14/04/2026
නැවුම් හිරු කිරණකින්
හද නිවී සැනසෙන්න
පැතුම් මල් පීදෙමින්
සුභ සිහින ඉටුවෙන්න...✨
දිනෙන් දින දිවිමගේ
ජයඝෝෂා වැඩිවෙන්න
නැවුම් පැතුමන් ඔබේ
සෙනෙහසින් ජයගන්න...✨
නොනගතේ නිහඩ බව මැද
නව ඇරඹුමක් දකින්නට
කැවුම් කිරිබත් රස පරදමින්
අප බැදීම් මිහිරි වන්නට...✨
ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🏻💕
තෙවන වසර,
කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය,
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.