Divisional Secretariat Thanamalwila

Call Website Contact the organization

Divisional Secretariat Thanamalwila ආයුබෝවන්.!!
Welcome..!!
வணக்கம்..!!
🙏🙏
මේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල Facebook පිටුවයි

24/09/2026
පළාත් පාලන සතිය නිමිත්තෙන් තණමල්විල ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද තණමල්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් රාජ...
21/09/2026

පළාත් පාලන සතිය නිමිත්තෙන් තණමල්විල ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද තණමල්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් රාජ්‍ය ආයතනයන්හි සහභාගීත්වයෙන් පවත්වන ලද ක්‍රිකට් (පිරිමි) හා එල්ලෙ (කාන්තා ) තරඟාවලිය 2026.09.18 දින තණමල්විල පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහිදී කාන්තා එල්ලෙ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායමට හැකි වූ අතර එහි අනු ශූරතාවය තණමල්විල ප්‍රාදේශීය සභාව හිමි කර ගන්නා ලදි.

පිරිමි ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය ප්‍රාදේශීය සභා කණ්ඩායමත්, අනුශූරතාවය තණමල්විල කලාප කාර්යාලය විසිනුත් හිමි කර ගන්නා ලදි.

කාන්තා එල්ලෙ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම පිළිගැනීම සඳහා ඉතා කෙටි පිළිගැනීමේ උත්සවයක් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඔබ සැමට අපගේ සුභාශිංසන පිරිනමමු.!!

තණමල්විල යොවුන් සේනාංකය සිසුන් හට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2026.09.15 දින බෝදාගම යොවුන් සේනාංකයේදී  සාර්ථකව පවත්වන ලද...
16/09/2026

තණමල්විල යොවුන් සේනාංකය සිසුන් හට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2026.09.15 දින බෝදාගම යොවුන් සේනාංකයේදී සාර්ථකව පවත්වන ලදි.

2026.09.15 වන දින උස්ගල විහාරස්ථානයේ දී  ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමියන් දෙපලගේ සහභාගීත්වයෙන් සායන වැඩසටහනක් සාර්ථකව ...
16/09/2026

2026.09.15 වන දින උස්ගල විහාරස්ථානයේ දී ප්‍රජාසෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමියන් දෙපලගේ සහභාගීත්වයෙන් සායන වැඩසටහනක් සාර්ථකව සිදු කෙරිණි.

පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2026 -11 වන අධියර ,මූලික දැනුවත් කිරීමේ වැඩසටහන 2026.09.11 දින වැල්ලවාය මහින්ද රාජ්පක්ෂ...
16/09/2026

පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2026 -11 වන අධියර ,මූලික දැනුවත් කිරීමේ වැඩසටහන 2026.09.11 දින වැල්ලවාය මහින්ද රාජ්පක්ෂ සම්මන්ත්‍රණ ශාලාවෙදි පවත්වන ලදි.

🎓 උසස් පෙළ සමත් වූ ඔබට සුබ ආරංචියක්! – සෑමට උපාධියක්! 🎓ඔබේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මග කියන 'පොලී රහිත ශිෂ්‍ය ණය යෝජන...
16/09/2026

🎓 උසස් පෙළ සමත් වූ ඔබට සුබ ආරංචියක්! – සෑමට උපාධියක්! 🎓

ඔබේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මග කියන 'පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය - 2026 (11 වන අදියර)' පිළිබඳ මූලික දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් දෙකක් පැවැත්වේ.

✨ රජයේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල 16කට වැඩි ප්‍රමාණයකින් පාඨමාලා 120කට අධික සංඛ්‍යාවක් හැදෑරීමට මෙයින් ඔබට අවස්ථාව හිමිවේ.

📅 දිනය: 2026 සැප්තැම්බර් 18

📍 පළමු වැඩසටහන:

වේලාව: පෙ.ව. 10.00 ට

ස්ථානය: කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී

📍 දෙවන වැඩසටහන:

වේලාව: දහවල් 1.00 ට

ස්ථානය: සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී

🗣️ ඔබේ අනාගතය වෙනුවෙන් ලැබෙන මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා! උසස් පෙළ සමත් ඔබේ යහළුවන් අතරත් මෙම පණිවිඩය Share කරන්න.

ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන 2026/09/13 දින කොටවෙහෙරමංකඩ හා තණමල්විල පිහිටවු මධ්‍යස්ථාන දෙකකදී දහම් පාසල් 30 ක...
16/09/2026

ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන 2026/09/13 දින කොටවෙහෙරමංකඩ හා තණමල්විල පිහිටවු මධ්‍යස්ථාන දෙකකදී දහම් පාසල් 30 ක ළමුන් 800 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වී ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.

16/09/2026

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියර සදහා සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි!

🎓 උසස් පෙළ සමත් ඔබට නොමිලේ උපාධියක් – පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (2026)රජයේ අනුමත නොමිලේ/පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රම...
16/09/2026

🎓 උසස් පෙළ සමත් ඔබට නොමිලේ උපාධියක් – පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (2026)
රජයේ අනුමත නොමිලේ/පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමය යටතේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික විශ්වවිද්‍යාල 16ක පාඨමාලා 120කට අධික ප්‍රමාණයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව!
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කරන මූලික දැනුවත් කිරීමේ වැඩසටහන් 5ක් දිස්ත්‍රික්කය පුරා පැවැත්වේ.
අයදුම් කිරීමට අවම සුදුසුකම්:
2023, 2024, හෝ 2025 වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට සමත් වී තිබීම (අවම S 3).
සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා අවම ලකුණු 30 ලබා තිබීම.
අ.පො.ස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත් වී තිබීම (අවම S).
අයදුම්කරුගේ වයස 2026 සැප්තැම්බර් 27 දිනට වයස අවුරුදු 25 හෝ අඩු වී තිබීම.
වැඩසටහන් කාලසටහන:
2026 සැප්තැම්බර් 11 වන දින (පෙරවරු 10:00)
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය
වැල්ලවාය මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය
බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2026 සැප්තැම්බර් 18 වන දින
පෙරවරු 10:00: කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දවල් 1:00: සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ලියාපදිංචි වීම සහ වැඩිදුර තොරතුරු:
පැමිණීම තහවුරු කිරීමට: https://forms.gle/BGoRygWnkFZ9Q8Fc7 සබැඳිය හරහා හෝ රූපයේ ඇති QR කේතය භාවිත කරන්න.
WhatsApp සමූහයට එකතු වීමට: 0718218276 අංකයට "Student lone" ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
විමසීම්: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී හමුවන්න.

Address

Divisional Secretariat
Tanamalwila

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472234038

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Thanamalwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Thanamalwila:

Shortcuts

Share