට තරඟ වදින සියලුම පක්ෂ අතරින් ජ්‍යෙෂ්ඨතම පරිණත දේශපාලන චරිතය.🙏 වසර ගණනාවක් විපක්ෂයේ අභියෝගාත්මක හඬ.. ! ජනතා විමුක්ති පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු පාර්ලිමේන්තු නියෝජනය ! මැර ප්‍රහාර, වාග්ප්‍රහාර, ශාරීරික පීඩා බොහොමයකට මුහුණ දී සටන අත් නොහරින නායකත්වය!💪 සමාජ සේවය ආභරණයක් කර නොගත් ආනන්ද සහෝදරයා... ගුරුතුමනි... නායකයාණෙනි.. ❤️ වසර ගණනාවක ඔබේ කැපවීම වෙනුවෙන් නිසි උපරිම තැන තැබීමට යක්කල මුල්ල ජනතාව සූදානම්.. ජයම වේවා!!
25/03/2025
ජාතික ජන බලවේගයේ
යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ
කොට්ඨාස නියමුවෝ....
23/03/2025
මේක දිනන්නම ඕන සටනක්...... දරුවන් වෙනුවෙන් අපි හැමෝම එකතුවෙලා පොරබදමු මේක වෙනස් කරන්න...
පුද්ගලයා වෙනුවට වැඩපිලිවෙලක් දිනවමු..
ජනතාව දිනවමු...
23/03/2025
යක්කලමුල්ල කණ්ඩායම් නායක
ආදරණීය ගුරුතුමා.....
22/03/2025
ජය නියතයි - ගම අපිටයි
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගය ඔස්සේ තරඟ වදින අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිගැනීමේ උත්සවයක් පාක්ෂිකයන් හා ගම්වාසීන්ගේ සහයෝගයෙන් පැවැත්විණි.
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 12කට ආනන්ද කාරියවසම් සහෝදරයාගේ නායකත්වයෙන් 23 දෙනෙකු ඇතුලත් ජයග්‍රාහී කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත. ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මා ද මේ සඳහා එකතු විය.
#ජයනියතයි #ගමඅපිටයි
21/03/2025
රට හදන ගමන් ගම හදන්න නියත ජය NPP
18/11/2024
2024 මහමැතිවරණය ගාල්ල යක්කලමුල්ලට ඓතිහාසික වටිනාකම් කිහිපයක් එක් කළ මැතිවරණයක්. ඡන්දයෙන් පත් වූ තරුණ මන්ත්‍රීවරයකු වන තිලංක යූ ගමගේ සමග අවුරුදු ගණනාවක් ජාතික දේශපාලනයට උරදුන් කැපකිරීම් කළ යක්කලමුල්ලේ නබදවින් බිහි වූ කථිකාචාර්ය අනුර කරුණාතිලකද පාර්ලිමේන්තුවට යන නව මන්ත්‍රීවරැන් අතරට ඇතුළත්. කරැණාතිලක මහතා නව කැබිනට් මණ්ඩල දිවුරැම්දීමේදී නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍ය ධුරයෙහි අද දින (නොවැ. 18) දිවුරැම් දෙන ලදී. ඔහු පාර් ලිමේන්තුවට පත් වන්නේ ජාතික ජන බලවේගයේ ජාතික මන්ත්‍රීධුර ලයිස්තුවෙන්.
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික වශයෙන් කටයුතු කරන, බොහෝ දෙනෙක් "කරු" ලෙස අමතන ඔහු ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්වන ජවිපෙ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්.
හෙට දින බැරෑරුම් හා ඉහළ පෙලේ වගකීම් සහගත නව ගමනකට පිවිසෙන ආචාර්ය අනුර කරුණාතිලක මහතාට සමස්ථ ගාල්ල සහෘදයන් වෙනුවෙන් සුභාෂිංසන! ❤️✊
23/10/2024
රට හදන අපි එකට මාලිමාවට
බද්දේගම ආසනයේ උඩුමලගල පැවති ජන හමුව | ඔක්තෝම්බර් 22