Ceylon.buzz

Ceylon.buzz

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon.buzz, .

22/02/2026

11/01/2026

A journey to Ella takes you through winding mountain roads, misty tea plantations, and scenic train routes offering stunning views of waterfalls and valleys. Perfect for adventure seekers and nature lovers, it’s an escape into Sri Lanka’s serene hill country. 🚂🌄🌿

28/12/2025

හෙළයේ කෝකිලාවිය ජීවන රඟ මඩලට සමුදෙයි
ඔබේ හඬ, අපේ රටට දෙවියන් දුන් පඬුරක්...
හෙටත් ඔබ අපිට රැජිණක්..!


05/12/2025

අගය කල යුතු මිනිසුන් කඩුවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක J.K.G. හේවගේ Respect Sir 🫡🫡🙏


Ceylon.buzz

10/09/2025

මහ පුදුමෙකි, මලක මලකි☝ බඩේ හංගන් හිටිය අයියා.

1963 දී ඉන්දියාවේ උපන් සංජු භගත් ගොවියෙක්. තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරගෙන යද්දි ඔහුගේ උදරය අමුතුවෙන්ම ලොකු වෙන්න මටන් ගත්තා. මුලින්ම ඒ ගැන ඔහු එච්චර ගණන් ගත්තේ නෑ.
ඒත් කාලයත් එක්කම බඩ එන්න එන්නම ලොකු උනා.

අවුරුදු විසිගණන් ඉවර වෙන්න ලන් වෙද්දි බඩ තව තව විශාල වෙලා, ඔහුට ඇවිදින්නත් හුස්ම ගන්නත් අමාරු වෙලා ගියා. ඒත් එයා මේක ගනකට ගත්තේ නෑ. අවුරුදු 36ක විට මේ රූපේ පේන ගානටම වගේ බඩ ලොකු වෙලා, ඇගේ ලේ එහෙම ටික ටික අඩුවෙන්න ගත්තා. ඇවිදිද්දි හුස්ම ගන්න අමාරු ගතිය එන්න ගත්ත නිසා මෙයාම hospital එකකට යන්න තීරණය කලා.

➡️ ඩොක්ටර්ලා මුලින්ම හිතුවේ මේක massive tumour එකක් කියලා. ඒ කියන්නේ වර්ධනය වන විශාල ගෙඩියක් කියලා.
🩺 ඔප්පරේෂන් කරනකොට ලැබුණේ shocking news එකක්.

➡️ Tumour එකක් නෙවෙයි, සංජුගේ නිවුන් සහෝදරයා එයාගේ බඩ ඇතුලෙම එයා එක්ක ජීවත් වෙලා තිබුණා! 😱

➡️ මේක විද්‍යාත්මකව “Foetus in Fetu” කියන super rare condition එකක්. සංජුගේ නිවුන් සහෝදරයාගේ අත්, කකුල්, නියපොතු, කෙස් විතරක් නෙමේ දත් වගේම හක්කේ අස්ථි පවා හොදට වර්ධනය වෙලා තිබ්බා. මේ කලලය පරපෝෂිතයෙක් වගේ තමා වැඩකරන්නේ

➡️ Operation එකෙන් පස්සේ සංජු යතා තත්වයට පත්වුනා
➡️ නමුත්, ඔහුගේ නිවුන් සහෝදරයා ඔහුගෙන් ඉවත් කළ පසු, පැය කිහිපයකින් මියගියා.
- Copied -

05/09/2025

ඇඳිවත පිටින් සහයට පැමිනි මිනිසුනේ.....
නියම මනුස්සකම පෙන්නපු උඹලට ජාතියේ උත්තමාචාරය...🙏🙏🙏

31/08/2025

වීරපුරන් අප්පුට දඬුවම් දිමට පෙර පවුම් 100 යට ඔත්තු දුන් අයට සුද්දා පළමුව දඬුවම් කලේ ඇයි?

පුරන්අප්පු වීරයෙකු සේ බැබළෙමින් සිටියේ නැත. ඔහු වීරයකු සේ වැඩකළ මිනිසෙකි. පොඩි මිනිහාට අසාධාරණකම් කරන ලොකු මිනිසුන්ට වෛර කළ පුරන්අප්පු, වරක්‌ ඩෝසන් නමැති සුදු නඩුකාරයාගේ නිවස මංකොල්ල කෑවේය. එසේ කළේ දුප්පත් මිනිසෙකුගේ නඩු විභාගය සුදු නඩුකාරයා හරිහැටි නොකිරීම නිසාය. මංකොල්ලකෑ කිසිවක්‌ම පුරන්අප්පු තමන් සතු කරගත්තේ නැත. ඔහු කොල්ලකෑ සියල්ල බෙදා දුන්නේ දුප්පතුන්ටය. එහෙත් ඉංග්‍රීසින්ට මේ ශ්‍රී ලංකා රොබින්හුඩ් මහත් හිසරදයක්‌ විය. ඉංග්‍රීසිහු පුරන්අප්පු අල්ලා හිරේ දැම්මාහ. පුරන්අප්පු යකඩ කූරු ගලවාගෙන හිරෙන් පැන ගියේය. යළිත් හිරගත කෙරිණි. හේ යළිත් පැන්නේය. ඉනික්‌බිති ඉංග්‍රීසින්ට පුරන්අප්පු අල්ලාගත නොහැකි විය. මිනිස්‌සු පුරන්අප්පු පාවා නුදුන්හ.

ඉංග්‍රීසින්ට දාමරිකයකු වුවද සිංහල පොදු ජනයාට පුරන්අප්පු වීරයෙක්‌ විය. 1846 වර්ෂය ඉංග්‍රීසින්ට අපල කාලයක්‌ විය. කෝපි වගාවට සෑදුණු වසංගත රෝගයක්‌ හේතුවෙන් ඉංග්‍රීසි රජයේ ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට විය. රටේ ආර්ථිකය පවත්වාගෙන යැමට ඉංග්‍රීසීහු විවිධාකාර බදු පනවන්නට වූහ. සාප්පු, බෝට්‌ටු සහ කරත්ත ව්‍යාපාර කරගෙන යන අයගෙන් වසරකට පවුම් 1 ක බද්දක්‌ද, තුවක්‌කුවක්‌ සඳහා සිලිම් 1 1/2 ක බද්දක්‌ද, බල්ලෙක්‌ සිටී නම් සිලිමක බද්දක්‌ද රජයට ගෙවන ලෙස නියම කරන ලදී.

මේ බදු අතරින් ඉතාම පීඩාකාරී බද්ද වූයේ ඇඟ බද්දයි. පවුලක පිරිමියා විසින් ඇඟ බද්ද යනුවෙන් සිලිම් 3 ක බද්දක්‌ රජයට ගෙවිය යුතු විය. දුප්පත් ගැමි ජනතාවට සිලිම් තුනක්‌ සොයා ගැනීම ඉතා අපහසු කරුණක්‌ විය. සිලිම් 3 ක ඇඟ බද්ද නොගෙවන්නේ නම් දින 6 ක්‌ පාරේ වැඩ කළ යුතු විය.

ජනතාව හෙම්බත් කළ මේ බදු නිසා ජනතා විරෝධය බුර බුරා ඇවිලෙමින් තිබුණි. ඊට නායකත්වය දුන් නායකයන් අතර කැපී පෙණුනු නායකයා පුරන්අප්පුය.

බදු වලින් මිරිකෙමින් සිටි දුගී ජනයා පුරන්අප්පු වටා රොක්‌ වන්නට වූහ. මේ වන විට ඔහු සිටියේ මාතලේය. කරෝ අප්පු සහ දීනිස්‌ නමින් ඔහුට විශ්වාසවන්ත එමෙන්ම නිර්භීත සගයන් දෙදෙනෙක්‌ද විය. ඒ දෙදෙනාද එකතු කරගත් පුරන්අප්පු ජනයා රැස්‌ කරගෙන මාතලේ අවට සුද්දන්ට අයිතිව තිබූ කෝපි වතු ගිනි තබන්නට විය.

මාතලේ බැප්ටිස්‌ට්‌ පල්ලියට බරපතල හානි සිදුකළ පුරන්අප්පු මාතලේ හිරගෙදර කඩා සිරකරුවන් එළියට ගත්තේය. සුද්දන්ගේ තානායමට, නිල නිවාසවලට පහර දෙද්දී සුද්දොa පළාගියහ. අන්තිමේදී සුද්දන්ගෙන් හිස්‌වූ මාතලේ නගරයේ නායකයා වූයේ පුරන්අප්පුය.

මාතලේ ඉංග්‍රීසි කඳවුර භාරව සිටි කපිතාන් වොට්‌සන් සිය සේනාංකයද කැටිව මහනුවරට පසු බැස්‌සේ අතිශයින් ලැඡ්ජා සිතිනි. පුරන්අප්පු පසුවූයේ ජයග්‍රාහී සිතිනි. ඔහු සිටියේ සුද්දාට දිගටම පහර දෙන්නේ කෙසේදැයි කල්නා කරමිනි. ආරක්‍ෂිත ස්‌ථානයක්‌ වශයෙන් රැය ගත කිරීමට ඔහු තෝරා ගත්තේ වාරියපොළ තැනකි.

රාත්‍රිය එළැඹෙත්ම ඔහුගේ සටන් සගයෝ ඔහු වටා වාඩිලාගෙන සාමීචියේ යෙදී සිටියහ. ඒ අතර බැද්දගේ අල්විස්‌ සහ හේවා හකුරු සමඟ තත් හත්දෙනකුද මේ ආරක්‌ෂිත ස්‌ථානයේ වාඩිලාගෙන සිටියහ. ඒ පිරිස පුරන්අප්පු සමඟ දැන හැඳුනුම්කම් ඇති අය බැවින් සැකයක්‌ නොවීය.

බොහෝ රෑ බෝවීමෙන් අනතුරුව පුරන්අප්පු සගයන්ගෙන් වෙන්වී වෙනත් ආරක්‌ෂිත ගල් ලෙනකට ගියේ නිදාගනු පිණිසය. බැද්දගේ අල්විස්‌ පුරන්අප්පු යන පාර දෙස හොඳින් බලා සිටියේය.

කළුවරෙහි මේ නොපෙනී යන්නේ අල්ලා දුනහොත් පවුම් 100 ක්‌ ගත හැකි වටිනා මිනිසෙකි.

බැද්දගේ අල්විස්‌ නිදා ගත්තේ නැත. එළිවන පැයේදී තමා සමඟ පැමිණි සෙසු සත්දෙනා සමඟ හෙමි හෙමින් පුරන්අප්පු නිදා සිටි ගල් ගුහාවට ළංවූහ. පුරන්අප්පු තවමත් නින්දේය.

එක පොදියට පැනගත් පිරිස සෙලවෙන්නට වත් ඉඩක්‌ නොතබා පුරන්අප්පු අල්ලා ගත්හ. වැල්පොටවල්වලින් තදකොට බැන්දාහ.

මහනුවරට පළාගොස්‌ සිටි කැප්ටන් වොට්‌සන් මේ ආරංචියෙන් උඩ පනිමින් සිනාසුණේය. නවදෙනාගේ කල්ලිය පුරන්අප්පු මහනුවරට ගෙන ආවේ පවුම් සීයේ අති විශාල ත්‍යාගය පිළිබඳ සිහින මවමිනි.

එහෙත් සිදුවූයේ අනිකකි.

"මුං මුන්ගෙ නායකයා පාවා දුන්නා නම් කොයි වෙලාවක හරි අපිවත් පාවාදෙයි. එසේ කී මහනුවර පාලක සුද්දා බැද්දගේ අල්විස්‌ හා හේවා හකුරු දෙදෙනා ද හිර භාරයට ගන්නා ලෙස නියම කළේය

පාවා දෙන්නන්ට ලැබුණු ත්‍යාගය එපමණකි.

පුරන්අප්පුට එරෙහි නඩු විභාගය ඉතා කෙටි එකක්‌ විය. සුද්දන්ට වුවමනා වී තිබුණේ නඩු විභාග කරන්නට නොව ඉක්‌මනින් පුරන්අප්පු ඉවරයක්‌ කර දමන්නටය.

"නුඹලා පුරන්අප්පුට යුද්දෙදි උදව් කරල තියෙනවා. එ aවරදට දඬුවම උඹලා දෙන්නා අවුරුදු දාහතරකට රටින් පිටුවහල්...."

යුද්ධාධිකරණ ලොක්‌කා මේජර් ඇµa. ලුෂින්ටන් පළමුවර දඬුවම දුන්නේ පවුම් 100 කට පුරන්අප්පු අල්ලා දුන් බැද්දගේ අල්විස්‌ට සහ හේවා හකුරුගේටය.

ඊළඟට ලුෂින්ටන් හැරුණේ පුරන්අප්පු දෙසටය.

"උඹට අවසන් වතාවට යමක්‌ කියන්න තියෙනවද..."

"මගේ අම්මා මං වගේ තව දහදෙනෙක්‌ වැදුවා නම් මේ රටේ එක බිම් අඟලක්‌ අයිති කරගන්න පර සුද්දන්ට ඉඩ තියන්නෙ නෑ..."

පුරන්අප්පු එසේ කියනවාත් සමඟම "මූට වෙඩි තියාපල්ලා" යෑයි යුද්ධාධිකරණ නායකයා කෑගෑවේය.

වහාම වෙඩි තැබිණි. පුරන්අප්පු දළදා මාළිගාව දෙසට හැරී දෝත් මුදුන් දී වැඳගෙන මැරී වැටුණේය.

වයස අවුරුදු 36 සපිරෙද්දී ශ්‍රී ලංකාවේ නිදහස පතා සටන් කළ වීරයෙකුගේ අවසානය එසේ සිදුවිය.

ඉංග්‍රීසින් තුළ මේ තරුණ වීරයා කෙරෙහි ගෞරවයක්‌ තිබුණි. ඉංග්‍රීසීන්ගේ මාතලේ සුසාන භූමිය පිහිටුවා තිබුණේ මැක්‌ඩෝවල් බලකොටුව තුළය. එහි ඔහු සමඟ වෙඩි තබා ඝාතනය කළ එකොළොස්‌ දෙනකුගේ මළසිරුරු පේළියට තැන්පත්කොට ඒවා මතුපිට කෙටි ගල්කණු සිහිවටන වශයෙන් තබන්නට තරම් ඉංග්‍රීසිහු කාරුණික වී ඇත. එම ගල්කණු පේළියේ තුන්වැනි ගල තබා ඇත්තේ පුරන්අප්පුගේ සොහොන මතය. අදටත් aමාතලේ සුසාන භූමියේ පුරන්අප්පු සොහොන දැකිය හැක.

අනිත් යුතුකම ඉෂ්ට කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගය අසබඩ වාරියපොළ නම් කුඩා ගම්මාන සීමාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරන්අප්පු ස්‌මාරකයක්‌ පිහිටුවා තිබේ. මෙම ස්‌මාරකය පිහිටුවා ඇත්තේ පුරන්අප්පු පවුම් 100 කට ගිජුව ඔහුව අල්ලා දුන් ස්‌ථානයේ බව සැළකේ.

සුරේෂ් රත්නායක. Suresh Rathnayaka
උපුටා ගැනීමකි.

07/08/2025

රිතික් රෝෂන්ට "ග්‍රීක් ගෝඩ්" (Greek God) නාමය පටබැදුනේ කොහොමද?

රිතික්ට ග්‍රීක් ගෝඩ් ලෙස මිනිසුන් කියන්න පටන්ගන්නේ ඔහු රඟපෑ ජනප්‍රිය චිත්‍රපටියක් වූ Dhoom 2 (2006) චිත්‍රපටියෙන් අසුව බවයි සඳහන් වෙන්නේ..

ඒ වගේම චිත්‍රපටියේදී ඔහු එක්තරා අවස්ථාවක ග්‍රීක පිළිරුවක් සේ පෙනී සිටින කොටසක් තිබෙනවා සේම ඔහුගේ නග්න උඩුකය සහිත දසුන් වැඩි වශයෙන් ආකර්ශනීයව මුල්වරට තිරයේ දකින්නට ලැබුනේත් Dhoom 2 චිත්‍රපටියේදීම තමයි.. සමහර විට මේ හෙතුව නිසාත් මේ නම ප්‍රචලිත වන්නට ඇති...

මේ හේතුව මුල්කරගෙන ඔහුගේ පෙනුමේ තිබූ ආකර්ශනයත් සමග මේ නාමය ස්ථීරව මිනිසුන් රිතික්ට කියන්නට පටන්ගෙන තිබෙනවා.

ඒක ඉතින් වරදකුත් නැති සුරතල් නාමයක් බවනම් කියන්නම ඕන..☺️❤️

05/08/2025

"සැබෑ ප්‍රේමවන්තයන් නිහඬ පූර්වාදර්ශයකයන් ය. ඔවුන් පෙනුමින් රළු විය හැකිවුවත් හදවතින් බොහෝ මෘදු ය. ඔවුන් ප්‍රේමය ඔප්පු කරනුයේ වදනින් නොව ක්‍රියාවෙනි. ඔවුන්ගේ භාෂාව කරුණාවයි. පරාර්ථය අර්ථ ගන්වා ලොව වඩා හොඳ තැනක් බවට හැඩ ගස්වන්නේ ඔවුන් ය. නිරතුරු ඇස නොගැසී, සැබෑ ප්‍රේමවන්තයින් අප අතර නිහඬව ජීවත් වේ."
-Libraria-

"True lovers are silent role models. Though their appearance may seem rough, their hearts remain tender. They prove love through actions, not words. Their language is compassion. With selflessness, they bring meaning to life and help shape the world into a better place. Often unnoticed, true lovers live quietly among us."
-Libraria-

01/08/2025

මේක ලියන්නෙ
පිරිම්න්ව නොතේරුන ගැහැනු
ඔයාලට.....
පිරිම් හිතකට
සැහැල්ලුවෙන් ඉන්න
දෙන්න....
හැබැයි හැම පිරිමි හිතකටම නෙවෙයි
මේ කියන වගකීම් දරන
හිතකට...

මොකද,
පිරිම් කියන්න පවුලේ වගකීම් ,
රස්සාවේ වගකීම් ,
දෙමව්පියන්ගෙ වගකීම්
රාශියක් ඔළුවේ තියාගෙන ඉන්න
කොටසක්.......

මේ හැමදේකින්ම හෙම්බත්
වෙලා ඉන්න ඔහු හොයන්නෙ
එයාට සැනසිමක් දැනෙන
තැනක්
ඉතින් ,
එයාට වෙන කවුරුත්ම ගාව
දැනෙන්නේ
නැති සැහැල්ලුවක් ඔයා ගාව
දැනෙනවා
එකයි ,
ප්‍රශ්න මොහොතකට පැත්තක තියලා
පුංච් දරුවෙක් වගේ
ඔයාගෙ පපුවට ගුළි
වෙන්න දගලන්නෙ
ඔයත් එක්ක මොහොතකට තනිවෙන්න
දගලන්නෙ.....

ඉතින් ,
එහෙම සැනසිමක් හොයන
මනුස්සයෙක්ට
ආදරේ දෙන්න......
ප්‍රශ්න අහන්න එපා.....
සපෝට් කරන්න ඒයාට ඒ මොහොත
හරි ප්‍රශ්න අමතක කරලා
සතුට්න් ඉන්න.....

පිරිම් තමන්ට හම්බ වෙන
හැම ගැණියක් එක්කම බු/දි/යන්න
යන්නෙ නෑ.....
සැනසිම හොයන්න යන්නෙත්
නෑ...
මේ ලෝකෙ
ඉන්න
ලස්සනම ඒ/කී ගෙනත්
ඉස්සරහින් තිබ්බත් වැඩක්
වෙන්නෙ නෑ.....
තේරුම් ගන්න ,
පිරිම් පපුවට ඕන දැනෙන එ/කී
විතරයි......❤️

🍃උපුටා ගැනීමකි

Photos from Ceylon.buzz's post 01/08/2025

එංගලන්තේ 🇬🇧 සිට කොලඹට 🇱🇰 බස් සේවයක් තිබුනා කියලා දැනන් හිටියද..?
👇👇
'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව

දින 42 ක් - කිලෝමීටර් 20,000 ක් ........🌏🇱🇰🇬🇧
ලොව දෙවැනි දීර්ඝතම බස් රූට් එක...

🔃 ගමන් මාර්ගය :
Dover - Dunkirk - පැරිස් - වැනීසිය - ඉස්තාන්බුල් - ටෙහෙරාන් - කාබුල් - ලාහෝර් - දිල්ලි - රාමේෂ්වරම් හරහා කොළඹ

එංගලන්තයේ Penn Overland Tours සමාගම විසින් 1959-08-17 දින මෙම Dover - කොළඹ බස්රථ සේවය ආරම්භ කර ඇත.

කාර්යමණ්ඩල සාමාජිකයින් 4 දෙනෙක් සහ මගීන් 10 දෙනෙකු එක් ගමන් වාරයක් සදහා ඇතුළත් විය.
ගමන සදහා එක් අයෙකුගෙන් £78 ක් (රු. 32, 930) අය කර තිබුණි.
එය වර්තමානයේදී ගතහොත් £2300 කට (රු. 970, 000) ආසන්න ගණනකි.

ගමන් කාලය පුරාවටම බස්රථය තුළදීම ආහාර පාන පිළියෙළ කරගෙන ඇති අතර, මගීන් සදහා කුඩා නිදන ඇදන්, විදුලි පංකා සහ heaters සහිත විය.

එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්ථානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.

ඒ වන විටත් ලොව දීර්ඝතම බස්රථ සේවාව වූ ලන්ඩන් - කොල්කටා බස් සේවාව Albert Tours ආයතනය විසින් ආරම්භ කර තිබූ අතර, ඒ සදහා දින 50 ක් ගතවූ අතර ටිකට්පතක මිල £85 ක් විය. ඔවුන් කොල්කටාවට එන අතරමග ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්හි නතර කරමින්, ඒවා මගීන්ට දැක බලා ගැනීමට අවස්ථාවද සැලසීම නිසා වැඩි ගමන් කාලයක් ගතවූ අතර, ගාස්තුවද වැඩිවිය.

අඩු වියදමකින්, අඩු ගමන් කාලයකින් මගීන්ට සේවාව සැපයීමේ අරමුණින් Penn Overland Tours ආයතනය විසින් මෙම Dover - කොළඹ බස් සේවය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ලන්ඩන් - කල්කටා බස් සේවාව 1976 වසර වන තෙක්ම ක්‍රියාත්මක වී ඇති නමුදු, Dover - කොළඹ බස් සේවාව කොපමණ කලක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව නිශ්චිත සදහනක් නැත.

උපුටා ගැනීමකි.
සියළු ගෞරවය මුල් හිමිකරුට. ❤️💐

30/07/2025

ආදරය කරන්න හැමෝටම පුලුවන් උනත්...
ප්‍රේම කරන්න හැමෝටම බෑ...
හේතුව,
ආදරයේදී අල්ලගන්න සමහරක් දේවල් ප්‍රේමයේදී පමනයි අත්හරින්න පුලුවන්....

Want your business to be the top-listed Government Service?

Telephone

Website