20/09/2026
මාධ්‍ය නිවේදනයයි
ගව්ටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම
eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අක්‍රීය කිරීම සම්බන්ධවයි.
ඔබ වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇත.
2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා පහත සඳහන් පළාත්වල ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමු.
සේවාව තාවකාලිකව අත්හිටුවන පළාත්:
මධ්‍යම පළාත
වයඹ පළාත
නැගෙනහිර පළාත
සබරගමුව පළාත
උතුරු මැද පළාත
දකුණු පළාත
උතුරු පළාත
ඌව පළාත
අදාළ යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කරනු ඇත.
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් ඔබට සිදුවෙන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කර සිටින අතර, පද්ධතිය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔබ ලබා දෙන සහයෝගය අගය කර සිටිමු.
ප්‍රධාන විධායක නිලධාරී
ගවේටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම
MEDIA RELEASE
GovTech Sri Lanka (Pvt) Ltd
Temporary Interruption of Electronic Revenue Licence (eRL 2.0) Services Across Eight Provinces
To provide an enhanced service delivery for Sri Lankan citizens, system upgrade activities are currently being executed for the Electronic Revenue Licence (eRL 2.0) system.
Services will be temporarily unavailable from Friday, 25 September 2026, to Monday, 28 September 2026.
AFFECTED PROVINCES:
Central Province
North Western Province
Eastern Province
Sabaragamuwa Province
North Central Province
Southern Province
Northern Province
Uva Province
The system will be back online and fully operational for Sri Lankan citizens on Tuesday, 29 September 2026.
Any inconvenience this temporary service disruption may cause to the general public is deeply regretted, and the cooperation and patience of all citizens are greatly appreciated as these system enhancements are being completed.
Chief Executive Officer
GovTech Sri Lanka (Pvt) Ltd