22/09/2026
අධික වර්ෂාව නිසා හානියට පත්වෙමින් තිබූ සමන්පුර - ගුලනහේන මාර්ගයේ අවදානම් සහගත ස්ථානයක් සුරක්ෂිත කරමින්, ඊට අවශ්‍යව තිබූ පැති බැම්ම ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව අවසන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදෙමින් කටයුතු සම්පාදනය කළ කලවාන ප්‍රාදේශීය සභාවට අපගේ විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි. එසේම මෙම කටයුතු කඩිනම් කරමින්, එහි පූර්ණ අධීක්ෂණ කටයුතු සිදුකළ කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත සුමිත් සෝමදාස සහෝදරයාටත්, තාක්ෂණික නිලධාරී එස්.එච්.එම්. සිරාජ් මහතාටත් ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමු. 🤝
එමෙන්ම, මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා නොපිරිහෙළා තම දායකත්වය, ශ්‍රමය සහ කැපවීම ලබා දුන් සමන්පුර ගුලනහේන එකමුතු සුභසාධක සමිතියේ සියලුම සාමාජිකයින්ටත්, අප ප්‍රදේශයේ ආදරණීය ජනතාවටත් හදපිරි ස්තූතිය පුදකරමු! 💪❤️