Road Passenger Transport Authority - NWP

Call Website Contact the organization

Road Passenger Transport Authority - NWP Road Passenger Transport Authority

16/10/2026

📢 විශේෂ දැනුම්දීමයි!
2026.10.16 දින පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයට සහභාගී නොවූ රියදුරු හා කොන්දොස්තර කාණ්ඩ දෙකෙහි අයදුම්කරුවන් සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ 2026.10.19 දින පැවැත්වේ.
📅 දිනය: 2026.10.19 (සඳුදා)
🚌 කොන්දොස්තර කාණ්ඩය: පෙ.ව. 09.00 – 11.00
🚌 රියදුරු කාණ්ඩය: පෙ.ව. 11.00 – ප.ව. 01.00
📍 ස්ථානය: වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය.
අදාළ අයදුම්කරුවන් නියමිත වේලාවට පැමිණෙන ලෙස දැනුම් දෙමු.
වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

16/10/2026

🏆 2026 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන 🏆
📢 දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ බස් රථ කොන්දොස්තරවරුන්ගේ නාමලේඛනය
වයඹ පළාත තුළ පොදු ප්‍රවාහන බස් රථ සේවාවල නියුතු කොන්දොස්තර මහතුන් තෝරාගැනීම සඳහා කැඳවන ලද අයදුම්පත් අතරින්, දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 30 දෙනාගේ නාමලේඛනය පහත පරිදි වේ.
📋 සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්
1. RPTAC 02143 – S.M. විරාජ් ධම්මික සේනානායක
2. RPTAC **** – B.M. තරුෂ දිල්ෂාන් බාලසූරිය
3. RPTAC 02635 – R.M. මහේෂ් මධුර බණ්ඩාර රත්නායක
4. RPTAC 01976 – W.P.L.K. විජේසිංහ
5. RPTAC 01603 – R.M. මහින්ද බණ්ඩාර රත්නායක
6. RPTAC 00965 – A.G. නුවන් සංජීව සමරතුංග
7. RPTAC 00876 – P.A. චින්තක ප්‍රදීප් විජේසූරිය
8. RPTAC 01208 – W.M.S.W. කුරුප්පු බණ්ඩාර
9. RPTAC 02278 – B.M. චමින්ද සම්පත් බාලසූරිය
10. RPTAC 02359 – W.M.A. නවිඳු දිනෙත් වර්ණසූරිය
11. RPTAC 00499 – S.A. නාලින්ද චමින්ද කුමාර
12. RPTAC 01875 – H.K. සංජය ලක්මාල් වික්‍රමසිංහ
13. RPTAC 01876 – C. සුසාද් මධුසංක සෝමසිරි
14. RPTAC **** – W.P. පියසිරි
15. RPTAC **** – Y.V. ඉසුල රුක්ෂාන්
16. RPTAC 03642 – R.A. දිනුක දිලුම් රාජපක්ෂ
17. RPTAC 00565 – W.H. හෂාන් ලක්සර ගුණරත්න
18. RPTAC 01919 – H.M. සරත් විජේකුමාර හේරත්
19. RPTAC 00521 – තුවාන් කසීම් ෆයිසාල්
20. RPTAC 00805 – I.M. සිසිර කුමාර
21. RPTAC 00580 – N.W.L.S.S. නානායක්කාර
22. RPTAC 01108 – W.M. චමිල අබේකෝන්
23. RPTAC 00500 – W.M. සුමිත් ප්‍රසන්න විජේකෝන්
24. RPTAC 00648 – J. චානක කමලසිරි
25. RPTAC 00127 – H.M. චන්ද්‍රදාස
26. RPTAC 00791 – R.M. තිලකසිරි රත්නායක
27. RPTAC 01060 – S.B.M.A.S.S. බණ්ඩාර
28. RPTAC 01826 – M.G. සුරේෂ් ධර්මසේන
29.RPTAC 00417 - G.S. නුවන් මේනක හේරත්
30.RPTAC00420 - එම්.එස්.එම්.රිෆ්ඛාන්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 ඔක්තෝබර් 16 වන සිකුරාදා
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට
📍 ස්ථානය: වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය.
⚠️ වැදගත් දැනුම්දීමයි!
සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන සියලුම අයදුම්කරුවන් පහත ලේඛන රැගෙන පැමිණිය යුතුය.
✅ RPTA-NWP විසින් නිකුත් කරන ලද කොන්දොස්තර බලපත්‍රය
✅ ජාතික හැඳුනුම්පත
✅ අනෙකුත් අදාළ සහතික හා ලේඛන

ඉහත අයදුම්කරුවන් 30 දෙනා වෙත අප වෙත ලබා දී ඇති දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගනු ලැබූ අතර, සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව ඉහත අයදුම්කරුවන් අතරින් අයදුම්කරුවන් තිදෙනෙකු (03) පමණක් ඉදිරි අදියර සඳහා තෝරාගනු ලැබේ.

වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

16/10/2026

🏆 2026 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන 🏆
📢 දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ බස් රථ රියදුරන්ගේ නාමලේඛනය
වයඹ පළාත තුළ පොදු ප්‍රවාහන බස් රථ සේවාවල නියුතු රියදුරු හා කොන්දොස්තර මහතුන් තෝරාගැනීම සඳහා 2026 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන වෙනුවෙන් කැඳවන ලද අයදුම්පත් අතරින්, රියදුරු කාණ්ඩය යටතේ දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 27 දෙනාගේ නාමලේඛනය පහත පරිදි වේ.
📋 සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්
අංකය අයදුම්පත් අංකය අයදුම්කරුගේ නම
01 RPTAD 00485 L.G. සුනිල් පේමසිරි
02 RPTAD 01233 A.H.M. දිමුතු දිනේෂ් අතපත්තු
03 RPTAD 00677 M.A. නිමල් ජයසිංහ
04 RPTAD 01616 N.W.L.S.K. නානායක්කාර
05 RPTAD 00533 U.H. නිශාන්ත වික්‍රමනායක
06 RPTAD 00266 A. අනුර පුෂ්ප කුමාර
07 RPTAD 01309 D.M. මනෝජ් ලක්ෂ්මන් දසනායක
08 RPTAD 01676 H.M. උදය කුමාර හේරත්
09 RPTAD 01947 H.M. නිලන්ත හේරත්
10 RPTAD 01932 S.P. සිසිර සේනාධීර
11 RPTAD 02679 R.M. සුදේශ් පියංකර කරුණාරත්න
12 RPTAD 02636 D.M. ප්‍රේමරත්න
13 RPTAD 00604 H.A. සුනිල් හෙට්ටිආරච්චි
14 RPTAD 03447 B.M. දුමින්ද බස්නායක
15 RPTAD 01492 M.A. අශෝක මල්ලවආරච්චි
16 RPTAD 00960 K.M. විරාජ් ලක්මාල්
17 RPTAD 02251 D.M. නිමේෂ් රවිඳු කුමාර
18 RPTAD 01940 D.A. රුවන්සිරි
19 RPTAD 02439 P. චාමික බණ්ඩාර
20 RPTAD 00449 M.G. සුරේෂ් ධර්මසේන
21 RPTAD 01789 R.M. විජේසූරිය බණ්ඩාර
22 RPTAD 00455 A.G. නුවන් කුමාර මුනින්ද්‍රදාස
23 RPTAD 02289 W.M. චමින්ද අබේකෝන්
24 RPTAD 01179 W. දුලාජ් හර්ෂණ ප්‍රනාන්දු
25 RPTAD 00714 S.A.A. ගයාන් හේමන්ත
26 RPTAD 02026 A.M. අම්බ්‍රාස්
27 RPTAD 01653 U.U. සුරේෂ් රංගන නානායක්කාර
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 ඔක්තෝබර් 16 වන සිකුරාදා
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට
📍 ස්ථානය: වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය.
⚠️ වැදගත් දැනුම්දීමක්

සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන සියලුම අයදුම්කරුවන් පහත සඳහන් ලේඛන අනිවාර්යයෙන් රැගෙන පැමිණිය යුතුය.
✅ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය (RPTA-NWP) විසින් නිකුත් කරන ලද බලපත්‍රය.
✅ රියදුරු බලපත්‍රය (Driving License).
✅ අනෙකුත් අදාළ සහතික හා ලේඛන.
දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ සියලුම අයදුම්කරුවන් නියමිත දිනයේදී නියමිත වේලාවට සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන ලෙස දැනුම් දෙමු.

අයදුම්කරුවන් 27 දෙනා වෙත අප වෙත ලබා දී ඇති දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගනු ලැබූ අතර,සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව ඉහත අයදුම්කරුවන් අතරින් අයදුම්කරුවන් තිදෙනෙකු (03) පමණක් ඉදිරි අදියර සඳහා තෝරාගනු ලැබේ.

වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

2026 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන සඳහා අයදුම්පත් කැඳවීම 🏆🚌 වයඹ පළාතේ පොදු ප්‍රවාහන බස්රථ සේවාවල නියුතු රියදුරු හා කොන්දො...
09/10/2026

2026 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන සඳහා අයදුම්පත් කැඳවීම 🏆
🚌 වයඹ පළාතේ පොදු ප්‍රවාහන බස්රථ සේවාවල නියුතු රියදුරු හා කොන්දොස්තර මහතුන් වෙතයි!
2026 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල සඳහා වයඹ පළාත තුළ සහ අන්තර් පළාත් පොදු ප්‍රවාහන බස්රථ සේවාවල නියුතු රියදුරු හා කොන්දොස්තර මහතුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ඒ අනුව, මාර්ග ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින්, විනයගරුකව හා වගකීමෙන් යුතුව සේවයේ නිරත වන, විශිෂ්ට කුසලතා හා යහපත් වෘත්තීය හැසිරීමක් පෙන්නුම් කරන ඔබට මේ සඳහා අයදුම් කළ හැකිය.
📌 අයදුම් කළ හැක්කේ කාටද?
වයඹ පළාත තුළ පොදු ප්‍රවාහන බස්රථ සේවාවල නියුතු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි රියදුරු හා කොන්දොස්තර මහතුන්ට.
📄 අයදුම්පත් ලබාගැනීම
අදාළ අයදුම්පත්‍ර ඔබගේ මාර්ගයට අදාළ වේලාසටහන් භාර නිලධාරීන් (Time Keepers) වෙතින් ලබාගත හැකිය.
📅 අයදුම්පත් භාරදිය යුතු අවසන් දිනය: 2026.10.12
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර නියමිත දිනට පෙර වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන්න.
🌟 මාර්ග ආරක්ෂාව සුරකිමින්, වගකීම් සහගත පොදු ප්‍රවාහන සේවාවක් උදෙසා කැපවී සිටින ඔබගේ සේවය ඇගයීමට ලක්කර ගැනීමට මෙය වටිනා අවස්ථාවකි!
ඔබ සැමට සුබ පැතුම්!
වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
#මාර්ගආරක්ෂණජනාධිපතිසම්මාන2026

ලෝක ළමා දිනය 2026 – “සිසු සැරියයි, ළමා ආරක්ෂාවයි” 🚌👧🏻👦🏻ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ...
09/10/2026

ලෝක ළමා දිනය 2026 – “සිසු සැරියයි, ළමා ආරක්ෂාවයි” 🚌👧🏻👦🏻
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උළෙල 2026, 2026.10.07 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමිය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නියෝජනය කරමින් සභාපතිතුමා සහ මෙහෙයුම් කළමනාකරු ඇතුළු නිළධාරින් පිරිසක්ද සහභාගී වූහ.
මෙම වැඩසටහනට සමගාමීව “සිසු සැරියයි – ළමා ආරක්ෂාවයි” යන තේමාව යටතේ සිසු සැරිය බස් රථ හිමියන් දැනුවත් කිරීමේ අරමුණින්, සිසු සැරිය බස් රථ සඳහා අදාළ නව කොන්දේසි ඇතුළත් පෝස්ටර් සංකේතාත්මකව ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
දිවයිනේ සිසු සැරිය ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන වයඹ පළාත තුළ, දරුවන්ගේ ආරක්ෂාව, සුරක්ෂිත ගමනාගමනය සහ විනයගරුක ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීම සඳහා වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අඛණ්ඩව කැපවී සිටී.
අපගේ වටිනාම සම්පත වන දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, සිසු සැරිය සේවාව තවදුරටත් වගකීමෙන් හා ආරක්ෂිතව පවත්වාගෙන යමු! 💙
#ලෝකළමාදිනය2026 #සිසුසැරිය #ළමාආරක්ෂාව

📢 ටෙන්ඩර් අයදුම්පත් කැඳවීමවයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අදාළ මාර්ග සඳහා ටෙන්ඩර් අයදුම්පත් කැඳවනු ලැබේ....
28/09/2026

📢 ටෙන්ඩර් අයදුම්පත් කැඳවීම

වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අදාළ මාර්ග සඳහා ටෙන්ඩර් අයදුම්පත් කැඳවනු ලැබේ.

📌 ටෙන්ඩර් අයදුම්පත් හා විස්තර පත්‍රිකා ලබා ගැනීම

ටෙන්ඩර් අයදුම්පත් හා විස්තර පත්‍රිකා 2026.10.23 දින ප.ව. 3.00 දක්වා වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ කුලියාපිටිය හා පුත්තලම කලාප කාර්යාලවලින් ලබාගත හැකිය.

එක් එක් මාර්ගය සඳහා ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය ඇතුළත් විස්තර පත්‍රිකාව අදාළ ටෙන්ඩර් අයදුම්පත සමඟ අයදුම්කරුවන් වෙත ලබාදීමට කටයුතු කරනු ලැබේ.

💰 අයදුම්පත් ගාස්තුව

ටෙන්ඩර් අයදුම්පත් ලබා ගැනීමේදී ආපසු නොගෙවන රු. 2,500.00ක අයදුම්පත් ගාස්තුවක් අය කරනු ලැබේ.

අනෙකුත් සියලුම කොන්දේසි අදාළ ටෙන්ඩර් අයදුම්පත සමඟ නිකුත් කරනු ලබන විස්තර පත්‍රිකාවේ සඳහන් වේ.

📌 ටෙන්ඩර් අයදුම්පත් භාරදීම

ටෙන්ඩර් අයදුම්පත් 2026.10.26 දින පෙ.ව. 10.00ට පෙර පහත සඳහන් ක්‍රමයකින් ඉදිරිපත් කළ යුතුය.

🔹 ලියාපදිංචි තැපෑලෙන් එවීම
හෝ
🔹 වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම.

📬 තැපෑලෙන් එවිය යුතු ලිපිනය:

සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය(වයඹ),
මීගමුව පාර, හාල් පාර හන්දිය,
බෝයගනේ.

⚠️ වැදගත්

ඉදිරිපත් කරනු ලබන ටෙන්ඩර් අයදුම්පත් අඩංගු ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරෙහි අයදුම් කරනු ලබන මාර්ගය පැහැදිලිව සඳහන් කළ යුතුය.

⏰ නියමිත අවසන් වේලාවෙන් පසුව ලැබෙන ටෙන්ඩර් අයදුම්පත් භාරගනු නොලබන අතර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

📂 ටෙන්ඩර් අයදුම්පත් විවෘත කිරීම

නියමිත පරිදි භාරගනු ලබන ටෙන්ඩර් අයදුම්පත් 2026.10.26 දින පෙ.ව. 10.15ට විවෘත කරනු ලැබේ.

ටෙන්ඩර් අයදුම්පත් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය ටෙන්ඩර් මණ්ඩලය සතු වේ.

📰 වැඩිදුර තොරතුරු සඳහා

මෙම ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හා විස්තර 2026 සැප්තැම්බර් මස 28 වැනි සඳුදා දින ප්‍රකාශයට පත් කර ඇති ලංකාදීප, දිනමිණ හා තිනකරන් යන දෛනික පුවත්පත්වල පළ කර ඇති අතර, අදාළ සියලු විස්තර එම පුවත්පත් මඟින් ලබාගත හැකිය.

වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

🚌 GPS තාක්ෂණය පිළිබඳ අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනමගී ප්‍රවාහන සේවාව ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව,...
24/09/2026

🚌 GPS තාක්ෂණය පිළිබඳ අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන

මගී ප්‍රවාහන සේවාව ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව, බස් රථ ධාවනය GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය හා කළමනාකරණය කිරීම පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින් වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් 2026 සැප්තැම්බර් 22 දින දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත අධ්‍යයන චාරිකාවක නිරත විය.

මෙහිදී දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන GPS බස් රථ නිරීක්ෂණ පද්ධතිය, එහි ක්‍රියාකාරීත්වය, පද්ධති හැසිරීම සහ GPS තාක්ෂණය සමඟ ධාවන කාලසටහන් සම්බන්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගන්නා ලදී.

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ලබාදුන් සුහද පිළිගැනීම සහ දැනුම හුවමාරු කර ගැනීම තුළින්, වයඹ පළාතේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත GPS බස් රථ නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වැදගත් කරුණු රැසක් හඳුනා ගැනීමට හැකි විය.

මෙම අවස්ථාව මඟින් පළාත් දෙකෙහි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් අතර දැනුම, අත්දැකීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමටද අවස්ථාව සැලසිණි.

මෙම වැඩසටහන සඳහා වයඹ පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා, ධාවන කළමනාකරුතුමා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා,සහකාර අධ්‍යක්ෂතුමන ඇතුළු නිලධාරීන් ද සහභාගී වූහ.

Digital Transport • Smart Monitoring • Better Passenger Service 🚌📍

#

🚌 වයඹ පළාතේ බස් රථ සඳහා GPS තාක්ෂණයවයඹ පළාතේ ධාවනය වන බස් රථ සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීම සහ බස් රථ ධාවනය නිරීක්ෂණය කිරීම...
21/09/2026

🚌 වයඹ පළාතේ බස් රථ සඳහා GPS තාක්ෂණය

වයඹ පළාතේ ධාවනය වන බස් රථ සඳහා GPS තාක්ෂණය හඳුන්වාදීම සහ බස් රථ ධාවනය නිරීක්ෂණය කිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් 2026 සැප්තැම්බර් 16 දින වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රොහාන් සමරසිංහ මහතා ,ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්, වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ ධාවන කළමනාකර ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මෙහිදී GPS තාක්ෂණය හරහා බස් රථ ධාවනය වඩාත් කාර්යක්ෂමව නිරීක්ෂණය කිරීම, මගී ජනතාවට වඩාත් විධිමත් හා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා නව තාක්ෂණය යොදාගන්නා ආකාරය හා මේ සදහා බස් හිමියන්ගේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වයඹ පළාතේ මගී ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ තවත් පියවරක්. 🚌📍

මගී ප්‍රවාහන සේවාව ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් අතර තොරතුරු තාක්ෂණය ...
14/09/2026

මගී ප්‍රවාහන සේවාව ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් අතර තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් ප්‍රවාහන කළමනාකරණය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ලෙස, 2026.09.08 දින වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ආරාධනයෙන් මහනුවර බහුවිධ මගී පර්යන්ත ව්‍යාපෘති කාර්යාලය වෙත ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.
මෙහිදී බස් රථ කළමනාකරණ පද්ධතිය (Bus Management System), GPS මගින් බස් රථ නිරීක්ෂණ පද්ධතිය (GPS Monitoring System) සහ බස් රථ මෙහෙයුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳව ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරිතුමිය ඇතුළු නිලධාරීන් ද, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන), ව්‍යාපෘති කළමනාකරු, මහනුවර දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් ද සහභාගී වූහ.
මෙවැනි දැනුම් හා අත්දැකීම් හුවමාරු වැඩසටහන් මගින් පළාත් මට්ටමේ මගී ප්‍රවාහන සේවාවන් නවීකරණය කිරීම, ඩිජිටල් තාක්ෂණය කාර්යක්ෂමව භාවිතා කිරීම සහ වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.
On 08 September 2026, a delegation from the North Western Province Road Passenger Transport Authority (RPTA-NWP) visited the Kandy Multi-Modal Passenger Terminal Project Office, at the invitation of the Chairman of the Central Province Road Passenger Transport Authority.
The visit focused on sharing knowledge and practical experience on the Bus Management System, GPS-based Bus Monitoring System, and bus operations and management.
The program provided a valuable platform for inter-provincial knowledge sharing, collaboration and digital transport innovation, supporting the modernization of passenger transport services.
🤝 Sharing knowledge. Strengthening collaboration. Transforming public transport.
See less

Address

Haalpaara Junction, Negombo Rd
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94373618000

Alerts

Be the first to know and let us send you an email when Road Passenger Transport Authority - NWP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Road Passenger Transport Authority - NWP:

Shortcuts

Share