01/06/2026
🤍☸️
වෙසක් මංගල්‍යයට සැරසුන FOT ❤
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddhist Society, Faculty of Technology, University of Colombo, Mahenawatta, Pitipana, Homagama. මාහේන වත්ත, පිටිපන/හෝමාගම, Homagama.
~ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ~
"ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි"
This is the official page of the Buddhist Society, Faculty of Technology, University of Colombo.
01/06/2026
🤍☸️
වෙසක් මංගල්‍යයට සැරසුන FOT ❤
"සුඛෝ බුද්ධානං උප්පාදෝ"
"බුදුවරුන්ගේ උපත වනාහි ලෝකයට සැපතකි"
අප මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රෛ මංගල්‍යය සිහිපත් කෙරෙන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි...
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🤍☸️
🪷🪷🪷🪷🪷🪷🪷
--------------------
කැමරාකරණය සහ සංස්කරණය : කවිඳු ලක්ෂාන් සිල්වා (සිව්වන වසර)
--------------------
බෞද්ධ සංගමය,
තාක්ෂණ පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය.
#බෞද්ධ_සංගමය #තාක්ෂණ_පීඨය #කොළඹ_විශ්වවිද්යාලය
30/05/2026
සියලු සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🤍☸️
“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානු සාසනං"
අකුසලයෙන් වැළකී යහපතෙහි පිහිටීම - බුදු දහමේ සදාකාලික පණිවිඩයයි.
(ධම්ම පදය - බුද්ධ වග්ගය)
ලෝ වැසි ජනයාට අන්ධකාරය අතරින් ආලෝකය පෙන්වූ අසම සම මහා කාරුණික වූ මුලු ලොවටම අග්‍ර වූ අප මහා තථාගත ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කරන පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි.
රජ මාලිගයේ සුඛෝපභෝගී ජීවිතය අත්හැර, මනුෂ්‍ය දුකේ සත්‍යය සොයා ගිය සිද්ධාර්ථ කුමාරයා, අවසානයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් මාර සේනා පරාජය කරමින් කෙලෙසුන් සුන් කර ඇසතු බෝරුක් මුලදී උතුම් බුද්ධත්වයට පත් වූ සේක.
දුකින් පිරුණු ලෝකයකට, වෛරයට ප්‍රතිවිරුද්ධව ආදරයත්, කෝපයට ප්‍රතිවිරුද්ධව කරුණාවත්, අඳුරට ප්‍රතිවිරුද්ධව ධර්මයේ ආලෝකයත් ලබාදුන් ඒ උතුම් වූ දහම, අදටත් ලෝ වැසි ජනයාට මඟ පෙන්වනු ලබයි.
වෙසක් පහන් දල්වන්නේ නිවස ආලෝකමත් කිරීමට පමණක් නොව, අපගේ සිත්ද ධර්මයේ ආලෝකයෙන් ඒකාලෝක කිරීමටය. වෙසක් කූඩු සරසන්නේ සැරසිල්ලකට පමණක් නොව, බුදු දහමේ අලංකාරය හා ලෝකයේ අනියතභාවය ජීවිතයට පසක් කර ගැනීමටය.
මෙම වෙසක් මංගල්‍යයේදී අපි සැවොම තරහ වෛරය සහ ලෝභය අත්හැර, මනුෂ්‍යත්වය, දයාව සහ ආදරය ජීවිතයට එක්කර ගනිමු.
සියලු ලෝකවාසීන්ට සැනසීම, සාමය සහ කරුණාව පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
🪷🪷🪷🪷🪷🪷🪷
--------------------
🔰 රචනය - ඉසුමි ජයවර්ධන (සිව්වන වසර)
🔰 ග්‍රැෆික් නිර්මාණය - කවිඳු ලක්ෂාන් සිල්වා (සිව්වන වසර)
--------------------
බෞද්ධ සංගමය,
තාක්ෂණ පීඨය,
කොළඹ විශ්වවිද්යාලය.
☸️ ධර්මාභිවන්දනා 2026 ☸️
වෙසක් බැති ගී ගායනා තරඟාවලිය
කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය මගින් වෛශාක්‍ය මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන බැති ගී ගායනා තරඟය සඳහා පහත නීති රීති අදාළ වේ.
⭕ තරඟ නීති රීති
තේමාව: වෛශාක්‍ය මංගල්‍යයට හෝ බුදුගුණාළංකාරයට අදාළ බැති ගීතයක් විය යුතුය.
කාලය: ගායනය විනාඩි 05 කට නොවැඩි විය යුතුය.
ඉදිරිපත් කිරීම: ගායනය පැහැදිලිව පටිගත කරන ලද වීඩියෝවක් (MP4 format) ලෙස ඉදිරිපත් කළ යුතුය. (පසුබිම් වාදන භාණ්ඩ හෝ Track භාවිතා කළ හැකිය).
සීමාවන්: එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් ගායනයක් පමණි. (ඒකල ගායනා පමණි).
සුදුසුකම්: තරඟය සඳහා ඉදිරිපත් විය හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
කාලසීමාව: මැයි 12 දින සිට මැයි 29 රාත්‍රී 11.59 දක්වා ඔබේ නිර්මාණ Google Form හරහා අප වෙත එවිය හැකිය.
⭕ ජයග්‍රාහකයින් තේරීමේ නිර්ණායක
හඬ පාලනය, තාලය, උච්චාරණය සහ ගායනයේ හරය යන කරුණු මත විනිශ්චය මණ්ඩලයේ ලකුණු 40% ක් සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර මත 60% ක් ලෙස අවසන් ලකුණු ගණනය කෙරේ.
⭕ සමාජ මාධ්‍ය මනාප (Reactions)
නිර්මාණ සඳහා මනාප පළ කිරීම අපගේ නිල Facebook පිටුව සහ නිල WhatsApp Channel එක හරහා සිදු කෙරේ.
මනාප ලබා දෙන සියලු දෙනා බෞද්ධ සංගමයේ Facebook පිටුව Like කර තිබිය යුතු අතර WhatsApp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.
ස්වයංක්‍රීය මනාප (Auto-likes) භාවිතා කරන නිර්මාණ තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
🎁 ත්‍යාග සහ සහතිකපත්
ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් පිරිනමනු ලැබේ.
ප්‍රථම ස්ථානය දිනාගන්නා තරඟකරු හට වටිනා ත්‍යාගයක් හිමිවේ.
📩 නිර්මාණ යොමු කිරීමට
පහත Google Form සබැඳිය හරහා ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න:
🔗 https://forms.gle/5YxMcWArCV1fpKwCA
තරඟ කොන්දේසි සම්පුර්ණ කර නොමැති සහ තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
සංවිධානය:
තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
#බෞද්ධ_සංගමය #තාක්ෂණ_පීඨය #කොළඹ_විශ්වවිද්යාලය
☸️ ධර්මාභිවන්දනා 2026 ☸️
නිසඳැස් හා කාව්‍ය නිර්මාණ තරඟාවලිය
කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය මගින් වෛශාක්‍ය මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන නිසඳැස් හා කාව්‍ය නිර්මාණ තරඟය සඳහා පහත නීතී රීතී අදාල වේ.
⭕ තරඟ නීති රීති
තේමාව: වෛශාක්‍ය මංගල්‍යයට අදාළව සිදුකළ කාලීන නිර්මාණයක් විය යුතුය.
නිර්මාණ සීමාවන්:
නිසඳැස් නිර්මාණ: උපරිම පේළි ගණන 20 කි.
කාව්‍ය නිර්මාණ: උපරිම පේළි ගණන 16 කි.
ආකෘතිය: සියලුම නිර්මාණ මාතෘකාවක් සහිතව සිංහලෙන් Type කර Word Document එකක් ලෙස ඉදිරිපත් කළ යුතුය.
සුදුසුකම්: තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
සීමාවන්: එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
කාලසීමාව: 2026 මැයි 12 වන දින සිට මැයි 29 රාත්‍රී 11.59 දක්වා Google Form හරහා නිර්මාණ භාරගනු ලැබේ.
⭕ ජයග්‍රාහකයින් තේරීමේ නිර්ණායක
නිර්මාණශීලී බව, ලබාදෙන දහම් පණිවිඩය සහ එහි හරය යන කරුණු මත විනිශ්චය මණ්ඩලයේ ලකුණු 40% ක් සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර මත 60% ක් ලෙස අවසන් ලකුණු ගණනය කෙරේ.
⭕ සමාජ මාධ්‍ය මනාප (Reactions)
නිර්මාණ සඳහා මනාප පළ කිරීම අපගේ නිල Facebook පිටුව සහ නිල WhatsApp Channel එක හරහා සිදු කෙරේ.
මනාප ලබා දෙන සියලු දෙනා බෞද්ධ සංගමයේ Facebook පිටුව Like කර තිබිය යුතු අතර WhatsApp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.
ස්වයංක්‍රීය මනාප (Auto-likes) භාවිතා කරන නිර්මාණ තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
🎁 ත්‍යාග සහ සහතිකපත්
ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් පිරිනමනු ලැබේ.
ප්‍රථම ස්ථානය දිනාගන්නා තරඟකරු හට වටිනා ත්‍යාගයක් හිමිවේ.
📩 නිර්මාණ යොමු කිරීමට
පහත Google Form සබැඳිය හරහා ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න:
🔗 https://forms.gle/73tkYQEKz2scvZxh9
තරඟ කොන්දේසි සම්පුර්ණ කර නොමැති සහ තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරඟයෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
සංවිධානය:
තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
#බෞද්ධ_සංගමය #තාක්ෂණ_පීඨය #කොළඹ_විශ්වවිද්යාලය
☸️ ධර්මාභිවන්දනා 2026 ☸️
ග්‍රැෆික් නිර්මාණ තරඟාවලිය
කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය විසින් වෛශාක්‍ය මංගල්‍යයට සමගාමීව, පවත්වනු ලබන ග්‍රැෆික් නිර්මාණ තරඟය සඳහා පහත නීතී රීතී අදාල වේ.
⭕ තරඟ නීති රීති
තේමාව: වෙසක් දිනය තේමා කරගත් කාලීන නිර්මාණයක් විය යුතුය.
නිර්මාණ ආකෘතිය: නිශ්චල නිර්මාණ සඳහා JPEG ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුය. Video Clip හෝ Animation නිර්මාණ සඳහා ද අවසර හිමිවන අතර, ඒවායේ කාලය උපරිම තත්පර 30 කට සීමා විය යුතුය.
ඉදිරිපත් කරන ආකාරය: ඔබගේ නිර්මාණය 100 MB ට වඩා වැඩිනම් එය ඔබගේ පෞද්ගලික Google Drive එකකට Upload කර, එහි Link එක පහත දැක්වෙන Google Form එකට ඇතුළත් කළ යුතුය. (Link එක 'Public' හෝ 'Anyone with the link' ලෙස සකස් කිරීමට කාරුණික වන්න)
සුදුසුකම්: තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු වල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
සීමාවන්: එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
කාලසීමාව: 2026 මැයි 12 වන දින සිට මැයි 29 වන දින රාත්‍රී 11.59 දක්වා Google Form හරහා නිර්මාණ භාරගනු ලැබේ.
⭕ ජයග්‍රාහකයින් තේරීමේ නිර්ණායක
නිර්මාණයේ නිර්මාණශීලී බව, තාක්ෂණික නිපුණතාව සහ ලබාදෙන දහම් පණිවිඩය යන කරුණු මත විනිශ්චය මණ්ඩලයේ ලකුණු 40% ක් සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර මත 60% ක් ලෙස අවසන් ලකුණු ගණනය කෙරේ.
⭕ සමාජ මාධ්‍ය මනාප (Reactions)
නිල Facebook පිටුව සහ WhatsApp Channel එක හරහා ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගැනේ.
මනාප ලබා දෙන්නන් Facebook පිටුව Like කර තිබීම සහ WhatsApp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.
🎁 ත්‍යාග සහ සහතිකපත්
ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා වටිනා සහතිකපත් පිරිනමනු ලැබේ.
ප්‍රථම ස්ථානය දිනාගන්නා තරඟකරු හට වටිනා ත්‍යාගයක් හිමිවේ.
📩 නිර්මාණ යොමු කිරීමට
පහත Google Form සබැඳිය හරහා ඔබගේ නිර්මාණයේ Drive Link එක සහ තොරතුරු යොමු කරන්න:
🔗 https://forms.gle/5bdVWAjzLh9dHYss7
තරඟ කොන්දේසි සම්පුර්ණ කර නොමැති සහ වැරදි තොරතුරු සපයා ඇති නිර්මාණ තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
සංවිධානය:
තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
#බෞද්ධ_සංගමය #තාක්ෂණ_පීඨය #කොළඹ_විශ්වවිද්යාලය
☸️ ධර්මාභිවන්දනා 2026 ☸️
චිත්‍ර නිර්මාණ තරඟාවලිය
කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය මගින් වෛශාක්‍ය මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන චිත්‍ර නිර්මාණ තරඟය සඳහා පහත නීතී රීතී අදාල වේ.
⭕ තරඟ නීති රීති
තේමාව: වෛශාක්‍ය මංගල්‍යය (වෙසක් උත්සවය) තේමා කරගත් නිර්මාණයක් විය යුතුය.
මාධ්‍යය සහ ප්‍රමාණය: ඕනෑම වර්ණ ගැන්වීමේ මාධ්‍යයක් (දිය සායම්, පැස්ටල්, තෙල් සායම් ආදිය) භාවිතා කළ හැකි අතර, අවම වශයෙන් A4 ප්‍රමාණයේ කඩදාසියක් හෝ කැන්වසයක් භාවිතා කළ යුතුය.
සුදුසුකම්: තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු වල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
සීමාවන්: එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
නිර්මාණ භාරදීම: නිර්මාණ 2026 මැයි මස 26 වන දින සිට මැයි මස 29 වන දින දක්වා තරඟ සංවිධායක මණ්ඩලය වෙත ආපනශාලා පරිශ්‍රයේදී භාරදිය යුතුය.
⭕ ජයග්‍රාහකයින් තේරීමේ නිර්ණායක
නිර්මාණයේ නිර්මාණශීලී බව, වර්ණ සංකලනය, ලබාදෙන දහම් පණිවිඩය සහ එහි හරය යන කරුණු මත විනිශ්චය මණ්ඩලයේ ලකුණු 40% ක් සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර මත 60% ක් ලෙස අවසන් ලකුණු ගණනය කෙරේ.
⭕ සමාජ මාධ්‍ය මනාප (Reactions)
ඉදිරිපත් කරන චිත්‍රවල ඡායාරූප අපගේ නිල Facebook පිටුවට සහ නිල WhatsApp Channel එකට යොමු කෙරේ.
මනාප ලබා දෙන සියලු දෙනා Facebook පිටුව Like කර තිබීම සහ WhatsApp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.
ස්වයංක්‍රීය මනාප (Auto-likes) භාවිතා කරන නිර්මාණ තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
🎁 ත්‍යාග සහ සහතිකපත්
ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයින් සඳහා වටිනා සහතිකපත් පිරිනමනු ලැබේ.
ප්‍රථම ස්ථානය දිනාගන්නා තරඟකරු හට වටිනා ත්‍යාගයක් හිමිවේ.
තරඟ කොන්දේසි සම්පුර්ණ කර නොමැති සහ තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරඟයෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
සංවිධානය:
තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
#බෞද්ධ_සංගමය #තාක්ෂණ_පීඨය #කොළඹ_විශ්වවිද්යාලය
☸️ ධර්මාභිවන්දනා 2026 ☸️
වෙසක් සුබ පැතුම්පත් නිර්මාණ තරඟාවලිය
කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය මගින් වෛශාක්‍ය මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන වෙසක් සුබ පැතුම්පත් නිර්මාණ තරඟය සඳහා පහත නීතී රීතී අදාල වේ.
⭕ තරඟ නීති රීති
තේමාව: වෛශාක්‍ය මංගල්‍යයට (වෙසක් උත්සවයට) අදාළව සිදුකළ නිර්මාණයක් විය යුතුය.
මාධ්‍යය: නිර්මාණය සඳහා ඕනෑම මාධ්‍යයක් (ස්වාභාවික ද්‍රව්‍ය හෝ කෘතීම ද්‍රව්‍ය) භාවිතා කළ හැකිය.
සුදුසුකම්: තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු වල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
සීමාවන්: එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
නිර්මාණ භාරදීම: නිර්මාණ 2026 මැයි මස 26 වන දින සිට මැයි මස 29 වන දින දක්වා තරඟ සංවිධායක මණ්ඩලය වෙත ආපනශාලා පරිශ්‍රයේදී භාරදිය යුතුය.
⭕ ජයග්‍රාහකයින් තේරීමේ නිර්ණායක
නිර්මාණයේ නිර්මාණශීලී බව, ලබාදෙන දහම් පණිවිඩය සහ එහි හරය යන කරුණු මත විනිශ්චය මණ්ඩලයේ ලකුණු 40% ක් සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර මත 60% ක් ලෙස අවසන් ලකුණු ගණනය කෙරේ.
⭕ සමාජ මාධ්‍ය මනාප (Reactions)
ඉදිරිපත් කරන නිර්මාණවල ඡායාරූප අපගේ නිල Facebook පිටුවට සහ නිල WhatsApp Channel එකට යොමු කෙරේ.
ජයග්‍රාහකයින් තේරීමේදී මෙම මාධ්‍ය ද්විත්වයේම ලැබෙන වැඩිම ප්‍රතිචාර සැලකිල්ලට ගනී.
මනාප ලබා දෙන සියලු දෙනා Facebook පිටුව Like කර තිබීම සහ WhatsApp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.
🎁 ත්‍යාග සහ සහතිකපත්
ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් පිරිනමනු ලැබේ.
ප්‍රථම ස්ථානය දිනාගන්නා තරඟකරු හට වටිනා ත්‍යාගයක් හිමිවේ.
තරඟ කොන්දේසි සම්පුර්ණ කර නොමැති සහ තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරඟයෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
සංවිධානය:
තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
#බෞද්ධ_සංගමය #තාක්ෂණ_පීඨය #කොළඹ_විශ්වවිද්යාලය
☸️ ධර්මාභිවන්දනා 2026 ☸️
වෙසක් පහන් කූඩු නිර්මාණ තරඟාවලිය
කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය මගින් වෛශාක්‍ය මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන වෙසක් පහන් කූඩු නිර්මාණ තරඟය සඳහා පහත නීතී රීතී අදාල වේ.
⭕ තරඟ නීති රීති
තේමාව: වෛශාක්‍ය මංගල්‍යය තේමා කරගත් නිර්මාණයක් විය යුතුය.
කණ්ඩායම් සහභාගීත්වය: තනිව හෝ කණ්ඩායම් ලෙස තරඟයට ඉදිරිපත් විය හැකිය. එක් කණ්ඩායමකට සිටිය හැක්කේ උපරිම සාමාජිකයින් හතර දෙනෙකු (04) පමණි.
සීමාවන්: එක් තරඟකරුවෙකුට හෝ කණ්ඩායමකට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
සුදුසුකම්: තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු වල නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
නිර්මාණ භාරදීම: නිර්මාණ 2026 මැයි මස 26 වන දින සිට මැයි මස 29 වන දින දක්වා තරඟ සංවිධායක මණ්ඩලය වෙත ආපනශාලා පරිශ්‍රයේදී භාරදිය යුතුය.
⭕ ජයග්‍රාහකයින් තේරීමේ නිර්ණායක
නිර්මාණශීලී බව, ලබාදෙන දහම් පණිවිඩය, එහි හරය සහ නිමාව යන කරුණු මත විනිශ්චය මණ්ඩලයේ ලකුණු 40% ක් සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර මත 60% ක් ලෙස අවසන් ලකුණු ගණනය කෙරේ.
⭕ සමාජ මාධ්‍ය මනාප (Reactions)
ඉදිරිපත් කරන පහන් කූඩුවල ඡායාරූප අපගේ නිල Facebook පිටුවට සහ නිල WhatsApp Channel එකට යොමු කෙරේ.
මනාප ලබා දෙන සියලු දෙනා Facebook පිටුව Like කර තිබීම සහ WhatsApp Channel එක Follow කර තිබීම අනිවාර්ය වේ.
ස්වයංක්‍රීය මනාප (Auto-likes) භාවිතා කරන නිර්මාණ තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
🎁 ත්‍යාග සහ සහතිකපත්
ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයින් හෝ කණ්ඩායම් සඳහා වටිනා සහතිකපත් පිරිනමනු ලැබේ.
ප්‍රථම ස්ථානය දිනාගන්නා තරඟකරු හෝ කණ්ඩායම හට වටිනා ත්‍යාගයක් හිමිවේ.
තරඟ කොන්දේසි සම්පුර්ණ කර නොමැති සහ තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරඟයෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.
සංවිධානය:
තාක්ෂණ පීඨ බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
14/01/2026
සුභ තෛපොංගල් දිනයක් වේවා! 🌞🌾
අස්වැන්නට කෘතඥතාව පළ කරමින්, සූර්ය දෙවියන්ට ගෞරව දක්වමින්, සාමය, සමාදානය හා සෞභාග්‍යය සමාජය පුරා ව්‍යාප්ත වන මෙම තෛපොංගල් දිනයේ, සියලුම දමිල ජනතාවගෙත් ලෝකවාසි සැමගෙත් ජීවිත සතුටින්, සමෘද්ධියෙන් හා එකමුතුවෙන් පිරී යාමට අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු . 💫
இனிய தைப்பொங்கல் தின நல்வாழ்த்துகள்! 🌞🌾
அறுவடைக்காக நன்றியை வெளிப்படுத்தி, சூரிய தேவனுக்கு மரியாதை செலுத்தி, சமாதானம், ஒற்றுமை மற்றும் செழிப்பு சமூகமெங்கும் பரவுகின்ற இந்த தைப்பொங்கல் நாளில், அனைத்து தமிழ் மக்களும், உலக வாழ் அனைவரும் மகிழ்ச்சி, வளம் மற்றும் ஒற்றுமையுடன் வாழ்க்கை நிறைவடைய நாங்கள் ஒருமித்த மனதுடன் பிரார்த்திக்கின்றோம். 💫
Wishing a Happy Thai Pongal Day! 🌞🌾
Expressing gratitude for the bountiful harvest, paying respect to the Sun God and celebrating this Thai Pongal day where peace, harmony and prosperity spread throughout society, we sincerely wish that the lives of all Tamil people and people around the world be filled with happiness, prosperity and unity. 💫
------------------------------------------------
Design by : Shehan Kavinda (2nd year)
Caption by : Pamodi Rashmila (2nd year)
------------------------------------------------