Department of Education - Central Province

Call Website Contact the organization

Empowering Central Province Education | මධ්‍යම පළාතේ අධ්‍යාපන සවිබලගැන්වීම

ගුණාත්මක, සම සහ සාධාරණ අධ්‍යාපන අවස්ථා සැමට තහවුරු කරමින්... 📚✨

Empowering Central Province school education for quality & equity.

🏛️ 🇱🇰 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ "සුපිළිපන් සතිය" – 2026​රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ වගකීම් සහගත බව තහවුරු ක...
03/08/2026

🏛️ 🇱🇰 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ "සුපිළිපන් සතිය" – 2026

​රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ වගකීම් සහගත බව තහවුරු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ජූලි 27 සිට 29 දක්වා "සුපිළිපන් සතිය" ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ අප දෙපාර්තමේන්තුව මඟින් ප්‍රධාන වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

​🔹 ජූලි 27 (සඳුදා) - "සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්"

​දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පවත්වමින් සුපිළිපන් සතියේ කටයුතු ආරම්භ කරන ලදී.

​🔹 ජූලි 28 (අඟහරුවාදා) - "සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්"

​ආයතනික කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කරගෙන යාමට පවතින තාක්ෂණික මෙවලම් සුපිළිපන්නභාවයෙන් යුතුව යොදා ගන්නා ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි.

​මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ සුපිළිපන් පා ගමන සඳහා අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනෙක් ද සහභාගී වූහ.

​🔹 ජූලි 29 (බදාදා - ඇසළ පොහොය දිනය) - "මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්"

​සුපිළිපන්නභාවය සංකල්පය බෞද්ධ දර්ශනය ඇසුරෙන් පැහැදිලි කරමින් සැකසූ විශේෂ ධර්මදේශනයක් පටිගත කර ආයතනික WhatsApp සමූහය වෙත යොමු කරන ලදී.

​ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණදායක රාජ්‍ය සේවයක් ලබා දීම වෙනුවෙන් අප මේ ගෙන යන උත්සාහය ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
​
​

27/07/2026

🌿 සුපිළිපන් සතිය - 2026 🌿
​ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සුපිළිපන් රාජ්‍ය සේවයක් රට තුළ ගොඩනැගීම වෙනුවෙන් අද දින සිට අපත් කැපවෙමු! 🤝✨

​

🌿 සුපිළිපන් සතිය - 2026 🌿​ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සුපිළිපන් රාජ්‍ය ස...
27/07/2026

🌿 සුපිළිපන් සතිය - 2026 🌿
​ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සුපිළිපන් රාජ්‍ය සේවයක් රට තුළ ගොඩනැගීම වෙනුවෙන් අද දින සිට අපත් කැපවෙමු! 🤝✨

​

🔔 මධ්‍යම පළාත් නව අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය අද දින සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළා...
05/03/2026

🔔 මධ්‍යම පළාත් නව අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය අද දින සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (SLEAS) I වන ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය, වසර 20කට අධික සේවා පළපුරුද්දක් සහිත ප්‍රවීණ පරිපාලන නිලධාරිනියකි. මීට පෙර මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය ලෙස මෙන්ම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය, ගලේවෙල සහ දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලවල විවිධ තනතුරු හොබවමින් ඇය දැක්වූ දායකත්වය සුවිශේෂී වේ.

පසුගිය (04) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් හෙට්ටිආරච්චි මහත්මිය, අද දින සුබ මොහොතින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී වැඩකටයුතු භාරගනු ලැබුවාය.

මධ්‍යම පළාතේ දූ දරුවන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, අධ්‍යාපන පද්ධතිය නව මාවතකට යොමු කිරීමටත් ඇයගේ නව නායකත්වයට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන්නෙමු! 🎓✨

දශක තුනක මෙහෙවර නිමවන මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මැතිඳුන්ට සුබ විශ්‍රාම දිවියක්!💐"දරුවා කාගේද නොව, කා...
04/03/2026

දශක තුනක මෙහෙවර නිමවන මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මැතිඳුන්ට සුබ විශ්‍රාම දිවියක්!💐

"දරුවා කාගේද නොව, කාගේ වුවද දරුවෙකි..." යන උදාර තේමාව මනාව අනුගමනය කරමින්, මධ්‍යම පළාත් අධ්‍යාපන පද්ධතිය සවිබල ගැන්වූ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා අද දින සිය වසර 34ක අභිමානවත් සේවා නිමාව සනිටුහන් කරයි.

▪️වෘත්තීය ජීවිතයේ ඇරඹුම: 1992 වර්ෂයේදී මුංවත්ත ශ්‍රී ධර්මපාල මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ගුරු සේවයට එක්වෙමින් එතුමාගේ ඒ සුවිශේෂී වෘත්තීය ගමන ආරම්භ විය.

▪️අධ්‍යාපන පරිපාලනයට පිවිසීම: 1996 වර්ෂයේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ලෙසත්, පසුව 2008 වර්ෂයේදී ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත් පත්වීම් ලබමින් එතුමා මැද රට අධ්‍යාපනයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය.

▪️පළාත් සේවයේ විශිෂ්ටත්වය: පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන), නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) දක්වා පියවරෙන් පියවර ඉහළට යමින් එතුමා පෙන්වූ පරිපාලනමය නායකත්වය අතිශය ප්‍රශංසනීයයි.

▪ 2021 වර්ෂයේ නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, 2022 වර්ෂයේ ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත් පත්වීම් ලබා එම කලාපයන්හි දුවා දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් නංවාලීම වෙනුවෙන් එතුමා එක සිතින්ම කැපවී කටයුතු කළේය.

▪️ප්‍රධාන නියමුවා ලෙස: විවිධ උපාය මාර්ග ඔස්සේ පළාතේ අධ්‍යාපනය ඉහළට ගෙන ඒමට කළ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස, 2024.09.20 දින මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ එතුමා, එදින සිට මධ්‍යම පළාතේ පාසල් පද්ධතිය සවිබල ගැන්වීම සඳහා උපරිමයෙන්ම දායකත්වය ලබා දුන්නේය.

"මධ්‍යම පළාතේ සිසු පරපුර උදෙසා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සම හා සාධාරණ අධ්‍යාපන අවස්ථා සලසා දීමට නිහාල් අලහකෝන් මැතිතුමා ඉටුකළ වගකීම සදා අනුස්මරණීය වනු ඇත."

තම දිවි ගමනෙන් වසර 34ක කාලයක් දැයේ දුවා දරුවන් වෙනුවෙන් නොමසුරුව කැපකළ නිහාල් අලහකෝන් මැතිඳුන් අද දින සිය රාජකාරි දිවිය නිමා කරයි.

මැද රට අධ්‍යාපනයේ නියමුවාණෙනි, ඔබට සුවබර මෙන්ම සෞභාග්‍යමත් විශ්‍රාම දිවියකට අපි හදවතින්ම සුබ පතන්නෙමු!

03/12/2025

Address

Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

0812224041

Alerts

Be the first to know and let us send you an email when Department of Education - Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Education - Central Province:

Shortcuts

Share