16/05/2026
Brandigala another view
බ්‍රැන්ඩිගල Brandigala
🙏 welcome to Brandigala , a hidden gem in Sri Lanka's central highlands! Come and Explore!!
Known for its stunning mountain vistas, and rich biodiversity, Brandigala is a paradise for nature lovers and adventure seekers alike.
16/05/2026
Brandigala another view
11/05/2026
16/04/2026
Brandigala බ්‍රැන්ඩිගල Brandigala visit matale
14/09/2025
13/08/2025
#බැන්ඩිගල
Brandigala 🇱🇰
මාතලේ.
Location👉
Brandigala
Brandigala
Yatawatta
https://maps.app.goo.gl/BnhV3iakTcpRL4CK8
මාතලේ නගරයේ සිට ඇටිපොල මාර්ගයේ පැමින කන්ද මුදනහි ඇති මැන් මවුන්ටන් හෝටලය අසලින් ඇති අස්ගිරිවත්ත පාරේ ගොස් අස්ගිරිවත්ත බංගලාව අසලින් කෙටි ගමනකින් කන්ද පැයකින් පමණ තරණය කළ හැක. තවද ඇටිපොල දූල්ලෑව පාරේ ඇවිත් තල්ගහගොඩ ගල්ලෙන් විහාරය දක්වා පැමිනිය හැක. මෙම පන්සල අසලින් බ්‍රැන්ඩිගල hike එක පටන් ගන්ඩ පුලුවන්. මෙතන ඉදන් කන්ද මුදුනට යෑමට පැය 3ක් විතර යනවා
හැබැයි දන්න කියන කෙනෙක් ගමේ කෙනෙක් පුලුවන් නම් එක්ක ගෙන යන්න තිබුන නම් හොදයි.මොකද ගොඩාක් දුර යන්න තියෙන නිසා.
වැස්ස නැති දවසක යන්න තියෙනවා නම් ලේසී මොකද ගල් වල උඩට නගිද්දී ලිස්සන නිසා.
කන්ද පටන් ගන්න තැනට යනකන් අඩි පාර තිබුනත් එතනින් එහාට පාර හොයාගෙන යන්න ඕනි.
කඳු නැගීම කියන්නේ හොඳ ක්‍රීඩාවක්. අවාසනාවකට වගේ අපේ රටේ මෙච්චර කඳු තිබිලත් ඉතාම සුළු පිරිසක් විතරයි මේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ. කඳු නැග්ගට විතරක් මදි. ගහට කොළට සතා සිවපාවාට ආදරය කරන්නත් ඕන. (කොහොමත් කඳු නැගීම වගේ දේවල් කරනනේ එහෙම අය තමයි) මාතලේ අපි දන්න සාමාන්‍ය තැන් වගේම ගොඩාක් දෙනෙක් නොදන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
මේ කියන්නේ ඒ අතරින් එක තැනක් ගැන. මේ කන්දට කියන්නේ #බැන්ඩිගල BRANDIGALA කියලා මීටර් 1130 පමණ උසකින් පිහිටා ඇත. බතලේගලට සමාන කමක් පෙන්වන අතර, මාතලේ A9 මාර්ගයේ මාතලේ දෙසට වෙන්නට පිහිටා ඇත. නමුත් එය මාතලේ නගරයට මායිම්ව පිහිටා ඇති විල්ට්ෂයර් / ඇටිපොල කන්ද විසින් සැඟවී ඇත.
මෙම පර්වතය සුප්රසිද්ධ ගවේෂක ගමනාන්තයක් වන නමුත් එහි තොරතුරු ඉතාමත්ම සීමිත වීම අවාසනාවකට කරුණකි .
දැක්ක ගමන් සිත් ඇදගත්තත් මේ BRANDIGALA යන එක ලේසි වැඩක් නෙවෙයි. ගමන තරමක් අමාරු වුනත් ටික ටික කන්ද මුදුනට ගියාම දකින්න ලැබෙන සුන්දරත්වය දැනෙනකොට මහන්සිය නිවිලා යනවා. හාත්පස පේන දර්ශණය පුදුම තරම් සුන්දරයි.මධ්යම කඳුකරය, බ්රැන්ඩිගල ඉහළ පෙදෙස, ඇටිපොල රෝක්, විල්ට්ෂයර් කදු පරාසය , මුකුලුස්ස කදු පරාසය සහ දුම්බර පරාසය (නකල්ස්)
යන කඳු මුදුන් මේ හැම එකක්ම හතර වටින් පෙනෙද්දී පුදුම තරම් ලස්සනයි. ඉතිං මේ හැමදෙයක්ම විදින්න........
අතීත කතාව..
යටත් විජිත සමයේ බ්‍රැන්ඩි පානය සඳහා සුදු ජාතිකයන් එහි ගිය නිසා එයට එම නම ලැබී ඇති බව ගම්වාසින්ගෙන් දැන ගත්තෙමු. ඊට අමතරව පසුගිය කාලයේ පේරාදෙණියට අනුබද්තිත තවත් උද්බිත උද්‍යානයක් ලෙස මෙය වැඩිදියුණු කිරිම ආරම්භකර පසුව පරිසරවේදින්ගේ බලපෑම නිසාත් එය අතහැර දමා ඇත, බෑකෝ කරන ලද මාර්ග, සිටුවන ලද මල් පැල තවමත් එහි ශේෂ වි ඇත, නමත් සැලසුම් කර පරිද එය ඉදි කලේ නම් , අනිවර්යයෙන්ම මෙම ස්ථානය සංචාරක ආකර්ෂන ස්ථානයක් වීමට වැඩි කලක් නොයනු ඇත.
විදේශිකයින් තමන්ගේ විවේක කාලය ගතකිරීමට තෝරාගත් සුන්දර ප්‍රදේශයක් වන බ්‍රැන්ඩි රොක් වෙතට ඒ නම ලැබුනේ වීදෙශිකයින් ඒ තැන “බ්‍රැන්ඩි” පානය කිරීම ට භාවිත කිරීමට යෝදාගත් බව ගැමියන් කියයි. ඊට අමතරව මෙයට “වෙස්මිනිස්ටර් ඇබේ” යන නමත් භාවිතා වෙනවා.
මේ වන විට අවුරුදු 2ක පටන් මෙම ස්ථානය සංචාරකයින්ට ගැලපෙන ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයක් සිදුවෙමින් පවතී. එය බාධක බල පෙරළි හමුවේ නොසැලී ඉදිරියට යෑම ගැන අප සතුටු වෙමු.
මාතලේ සිට මාදිවෙලට ගමන් කලයුතු දුෂ්කර මාර්ගයකින් මාදිවෙල ගම පිහිටා තියෙනවා. විටෙක මීමුරෙටත් වඩා සුන්දර ගැමි පරිසරයක් උරුම කරගත් මාදිවෙල ගම තුල බලන්නට හැකි දේවල් නම් එමටයි. සුන්දර පරිසරය සහ බ්‍රැන්ඩි ගල මුදුනත ට යාම ඔබේ අත්දැකීම් තවත් සුන්දර කරනවා නිසැකයි.
තවද කදු පාමුල ඇති තල්ගහගොඩ ගම්මානයේ පාරම්පරික නර්තන කලාවද, ඒ අසල ඇති උනවෙරුව ගම්මානයේ ලෝකයටම ඇති එකම සේසත් කර්මාන්තය පවතින උනවැරුව #සේසත් ගම්මානය ද ඔබට දැක බලා ගත හැක. තවද අහිංසක ගැමියන්ගේ නිහඩ ජීවිත සමග ඔබට බොහෝ අත්දැකීම් සපිරි ගමනාන්තයක් නොවනුමානය.
👍❤️
#බැන්ඩිගල #ඇටිපොල
#ඇතිපොල
📷 චායාරූප හා පිටපත මුල් අයිති කරැ සතු වේ.
✌️👍
12/08/2025
Brandigala
බ්‍රැන්ඩිගල Brandigala