28/09/2026
දිවියට සවියක් – නිවාස ව්යාපෘතිය යටතේ තනුජා අමීෂා මධුමාලි දියණිය වෙනුවෙන් නව නිවසකට මුල්ගල තැබීම............
හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ක්රියාත්මක කරනු ලබන “දිවියට සවියක්” නිවාස ව්යාපෘතිය යටතේ, 39/3 ,සිංහගම , වෙනිවැල්කොළ , පොල්ගස්ඕවිට ප්රදේශයේ පදිංචි තනුජා අමීෂා මධුමාලි දරුවා වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ වැඩසටහන 2026 සැප්තැම්බර් මස 24 වන දින පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ නිවාස අවශ්යතාවයක් පවතින පවුලක් සඳහා ආරක්ෂිත හා සුදුසු නිවාස පහසුකමක් ලබාදෙමින්, දරුවාගේ සහ පවුලේ අනාගත ජීවිතයට ශක්තියක් හා සවියක් ලබාදීමයි.
මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්ය නිලධාරීන් මෙන්ම ප්රදේශවාසීන් ද සහභාගී වූහ.
ප්රජා අවශ්යතා හඳුනාගනිමින්, රාජ්ය ආයතන හා ප්රජාව අතර සහයෝගීතාවය තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් කාන්තා හාා ළමා කටයුතු අමාත්යාංශයේ ප්රතිපාදන මගින් “දිවියට සවියක්” නිවාස ව්යාපෘතිය ක්රියාත්මක කරන ලදි.
වැඩසටහන: දිවියට සවියක් – නිවාස ව්යාපෘතිය
දිනය : 2026.09.24
ස්ථානය: වෙනිවැල්කොළ ග්රාම නිලධාරි කොට්ඨාශය
සංවිධානය: හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය