18/10/2026
ආදරණීය සුමේධ මල්ලී වෙත.
මල්ලී මට ඊයේ රෑ බාතිය මල්ලි ඉන්න තැනට එන්න උනා.මම හිතුවෙත් නෑ දැම්මම මට මෙහේ එන්න වේවි කියලා.ගොඩාක් අය මට කිව්වේ "මහ ඇතා" "ඇත් රජ්ජුරුවෝ" කියලා නිසා මං හිතුවා වගකිවයුතු අය මාව රකීවි,ආදරෙන් බලාගනීවි කියලා.ඒත් එහෙම උනේ නෑ.ඉස්සර මාව රැකපු සංජුගේ පැවිදි වෙලා ඉන්න මල්ලි බණට කියනවා වගේ හිතනදේ වෙන්නේ නෑ වෙනදේ හිතාගන්නත් බැහැනේ.
එක අතකට උඹ හොඳට මොලේ තියෙන එකෙක් සුමේධ මල්ලී.උඹේ දත කැඩුන වෙලාවේ උඹ කැලේ හැංගිලා තනියම බෙහෙත් කරගෙන තුවාල සනිප කරගත්තා.දැන්නම් මටත් හිතෙනවා බං මටත් එහෙම කරානම් හරි කියලා.
ආ මේ මට කලින් මම හිටපු පැත්තේ රජකරපු සියඹලන්ගමුවේ රාජා අයියත් මෙහේදි මට හමුවුනා.එයානම් කියනවා ආපහු ඒ පැත්ත බලාගෙන කන්නෙ බොන්නෙවත් නෑ කියලා.
සුමේධ මල්ලී අග්බෝ අයියටයි,මහසෙන් අයියටයි එහෙමත් වහන්වෙලා ඉන්න කියපං.වෙනදටත් වඩා පරිස්සම් වෙන්න කියපං එයාලගේ වයසත් එක්ක දැන් වෙනද තරම් දුවලා පැනලා වැඩ කරන්නත් බැහැනේ.
එහෙනම් මල්ලි මං නවතින්නම්.මට ආදරේ කරන මිනිස්සුන්ට කියපං මට වෙච්ච දේ අනිත් අයට වෙන්න දෙන්න එපා කියලා.
උඹලා හැමෝටම තෙරුවන් සරණයි ! Copy