Yatawatta Pradeshiya Sabha

Yatawatta Pradeshiya Sabha Government Services

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න ඔබේ දරුවා වෙනුවෙන් පවත්වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා ඔබේ දරුවාද සම්බන්ද කරන්න.
04/07/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න ඔබේ දරුවා වෙනුවෙන් පවත්වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා ඔබේ දරුවාද සම්බන්ද කරන්න.

යටවත්ත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය 2026 වර්ෂයේ රාජකාරි ආරම්භ ක...
01/01/2026

යටවත්ත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය 2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය 2026.01.01 වන දින ඉතාමත් චාම් අයුරින් චාරිත්‍රානුකූලව ඉටුකල කල අතර
මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබාදීම ඒකායන අරමුණ කර ගනිමින්
ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය
ජාතික රාජ්‍ය සේවා දිවුරුම ලබාදීම සිදු කල අතර ගරු සභාපතිතුමන්,ලේකම් තුමිය, උපසභාපතිතුමන් විශේෂ සුභ පැතුම එක්කරන ලදී...
කිරි ඉතිරවීමේ චාරිත්‍රයට පසුව පිරිත් දේශනයක් පැවැත් වූ අතර සියළු ජනතාවට සෙත් පැතීම සිදු විය.
.

තිරසර සංවර්ධන පුහුණු වැඩසටහන් -2025විමසීම්- 0662247275 (ප.ව 4.45 දක්වා)ප්‍රාදේශීය සභාව යටවත්ත.
17/12/2025

තිරසර සංවර්ධන පුහුණු වැඩසටහන් -2025

විමසීම්- 0662247275 (ප.ව 4.45 දක්වා)

ප්‍රාදේශීය සභාව
යටවත්ත.

09/12/2025

මාතලේ, යටවත්ත ප්‍රාදේශීය සභා
"අයවැය 2026"
වැඩි ඡන්ද 11 කින් සම්මතයි.

මාත⁣ලේ මාතලාපිටිය මාර්ගයේ මාරගස්පිටිය සැලුන් එකට ආසන්න ව මාර්ගය ඉරිතලා ගොස් නාය යෑමේ අවදානමක් මතුවී ඇත....මෙම ස්ථනය මීට ...
27/11/2025

මාත⁣ලේ මාතලාපිටිය මාර්ගයේ මාරගස්පිටිය සැලුන් එකට ආසන්න ව මාර්ගය ඉරිතලා ගොස් නාය යෑමේ අවදානමක් මතුවී ඇත....
මෙම ස්ථනය මීට පෙරද පැතිබැම්ම ගැලවි නාය ගිය ස්ථනයකි...
බර වාහන ධාවනය කිරීමෙන් වලකින්න..
මෙමෙ අයහපත් කාලගුණය පවතින සමයේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න..

නිවේදනය...

ගරු සභාපති,ලේකම්.
ප්‍රාදේශීය සභාව.

27/11/2025

පස්කන්දක් කඩා වැටි මාත⁣ලේ කුරැණැගල මාර්ගය දොබවෙලින් ප්‍රවාහනය මුලුමනින් අවහිරව ඇත.විකල්ප මාර්ග භාවිතා කරන්න..

සියලු ජීවිත සුරක්ෂිත වේවා!

නිවේදනය....

ප්‍රාදේශීය සභා ගරු සභාපති ,ලේකම්

27/11/2025

යම්කිසි ආපදා අවස්වකදී සහය සඳහා 117 ඇමතුම් මැදිරිය අමතන්න.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පරිස්සම් වෙන්න...🙏
26/11/2025

පරිස්සම් වෙන්න...🙏

ශ්‍රී ලංකාවට එන "සෙන්යාර්" සුළි කුණාටු අවදානම සහ දැඩි ගංවතුර අනතුරු ඇඟවීමශ්‍රී ලංකාව මේ වන විට දැඩි කාලගුණික විපර්යාසයකට...
26/11/2025

ශ්‍රී ලංකාවට එන "සෙන්යාර්" සුළි කුණාටු අවදානම සහ දැඩි ගංවතුර අනතුරු ඇඟවීම

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි කාලගුණික විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින නව වායුගෝලීය කැළඹීම හේතුවෙන් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් සහ ගංවතුර තර්ජනයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙම තත්ත්වය හුදෙක් සාමාන්‍ය වැස්සක් නොවන අතර ජාත්‍යන්තර කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන පවා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබීම බරපතල කරුණක් වන බැවින් සියලු දෙනාම දැඩි විමසිල්ලෙන් පසුවීම ඉතා වැදගත් වෙනවා.

මේ වන විට කොමරින් මුහුද සහ ශ්‍රී ලංකාව ආසන්නයේ "INVEST 96B" ලෙස නම් කර ඇති අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තරව තහවුරු වී තිබෙනවා. බෙංගාල බොක්කේ ඇතිවෙමින් පවතින මෙම කාලගුණ පද්ධතිය ඉතා ඉක්මනින් සුළි කුණාටු සංසරණයක් දක්වා වර්ධනය වීමේ ලකුණු පහළ වී ඇති අතර එයට ජාත්‍යන්තර නාමාවලිය අනුව "සෙන්යාර්" යන නාමය ලැබීමට නියමිතයි. මීට පෙර අවධානයට ලක්වූ දකුණු අන්දමන් අසල තිබූ 95B පද්ධතිය දුර්වල වෙමින් පවතින අතරතුර මෙම නව පද්ධතිය බලවත් වෙමින් බෙංගාල බොක්කේ ආධිපත්‍යය පැතිරවීමට පටන් ගෙන ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

කාලගුණ අනාවැකිවලට අනුව නොවැම්බර් 28 සහ 29 යන දිනවලදී මෙම සුළි කුණාටුව උපරිම අයුරින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. වර්තමානයේ මෙහි සුළං වේගය මතුපිට මට්ටමේදී පැයට කිලෝමීටර් 30ක් පමණ වන අතර මුහුදු මට්ටමේ පීඩනය 1008 hPa අගයක පවතින බව ගණන් බලා තිබෙනවා. මෙම පද්ධතිය ක්‍රමයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවට අනුමාන කළත් එහි ගමන් මාර්ගය ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට මෙයින් එල්ල විය හැකි බලපෑම සුළුපටු නොවන අතර තද වැසි සමඟ ජල ගැලීම් තත්ත්වයන් ඇති විය හැකියි.

මෙම හදිසි තත්ත්වය හමුවේ ජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම අත්‍යවශ්‍ය වන අතර ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන අය කල් තියා සූදානම් වීම නුවණට හුරුයි. විශේෂයෙන්ම කදු කර ප්‍රදේශ වල නායයෑම් අනතුරු අඟවා ඇති ප්‍රදේශ වල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් මෙන්න ඉතා ප්‍රවේශම්ව සිටින්න..

යටවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිටින ජනතාව වෙනුවෙන් යටවත්ත ප්‍රාදේශීය සභා අපි ඔබත් සමඟ සිටින බව දන්වමි.. පහත් බිම්වල වෙසෙන ජනතාව කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිතර අවධානය යොමු කළ යුතු වෙනවා. මෙය ස්වභාවික ආපදාවක් බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන නිසි පෙර සූදානමකින් කටයුතු කිරීමෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමටත් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනු ඇති.

ඔබ සුරක්ෂිත කිරීම අපේ යුතුකමක් සේ දකිමි..
ඔබේ සුරක්ෂිත බව අපේ පැතුමයි...🙏

අද දින සිදු වූ අනතුරු දායක තත්වය වැළැක්වීමට කටයුතු කල ගරු සභාපති තුමන් ඇතුලු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය..පහත ඡායාරෑප වලින් ඔබට දැක බලා ගැනීම පිණිස පළ කරමි.

ප්‍රාදේශීය සභා ගරු සභාපති,ලේකම්..

#කුනාටු

Address

Yatawatta
Matale

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Yatawatta Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share