බුද්ධිමත් සංවාද - Meaningful Conversations

බුද්ධිමත් සංවාද - Meaningful Conversations

Share

අර්ථවත්, හර්දයාංගම කතා බහක් සඳහා,
මනුෂ්‍යත්වය අගයන, සහෘද මිනිසුන් යා කෙරෙන සබුද්ධික අවකාශය.

Photos from ගුරු වදනක් - Guru Wadanak's post 06/05/2022

💔 අම්ම විවාහ නොවේවා..! 😥

චීනෙ ඇමරිකාව ඉන්දියාව වගේ රටවල්...
අම්මව කරකාර බඳින්නට එනවලු පොරවල්...
කපු කම කරනව කියන්නෙ අපෙම රටේ පරයන්...
මේවා ඇහෙනකොට අම්මේ හදවත එයි කකියන්... ❤️‍🔥

කරකාරෙට උඹව ගන්න තරඟෙට එයි අම්මේ...
මේ හැමෝම මගෙ අම්මට කෙල හලනව අම්මේ...
උඹෙ බූදලෙ වටිනාකම උන් දන්නවා අම්මේ...
කසාද උරුමය දුන්නොත් අපෙ කරුමය අම්මේ... 🥺

තේරුණාට මම පොඩියිනෙ කවුරු නම් අහන්නේ...
මම කිව්වට කවුද මේවා කනකටවත් ගන්නේ...
මේ ගැන හරියට හොයන්න උන්ටමයි කියන්නේ...
කපු ගාස්තු ලැබෙනවනම් උන් අම්මත් දෙයිනේ... 😤

කවුරුන් කරකාර ගියත් බාප්ප නොවැ අම්මේ...
අපිටත් බලනව කියලයි ඔලුව අත ගාන්නේ...
බාප්පලගෙ සැලකිලි ගැන අපි දන්නව අම්මේ...
උඹ අස්සන ගැහුවොත් හෙම අපිට මොකද වෙන්නේ... ☠️

අම්මට ආදරේ කරපු තාත්තා දුටුගැමුණු...
ගොන්ගාලේගොඩ බණ්ඩල වීර පුරන් අප්පු...
උඹල කොහෙද පියවරුනේ දෙව් ලොවද සිටින්නේ...?
ඉන්න තැනක ඉඳල ඇවිත් අප ගලවාපන්නේ...! 🔥⚔️

⚡️ නිර්මලා දමයන්ති - ගුරු වදනක් (04/05/2022)

Inspired by: the work of
Chapa Nidahas,
Chapa Chapabandara

Photos from ගුරු වදනක් - Guru Wadanak's post 04/04/2022
03/04/2022

The limits of tyrants are prescribed by the endurance of those whom they oppress.
 Man’s greatness consists in his ability to do and the proper application of his powers to things needed to be done.

Power concedes nothing without a demand. It never did and it never will…☝️

- Frederick Douglass -

👹🤡💩 - දෙසිය විසි පහම බැහැලා පලයන්නේ -🙏✊🖕

දෙදහස් විසි දෙකේ අප්‍රේල් තුන් වෙනිදා...
පීඩිත ජනය පාරට එන්නට සිතුවා...
මුහුණු පොතෙන් මේ ගැන කතිකා කෙරුවා...
පාලකයින්ට වෙන්නට යන දේ පෙනුනා... 🌪🌊

වගකිවයුත්තො හට නම් දැන් තරු පෙනිලා...
පනිවිඩ හුවමාරු ක්‍රම ඔක්කොම කපලා...
උන්ගේ තියෙන පජාතකම පෙන්වාලා...
මුළු රටටම ඇඳිරි නීති පනවාලා... 👻🌚

"කලවැද්දන් නෙවෙයි අපෙ කුකුළන් කාපු...
එළවන්නට යන්නෙ හොරු ටික රට කාපු..."
කියනවා ඇහුණා කොල්ලෙක් ගමකින් ආපු...
හරියට හරි පුතේ ඒ නම් උඹ කියපු... 👌🔥

මිනිස්සු කන්න නැතුවයි මේ දඟලන්නේ...
පාලකයින්ට නෑ මේවා තේරෙන්නේ...
සාමෙන් විරෝධයකට මයි පිළිපන්නේ...
මුන් කළ දෙයින් මිනිසුන් කුපිත යි වෙන්නේ... 😤🗣

ඉතාම නරක නිමිතියි මතුවී එන්නේ...
මේ විදියට ගියොත් දරුවොයි බිලි වෙන්නේ...
වැඳලා කියමි දෙවියන් ගේ නාමෙන්නේ...
දෙසිය විසි පහම බැහැලා පලයන්නේ... 🙏✊🖕

⚡️ නිර්මලා දමයන්ති - ගුරු වදනක් (03/04/2022)

01/04/2022

💥 වැටුපට මිනී මරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු...
අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පළඳින තරු? 🌟

රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය...
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගනුව...

ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගේ රුදුරු...
වැටුපට මිනී මරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පළඳින තරු...?

මානන ගිණිදණ්ඩ තුළින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින නහර පිනන රස අහරය...
උන්ගේ පහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය...💫⚡️🌈

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: විශාරද නන්දා මාලනී
ගී තනුව: සරත් දසනායක

23/02/2022

🌹 මල් පිපුනේ සුවඳ දෙන්න..., බෑයි කියල බෑ...!
🦅 තටු ලැබුනේ පියාඹන්න..., බෑයි කියල බෑ...!
💪🏽 අත් ලැබුනේ වැඩ කරන්න..., බෑයි කියල බෑ...!
🌏 මේ ලෝකේ කිසිම දෙයක්..., බෑයි කියල බෑ...!

Redesign Your Life with LifeCoach.lk
අපි අපේ ජීවිත කතාව අලුතෙන් ලියමු..!
https://www.lifecoach.lk

22/09/2021

🔥 මේ වෙලාවේ මොලේ පාවිච්චි කරන්න... රූකඩ වගේ නැටවෙන්න එපා..!
"මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා..." කියලා ඔබේ හදවතින් ඔබට කරන ඒ අණනතුරු හැඟවීම නොසලකා හරින්න එපා..! ❤️

🌾 කලින් ස්වභාවිකව හොඳින් වැඩුනු බෝග වර්ග, දැන් රසායනික පොහොර, කෘමිනාශක නැතිව ඵල දරන්නේ නැහැ... ඒවායේ ඇට වලින් නැවත පැල හටගන්නේ නැහැ... 🌱 ගොවියන්ගේ ස්වාධීනත්වය නැති කලාම තමයි සුද්දාගේ බිස්නස් එක සාර්ථක වෙන්නේ...

👨‍🦯 ඔය නොමිලේ දෙනවයි කියන කෘතිම ප්‍රතිශක්තිය ගැන අන්ද විස්වාසයකට, ඇදහීමකට ගියොත්.., ඔබේ ස්වභාවික ප්‍රතිශක්තිය තමයි ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිල... ඉන්පසු ඔබ ජීවිත කාලයටම සුද්දාගේ කලු ව්‍යාපාරයේ යැපෙන්නෙක් වෙනවා... අනුන් කියන කියන පදයට නටන්න වෙන රූකඩයක් වෙනවා... 🐑

🍊 ජාන විකෘති කරපු ඇට නැති ගස්ලබු, ඇට නැති නාරං වගේම... කොන්ද පන නැති, ආත්ම අභිමානයක් නැති, ඇට නැති මිනිස්සු බිහි කරන කුරිරු සැලසුමක ගොදුරක් වෙන්න එපා...! 🍒

https://abhimanaya.org

14/08/2020

🔶 Deep Conversations - Sri Lanka 🔶 බුද්ධිමත් සංවාද 🔶

🔵 වරක් ඔබව රැවටූ කෙනාව නැවත විශ්වාස කරන්න පුලුවන්ද?
🔵 කෙනෙකුව විශ්වාස කිරීමේ හැකියාව ජීවිතයට වැදගත් වන්නේ ඇයි?
🔴 දැන දැන බොරු කියන්න ලැජ්ජා නැති කෙනෙකුව නැවත ඇසුරු කළ යුතුද?

✳️ VIDEO ATTRIBUTION ✳️
The Oprah Winfrey Network.

Buddhimath Sanwada - බුද්ධිමත් සංවාද
How to Trust / Toxic People / Relationships

ඔබව රවට්‍ටපු කෙනාව නැවත ඇසුරු කරන්නේ කෙසේද? How to Trust (බුද්ධිමත් සංවාද - 5) 14/08/2020

ඔබව රවට්‍ටපු කෙනාව නැවත ඇසුරු කරන්නේ කෙසේද? How to Trust (බුද්ධිමත් සංවාද - 5)

🔶 Deep Conversations - Sri Lanka 🔶 බුද්ධිමත් සංවාද 🔶

🔵 වරක් ඔබව රැවටූ කෙනාව නැවත විශ්වාස කරන්න පුලුවන්ද?
🔴 දැන දැන බොරු කියන්න ලැජ්ජා නැති කෙනෙකුව ඇසුරු කරන්නේ කෙසේද?
🔵 කෙනෙකුව විශ්වාස කිරීමේ හැකියාව ජීවිතයට වැදගත් වන්නේ ඇයි?

🔶 ඔබේ අදහස් පහලින් ලියන්න... Comment කරන්න.

ඔබව රවට්‍ටපු කෙනාව නැවත ඇසුරු කරන්නේ කෙසේද? How to Trust (බුද්ධිමත් සංවාද - 5) 🔶 Deep Conversations - Sri Lanka 🔶 බුද්ධිමත් සංවාද 🔶 🔵 වරක් ඔබව රැවටූ කෙනාව නැවත විශ්වාස කරන්න පුලුවන්ද? 🔴 දැන දැන බොරු කියන්න ලැජ්ජ....

24/07/2020

🔶 Deep Conversations - Sri Lanka 🔶 බුද්ධිමත් සංවාද 🔶

🔴 ගැහැනු ළමයින්ට මේකප් නැතුවම බැරිද?
🔵 සමාජය යන රැල්ලට ගහගෙන නොයා, වෙනස් විදිහට හිතන්න ඔබටත් පුලුවන්ද?

🔶 ඔබේ අදහස් පහලින් ලියන්න... Comment කරන්න.

✳️ VIDEO ATTRIBUTION ✳️
Un-Pretty - Short Film. Claire Fraser

Buddhimath Sanwada - බුද්ධිමත් සංවාද
Depression Awareness / Depression in Sinhala / Su***de Prevention

Want your business to be the top-listed Government Service in Melbourne?

Click here to claim your Sponsored Listing.

Location

Address


Melbourne, VIC