Homagama Divisional Secretariat

Homagama Divisional Secretariat

Share

Homagama Divisional Secretariat

Photos from Homagama Divisional Secretariat's post 24/03/2026

ගොක් නිර්මාණ පුහුණු වැඩමුළුවක්
දේශිය සංස්කෘතිය අනාගත පරපුරට දායාද කිරීම අරමුණු කොට ගෙන ගොක් නිර්මාණ පුහුණු වැඩමුළුවක් 2026/03/19,20 යන දෙදින තුල හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ රංග ශාලාවේ දි එම විද්‍යාලයේ 9 හා 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන නර්තනය හා චිත්‍ර විෂය හදාරන සිසුන් වෙනුවෙන් පවත්වන ලදි.
ප්‍රවීන ගොක් නිර්මාණ ශිල්පී රංජිත් ප්‍රියංකර මහතා ගේ සම්පත්දායකත්වයෙන් ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ "වත්සර පියවර "සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ ප්‍රතිපාදන මගින් පැවැත්වු මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ පූර්ණ අධ්ක්ෂණය ,උපදේශකත්වය හා මගපෙන්වීම මත සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්මිය ගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී .

Photos from Homagama Divisional Secretariat's post 24/03/2026

රූපලාවන්‍ය ශිල්පීන්ගේ වෘත්තීය සංවර්ධන වැඩසටහන- 2වන අදියර........
RPL ක්‍රමවේදයට අනුව NVQ සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන 2026-03-19වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික පුහුණුව (පේෂල්) ප්‍රතිලාභීන් 54 දෙනෙකු වෙත ලබාදෙන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නියෝජනය කරමින් බිමායා මධුෂානි මිය සහ පරීක්ෂක Hair, Beauty Bridal Instructor TVEC Assessor, නෙතලි අනෝමා කොළඹගේ මිය විසින් ලබාදෙන ලදී.

24/03/2026

ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාදීම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර ගෙවීම් යටතේ 100 වන ප්‍රතිලාභියා වෙනුවෙන් හිමි චෙක්පත 2026.03.20 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා විසින් ප්‍රතිලාභියාගේ බිරිඳ වෙත ලබා දෙන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා ද සහභාගි විය.

17/03/2026
Photos from Homagama Divisional Secretariat's post 17/03/2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
==================
හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.02.25 පෙ.ව.9.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී වි‍ය.
මෙම රැස්වීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.

17/02/2026

ජනාධිපති අරමුදලින් ස්වයං රැකියා උපකරණ ලබාදීම - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ජනාධිපති අරමුදලේ වෙනත් සේවා යටතේ කොළඹ දිස්ත්‍රික් නියෝජනයේ ප්‍රථම ස්වයං රැකියා උපකරණය වශයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 481 - හබරකඩ උතුර වසමේ පදිංචි ඩී.එස්.එස්.දහනායක මිය වෙත රු.125,825ක් වටිනා නූල් 5 ඕවර්ලොක් මැෂිමක් ප්‍රදානය කිරීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2026.02.16 දින කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා හබරකඩ උතුර වසමේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි සහභාගි විය.

Photos from Homagama Divisional Secretariat's post 12/02/2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
==================

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.01.29 පෙ.ව.9.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු ජනිත කොඩිතුවක්කු මැතිතුමා,ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී වි‍ය.

මෙම රැස්වීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.

Photos from Homagama Divisional Secretariat's post 30/01/2026

හෝමාගම තෛපොංගල් සැමරුම........
හින්දු ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතා පිළිබිඹු කරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ තෛපොංගල් සැමරුම් උත්සවය 2026 -02-20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදුණි.
ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම උත්සවය සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, දෙමළ විෂයභාර සහකාර අධ්‍යක්ෂ (පිරිවෙන්) ලලිත් ධම්මික කුමාර මහතා, ගුරු උපදේශක ඉන්දික විජේසිංහ මහතා, කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමිය අැතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම වශයෙන් පාසල් දරුවන්, දෙමාපියන් සහ රාජ්‍ය නිලධාරීන් 250කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවූ අතර, හින්දු චාරිත්‍රානුකූල පිළිවෙත් සහ විචිත්‍ර නර්තනාංගයන්ගෙන් මෙම උළෙල වඩාත් අලංකෘත විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් කාර්යාලයීය ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක එල්.පී.එස්.ප්‍රසාදිකා මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.

Photos from Homagama Divisional Secretariat's post 16/01/2026

මිහිනද පාරිසරික සඟරාව එළිදැක්වීම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර අංශයේ විසින් ප්‍රකාශයට පත්කරන ලද මිහිනද පාරිසරික සඟරාව එළිදැක්වීම සහ දියගම ඇතුළු කොළඹ අවට පිහිටි කුඩා වන ලැහැබ වලින් ලබාගත් වනජීවී ඡායාරූප 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන ලද වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය 2025.12.26 දින හෝමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා හෝමගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති, පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමීන් වහන්සේ සහ හෝමාගම උඩ ගහපත්තුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කැස්බෑවේ නන්දන පිරිවනෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මිරිස්වත්තේ ඉන්දසිරි හිමි ප්‍රමුඛ සංඝරත්නය හා හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අනුර පනාගොඩ මැතිතුමන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රේණුකා ලියනගේ මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන්, පරිසර අමාත්‍යාංශයේ සහකාර ලේකම්තුමන් , හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම්තුමිය ,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂකතුමන්,හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්, අවට පාසල් වල විදුහල්පතිවරුන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
පරිසර අමාත්‍යාංශයේ වායු කළමනාකරණ සහ ඕසෝන් ඒකකය මගින් මිහිනද සඟරාව සඳහා මූල්‍යදායකත්වය ලබාදෙන ලද අතර Softlogic life පෞද්ගලික සමාගම, ගොඩගම වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික බවතුන් විසින් ඡායාරූප ප්‍රදර්ශනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

06/01/2026

ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාදීම
2025.02.07 දින සිට ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම යටතේ ආරම්භ කළ වෛද්‍යාධාර ගෙවීම් ක්‍රියාවලියේ දිවයිනේ වැඩිම ප්‍රතිලාභින් පිරිසක් වෙනුවෙන් ගෙවීම් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 75 වන ප්‍රතිලාභියා වෙනුවෙන් හිමි චෙක්පත 2026.01.01 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා විසින් ලබා දෙන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා සහ ගණකාධිකාරි පී.ආර්. කුරුප්පුඅච්චිගේ මහතාද සහභාගි විය.

Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Address

Court Road
Homagama
10200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15