Phinla - SVSL

Phinla - SVSL

Share

In short this project is called PHINLA.

BMZ Funded; World Vision Germany Executed; World Vision Lanka & SEVANATHA URC Implemented, Global Program to develop livelihood for poverty affected population through a multi-sectoral established and monitored Waste Management System World Vision (WV) Germany together with BMZ (The Federal Ministry of Economic Cooperation and Development, Germany) have developed a grant opportunity for Asian Regi

04/02/2024

Maths/English & Science Tuition Classes for Grade 3 to 11 Students

👉Home visits for Maths/English & Science Tuition from Grade 4 -10 in Colombo.
👉Each and every topic will be covered properly ensuring your child is clear with all doubts and difficulties to face exams.
👉Classes are conducted by an experienced teacher.
👉Special attention is given for weak students to gain better marks in school.
👉Additional homework is given in each topic taught to support learning.
👉Teaching is done professionally and friendly to student.

👉Contact 0720135261

Photos from Phinla - SVSL's post 01/05/2022

An awareness for Environment Journalists on Waste Management and media briefing organized by the PHINLA - SEVANATHA team in collaboration with the Department of Government information was held on the 29th at the North Gate by Jetwing Hotel, Jaffna. About 32 journalists representing various media institutions in the Northern Province participated in this program.

Prof. G. Sashikesh of the Department of chemistry, University of Jaffna and Mrs. Thirumadee Subhashini, of the Northern Provincial Central Environmental Authority delivered lectures.

Representing the PHINLA Global Waste Management project, its Manager (Waste Management) Athula Ranasinghe and MSME Specialist Nimal Pemathilaka delivered their presentations on Project related engagements.

Chavakachcheri Hon. Chairman of the Urban Council Mrs. Sivamankai Ramanathan, Representatives from the World Vision Lanka and the SEVANATHA project team members participated in the Program.

30/03/2022

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මඟින් විකාශය කරනු ලබන "මිහිතලය" සජීවී පාරිසරික වැඩසටහන..

හෙට දින 2022.03.31 උදෑසන 09.30 ට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහත්මාගේ සහ "ෆින්ලා" ගෝලීය කසළ කළමණාකරණ ව්‍යාපෘතියේ කළමනාකරු (කසළ කළමනාකරණ) අතුල රණසිංහ මහත්මාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

FM 91.7/91.9 MHz ඔස්සේ ඒ සඳහා ඔබට සජීවීව සවන් දිය හැක.

මිහිතලය - මාර්තු 31 බ්‍රහස්පතින්දා උදෑසන 09.00 ට

Follow this link to join our WhatsApp group: https://chat.whatsapp.com/GJhLmEJyxVI4Sof4Bl8EUC

30/03/2022

"අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික රැල්ලකට මුලපුරයි"

අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වර්තමානයේ ජාතික රැල්ලක් ඇතිවිය යුතුයැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලීන් මාන්නප්පෙරුම මහතා පවසයි.

දකුණු ආසියානු රටවල ඉදිරි දශක කිහිපය තුළ ක්‍රමිකව නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් ජනනය වීම ඉහළ යන බවත් එම ගැටලුවට ශ්‍රී ලංකාවත් මුහුණ දෙන බව ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු හා විසඳුම් පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ මාධ්‍යවේදී වැඩමුළුවක්, ජර්මානු රජයට අනුබද්ධ ‘PHINLA‘ ලෝක අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් පසුගියදා පැවැත්වුනි.

එම වැඩමුළුවේ දේශන සදහා එක්වෙමින් නලීන් මාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේ වසරකට ශ්‍රී ලංකාවේම මෙට්ට්‍රික්ටොන් 8,000ක් නාගරික ඝන අපද්‍රව්‍ය එකතු කරන බවත් එයින් බස්නාහිර පළාතෙන් පමණක් මෙට්ට්‍රික්ටොන් 3,000ක් එකතු කරන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය ජනනය තුළින් ඉදිරියෙන්ම සිටින්නේ බස්නාහිර පළාතයි.

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49ක් නාගරික ඝන අපද්‍රව්‍ය එක්රැස් කරන අතර මින් මෙට්ට්‍රික්ටොන් 100ට වඩා වැඩියෙන් අපද්‍රව්‍ය එක්රැස් කරන ආයතන අතරට දෙහිවල, කොළඹ, මොරටුව සහ මහරගම පළාත් පාලන ආයතන හදුනාගෙන ඇත.

පළාත් පාලන ආයතන 21ක් තවමත් අපද්‍රව්‍ය එකතු කිරීමක් සිදු නොකරන බව ද බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

උපුටා ගැනීම: ලංකාපුවත් වෙබ් අඩවිය (3rd February 2022)

Link: http://sinhala.lankapuvath.lk/2022/02/03/%e0%b6%85%e0%b6%b4%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b7%85/

30/03/2022

පරිසරය සුරැකීමට දායක වෙමින් ඉහළ වැටුපකට හිමිකම් කීමට මෙන්න ඔබටත් අවස්ථාවක්..

නොබෝ දිනකින් වත්තල දික්ඕවිට ප්‍රදේශයේ විවෘත වීමට නියමිත සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ (Material Recovery Facility) ඔබට රැකියා අවස්ථා 16ක්..
අප්‍රේල් 08 වෙනිදාට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත අප වෙත යොමු කරන්න.

වැඩිදුර විස්තර සඳහා: https://www.facebook.com/104305915076464/posts/341973467976373/

30/03/2022

ඇබෑර්තු

පරිසරය සුරැකීමට දායක වෙමින් ඉහළ වැටුපකට හිමිකම් කීමට මෙන්න ඔබටත් අවස්ථාවක්..
නොබෝ දිනකින් වත්තල දික්ඕවිට ප්‍රදේශයේ විවෘත වීමට නියමිත සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ (Material Recovery Facility) ඔබට රැකියා අවස්ථා 16ක්..
අප්‍රේල් 08 වෙනිදාට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත අප වෙත යොමු කරන්න.

23/03/2022

කසළ කළමනාකරණයේ මූලිකම සංකල්පය වන 3R ගැන දන්නවාද?
Reduce - අවම කිරීම
Reuse - නැවත භාවිතය
Recycling - ප්‍රතිචක්‍රීකරණය

මෙහි මුල්ම පියවරයන් දෙක ඔබට කිසිදු අමතර වියදමක් හෝ අමතර මුදලක් වැය නොකර ළඟාකර ගත හැකියි. අවශ්‍ය වන්නේ ඔබගේ චර්යාවේ සුළු වෙනසක් සිදුකර ගැනීම පමණි. ඒ සඳහා ඔබ සූදානම්දැයි, ඔබ ඔබගෙන්ම විමසා බැලීමට මේ හොඳම කාලයයි.
මෙහි අවසන් පියවර වන ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම සඳහා අමතර මුදලක්, අමතර වෙහෙසක් සමඟ තාක්ෂණික යෙදවුම් භාවිතා කිරීමට සිදුවේ.

ඔබගේ නිවසේ ජනනය වන කසළ අවම කරගැනීමට, ඔබට 3R සංකල්පය උපකාරී කරගත හැක.

"කසළින් තොර පරිසරයක නිරෝගීමත් පුරවැසියන් වෙමු"

Previous Post:
https://www.facebook.com/104305915076464/posts/327553066085080/

18/03/2022

2022.03.08 වැනි අඟහරුවාදා දින #ලංකාදීප පුවත් පතේ පළ වූ සටහනක්..

(වර්ල්ඩ් විෂන් ලංකා සහ සෙවණත නාගරික සම්පත් මධ්‍යස්ථානය යන ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ෆින්ලා ගෝලීය කසළ කළමනාකරණ ව්‍යාපෘතිය හරහා ජා-ඇල ප්‍රදේශයේ ක්‍රියාත්මකව පවතින ජා-ඇල හරිත එක් රැස් කරන්න්ගේ සංවිධානය මඟින් 2022.02.16 නවම් පොහෝ දින ක්‍රියාත්මක කරනු ලැබූ "පොදු ස්ථාන හරිතකරණයට ලක් කිරීමේ දෙවන ප්‍රයත්නය" පිළිබඳ ලංකාදීප පුවත්පතේ පළ වූ පුවත්පත් සටහන..)

*වල්පොල වැව රක්ෂිතය පිරිසිදු කරන්න ස්වේච්ඡා සංවිධානයකින් වැඩට බසී.*

ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්පොල වැව අවට රක්ෂිතය සුද්ධ පවිත්‍ර කරමින් වැව ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක් ජා-ඇල හරිත එක්රැස් කරන්නන්ගේ සුභසාධක සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

විවිධ පුද්ගලයන් විසින් වැව අවට පරිසරය හා වැව විනාශ වන අයුරින් බැහැර කර තිබූ ප්ලාස්ටික්, පොලිතීන්, බෝතල් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ අනුව ඉවත් කිරීමට ජා-ඇල හරිත එක්රැස් කරන්නන්ගේ සුභසාධක සමිතියේ සාමාජික සාමාජිකාවන් විසිපහක පමණ පිරිසක් කටයුතු කරනු ලැබූහ.
අලංකාර සීමා මාලකයක් ද ඇති වල්පොළ වැව හා අවට පරිසරය අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ වීම ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ කණගාටුවට හේතුවක් වී තිබිණි. පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් වැව විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

වල්පොල වැව අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජා-ඇල හරිත එක්රැස් කරන්නන් ගේ සංගමයේ සභාපති ජේ.සුරංජිත් මහතා..
"අපි මෙම සංගමය පිහිටුවා ගත්තේ ජා-ඇල හා අවට ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවන පරිසර හානි අවම කර ගැනීමේ අපේක්ෂාවෙන්. අපි පරිසරය සුරැකීම වගේම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට කටයුතු කරනවා.
මෙහිදී අපිට තාක්ෂණික සහය වගේම සම්පත් ලබාදීම වර්ල්ඩ් විෂන් ආයතනය විසින් සිදු කරනු ලබනවා. ඒ අනුව අප සාමාජිකයන් දැනුවත් කිරීම වර්ල්ඩ් විෂන් ආයතනයේ පින්ලා (PHINLA) ව්‍යාපෘතිය මගින් සිදු කරන්නේ. ලෝකයේ පාරිසරික ප්‍රශ්න තිබෙන පිලිපීනය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීමට මෙය ක්‍රියාත්මකයි.
ඇත්තටම අපගේ සාමාජික සාමාජිකාවන් ස්වෙච්ඡාවෙන් කරන මේ පරිසරය සුරැකීමේ කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ කසළ කළමනාකරණය කර ගැනීමට අවස්ථාව ලැබී තියනවා. අපි පසුගිය කාලයේ දුටුවා වල්පොළ වැව හා ඒ අවට පරිසරය කැළි කසල නිසා විනාශ වෙලා තිබෙන අයුරු.
වැව් ඉස්මත්තේ ප්‍රදේශයේ කාගෙත් වන්දනාමානයට පාත්‍ර වන පැරණි පන්සලක් තියෙනවා. සීමා මාලකයක් තියෙනවා. කැළි කසල නිසා මේවාට අශෝභන පෙනුමක් තමයි එක් වෙලා තියෙන්නේ.
අපි මෙලෙස රැස්කරන කසල වර්ගීකරණය කරලා, නැවත භාවිතයට ගත හැකි අයුරින් ප්‍රතිචක්‍රීකරණය කරනවා. මෙහිදී ලැබෙන ප්‍රතිලාභය අපගේ සංගමයේ සුභ සාධනය සඳහා යොදවනවා. අපගේ සාමාජිකත්වය දිනෙන් දින වර්ධනය වීමෙන් පෙනෙනවා පරිසරය විනාශ වෙනවට බොහෝ පිරිසක් අකමැති බව. ඉදිරියේදිත් අපි පරිසරය රැක ගැනීම වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට සංගමයක් ලෙස අපේක්ෂා කරනවා."

සටහන: ප්‍රසංග පෙරේරා
උපුටා ගැනීම: ලංකාදීප පුවත්පත (2022.03.08)

Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

102/2
Homagama
10504