Nikaweratiya Base Hospital

Nikaweratiya Base Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nikaweratiya Base Hospital, Nikaweratiya.

නිකවැරටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය සේවාව තවත් ශක්තිමත් වෙයි… නිකවැරටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය සේවාවන් තවදුරටත් නවීන තාක්...
28/09/2026

නිකවැරටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය සේවාව තවත් ශක්තිමත් වෙයි…

නිකවැරටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය සේවාවන් තවදුරටත් නවීන තාක්ෂණයෙන් ශක්තිමත් කිරීම සඳහා වටිනා නවීන අක්ෂි ශල්‍ය උපකරණ දෙකක් රෝහල වෙත ලැබී ඇත.

Phacoemulsification Machine
Operating Microscope

ආසියානු සංවර්ධන අරමුදලේ (Asian Development Fund) මූල්‍ය ප්‍රතිපාදන යටතේ ලැබුණු මෙම උපකරණ දෙකෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 45කට (කෝටි 4.5කට ) අධිකය.

මෙම නවීන උපකරණ හරහා ප්‍රදේශයේ ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ නවීන අක්ෂි ශල්‍ය සේවාවක් ලබාදීමට තවදුරටත් හැකියාව ලැබෙනු ඇත.

ජනතාවගේ සුවය වෙනුවෙන් තවත් එක් වැදගත් පියවරක්…

Base Hospital Nikaweratiya

“ඔබ වෙනුවෙන්… ඔබේ සෞඛ්‍යය වෙනුවෙන්…”

රෝහල වෙනුවෙන් කළ ඔබගේ සේවය සදා අමරණීයයි… පින් පමුණුවා කෘතගුණ සලකමු.නිකවැරටිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයක...
25/09/2026

රෝහල වෙනුවෙන් කළ ඔබගේ සේවය සදා අමරණීයයි…
පින් පමුණුවා කෘතගුණ සලකමු.

නිකවැරටිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින්, රෝහලේ දියුණුව හා සුබසාධනය වෙනුවෙන් තම වටිනා කාලය, ශ්‍රමය සහ සහයෝගය නොමසුරුව ලබාදුන් අභාවප්‍රාප්ත සුදත් ආලෝක බණ්ඩාර මහතා වෙනුවෙන් තෙමස් පින්කම 2026.09.22 දින නිකවැරටිය මූලික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

රෝහල වෙනුවෙන් එතුමා කළ අමිල සේවයත්, රෝහලේ දියුණුව වෙනුවෙන් දැක්වූ කැපවීමත් කෘතවේදීව සිහිපත් කරමින්, එතුමා වෙනුවෙන් දානමය පින්කමක් සංවිධානය කිරීමටත්, එම උතුම් පුණ්‍යකර්මයට රෝහලක් ලෙස දායක වීමටත් හැකිවීම අප ලද භාග්‍යයක් ලෙස සලකමු.

රෝහල් සංවර්ධන කමිටුවේ මැදිහත්වීමෙන් පැවැත්වූ මෙම පින්කම සඳහා රෝහල් වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු වෛද්‍යවරුන්, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්, නිකවැරැටිය මූලික රෝහලේ හිටපු ශල්‍ය විශේෂඥ වෛද්‍යය වජිර ජයසිංහ මහතා සහ රෝහල් සංවර්ධන කමිටුවේ වර්තමාන සාමාජිකයන් ද සහභාගී වූහ.

මෙය නිකවැරටිය මූලික රෝහල් පරිශ්‍රය තුළ පැවැත්වූ ප්‍රථම සාංඝික දානමය පින්කම වීම මෙන්ම, රෝහල් සංවර්ධන කමිටුවේ අභාවප්‍රාප්ත සාමාජිකයකු වෙනුවෙන් රෝහල් පරිශ්‍රය තුළ දානමය පින්කමක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව වීමද සුවිශේෂී වේ.

මෙහිදී අභාවප්‍රාප්ත සුදත් ආලෝක බණ්ඩාර මහතාට මෙන්ම අභාවප්‍රාප්ත සියලුම රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන්ට පින් අනුමෝදන් කරමින්, වර්තමානයේ රෝහල් සංවර්ධන කමිටුවේ කටයුතු කරන සියලුම සාමාජිකයන්ටත්, රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන ලදී.

විශේෂ ස්තූතිය..!

මෙම උතුම් පින්කම සාර්ථක කරගැනීම සඳහා දානමය කටයුතු මනා ලෙස සංවිධානය කළ වසන්ත මහතා, ගාමිණී මහතා ඇතුළු කණ්ඩායම වෙත අපගේ විශේෂ ස්තූතිය පිරිනමමු.

එමෙන්ම, මෙම පින්කම සාර්ථක කරගැනීම සඳහා කැපවීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ රෝහල් සංවර්ධන කමිටුවේ සියලුම ගරු සාමාජිකයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

මෙම උතුම් අවස්ථාවේ සුන්දර මතකයන් කැමරා කාචයට හසුකර ගනිමින් සුරැකීමට දායක වූ චාමර මහතාට ද විශේෂ ස්තූතිය පුද කරමු.

මෙම උතුම් පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින් අභාවප්‍රාප්ත සුදත් ආලෝක බණ්ඩාර මහතාටත්, අභාවප්‍රාප්ත සියලුම රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන්ටත් අත්වේවා!

රෝහල වෙනුවෙන් කළ ඔබගේ අමිල සේවය සදා අමරණීය වේවා.!

සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ හා සෙත් ශාන්තිය උදාවේවා..!

තෙරුවන් සරණයි!

නිකවැරටිය මූලික රෝහලට නව ගිලන් රථයක්! 2026.09.22 දින පස්වරු 1.00ට, ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස වයඹ පළාතේ රෝහල් සඳහා ලබාදු...
23/09/2026

නිකවැරටිය මූලික රෝහලට නව ගිලන් රථයක්!

2026.09.22 දින පස්වරු 1.00ට, ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස වයඹ පළාතේ රෝහල් සඳහා ලබාදුන් ගිලන් රථ 03 අතරින් එක් වටිනා ගිලන් රථයක් නිකවැරටිය මූලික රෝහල වෙත නිල වශයෙන් ලැබුණි.

මෙය අප රෝහලේ හදිසි ප්‍රතිකාර හා රෝගී ප්‍රවාහන සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබුණු මහඟු සම්පතකි.

මෙම සුවිශේෂී අවස්ථාව තවත් ආශිර්වාදවත් කරමින්, ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය විසින් නව ගිලන් රථයට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කිරීම සිදුකෙරිණි.

මෙම වටිනා සම්පත නිකවැරටිය මූලික රෝහල වෙත ලබාදීමට කටයුතු කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා මහත්මිය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉනෝකා වීරසිංහ මහත්මිය ඇතුළු ඒ සඳහා කැපවී සහය වූ සියලුම නිලධාරීන් වෙත නිකවැරටිය මූලික රෝහලේ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ජපාන රජයටත්, මෙම වටිනා පරිත්‍යාගය සෞඛ්‍ය සේවාවට එක් කිරීමට දායක වූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය!

නව ගිලන් රථයක්…
නව බලාපොරොත්තුවක්…
ජීවිත සුරැකීමට තවත් ශක්තියක්!

නිකවැරටිය මූලික රෝහල
ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් තවත් ශක්තිමත්ව ඉදිරියට...

නිකවැරටිය රෝහලේ සංවර්ධන ගමනට තවත් සුවිශේෂී පියවරක්… 2026 සැප්තැම්බර් මස 03 වන දින, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය  වෛද...
21/09/2026

නිකවැරටිය රෝහලේ සංවර්ධන ගමනට තවත් සුවිශේෂී පියවරක්…

2026 සැප්තැම්බර් මස 03 වන දින, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මිය ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය වෛද්‍ය ඉනෝකා වීරසිංහමිය සහ පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මූලික රෝහල නිකවැරටිය වෙත විශේෂ සංචාරයක නිරත වූහ.

මෙම සංචාරයට සමගාමීව රෝහලේ සංවර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් විය.

“මිතුරු පියස” උපදේශන ඒකකය විවෘත කිරීම

රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය මානසික හා උපදේශන සහාය වඩාත් සුහදශීලී පරිසරයක ලබාදීමේ අරමුණින් සකස් කළ “මිතුරු පියස” උපදේශන ඒකකය මෙහිදී විවෘත කරන ලදී.

මෙම ඒකකයේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා Wayamba Laboratory සහ Digasiri Laboratory විසින් ලබාදුන් වටිනා පරිත්‍යාගය සහ සහයෝගය අපගේ විශේෂ කෘතවේදීත්වයෙන් සිහිපත් කරමු.

රෝහල් නාම පුවරුව විවෘත කිරීම

මූලික රෝහල නිකවැරටිය සඳහා නව නාම පුවරුවක් ලබාදීමට කටයුතු කළ ඉම්රාන් මහතා වෙත අපගේ විශේෂ ස්තුතිය පුද කරමු.

“සංඛතන මණ්ඩපය” විවෘත කිරීම

රෝහලේ අභ්‍යන්තර සේවා පුහුණු වැඩසටහන් (In-service Training), අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන්, කාර්ය මණ්ඩල වෘත්තීය සංවර්ධන වැඩසටහන්, සාකච්ඡා සහ අනෙකුත් ආයතනික වැඩසටහන් සඳහා වැදගත් පහසුකමක් වන “සංඛතන මණ්ඩපය” ද මෙහිදී විවෘත කරන ලදී.

අක්ෂි ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳ විශේෂ අවධානය

මෙම සංචාරයේදී මූලික රෝහල නිකවැරටිය තුළ අක්ෂි ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, ප්‍රදේශයේ ජනතාවට වඩාත් පුළුල් අක්ෂි සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

එමෙන්ම රෝහලේ වර්තමාන සංවර්ධන කටයුතු, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන පුනරාවර්තන ගැටලු හා අවශ්‍යතා සහ රෝහලේ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවද වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙවැනි සංචාර සහ සාකච්ඡා තුළින් පවතින අභියෝග හඳුනාගෙන, ඒවාට විසඳුම් සෙවීමටත්, රෝහලේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාගැනීමටත් වටිනා අවස්ථාවක් උදා වේ.

රෝහලේ සංවර්ධනය වෙනුවෙන් දායක වූ සියලුම පරිත්‍යාගශීලීන්ටත්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

එක්ව… පියවරෙන් පියවර…
ජනතාවට වඩාත් ගුණාත්මක, සුහදශීලී සහ මානුෂීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් අපි ඉදිරියටම යමු.

අපේ රෝහල වෙනුවෙන් කළ වටිනා පරිත්‍යාගයට හෘදයාංගම ස්තුතියක්… නිකවැරටිය මූලික රෝහලේ නව නාම පුවරුව සකස් කර ස්ථාපනය කිරීම සඳහ...
18/09/2026

අපේ රෝහල වෙනුවෙන් කළ වටිනා පරිත්‍යාගයට හෘදයාංගම ස්තුතියක්…

නිකවැරටිය මූලික රෝහලේ නව නාම පුවරුව සකස් කර ස්ථාපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් පරිත්‍යාග කරමින්, අප රෝහලට අභිමානවත් නව පෙනුමක් ලබාදීමට දායක වූ 3 Mobile හි හිමිකරු, රෝහල් කමිටු සාමාජික ගරු නිෂාම් ඉම්රාන් මහතා වෙත නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

එසේම මෙම කර්යය සම්බන්දීකරනය සිදුකරමින් සහ තම දායකත්වය ලබාදුන් අප රෝහලේ සියලු කාර්යයන් සදහා සෑම විටම අනුගාකත්වය ලබාදෙනු ලබන රෝහල් කමිටු සාමාජික ව්‍යපාරික රිස්වාන් මහතාටත්නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
අප රෝහලක් යනු ගොඩනැගිලි සහ උපකරණ පමණක් නොව, එය වටා එක්වන මිනිසුන්ගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය මත තව තවත් ශක්තිමත් වන ස්ථානයකි.

ඔබතුමා විසින් ලබාදුන් මෙම පරිත්‍යාගය අප රෝහලේ අභිමානයට එක් කළ වටිනා දායකත්වයක් වන අතර, එය දිගු කලක් අප සැමගේ මතකයේ රැඳෙනු ඇත.

රෝහල වෙනුවෙන් ඔබ කළ මෙම උතුම් මෙහෙවරට නැවතත් අපගේ ගෞරවනීය ස්තුතිය!

නිකවැරටිය මූලික රෝහලේ
වෛද්‍ය අධිකාරීතුමා සහ සමස්ත කාර්ය මණ්ඩලය

10/09/2026
10/09/2026

බබෙක් ලැබෙන්න රෝහලට පැමිණෙන විට මේ ටිකත් දැනගෙන එන්න…

දරු ප්‍රසූතිය කියන්නේ අම්මා කෙනෙකුගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. ඒ අත්දැකීම වඩාත් සුරක්ෂිතව සහ පහසුවෙන් ගත කරන්න, රෝහලට පැමිණීමට පෙර මේ කරුණු ගැන දැනුවත් වී සිටීම වැදගත්.

රෝහලට ඇතුළත් වීමේදී…
• රෝහලට පැමිණි පසු කළ යුතු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය
• රැගෙන ආ යුතු වෛද්‍ය වාර්තා හා ලේඛන
• මවගේ සහ දරුවාගේ අවශ්‍ය භාණ්ඩ
• හදිසි අවස්ථාවකදී යා යුතු ස්ථානය පිළිබඳ දැනුවත් වීම

ලියාපදිංචිය හා වාට්ටුවට ඇතුළත් වීම
ඔබගේ තොරතුරු නිවැරදිව ලබාදීම, පෙර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කිරීම මවගේ සහ දරුවාගේ ආරක්ෂාවට ඉතා වැදගත්.

වාට්ටුවේදී…
වාට්ටුවේ පවතින නීති හා ක්‍රමවේද පිළිපදින්න.

• වාට්ටුවේ පිරිසිදුකම හා නිශ්ශබ්දතාව ආරක්ෂා කිරීම
• පැමිණෙන අමුත්තන් සඳහා ඇති සීමාවන් පිළිපැදීම
• මවට සහ අනෙකුත් මව්වරුන්ට පෞද්ගලිකත්වය ලබාදීම
• දරුවාගේ ආරක්ෂාව සඳහා ලබාදෙන උපදෙස් අනුගමනය කිරීම
• වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ලබාදෙන උපදෙස් පිළිපැදීම

අම්මාගේ ආරක්ෂාව අපේ ප්‍රමුඛතාවයයි.
රෝහලේ සෑම ක්‍රියාවලියක්ම මවගේත්, බිළිඳාගේත් ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

ඔබ දැනුවත් නම් — ඔබේ දරු ප්‍රසූති අත්දැකීම වඩාත් පහසු වේ.

ඒ නිසා…
“බබෙක් ලැබෙන්න රෝහලට එන ඔබ, මේ ටිකත් දැනගෙන එන්න.”

මේ වීඩියෝව ඔබේ ගර්භණී මිතුරියකට, සහෝදරියකට හෝ පවුලේ කෙනෙකුටත් Share කරන්න.

දැනුවත් මවක් — සුරක්ෂිත මවක් — සුරක්ෂිත බිළිඳෙක්.

28/08/2026

අතීතය අපට පාඩමක්…
වර්තමානය අපේ වගකීමක්…
අනාගතය අපේ ඉලක්කයයි.

මෑතකදී අප විසින් පළ කළ සටහනකට ලැබුණු ඔබගේ ප්‍රතිචාර අපි ඉතා අවධානයෙන් කියවුවෙමු.

ඒ අතරින් බොහෝ දෙනෙකු වසර කිහිපයකට පෙර — ඇතැම් අත්දැකීම් වසර 5කටත් වඩා පැරණි — සිදුවීම් අප සමඟ බෙදාගෙන තිබුණි.

ඔබ එදා අත්විඳි දේ අපට අද වෙනස් කළ නොහැක.
නමුත් ඒ අත්දැකීම් අපට අමතක කළ යුතු දේවල් නොව, ඉගෙනගත යුතු පාඩම් බව අපි විශ්වාස කරමු.

අද අප සිටින්නේ එදා සිටි තැනම නොවේ.

අපේ රෝහල පියවරෙන් පියවර වෙනස් වෙමින් පවතී.

කාර්ය මණ්ඩලයේ
සන්නිවේදන කුසලතා,
ආචාරශීලී හැසිරීම,
රෝගියාට සවන් දීම,
කරුණාවෙන් සහ ගෞරවයෙන් සත්කාර කිරීම,
රෝගී කේන්ද්‍රීය සත්කාරය,
වඩාත් ඉහළ ප්‍රමිතියකට ගෙන ඒම සඳහා මේ වසර ආරම්භයේ සිටම විවිධ වැඩසටහන්, පුහුණු සහ අධීක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කරමින් සිටිමු.

වෙනසක් එක රැයකින් සිදුවන්නේ නැත.
නමුත් සෑම දිනකම ගන්නා කුඩා නිවැරදි පියවර, හෙට විශාල වෙනසක් බවට පත්වේ.

ඒ නිසා ඔබගේ අත්දැකීම අපට ඉතා වැදගත්.

ඔබට වර්තමානයේදී — මේ වසර තුළ — අපගේ සේවාව සම්බන්ධයෙන් අමිහිරි අත්දැකීමක් තිබුණා නම්, කරුණාකර එය නිහඬව ඔබ සමඟ රැගෙන නොයන්න.

QR Code Complaint System
Suggestion Boxes
Public Day

හරහා එය අප වෙත දැනුම් දෙන්න.

ඔබ ලබාදෙන නිවැරදි තොරතුරු අපට ගැටලුව හඳුනාගැනීමට, එය විශ්ලේෂණය කිරීමට සහ අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට උපකාරී වේ.

මන්ද, කළමනාකරණයට සෑම තැනකම සිදුවන සෑම දෙයක්ම තමන්ගේ ඇස්වලින් දැකගත නොහැක.

ඔබ අපට කියන විට පමණක්, අපට නොපෙනෙන තැනක් පෙනෙන්නට පටන් ගනී.

අතීතයේ අත්දැකීම් අපි ගෞරවයෙන් පිළිගනිමු.
වර්තමානයේ අඩුපාඩු හඳුනාගනිමු.
අනාගතය වඩාත් යහපත් කිරීමට එකට වැඩ කරමු.

අපේ ඉලක්කය පැමිණිලි නැති රෝහලක් නොවේ.

පැමිණිල්ලක් ලැබුණු විට එයින් ඉගෙනගෙන,
වෙනස් වී,
වඩා හොඳ සේවාවක් ලබාදෙන රෝහලක් වීමයි.

ඔබේ හඬ අපට චෝදනාවක් නොවේ…
එය අපේ ඊළඟ පියවරට මඟ පෙන්වන ආලෝකයකි.

අපි වෙනස් වෙමින් සිටිමු.
පියවරෙන් පියවර…
ඔබ වෙනුවෙන්.






අලුත් මව්වරුන් වෙත උණුසුම් පිළිගැනීමක්… දරු ප්‍රසවයෙන් පසු වාට්ටුවට පැමිණෙන ඒ මොහොත…අම්මාගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක ආර...
27/08/2026

අලුත් මව්වරුන් වෙත උණුසුම් පිළිගැනීමක්…

දරු ප්‍රසවයෙන් පසු වාට්ටුවට පැමිණෙන ඒ මොහොත…
අම්මාගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක ආරම්භයයි.

ඒ නිසාම අපි ඇයව හුදෙක් “නව රෝගියෙකු” ලෙස නොව,
ජීවිතයක් ලෝකයට තිළිණ කළ “අම්මා කෙනෙකු” ලෙස පිළිගනිමු.

අපගේ හෙද සොයුරිය සෑම අලුත් මවක්ම පෞද්ගලිකව මුණගැසෙමින්,

“දැන් ඔබට කොහොමද?”
“කිසියම් අපහසුතාවක් තිබෙනවාද?”
“ඔබට ලැබුණු ප්‍රසව සත්කාරය ගැන ඔබට දැනුණේ කොහොමද?”
“අපට තවත් කළ හැකි දෙයක් තිබෙනවාද?”

යනුවෙන් ඇයගේ වේදනාවටත්, බියටත්, සතුටටත්… ඇයගේ හඬටත් සවන් දෙයි. 🤍

මන්ද…

දරුවෙකුගේ උපත සමඟ උපදින්නේ එක් ජීවිතයක් පමණක් නොවේ.
එදින අලුත් “අම්මා” කෙනෙකුත් උපදියි.

ඒ අලුත් අම්මාට ආදරයෙන්, ගෞරවයෙන් සහ සුරක්ෂිත බවකින් පිරුණු පළමු පිළිගැනීම ලබාදීම අපගේ වගකීමයි.

අපගේ සත්කාරය අවසන් වන්නේ දරු ප්‍රසවයෙන් නොවේ…
අම්මාගේ සිනහව නැවත පැමිණෙන තුරු අපි ඇය සමඟ සිටිමු.

Welcome, New Mothers…
ඔබේ පුංචි සිඟිත්තා සමඟ අපේ පවුලට ඔබත් උණුසුම්ව පිළිගනිමු.

25/08/2026

දරු උපතට පෙර සූදානම්ද?

රෝහලට ඇතුළත් වන දිනය ළං වෙද්දී ඇතිවන සතුටත්, පුංචි කලබලයත් අතරේ… “මොනවාද අරගෙන යන්න ඕනේ?” කියන ප්‍රශ්නය හැම අම්මා කෙනෙකුටම තියෙනවා.

දරු උපත සඳහා රෝහලට පැමිණීමට පෙර අවශ්‍ය ඇඳුම් සහ භාණ්ඩ නිවැරදිව සූදානම් කරගන්නා ආකාරය පිළිබඳව, අපගේ හෙද සොයුරිය කුසුම් දිසානායක මහත්මිය විසින් ඔබට වටිනා උපදෙස් රැසක් ලබාදෙයි.

🧳 අම්මාට අවශ්‍ය දෑ
👶 පුංචි පැටියාට අවශ්‍ය දෑ
🧼 පිරිසිදුකම හා සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය දෑ
📑 රෝහලට රැගෙන ආ යුතු වැදගත් ලේඛන හා අනෙකුත් දෑ

කලින්ම සූදානම් වීමෙන්, රෝහලට ඇතුළත් වන මොහොත වඩාත් පහසු, සන්සුන් සහ සතුටුදායක අත්දැකීමක් කරගත හැකියි.

මෙම වැදගත් උපදෙස් සියලුම අනාගත මව්වරුන් සමඟ බෙදාගන්න.

#දරුඋපතටසූදානම්වෙමු #මව්වරුන්සඳහා

Address

Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when Nikaweratiya Base Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share