Zero Carbon Society - GWUIM

Zero Carbon Society - GWUIM A Carbon neutral Sri Lanka

පින්බර පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ ශ්‍රී ලංකාවට බුදු දහම ලැබූ ඒ අතිශය වටිනා ඓතිහාසික මොහොතයි. අද දවසේ අපගේ සිත් සතන්...
29/06/2026

පින්බර පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ ශ්‍රී ලංකාවට බුදු දහම ලැබූ ඒ අතිශය වටිනා ඓතිහාසික මොහොතයි. අද දවසේ අපගේ සිත් සතන් දහම් සිතිවිලිවලින් පුරවාගෙන, මෛත්‍රිය, කරුණාව සහ සදාචාරය අපගේ ජීවිතයට එක් කරගනිමු. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සැනසෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා. පින්බර පොසොන් පෝය දිනයක් සියලු දෙනාටම වේවා! 🌕🙏🤍

TIME IS RUNNING OUT! 🚨Pre-orders are closing RAPIDLY and slots are filling up fast! ⏳ Once the window shuts, that's it—n...
21/06/2026

TIME IS RUNNING OUT! 🚨

Pre-orders are closing RAPIDLY and slots are filling up fast! ⏳ Once the window shuts, that's it—no exceptions.

Walking the talk. 🏃‍♂️🌿 Incredibly grateful to be recognized as the most active member of the Zero Carbon Society. Leadi...
21/06/2026

Walking the talk. 🏃‍♂️🌿 Incredibly grateful to be recognized as the most active member of the Zero Carbon Society. Leading the charge toward a greener, cleaner future, one eco-friendly choice at a time! 🌎🔋

Nature loves a balance, but every few years, El Niño enters the chat and flips the script. 🔄It starts with weakening tra...
21/06/2026

Nature loves a balance, but every few years, El Niño enters the chat and flips the script. 🔄

It starts with weakening trade winds and ends with global weather anomalies—altering everything from marine life off the coast of Peru to winter temperatures across North America and monsoon tracks in Asia.

Did you know the difference between the warm and cool phases of the ENSO cycle? This graphic breaks down the science perfectly. 📊

What kind of weather phase are you experiencing in your part of the world right now? Let me know below! 👇

"මිහිකත අපට උරුම කළ මහා දායාදය සොබාදහමයි. එහි සැබෑ අයිතිකරුවන් නොව, තාවකාලික භාරකරුවන් වන අප, මතු පරපුරේ ජීවත්වීමේ අයිති...
05/06/2026

"මිහිකත අපට උරුම කළ මහා දායාදය සොබාදහමයි. එහි සැබෑ අයිතිකරුවන් නොව, තාවකාලික භාරකරුවන් වන අප, මතු පරපුරේ ජීවත්වීමේ අයිතිය උදෙසා පරිසරය සුරැකිය යුතුමය. ගසක් වැවීමට තබන සෑම පියවරක්ම, ප්ලාස්ටික් අවම කිරීමට ගන්නා සෑම තීරණයක්ම හෙට ලොවට දෙන ජීවයකි. එන්න, පරිසරය විනාශයෙන් මුදවා හරිත සෙවනැලි සහිත සුන්දර සජීවී හෙටක් වෙනුවෙන් අදම අත්වැල් බැඳගනිමු!"

සිසිල් වූ ගතත්, නිවුණු සිතත්☸️2570 වැනි වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ගම්පහ බන්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙනේදී සීල සමාදන...
04/06/2026

සිසිල් වූ ගතත්, නිවුණු සිතත්☸️

2570 වැනි වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ගම්පහ බන්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙනේදී සීල සමාදන් වූ 1000කට අධික උවැසි උවැසියන් වෙනුවෙන් Zero Carbon Society අප විසින් සුවදායී බෙලිමල් ගිලන්පස පූජාවක් සහ ධර්මාවබෝධය උදෙසා විශේෂ දහම් අත්පොතක් පිරිනැමීමට අපට හැකියාව ලැබුණි.

ධර්ම දානය සහ ආමිස දානය එක්තැන් වූ ඒ උතුම් මොහොත සදහා නන්අයුරින් සහභාගී වූ සියලු දෙනාට අපගේ හදපිරි ප්‍රනාමය පුද කර සිටිමු.✨

04/06/2026

"සබ්බ දානං ධම්ම දානං ජිනාති" - සියලු දානයන් පරදා ධර්ම දානයම ජය ගනී!📚✨

ආමිස දානයකින් ඔබ්බට ගොස්, සසරේ නොදැනුවත්කම දුරු කර ප්‍රඥාවේ ආලෝකය ලබා දිය හැක්කේ උතුම් ධර්ම දානයකට පමණි.

ප්‍රඥාවෙන් පිරි, ගුණගරුක යහපත් සමාජයක් උදෙසා අප තැබූ මේ සදහම් පියවර දැකබලා සතුටු වන ඔබ සැමගේ සිත් සතන් ද සදහම් ආලෝකයෙන් එකලෙස ආලෝකමත් වේවා!" ✨
video credit = Upamal K Tennakoon

🌱 PRE-ORDER NOW OPEN! | Zero Carbon Society Wristbands🟢Be a part of the movement towards a cleaner, greener, and more su...
03/06/2026

🌱 PRE-ORDER NOW OPEN! | Zero Carbon Society Wristbands🟢

Be a part of the movement towards a cleaner, greener, and more sustainable tomorrow! Show your support for environmental preservation by grabbing your exclusive Zero Carbon Society wristband today.

📌 Key Details:

Price:Rs. 200/- only

How to Order:Please submit your orders to your respective batch representative.

For More Information, Contact
📞 Lahiru - 071 548 8565

⏳ Limited stock available, so don't wait! Secure your wristband today and step up for the planet.

Zero Carbon Society - GWUIM

🌱 සොබාදහමේ මෙත් සිසිලෙන්, දැවෙන ගත සිත නිවාලන ඖෂධීය බෙලිමල් දන්සල✨මෙවර බුදු තෙමඟුල නිමිත්තෙන්, ගම්පහ වික්‍රමාරච්චි දේශීය...
03/06/2026

🌱 සොබාදහමේ මෙත් සිසිලෙන්, දැවෙන ගත සිත නිවාලන ඖෂධීය බෙලිමල් දන්සල✨

මෙවර බුදු තෙමඟුල නිමිත්තෙන්, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ Zero Carbon Society මගින් සංවිධානය කළ බෙලිමල් දන්සල සාර්ථකව නිම කිරීමට හැකි විය.

සම්ප්‍රදායික සහ දේශීය අනන්‍යතාවය සුරැකෙන අයුරින් මෙය සංවිධානය කිරීමට අප උපරිමයෙන් උත්සාහ කළෙමු.

දන්සල සාර්ථක කර ගැනීමට සහය වූ විශ්වවිද්‍යාලයීය සහෝදර සහෝදරියන් ඇතුළු අනුග්‍රහ දායකත්වය ලබාදුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

01/06/2026

2570 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 2026 මැයි මස 30 වන දින Zero Carbon Society අප සංවිධානය කළ 'බෙලිමල් දන්සැල' උදෙසා, දේශීය සුව සත්කාරයේ ප්‍රණීතත්වය ජනගත කිරීමට අප්‍රතිහත ශක්තියක් වූ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨ සහෝදරත්වයටත් මෙකී උදාර පුණ්‍යකර්මය සාර්ථක කරලීමට නන් අයුරින් දෑත් දිගුකළ ගෞරවනීය සහෘද සැමටත් අපගේ හෘදයාංගම ප්‍රණාමය සහ පුණ්‍යානුමෝදනාව මෙසේ සෙනෙහසින් සටහන් කරමු!
Video credit= Upamal K Tennakoon

Address

Zero Carbon Society, Gampaha Wickramarachchi University Of Indigenous Medicine, Kandy Road, Yakkala
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Zero Carbon Society - GWUIM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby government services