NPP Matale

NPP Matale

Share

Official NPP Page of Matale District

Photos from NPP Matale's post 20/06/2026

මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පල්ලේකුඹුර මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීම රත්තොට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ සහෝදරියගේ ප්‍රධානත්වයෙන් 2026-06-18 දින සිදු කෙරින.

මෙම අවස්තාව සදහා උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහෝදර සහෝදරියන් හා ප්‍රදේශවාසින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Photos from NPP Matale's post 20/06/2026

මාතලේ උකුවෙල ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධිකරණ කාර්‍යාලයක් ඕවිලිකන්ද කටුඅත්තාමඩ ග්‍රාමයේ විවෘත කෙරින......

මාතලේ උකූවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඕවිලිකන්ද කටුඅත්තාමඩ ග්‍රාමයේ ජාතික ජනබලවේගයේ මහජන සම්බන්ධිකරණ කාර්‍යාලයක් විවෘත කිරීම හා මහජන දිනය රත්තොට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ සහෝදරියගේ ප්‍රධානත්වයෙන් 2026-06-19 දින සිදුකෙරින.

Photos from NPP Matale's post 19/06/2026

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සීගිරිය, දුවන්නාගල යාය මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා දඹුල්ල ප්‍රාදේශීය සභාවෙ උප සභාපති ප්‍රදීප් වසන්ත සහෝදරයා, නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී සහෝදරයා, එල්. අබේසිංහ සහෝදරයා, සරත් විජේතුංග සහෝදරයා ඇතුලු ප්‍රාදෙශීය මන්ත්‍රී සහෝදරවරුන්, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍යය නිළධාරින් සහ ගම්වාසීන් පිරිසක් සහභාගී විය.

මෙම ව්‍යාපෘති සඳහා වැයවන මුදල රුපියල් මිලියන 03 කි.

Photos from NPP Matale's post 19/06/2026

දඹුල්ල මහා නගර සභා සීමවේ අතුපාරයාය සිසිර වත්ත අතුරු මාර්ගය මිලියන 3 ක වියදමින් කැට ගල් අල්ලා සංවර්ධනය කිරීම මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා දඹුල්ල මහා නගරසභාවේ නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී සහෝදරයා, අතුපාරයාය කොට්ටාසයේ නාගරික මන්ත්‍රී කේ.ඩබ්.ජී. විජේරත්න සහෝදරයා සහෝදරයාත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රදීප් වසන්ත සහෝදරයා, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාරියාලය නියොඡනය කරන නිළධාරී මණ්ඩලයද, ප්‍රඡාශක්ති කමිටු සාමාඡිකයන්ද ගම්වාසී පිරිසක්ද සම්බන්ධ විය.

Photos from NPP Matale's post 18/06/2026

🤝 බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාඋල ප්‍රාදේශීය සභාව සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ, නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන අරංගල විහාරස්ථානයේදී අද 2026 ජූනි 18 දින පැවැත්විනි.

මෙහිදී පුද්ගලයන් 300 ට වැඩි ප්‍රමාණයක් සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ප්‍රදානය සිදු කෙරිණි.

මෙම අවස්ථාව සදහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහෝදරයා, නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ශාන්ත සහෝදරයා ඇතුළු මන්ත්‍රී සහෝදරවරු, ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු කාර්‍ය මඩුල්ල සහභාගි විය.

18/06/2026
Photos from NPP Matale's post 18/06/2026

ග්‍රාමිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මල්ගම්මන වසමේ ගලවට මාර්ගය කොන්ක්‍රිට් යොදා සංවර්ධන කිරිම පසුගියදා අරම්භ කරන ලදි.

එහි නිරික්ෂණය සදහා විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදිප් කුමාර මහතා ප්‍රාදේශිය සභා මන්ත්‍රී රංජිත් ප්‍රේමකුමාර මහතා , ප්‍රාදේශිය සභා මන්ත්‍රී සෙනරත් බණ්ඩාර මහතා සහා වසම භාර සංවර්ධන නිළධාරිතුමිය ඇතුලු ප්‍රදේශයේ පිරිසක් සම්බන්ධ විය. (2026.06.15)

Photos from NPP Matale's post 17/06/2026

'නිකසල පුරයක් - සුවබර දිවියක්'

ජාතික ඩෙංගු මර්ධන සතියට සමගාමීව නාඋල ප්‍රාදේශීය සභාව සහ නාඋල පරිසර පොලීසිය එක්ව හඳුනාගත් ස්ථාන පිරිසිදු කිරිම සහ අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් 2026.06.16 වන දින නාඋල නගරයේදී පවත්වන ලදි ..

නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ශාන්ත සහෝදරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහෝදරවරුන් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

Photos from NPP Matale's post 16/06/2026

විල්ගමුව ප්‍රදේශයේ පැරණිම ගම්මාන අතරින් එකක් වන මොරගහඋල්පත පාසල් දූදරුවන්, ප්‍රදේශයේ ජනතාව දිර්ඝ කාලයක් පැවති ප්‍රවාහන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් CTB බස් රථයක් 2026.06.15 වන දින සිට ධාවනයට එකතු කිරීමට කටයුතු කරන ලදි.

මේ සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී Dinesh Hemantha සහෝදරයා, විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති Nishantha Pradeep කුමාර සහෝදරයා, විල්ගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චමින්ද කුමාරසිංහ සහෝදරයා , ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ අධිකාරිතුමා ඇතුළු කාර්‍යමණ්ඩල නිළධාරින් පිරිසක්ද, නාමිණිඔය, මොරගහාඋල්පත ප්‍රාථමික විද්‍යාල දෙකේ විදුහල්පතිවරුන් සහා ප්‍රදේශවාසින් විශාල පිරිසක්ද සම්බන්ධ විය.

Photos from NPP Matale's post 15/06/2026

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ පහල ඇරෑවුල වසමේ තල්ගහ අසල මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, දඹුල්ල ප්‍රාදේශීය සභාවෙ උප සභාපති ප්‍රදීප් වසන්ත සහෝදරයා, නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී සහෝදරයා, ඇරෑවුල වසමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රන්ජිත් දිසානායක සහෝදරයා ඇතුලු ප්‍රාදෙශීය මන්ත්‍රී සහෝදරවරුන්, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍යය නිළධාරින් සහ ගම්වාසීන් පිරිසක් සහභාගී විය.

මෙම ව්‍යාපෘති සඳහා වැයවන මුදල රුපියල් මිලියන 03 කි.

Want your business to be the top-listed Government Service in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Matale