Green Traveler

Green Traveler

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Green Traveler, Colombo.

10/02/2026

Sounds , Effects නැතුව ස්භාවදහම . ඒ natural vibe එක නම් මාරයි 🍃🥺

02/02/2026

මායවරුන්ගේ ලෝකයට යන පාර 🧙‍♂🍃✨

26/01/2026

ලංකාවෙ උසම කදු වැටිය උනු පිදුරුතලාගල කන්දෙන් කඩා හැලෙන මන්දාරම්නුවර තියන ලස්සන දියඇල්ලක් . 🥹🍃

22/01/2026

සිරි පතුල කරුනා කරන්න පුලුවන් මාර්ග 6ක් ☸️. |•හැටන් - නල්ලතන්නි මාර්ගය (7Km) | •රත්නපුර - පලාබද්දල මාර්ගය (12Km) | •කුරුවිට - එරත්න මාර්ගය (13-14Km) | •දැරනියගල -උඩමාලිබොඩ මාර්ගය (12km) | •දෙහෙනකන්ද - මුහුක්කුවත්ත මාර්ගය (14-16Km) | • රාජමලේ - සදගලතැන්න මාර්ගය (5-6Km). 🍃💚 මේ වාරෙත් අනිවාර්යයෙන් යන්න . අරන් ගිය දේවල් අරගෙනම එන්න 😍 🙏

16/01/2026

මුහුදු මට්ටමේ ඉදන් අඩි 7000 ක උසකින් තියන යුනෙස්කෝ ලෝක උරුමයක් වුන සුන්දර Horton plains 🍂💆‍♂

11/01/2026

බලංගොඩ ඉදන් 16Km දුරක් බදුල්ල පැත්තට යනකොට වැඩි සද්ද බද්ද නැති වංගුවක ලස්සන Board එකක් හම්බෙනව 🥹💓. ඉතින් ඒ තමයි බලංගොඩ plantation එකට අයිති නන්පේරියල් වතුයාය..ඉතින් මේ වතුයාය පැත්තට ගියොත් ඔයාට, බෙලිහුල් ඔය 🌊| නන්පේරියල් ඇල්ල 💦 | නන්පේරියල් වතුයාය ☘️| නන්පේරියල් ගම්මානය 🍃| බේකර්ස් බෙන්ඩ් ⛰️ | නැග්රැක් ගම්මානය 🌿 | නග්රැක් බංගලාව 🏡 වගේ places බලාගන්න පුලුවන් . ඉතින් වැසි වාරය ආරම්භයේදී දියඇලි රාශියක්ම සක්‍රිය වෙන මීදුම් පාරාදීසයක් 💆‍♂ තමයි නන්පේරියල් කියන්නෙ . තව හෝර්ටන්තැන්නෙ Worlds end එකත් දැක බලා ගන්න පුලුවන් 😍. ඉතින් බයික් සහ 4 wheel වාහන වලට විතරයි යන්න පුලුවන් වෙන්නෙ . කැමති නම් 4 wheel වාහන hire කරන්නත් පුලුවන් . ඉතින් මේක පෞද්ගලික වතුයායක් නිසා පොඩි මුදලක් අය වෙනව. වාහන වලට (Rs 500 - 1000) වගේ . ගොඩක්ම පහසු බයික් එකක යන එක 🏍️💨. කොලඹ ඉදන් බයික් එකක යනකෙනෙක්ට පාන්දර 4 ට වගේ ගමන පටන් අරන් රත්නපුරට ගිහින් බදුල්ල පාරෙ බලංගොඩ පහු කරන් යනකොට මේ තැනට පැය 4කින් විතර ලගා වෙන්න පුලුවන් . දවසින් ගිහින් එන්න පුලුවන් තැනක් 😮‍💨. කෑම බීම වලටයි තෙල් වලටයි Rs 3000- 4000 ක් වගේ තිබ්බනම් හොදටෝම ඇති. තියන ලස්සනට බඩගින්න ,මහන්සිය වගේ දේවල් දැනෙන්නෙ වත් නැහැ😫. ඉතින් යන්නම ඕන ගමනක් මේක . පුලුවන් නම් මේ ගම්මානෙ ඉන්න මිනිස්සුන්ට පුංචි හරි උදව්වක් කරන්න බලාගෙන යන්න . ලොකු දේවල් නෙමේ පුංචි දේකින් හරි ❤️. මොකද ලස්ස්න වගේම ගොඩක් අමාරු ජීවිත කතා එහෙ තියනවා . පරිසරයෙ ලස්සන විදින ගමන් මනුස්සයෙක්ට පුංචි උදව්වක් කරන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද 😊 💝 . මතක ඇතුව අරන් යන දේවල් අරන් එන්නත් අමතක කරන්න එපා . නැත්තම් යන්නත් එපා 🙏💔. කොහොමහරි මේ ප්‍රදේශය විශේෂයෙන්ම ස්වභාවික සුන්දරත්වය, නිශ්ශබ්ද පරිසරය,කඳුකර දසුන් සහ මීදුම් පාරදීසයක් නිසා සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රියයි. නගරයේ කාර්යබහුල ජීවිතයෙන් ඈත්වෙලා, සන්සුන්ව කාලය ගත කිරීමට කැමති අයට නන්පේරියල් කියන්නේ දිව්‍යලෝකයක් 😍❤️. එගෙනම් Green Traveler දැනට සමුගන්නවා. හැමෝටම වැඩි වැඩියෙන් Travel කරන්න පුලුවන් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා! 🍃. 🏍️💨

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Address


Colombo