04/09/2026
උසස් ගුණාත්මයෙන් යුතු අලිපේර පැළ නිෂ්පාදනය සහ අලිපේර පැළ සහතිකකරණය සදහා ප්රභේද හදුනා ගැනීමේ පුහුණු වැඩසටහන ඉතා සාර්ථකව නිමා විය.
දේශීය පලතුරු වගාව ඉහළ නැංවීම සදහා සාර්ථක බද්ධ පැළ නිෂ්පාදනය කර ප්රමිතිය සහතික කරණ ලද පැළ පාරිභෝගික ගොවීන් වෙත ලබාදීමේ අරමුණින් අලිපේර වගාවේ ප්රභේද වෙන්කර හදුනා ගැනීම සහ බද්ධ පැළ නිෂ්පාදනය පිළිබද න්යායාත්මක සහ ප්රායෝගික පුහුණු වැඩසටහනක් 2026.08.10 වන දින පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
“අලිපේර ප්රභේද හදුනා ගැනීම සහ ගුණාත්මක බද්ධ පැළ නිෂ්පාදනය” යන තේමාව යටතේ අලිපේර ප්රභේද ලක්ෂණ හදුන්වා දීම, අලිපේර වගාව ආරම්භයේ සිට අස්වනු නෙලන අවස්ථාව දක්වා තාක්ෂණික කරුණු පිළබදව න්යායාත්මක දැනුවත් කිරීම පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේ, නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ, ආචාර්යය චන්ද්රාණි අභයගුණසේකර මහත්මිය විසින් සිදු කරන ලදී.
පුහුණු වැඩසටහනේ ප්රායෝගික පුහුණුව පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේ තවානේදී සහ මව්ශාක උද්යානයේදී සිදු කරන ලද අතර පර්යේෂණ සහකාර දේවිකා වරකාඋල්ල මහත්මිය මව් ශාක ප්රභේද රූපීය ලක්ෂණ අනුව වෙන් කර හදුනා ගැනීම, කප්පාදු කිරීම, රෝග පළිබෝධ පාලනය, පිළිබද ප්රායෝගිකව දැනුවත් කරන ලදී.
තවාන්භාර නිළධාරී නලීන් සෙනෙවිරත්න මහතා අලිපේර ග්රාහක පැළ නිෂ්පාදනය, බද්ධය සදහා රිකිලි තෝරා ගැනිම, බද්ධ කිරීම, පැල දැඩි කිරීම, පිළිබදව ප්රායෝගික පුහුණුව ලබාදුන් අතර සහභාගී වූවන් හට පැළ බද්ධ කිරීමේ සහ කප්පාදු කිරීමේ ප්රායෝගික අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සලසාදෙන ලදි.
මෙම එක්දින පුහුණු වැඩසටහනේ පුහුණු ලාභීන් ලෙස බීජ සහතික කිරීමේ සේවයේ නිළධාරීන් සහ තවාන් ක්ෂේත්රයේ මේ පිළිබද උනන්දුවක් දක්වන තවාන් හිමියන් 100 දෙනෙකු සහභාගී වූ අතර බීජ සහතික කිරිමේ සේවයේ බහුවාර්ෂික බෝග අංශයේ අංශ ප්රධානී, නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ, ආචාර්යය අනූෂා සිරිවර්ධන මහත්මියගේ උපදේශකත්වය සහ මග පෙන්වීම යටතේ බහු වාර්ෂික බෝග සහතික කිරීමේ අංශය සහ බීජ සහතික කිරීමේ පුහුණු අංශය එක්ව සංවිධානය කරන ලද මෙම පුුහුණු වැඩසටහන තවාන් හිමියන්ගේ ඇගයීමට ලක්විය.