30/10/2022
ජන රැල්ල - jana rella
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජන රැල්ල - jana rella, Political organisation, .
30/10/2022
25/08/2022
කළු කුමාරයාගෙන් නිදන යහනේ උන් සැමියෙක්ට පාපොච්චාරනයක්...
නැඟිටපන් මං තමයි ආදරේ කුමර
බොට වඩා දන්නවා ගෑනුන්ගෙ කඳුළ
අවැසි තැන උණුහුමට හාදුවක් විතර
ගෑනු හිත් පැතුවෙ නෑ සුරඅන්ත යතුර..
මල්සරා උගෙ දුන්න ඒකිගෙන් හංගද්දි
අත ගත්ත ඇගෙ එකා වෙන ගෑනු නළවද්දි
තෙත් වෙන්න ඕනි තැන් ගිනි ගගහ වේලෙද්දි
ගෑනු මට ළංවුනේ ආදරේ හිස් වෙද්දි...
පරාගණයට පහු වෙච්ච මල්
දිහා නෑ මල්සරා බැලුවේ..
ලස්සනම මල් වලින් විතරයි
රොන්ගන්න උබලත් ඇහැව්වේ..
පාළු මූසිල සළු ඉරාගෙන
එහෙව් හිත් වල පිනුම් ගැහුවේ..
කළු යකා මං තොපිට වැඩියෙන්
දරුණු චුට්ටයි හත්තිලව්වේ...
කෙවෙනි විතරක් නෙවෙයි මල්වල
සිනිඳු පත්පෙති තියෙනවා..
ඒක දැන දැන පිරිමි උබලා
කෙවෙනි මත්තෙම නහිනවා..
රොන්ගන්න මොහොතකට විතරක්
මලට ඇවිදින් වහනවා..
මං එහෙම නෑ තොවිලෙ වෙනකන්
හදවතේ ඇගෙ නිදනවා..
දොළහ වෙද්දිම ආවෙ උබගේ
ගෑනි මත්තට වැහෙන්න..
හෙමින් රිංගුවෙ ඒකිගේ මං
හද උයන් දොර අරින්න..
පාළු සොහොනක් තනිකරම ඒ
පොට්ටුවක් නෑ පිපෙන්න..
උයන්පල්ලෝ ඒකෙ පැත්තක්
පටන් අරගෙන දැවෙන්න...
ගෑනු හිත්වල ලොකු හිස්තැනක්
ආදරේකට තියෙනවා..
අන්න ඒ තැන කලින් කාලෙට
ලස්සනම මල් පිපෙනවා..
මල් පිපෙන්නැති නියං කාලෙට
උන්ට කාලිල වැහෙනවා..
එහෙව් කාලෙත් පෙම් කරාපන්
පතොක් මල් හරි දරනවා...
කතා අහවර ඉතින් හිතවත
අවසරයි මට හැරෙන්න
ඉරුණු මේකිගෙ හදවතට උබ
හාදු මැස්මක් දමන්න
කඳුළු එනකොට පපුව දීපන්
ඈට ඒ ටික පිහින්න
හිස් හදක් මට කතා කරනවා
යනව ඒකිට වැහෙන්න..
- නිදුකි -
16/08/2022
පුටිං ඩොලරයේ ඉරණම වෙනස් කරයි ද? | Chandima Wijegunawardhane ෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම.....
16/08/2022
බුද්ධ පුතුන් buddha puthun
