08/08/2026
ගෝනාපීනුවල සරුංගල් සැණකෙළිය - 2026
"අහස උසට පියාසර කරන සරුංගලයක් මෙන් සාර්ථකත්වය කරා යන ගමනේදී හමන සුළඟ වැනි බාධක ශක්තියක් කරගෙන, ජය පරාජය දෙකම සිනහවෙන් විඳදරාගැනීම සරුංගල් තරඟයක ඇති සැබෑ සුන්දරත්වයයි."
21 වන වරටත් සංවිධානය කරනු ලබන සරුංගල් සැණකෙළියේ තරඟ විනිශ්චය සඳහා මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමුව සංවිධායක මණ්ඩලයට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.
අහස් තලයේ නිදහසේ පියාසර කරන සරුංගල් මෙන්, අපේ සංස්කෘතික උරුමයත්, සොඳුරු ළමා කාලයේ මතකයන් නැවත අවදි කරමින් මනාලෙස සංවිධානය කරනු ලැබු සරුංගල් සැණකෙළිය ඉතා සාර්ථක ලෙස අවසන් විය.
එකමුතුකම, නිර්මාණශීලීත්වය සහ සහෝදරත්වය සමාජයට බෙදා හරින මෙවැනි අගනා කර්තව්‍යයක් උදෙසා කැපවන සංවිධායක මණ්ඩලයේ සැමටම සියලු අභියෝගයන් ජය ගනිමින් මේ වැනි සරුංගල් සැණකෙළියක් ඉදිරියටත් කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා..! ඉත සිතින් ප්‍රාර්ථනා එක් කරමි.