Rapidnewslk

Rapidnewslk

Share

Rapid News brings you the latest news and updates from around the world. Stay connected with Rapid News for real-time updates

Our team is dedicated to delivering accurate and timely coverage, keeping you informed on the stories that matter most.

02/06/2026

ජීවිතය පරදුවට තබා බේරාගත් ජීවිතය...

02/06/2026

මොනරාගල රෝහලේ නව පස්මහල් මාතෘ හා ශල්‍ය සංකීර්ණය අනිද්දා ජනතා අයිතියට...

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලේ අලුතින් ඉදිකරන ලද පස්මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය එළඹෙන බ්‍රහස්පතින්දා (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

රුපියල් මිලියන 857කට අධික පිරිවැයකින් ඉදිකර ඇති මෙම නව පහසුකම මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව වාර්තා වනවා.

මෙහි බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහා වෙන්කර ඇති අතර, දෙවන සහ තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සිව්වන මහලේ නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට නියමිත බවද සඳහන්.

මෙම ව්‍යාපෘතිය ලක්ෂ පහකට අධික ජනතාවක් වෙසෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද රුපියල් බිලියන 2.9ක සමස්ත ආයෝජනයක කොටසක් බව වැඩිදුරටත් වාර්තා වනවා.

02/06/2026

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු හෙලිකොප්ටර් 10 දිවයිනට...

ඇමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් මුහුදු මාර්ගයෙන් මෙරටට ළඟා වී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, මෙම නව යානා එකතුව ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීමට මෙන්ම එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයක් බවයි.

දිවයිනට රැගෙන ආ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු නිල මෙහෙයුම් සඳහා එක් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටර් යානා ප්‍රධාන වශයෙන් ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර, සෙවීම් සහ ගලවා ගැනීමේ (SAR) මෙහෙයුම් ඇතුළු විවිධ මානුෂීය සහ මෙහෙයුම් කාර්යයන් සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.

02/06/2026

අප රට දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

එදා රජ දවසේ වීරෝධාර පුරවැසියන් ශක්තිමත් හා ආඩම්බර ජන ජීවිතයක් ගත කළත් අද වන විට නිවසේ ආර්ථිකය කඩා වැටී පුද්ගලයන්ගේ ආර්ථිකය කඩා වැටී දශලක්ෂ ගණනකගේ ජන ජීවිත මහපොළවට කඩා වැටී ඇති බවත් අප රට දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් විදේශ සංචිත පවා අඩුවෙමින් යන බවත් අපනයන ක්ෂේත්‍රය පවා දියුණු වීමේ වේගය අඩු වීම නිසා එදා ආරම්භ කළ ඇගලුම් කර්මාන්තශාලා පවා වැසී යන බවත් මේ නිසා තරුණ තරුණියන්ගේ රැකියා අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවත් මෙයට ඇති ප්‍රධානම හේතුව ආයෝජක හිතකර පරිසරයක් රටේ නොවීම බවත් ඊට අමතරව රටට ලැබිය යුතු සෘජු විදේශ ආයෝජන පවා රටට අහිමි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

02/06/2026

වැවුරු කන්නල පෙරහැරේ අලි කුලප්පුව..

02/06/2026

කරදියාන කසල අංගනයේ ගින්න නිවීමට ගුවන් හමුදාව මැදිහත් වේ....

02/06/2026

වැඩිම ඩෙංගු ව්‍යාප්තිය කොළඹින්...

01/06/2026

ගෝලීය වශයෙන් තාක්ෂණයේ ඉහළම ප්‍රතිලාභ ලබන සහ ලොව දියුණුම ඩිජිටල් යටිතල පහසුකම් සහිත රටක් වන ස්වීඩනය, සිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ ‘අධි-ඩිජිටල්කරණ’ (Hyper-digitalization) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමට තීරණය කර තිබේ. පන්තිකාමර තුළ මෙතෙක් ...

සම්පූර්ණ විස්තරය https://rapidnews.lk/2026-6-1-1001/

01/06/2026

පල්ලේගම හේමරතන හිමිගේ චෝදනාව පිටුපස සැලසුම් සහගත මඩ ගැසීමක්

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල කර ඇති අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනාත්මක හෙළිදරව්වක් අධිකරණයට ප්‍රකාශ කරන බව සමාජ මාධය ක්‍රියාකරුවකු වන K.I.කුමාරසිංහ මහතා පවසයි.
..

සම්පූර්ණ විස්තරය https://rapidnews.lk/%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b6%9c%e0%b6%b8-%e0%b7%84%e0%b7%9a%e0%b6%b8%e0%b6%bb%e0%b6%ad%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a0%e0%b7%9d/

01/06/2026

ඥානසාර හිමිට එරෙහි, ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුව ජුනි 26 කැඳවීමට නියෝග...

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබන බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාග දිනය නියම කිරීම සඳහා එය ජුනි මස 26 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි 26 වැනිදා නැවත කැඳවන ලෙස නියම කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.

Want your business to be the top-listed Government Service in Nawala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

https://www.youtube.com/@Rapidnewslk-g2h

Address

Depanama
Nawala
10230