30/09/2026
නිවිතිගල ප්‍රාදේශීය සභාවට අයත් ඇලපාත බල ප්‍රදේශය තුළ වසම් මට්ටමින් සිදු කරන ලද ස්ථාවර වත්කම් සමික්ෂණය පලාවෙල ග්‍රාම නිලධාරී වසම තුළ ඉතා සාර්ථකව සිදු කිරීමට හැකි විය.
එම අවස්ථාව සඳහා නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අජිත් නාවලගේ මහතා, ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී සුනිල් ශාන්ත ගුණතිලක මහතා, වසම නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමිය, පෙර පාසල් පාලිකාතුමිය සහ ස්වේච්ඡා සමිති වල නිලධාරී මහතුන් සහභාගී විය.
හඳුනා ගත් ස්ථාන නිරීක්ෂණය සඳහාද ගරු සභාපතිතුමා සහභාගී වූ අතර එම ස්ථාන සම්බන්ධයෙන් ඉදිරි පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව එතුමා සඳහන් කරන ලදී.