Elections Office - Gampaha

Call Website Contact the organization

Elections Office - Gampaha Election Commission of Sri lanka

2026.10.14 දින දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සිදු කිරීම පිළිබඳව කාන්තා බල මණ්ඩල  සාමා...
14/10/2026

2026.10.14 දින දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සිදු කිරීම පිළිබඳව කාන්තා බල මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන මගින් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය, කාන්තාවන් ලියාපදිංචි කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන සම්පත් දායකත්වය සංවර්ධන නිලධාරි එම්.එන්. දිල්රුක් මහතා ලබා දෙන ලදී.

යොවුන් පුරවැසියන් මැතිවරණ ඊ සේවා හරහා ඡන්දහිමි නාමලේඛනයෙහි ලියාපදිංචි කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.10.13...
14/10/2026

යොවුන් පුරවැසියන් මැතිවරණ ඊ සේවා හරහා ඡන්දහිමි නාමලේඛනයෙහි ලියාපදිංචි කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.10.13 දින රම්මුතුගල නොසෙක් වෘත්තීය පුහුණු ආයතනයේදී පැවත්විය.
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට සහකාර මැතිවරණ කොමසාරිස්වරිය ප්‍රධාන සම්පත් දායකත්වය ලබා දුන් අතර, ප්‍රධාන පරිගණක පරිශීලක හා ඡන්ද ප්‍රදේශභාර නිලධාරීන් සහභාගි විය.

පාසල් සිසුන් තුල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්,නායකත්ව කුසලතා හා වගකීම් සහගත පුරවැසිභාවය  වර්ධනය කිරීමේ අරමුණින් ශිෂ්‍ය පාර...
01/10/2026

පාසල් සිසුන් තුල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්,නායකත්ව කුසලතා හා වගකීම් සහගත පුරවැසිභාවය වර්ධනය කිරීමේ අරමුණින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ වැඩසටහන් දෙකක් 2026.09.29 දින ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලයේදී හා අල්මුස්තාපා මහා විද්‍යාලයේ දී සාර්ථකව අවසන් විය.

මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හා සහකාර මැතිවරණ කොමසාරිස්වරිය සහ අසීම් මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් පිහිටුවීම, එය පවත්වාගෙන යාම පිළිබඳ මූලික දැනුම හා තාක්ෂණික මග පෙන්වීම විදුහල්පති ප්‍රමුඛ පාසල් සාමජිකත්වයට ලබා දෙන ලදී.

2026.09.28 දින තොරතුරු තාක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් තිඹිරිගස්කටුව මුදලිඳු ඩේවිඩ් ජාතික පාසලේ දී ගම්පහ දිස්ත්‍රික් මැත...
29/09/2026

2026.09.28 දින තොරතුරු තාක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් තිඹිරිගස්කටුව මුදලිඳු ඩේවිඩ් ජාතික පාසලේ දී ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙහිදී ජන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය, පරිපූරක නාමලේඛනවල තරුණ පිරිස ලියාපදිංචිය සහ මැතිවරණ ඊ සේවා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු විය.
මෙම අවස්ථාවට පාසලේ විදුහල්පතිතුමිය සහභාගි වූ අතර, සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සහ ප්‍රධාන පරිගණක පරිශීලක චානක මහතා විසින් ලබාදෙන ලදී.
කටාන, තිඹිරිගස්කටුව ග්‍රාම නිලධාරි වැඩසටහන සම්බන්ධීකරණය සිදු කරන ලදී.

2026.09.25 දින ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කාන්තා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය.  මෙහිදී ජන්දහිමි නා...
25/09/2026

2026.09.25 දින ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කාන්තා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය.
මෙහිදී ජන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සහ පරිපූරක නාමලේඛනවල තරුණ පිරිස ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු විය.
මෙම අවස්ථාවට ජා ඇල ප්‍රාදේශීය ලේකම්තුමියද සහභාගි වූ අතර, සම්පත් දායකත්වය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සංවර්ධන නිලධාරී නිලංග දිල්රුක් මහතා විසින් ලබාදෙන ලදී.
ජා ඇල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරිනියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

2026.09.23 තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සමණබැද්ද වෘත්තීය පුහුණු ආයතනයේදී තොරතුරු තාක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්ව...
24/09/2026

2026.09.23 තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සමණබැද්ද වෘත්තීය පුහුණු ආයතනයේදී තොරතුරු තාක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය.
මෙහිදී ජන්දහිමි නාමලේඛනය සැකසීමේ මුලික කරුණු හා ජන්දහිමි නාමලේඛනයෙහි ලියාපදිංචි වීමේ ඇති වැදගත්කම හා පරිපූරක නාමලේඛන සැකසීම පිළිබඳ මග පෙන්වීමත්, මැතිවරණ ඊ සේවා මගින් ගිණුමක් ප්‍රායෝගිකව සකස් කර එහි ඇති පහසුකම් පිළිබඳව දැනුවත් කරන ලදී.
මේ අවස්ථාවට ප්‍රධාන සම්පත් දායකත්වය ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරිය විසින් ලබා දුන් අතර ප්‍රධාන පරිගණක පරිශීලක හා සෙසු නිලධාරීන්ගේ පූර්ණ සහාය හිමි විය.
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණසේවා නිලධාරීගේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

මැතිවරණ කොමිෂන් සභාවේ 2026 - 2029 උපාය මාර්ග සැලැස්ම යටතේ, යොවුන් පුරවැසියන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය මැතිවරණ ඊ-සේ...
22/09/2026

මැතිවරණ කොමිෂන් සභාවේ 2026 - 2029 උපාය මාර්ග සැලැස්ම යටතේ, යොවුන් පුරවැසියන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය මැතිවරණ ඊ-සේවාව හරහා සිදු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.22 වන දින කිඹුල්ගොඩ ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන මගින් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය, යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීමේ වැදගත්කම සහ මැතිවරණ සේවාවන් මාර්ගගත ක්‍රමය (Online) හරහා ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලද අතර මෙම දැනුවත් කිරීම ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධාන පරිගණක පරිශීලක එල්.කේ. චානක මහතා විසින් සිදුකරන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා කාන්තාවකගේ දායකත්වය මූලික කර ගනිමින් සංවිධානය කරන ලද කාන්තා දැනුවත් කිරීමේ වැඩසටහ...
22/09/2026

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා කාන්තාවකගේ දායකත්වය මූලික කර ගනිමින් සංවිධානය කරන ලද කාන්තා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.18 වන දින වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තා බල මණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සංවර්ධන නිළධාරී එම්.එන්. දිල්රුක් මහතා විසින් සිදුකරන ලද අතර ඡන්දහිමි නාම ලේඛන ලියාපදිංචිය, එහි වැදගත්කම සහ ලියාපදිංචියේදී ඔවුන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය හා මැතිවරණ ක්‍රියාවලියට අදාළ කටයුතු "මැතිවරණ ඊ-සේවාව" මගින් ලබා ගැනීමේ පහසුකම සම්බන්ධයෙන් ජ...
22/09/2026

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය හා මැතිවරණ ක්‍රියාවලියට අදාළ කටයුතු "මැතිවරණ ඊ-සේවාව" මගින් ලබා ගැනීමේ පහසුකම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026.09.17 වන දින කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

කැලණිය වැඩිහිටි බලමණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරීතුමන් සහ වැඩිහිටි හිමිකම් නිළධාරීතුමිය හා එක්ව ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් විසින් සංවිධානය කරන ලද අතර මෙහිදී ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධාන පරිගණක පරිශීලක නිළධාරී එල්.කේ.චානක මහතා විසින් මෙම දැනුවත් කිරිම සිදුකරන ලදී.

Lanka

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.18 දින බියගම, වල්ගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ වැඩිහිටි ප්‍රජාවගේ...
21/09/2026

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.18 දින බියගම, වල්ගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ වැඩිහිටි ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
එහිදී වාර්ෂිකව සිදු කරනු ලබන ඡන්දහිමි නාමලේඛනය සහ පරිපූරක නාමලේඛනයන්හි ලියාපදිංචි කිරීම සිදු කරන ආකාරය මෙන්ම ඡන්දය නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කමත් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු විය.
මේ සඳහා සම්පත් දායකත්වය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරි රංග ජයසූරිය මහතා විසින් ලබා දෙන ලදී.

Address

District Elections Office
Gampaha
11870

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94332222047

Alerts

Be the first to know and let us send you an email when Elections Office - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elections Office - Gampaha:

Shortcuts

Share