SED Pages Kelaniya

Call Contact the organization

SED Pages Kelaniya තිරසාර සංවර්ධනය සදහා ව්‍යවසායකත්වය

"කැලණිය ප්‍රාදේශීය කර්මාන්ත ප්‍රවර්ධන කමිටුව පිහිටුවීම"2026 ඔක්තෝබර් 15 වන දින, කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ  සහ ගම්පහ...
15/10/2026

"කැලණිය ප්‍රාදේශීය කර්මාන්ත ප්‍රවර්ධන කමිටුව පිහිටුවීම"

2026 ඔක්තෝබර් 15 වන දින, කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ ගම්පහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ තුමියන්ගේ මඟපෙන්වීම යටතේ, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී “කැලණිය ප්‍රාදේශීය කර්මාන්ත ප්‍රවර්ධන කමිටුව” පිහිටුවීම සිදු කෙරිණි.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රේඛීය රාජ්‍ය ආයතනවල නිලධාරීන්, මූල්‍ය ආයතනවල නියෝජිතයන් සහ ප්‍රදේශයේ ව්‍යවසායක සංගම්වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ස්ථාපිත කරන ලදී.

කැලණිය ප්‍රදේශයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, අදාළ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ව්‍යවසායකයන්ගේ ගැටලු සඳහා සාමූහික විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලදාරී හා ව්‍යවසායකත්ව සංවර්ධන නිලදාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සදහා ඉදිරියේදී සම්බන්ධ වීමට අවශ්‍ය නම් 0772342639 දුරකථන අංකය අමතන්න.

Zoje මැෂින් පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහ මැෂින් අලුත්වැඩියාව පිළිබඳ දැනුම් ලබාදීමේ වැඩසටහනක්2026/09/10 වන දින කැලණිය කු...
10/09/2026

Zoje මැෂින් පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහ මැෂින් අලුත්වැඩියාව පිළිබඳ දැනුම් ලබාදීමේ වැඩසටහනක්

2026/09/10 වන දින කැලණිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින්, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෑවැල්ල වසමෙහි ඇඟලුම් ව්‍යවසායකයින් සඳහා “Zoje මැෂින් පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහ මැෂින් අලුත්වැඩියාව” (Zoje Machine Repairing and Advanced Technology Knowledge) පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහනක් ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ කිරිබත්ගොඩ සිංගර් ආයතනයේ සශිනි මහත්මිය සහ Zoje මැෂින් පිළිබඳ තාක්ෂණික ශිල්පී සුරේෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි.

වැඩසටහනේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සඳහා මෑවැල්ල ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී අනුර මහතා විශේෂ මෙහෙයක් ඉටු කරන ලදී.

මෙම වැඩසටහන සංවිධානය කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී චතුරිකා ඉලංගසිංහ මහත්මිය විසින් සිදුකල අතර අධීක්ෂණය ගම්පහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් සිදුවිය.

29/04/2026
https://www.facebook.com/share/1C7kUpQM4w/
19/03/2026

https://www.facebook.com/share/1C7kUpQM4w/

🚀 Business Level up program-2026 🚀

ඔබත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ව්‍යවසායකයෙක් ද ?

👉 ඔබේ ව්‍යාපාරයේ පිරිවැටුම ( විකුණුම් ආදායම) මිලියන 1ට වැඩිද ?

👉 ඔබේ ව්‍යාපාරයේ සේවකයන් සිටීද ?

මේ සීමිත අවස්ථාව ඔබටයි.....

ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන,

🔆 මූල්‍ය සේවා
🔆 අලෙවිකරණ සේවා
🔆 තාක්ෂණික සේවා
🔆 උපදේශන සේවා යනාදී සේවාවන් අඛණ්ඩව ලබාදෙමින් ව්‍යවසායකත්ව දැනුමින් හා කුසලතාවෙන් සන්නද්ධ ව්‍යවසායකයෙක් ලෙස ව්‍යාපාරික ලෝකය තුළ ඔබට සාර්ථක ගමනකට අවශ්‍යවන පදනම සකස්කිරීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2026 වසරේ දියත් කර ඇති Business Level Up වැඩසටහන හා අදම සම්බන්ධ වන්න.

ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් 130 දෙනෙකු සඳහා නොමිලේ ලැබෙන මෙම සීමිත අවස්ථාව ලබාගැනීම සඳහා පහත දිනයන්හි දී ඔබට ආසන්නතම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එන්න....

* මාර්තු 17- මීරිගම ප්‍රා.ලේ. - 0706250477
* මාර්තු 24 - ගම්පහ ප්‍රා.ලේ. - 0706250466
* මාර්තු 25 - කටාන ප්‍රා.ලේ. - 0706250471
* මාර්තු 26 - වත්තල ප්‍රා.ලේ. - 0706250474
* මාර්තු 31 - මිනුවන්ගොඩ ප්‍රා.ලේ. - 0706250479

ඔබගේ පැමිණීම පහත ගූගල් ෆෝරමය හරහා තහවුරු කරන්න...👇

https://docs.google.com/forms/d/1fnRAtc6YBhN9YPzcF8ILwBMAUCf1TGZZ6q3g2GC_wMM/edit

https://www.facebook.com/share/1CLdGHoqeN/
19/03/2026

https://www.facebook.com/share/1CLdGHoqeN/

🌿 Sustainability එකෙන් Profit උපයන්න! 🌿

Business Online – Free Webinar Series 2026 සමඟ එක්ව,
Green Productivity භාවිතා කරමින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කරන හැටි ඉගෙන ගන්න ♻️💼

📅 දිනය: 2026 මාර්තු 26
⏰ වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00

🎤 මෙහෙයවීම: හේමානි බරණිගේ
✔️ Assistant Director – SED Monaragala
✔️ Certified Business Coach
✔️ Green Productivity Specialist
✔️ KAIZEN Business Development Consultant

💡 Sustainability සහ Profit එකට ගෙන එන practical ක්‍රම ඉගෙන ගන්න වැඩසටහනට join වෙලා ඔබේ ව්‍යාපාරය next level එකට ගන්න

අපේ අනෙකුත් වැඩසටහන් පිළිබඳව දැනගන්න බිස්නස් ඔන්ලයින් අපේ වට්ස්ඇප් ගෲප් එකත් එක්ක එකතුවෙන්න.
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකෙන් ලබාගන්න

https://www.facebook.com/share/p/1FyAPwDNZE/
09/03/2026

https://www.facebook.com/share/p/1FyAPwDNZE/

ඔයත් ඔයාගේ ව්‍යාපාරය Next level එකට ගෙනියන්න Plan කරන කෙනෙක් නම් මේ සතිය ඔන්න ඔයාටමයි..............................................................................
ව්‍යාපාර කරන ඔබට එදිනෙදා මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නිවැරදි තීරණ ගැනීම අතිශය වැදගත් වෙනවා.
ඉතින් ඒ සඳහා ඔබගේ තියෙන හැකියාවෙන් සන්නද්ධ වන්න..
මාර්තු 12 උදේ 10 ට Business Online වැඩසටහන් මාලාවේ 8 වන සැසිය
"Desicion Mastry" Leadership Skils for Everyday Challenges සමග එකතු වෙන්න.......................................................................................................
අප විසින් නොමිලේ පවත්වනු ලබන
" Business Online Webinar" මාලාව සෑම බ්‍රහස්පතින්දාම උදේ 10.00 ට පැවැත්වෙන බව ඔබ දැනටමත් දන්න නිසා ඒ ගැන නොදන්න ඔයා දන්න අයටත් කියන්න........මේ අවස්ථාව අතිශයින්ම තමන්ගේ ව්‍යාපාරය Next level එකට ගෙනියන්න කැමති අයට විතරමයි...............................................

ව්‍යාපාර ලෝකය පිළිබඳ තොරතුරු දැන ගන්න ඉදිරි වැඩසටහන් වල විස්තර දැන ගන්න. පසුගිය වැඩසටහන්වල රෙකෝඩින් ලබා ගන්න අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න... 👉

https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

වැඩසටහන සඳහා සම්බන්ධ වීමට ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකෙන් ලබාගන්න.👇

04/03/2026

Address

Small Enterprises Development Division
Kelaniya

Telephone

+94706250472

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Pages Kelaniya:

Shortcuts

Share