08/06/2026
සමහර ප්‍රශ්නවලදී මේ තත්ත්වය හොඳටම පේනවා..
ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැර අන් අයට මේ කතාව සාධාරණය...
එහි නායක තනතුරු දරන බොහෝ දෙනාට මේ කතාව සාධාරණය...
විශේෂයෙන්ම මේජර් ජෙනරාල් සලේ මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණම සම්බන්ධ ප්‍රශ්නයේදී එය ඉතා පැහැදිලිය..
දෙගොලන්ටම ඇත්තේ එකම මතයක් බව පෙනේ..
එය මේ පොළොවේ අපේ ජීවිත ආරක්ෂා කරන්නට මහා කැපවීමක් කළ මිනිසුන්ට මුහුණ දීමට ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳ තත්ත්වය තවත් තීව්‍ර කරන්නකි.
මෙයින් කලකිරීමට පත්ව සිටින විශාල ජනතාවගේ බලාපොරොත්තු වලටද එයින් කරන්නේ අසාධාරණයකි..
සැබවින්ම මෙහි අධිකරණ නියෝගයක් නොමැති නිසා පිළිබඳ අදහස් පළ කිරීම අධිකරණයට අපහාසයක් වීමටද ඉඩ නැත..
සමහර කතෝලික පූජකයන් මේ ප්‍රශ්නයේදී කෙතරම් බලපෑම් මැදිහත්වීම් කරාදැයි රහසක් නොවේ..
නමුත් මහා නායක හිමිවරුන් ඇතුළු බලපෑමක් කළ හැකි ප්‍රධාන නායක හිමිවරුන්,
දැඩි කලකිරවන සුළු ක්‍රියාවලියක් හමුවේ දක්වන ඇල්මැරුණු නිහඬතාවය
මෙන්ම මේ ප්‍රශ්නයේදී ප්‍රධාන විපක්ෂය දැඩි නිහඬතාවයක් පෙන්වන අතර අනෙකුත් පක්ෂවලින් ද ඒ සම්බන්ධයෙන් දක්වන විරෝධය ගැම්මක් ඇති එකක් නොවේ...
L De Alwis
07/06/2026
අනුර කුමාර දිසානායක බලයට එද්දී විපක්ෂයේ ක්‍රියාකාරිකයන් පවා කියපු කතාවක් තිබුණා.
'අනුර දුර්වලයෙක් තමයි. ඔහුට රටක් කරගන්න බැහැ. නමුත් අඩුම තරමේ ඔහු ටිල්වින් සිල්වා පන්නයේ ඝාතකයෙක්, ම්ලේච්ඡයෙක් හෝ අශිෂ්ඨයෙක් නෙවෙයි. අනුර ප්‍රජාතන්ත්‍රවාදියෙක්'.
මේ කතාව අනුරගේ විරුද්ධවාදීන් පවා විශ්වාස කළා.
නමුත් අනුර කුමාර දිසානායක චරිතය හොඳින්ම දන්නා උදවිය කිව්වේ, 'අනුර යනු ස්ථිර ගුණාංග සහිත මිනියෙක් නෙවෙයි. ඔහු අදාල අවස්ථාවට අනුකූලව පාට වෙනස් කරනා කටුස්සෙක්. වෙලාව ආවම අනුරට ටිල්වින්ටත් වඩා නරක සහ අශිෂ්ඨයෙක් වෙන්න පුලුවන්' කියලා.
ඒ බව දැන් හොඳින්ම ඔප්පු වෙමින් තිබෙනවා.
රටේ යුද වීරයෙක්, හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙක් අනුරගේ අත්සනින් සිරභාරයට ගන්නවා.
මෙලොව යම් හෝ තෙතමනයක් සහිත මිනිසෙකුට සැලකිය නොහැකි ආකාරයෙන්, ඉතාම අමානුෂික වධකයන් සේ මේ මොහොතේ අනුරගේ නිළධාරීන් විසින් සලකමින් සිටිනවා.
මේජර් ජෙනරල් සුරේෂ් සලේට පහර දෙන්නේ, බිමට දාලා කන්න දෙන්නේ, ලිංගික හිංසා කරන්නේ ශානි අබේසේකර සහ ඔහුගේ ගෝලයෙක් වෙච්ච පොලිස් පරීක්ෂක ගුණසේකර.
ඒ ක්‍රියාව 100% ක් සිදුවන්නේ අනුර කුමාරගේ ආශිර්වාදයෙන් සහ ඔහු දැනුවත්ව.
සුරේෂ් සලේ වද බන්ධනයන්ට යටත් කළේ අනුර කුමාරගේ දේශපාලනික අරමුණු මත.
අනුර බලයට ආවේ පාස්කු මහමොලකරුවෙක් විකුණලා.
FBI පරීක්ෂණ, මොසාඩ් පරීක්ෂණ මේ කිසිවකින් හෙළිනොවුනු දේශපාලන ප්‍රතිවාදියෙක් මහමොළකරුවෙක් කරන්න අනුරට අවශ්‍යයි.
පල්ලියට අවශ්‍ය දැන් එය. අනුරට අවශ්‍ය එය. කොටින්ම පාස්කු ප්‍රහාරයට මතවාදී දායකත්වය දුන් පිරිසට පවා අවශ්‍ය එය.
සැබෑ සාධාරණයට වඩා දේශපාලනික වාසි තැනකින් පාස්කු කඩේ වසා දැමීම.
ඒ සඳහා ත්‍රස්තවාදියෙකුගේ ෆ්‍රැබ්‍රිකේටඩ් කතාවකින් මේජර් ජෙනරල් සලේ පටලවලා, ඔහුගේ ජීවිතය අවසන් කරනවා.
එතැනින් පාස්කු පරීක්ෂණය රාජපක්ෂලා පිට දමමින් නිමා කරන්න අනුරට පුළුවන්.
ඩෝබියන් ද ඒ කතාව උස්සගෙන දුවනවා.
අද මනෝරි මහත්මිය, මේජර් ජෙනරල් සලේගේ බිරිඳ නොවෙයි යන අමු පචයක් පවා උස්සාගෙන ගිය ඩෝබිලාට, එවැනි පච සමාජගත කිරීම ඉතාම සරලයි.
හදවතේ යම්කිසි හෝ තෙතමනයක් සහිත මිනිසෙකුට සිය දේශපාලනය උදෙසා, මිනිහෙකුට අපා දුක් දෙන්න බැහැ.
ඔහුගේ ජීවිතය අවසන් කරන්න සැලසුම් කරන්න බැහැ.
ශානි අබේසේකරට දෙන එක් ඇමතුමකින් අනුරට මේ වියරු වද හිංසා නතර කිරීමට තිබුණා.
නමුත් අනුර එසේ කළේ නැහැ. ඔහුගේ පපුවේ තෙතමනයක් නැහැ.
අද කටුස්සා 'වියරු පාලකයෙක්' බවට පාට වෙනස් කරලා.
කපිල චන්ද්‍රසේන ස්වාභාවිකව සිය දිවි නසාගත්තාට වඩා, ඔහුට සිය දිවි නසා ගැනීමට සැලැස්සුවා.
එය කළේ ශානි වගේම විෂ සහිත, වධකයෙකු වන රංග දිසානායක.
රංග අධිකරණයට පවා බොරු කියමින් කපිලගේ ඇප කරුවන් ගැන පට්ටපල් බොරුවක් සමාජගත කරමින් ඔහුට පීඩනය එල්ල කළා.
කපිල සියදිවි නසා ගත්තේ ඊටපස්සේ. ඔහුට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.
නමුත් ඒ වක්‍ර ඝාතනයෙන් පසුව පවා අනුරගේ පපුවේ තෙතමනයක් තිබුණේ නැහැ.
නන්දන ගුණතිලකගේ මරණය අභිරහසක්.
මහා භාණ්ඩාගාරයේ රංග නිශාන්තගේ මරණය අභිරහසක්.
වර්තමානයේ අනුර දිසානායකගේ මාලිමා ආණ්ඩුවට මිනිස් ජීවිත සිල්ලරට වැටිලා.
ශානි ලා, ගුණසේකර ලා, දිලීප පීරිස් ලා, රංග දිසානායක ලා වධකයන් සේ කටයුතු කළත්, ඒ සියල්ලටම නායකත්වය දෙන ඔවුන් මෙහෙයවන්නා අනුර කුමාර.
අනුර කුමාර හදවතේ තෙතමනයක් නැති, බලය උදෙසා ඕනෑම ජඩ වැඩක් කළ හැකි නරුමයෙක්.
සචින් රත්වත්තේ
07/06/2026
එතුමා වැරදිද නැද්ද මම දන්නෙ නෑ.ඒව හොයාගන්න එක අදාල අයට භාරයි.එතුමා වෙන්‍ය්වෙන් පෙනී සිටීම ගැන නෙමෙයි මේකතාව හැබැයි හැමදාම මට හිතට දැනුන ප්‍රශ්නයක් තියනව,පාස්කු ප්‍රහාරය දැනගෙන හිටියා,තොරතුරු ලැබිල තිබුණා,බුද්ධි අංශ ඒව වර්තා කරල තිබ්බා...
හරි එක මොහොතකට හිතමු සමහරු සිද්ධ වෙනවට ආස ඒ දේ, ඒකියන්නෙ සලේ,හෝ රාජපක්ශ කෙනෙක් මහ මොළකරු තමයි කියල.දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?එහෙම කියල තියෙද්දිත් ඒකට කිසිම පියවරක් නොගන චූන් එකේ හිටපු උන්ට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
මේක මහ උභතෝකෝටිකයක් ..කෙනෙක් මිනිස්සු මර*න්න ප්ලෑන් කරල,ඒ ප්ලෑන් එක ගැන ,ඒ මිනිස්සු රකින්න ඉන්න උන්ට දැනුම් දීල,ලස්සන වැඩේ මිනිස්සු රකින්න හිටපු උන් රටේ ආරක්ශාව තුට්ටුවට දාල කට බලියාගෙන ජෝගි දදා ඉඳලත් උං තාම චූන් එකේ...තොරතුරු දුන්න අය,හැමදාම කටින් නොවේ වැඩ වලින්ම රට රැක්ක මිනිස්සුන්ගෙන් පලි ගන්නව.හිරේ දානව.මැරෙ*න්න අරිනව.
එකක් නම් ස්තිරවම දන්නව ලංකාවෙ මිනිස්සු වගේ ආත්මාර්තකාමී ගුණයක් නැති මිනිස්සු ගැන අනගාරික ධර්මපාලතුමාගෙ දැකීම පුදුමාකාර විදියට සත්‍යයි.😔
දවසින් දවස තිත්තවෙන ගඳ ගහන දේශපාලන අසූචි වලටම වැටුන ජ්විපෙ,මාලිමා ආණ්ඩුවට සුබපැතුම්.දැං ඔයාල හැම අතින්ම සමානයි.මරු,ආතල් ,පට්ට ආතල්...
ඩිල්කා සමන්මලී
05/06/2026
https://www.facebook.com/share/p/18s6LAB6mD/
දැං මේ මනුස්සයත් මරලා දිවි නසා ගත්තා කියලා එහෙම කියන්න එපා.
බල නහර 4ක් කපා ගත් ඉතිහාසයේ පලමු මනුස්සයා වගේම පුටුවක් උඩ එල්ලිලා මැරුණ පලවෙනි මනුස්සයත් අපි දැක්කා.
දැං ලෝක ඉතිහාසය වෙනස් කරන තවත් අභීත රණවිරුවෙක්ගෙ සියදිවි නසා ගැනීමක් අපිට පෙන්නන්න එපා.
ඒ කරලා ගමේ ඉන්නෙ මරණ පරීක්ෂකලා මරණ වාර්තාව දෙන්නත් එපා.
සාක්ෂි හරියට ඔප්පු කර ගන්න බැරි උනාම සාක්ෂි කාරයා මරලා විත්තිකාර පාර්ෂවයට ඒකේ වැරැද්දත් පටවලා නඩුව වහලා දාන්නෙ කඩේ යන උං ටික හරි වැඩේ ඇදගෙන යන නිසා කියලා මොලයක් තියෙන උං දන්නවා.
ඒ නිසා කලින්ම කියන්නෙ.
මිනීමැරුම් කරන එක ජෙප්පන්ට මහලොකු දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. මේක උනොත් නම් උබලා එකෙක්වත් හෝදන්න එන්න එපා. සහ ගහනවා දරුවන්ටත් එක්ක.
04/06/2026
සැබෑ පාස්කුප්‍රහාරකයින් ආරක්ෂා කිරීම.
🔥🇱🇰🔥ජාතික ලැය්ස්තුවෙන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලු පුද්ගලයා ආරක්ෂා කර වෙනත් පුද්ගලයෙකු/කණ්ඩායමක් මත පැටවීමේ ම්ලේච්ඡ උත්සහයක්
🔥🇱🇰🔥 මේ ත්‍රස්තවාදීන් පිළිබඳ පරීක්ෂණ ප්‍රතිපල එක දිගට ලැබෙද්දී ඒවා ඉතාමත් තුච්ඡ ලෙස ප්‍රතික්ෂේප කර තමන් විසින් නම්කර නිළධාරීන් පත්කර පරීෂණ ඔවුන් රිසිසේ කටයුතු කරන්නේ පල්ලියේ රැකවරණය ලබමින් සිටි.
🔥🇱🇰🔥කොටි ත්‍රස්තවාදීන් විනාශ කිරීමට පළිගැනීමක් ලෙසද,සැබැ ත්‍රස්තවාදීන් හෙළිනොකළ හේතුමත ආරක්ෂා කිරීමටය.සිදුකළ 400කට ආසන්න පිරිසකගේ මරණය සිදුකිරීමට වඩා ම්ලේච්ඡ ක්‍රියාවකි.එය මිනීමැරීමට වඩා උපරිම දඬුවම් දිය යුතුමය. .
04/06/2026
🚨 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ FBI පරීක්ෂණ සහ නොඇසූ කතා - විශ්‍රාමික විශේෂ නියෝජිත රාජ් පටෙල් හෙළි කරයි! 🚨
2019 වසරේ ශ්‍රී ලංකාවට එල්ල වූ අතිශය කනගාටුදායක පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව FBI ආයතනයේ ප්‍රධාන විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කළ රාජ් පටෙල් මහතා, 'FBI Retired Case File Review' වැඩසටහනට එක්වෙමින් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.
මෙන්න එම සාකච්ඡාවේ ඇතුළත් වූ ප්‍රධානතම තොරතුරු:
🔹 ප්‍රහාරයේ පසුබිම සහ හානිය
ත්‍රස්තවාදීන් ISIS මතවාදයෙන් පෙළඹුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කරන ලදී.
🔹ඉලක්ක: කොළඹ සහ මඩකලපුව ආශ්‍රිතව පිහිටි ප්‍රධාන පෙළේ බටහිර පන්නයේ හෝටල් තුනක් සහ දේවස්ථාන තුනක්.
🔹ජීවිත හානිය: ඇමරිකානු පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව අහිංසක මිනිස් ජීවිත 270 ක් මේ හේතුවෙන් අහිමි විය.
🔷FBI ආයතනයේ මැදිහත්වීම සහ විමර්ශන
🔹කවුද ප්‍රධාන විමර්ශකයා: එවකට ලොස් ඇන්ජලීස් අංශයේ පිටස්තර අධිකරණ බල සීමා බලකායේ (Extraterritorial Squad) සේවය කළ රාජ් පටෙල් මෙම නඩුවේ ප්‍රධාන නියෝජිතයා (Lead Case Agent) ලෙස පත් කෙරිනි.
🔹 කවුද මේ රාජ් පටෙල්?
🔸ඔහු වසර 20 කට අධික කාලයක් (2004 - 2024) FBI ආයතනයේ සේවය කර විශ්‍රාම ලැබූ දක්ෂ නිලධාරියෙකි.
🔸සයිබර් අපරාධ, ළමා ලිංගික සංචාරක ව්‍යාපාර (කම්බෝජය සහ තායිලන්තය ආශ්‍රිත) සහ ත්‍රස්තවාදයට එරෙහිව (ISIS සහ AQIS) කටයුතු කළ විශේෂඥයෙකි.
🔸පිලිපීනය, බංග්ලාදේශය සහ මාලදිවයින වැනි රටවලද විශේෂ ත්‍රස්ත විමර්ශන සහ ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.
🔸විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු දැනට ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ (LAPD) පොලිස් විශේෂ විමර්ශකයෙකු ලෙස සේවය කරයි.
🔹ලංකාවේ මෙහෙයුම්:
🔸ඔහු දින 75 ක පමණ කාලයක් (ගමන් වාර දෙකක් ලෙස) ලංකාව තුළ රැඳී සිටිමින් සාක්ෂි එකතු කිරීමේ නිරත විය.
🔸ප්‍රතිඵලය:
ත්‍රස්තවාදයට ද්‍රව්‍යමය ආධාර සැපයීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට (Non-US Persons) එරෙහිව ඇමරිකානු අධිකරණයක සාර්ථකව අධිචෝදනා ගොනු කිරීමට මෙම සාක්ෂි උපකාරී විය.
🔸ජාත්‍යන්තර ඇගයීම:
මෙම සාර්ථක විමර්ශනය වෙනුවෙන් රාජ් ඇතුළු කණ්ඩායමට 2021 වසරේදී "වඩාත්ම කැපී පෙනෙන ජාත්‍යන්තර විමර්ශනය සඳහා වන අධ්‍යක්ෂක සම්මානය" (Director Award for Most Outstanding International Investigation) හිමි විය.
🔷විශ්‍රාමික FBI විශේෂ නියෝජිත රාජ් පටෙල් ,Jerri Williams ගේ පොඩ්කාස්ට් සාකච්ඡාවේදී ඔහු ශ්‍රී ලංකාවේ සිදුකළ විමර්ශන රාජකාරි, මුහුණ දුන් අභියෝග සහ ක්ෂේත්‍රයේදී අනාවරණය කරගත් කරුණු පිළිබඳව ඉතා සවිස්තරාත්මකව කරුණු දක්වා තියනවා .
🔹මොනවද ඒ ?
1. දැඩි පීඩනයක් යටතේ ඇරඹි මුල් දින කිහිපය
🔹ක්ෂණික මෙහෙයුම්: ප්‍රහාරය එල්ල වී ඇමරිකානු පුරවැසියන් මියගිය බව තහවුරු වූ වහාම ලොස් ඇන්ජලීස් පිටස්තර අධිකරණ බල සීමා බලකාය (Extraterritorial Squad) ශ්‍රී ලංකාව බලා පිටත් විය.
🔹දෛනික කාලසටහන: මුල් සති කිහිපය තුළ විමර්ශන කණ්ඩායම දැඩි පීඩනයක් යටතේ වැඩ කළහ. ඔවුන් උදෑසනම ඇමරිකානු තානාපති කාර්යාලයේ පිහිටුවා තිබූ ප්‍රධාන විධාන මධ්‍යස්ථානයෙන් රාජකාරි ඇරඹූහ. දවස පුරා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සාක්ෂි එකතු කර, රාත්‍රියේදී ප්‍රගති සමාලෝචන සහ ඊළඟ දින සැලසුම් සකස් කළහ.
2. හෝටල් ප්‍රහාර පිටුපස තිබූ දරුණු සැලසුම් (Calculating Strategy)
🔹පවුල් ඉලක්ක කිරීම:
පාස්කු ඉරිදා දිනයේ පල්ලි නොයන පිරිස් (විදේශිකයන් සහ ප්‍රභූන්) හෝටල්වල පවත්වන 'Easter Brunch' (විශේෂ උදේ/දහවල් ආහාර වේල) සඳහා එකතු වන බව බෝම්බකරුවන් කලින්ම දැන සිටියහ. ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස එම අවස්ථාවන් ඉලක්ක කළහ.
🔹 කුඩා දරුවන් ඉලක්ක කිරීම:
ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බකරු (සහරාන් හෂීම්) එහි සිටි කුඩා දරුවන් දෙස බලා, ඔවුන් සිටින බව දැන දැනම බෝම්බය පුපුරුවා ගත් ආකාරය සීසීටීවී (CCTV) දර්ශන විශ්ලේෂණය කිරීමේදී පෙනී ගිය බව පටෙල් මහතා සංවේගයෙන් මතක් කරයි.
🔹 ටාජ් සමුද්‍රා හෝටලයේ සැලසුම:
ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණි 'අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්' නමැති බෝම්බකරු (එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබූවෙක්) එහිදී බෝම්බය පුපුරුවා ගැනීමට අපොහොසත් වූ බවත්, මෙම ටාජ් හෝටල් ජාලයම 2008 මුම්බායි ප්‍රහාරයේදී ද ඉලක්ක වූ බවත් ඔහු පෙන්වා දෙයි.
3. කුමන්ත්‍රණ න්‍යායන් බිඳ දැමීම (Dismantling Conspiracy Theories)
🔹ලංකාවේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම ප්‍රහාරය වෙනත් පාර්ශව විසින් මෙහෙයවූ බවට සමාජයේ පවතින මතයන් (Conspiracy Theories) රාජ් පටෙල් සෘජුවම ප්‍රතික්ෂේප කරයි.
🔹විමර්ශනවලින් පැහැදිලිවම ඔප්පු වී ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම ISIS මතවාදය වැළඳගත් ත්‍රස්තවාදී ජාලයක (Global Terror Networks) සූක්ෂ්ම සහ ස්වාධීන සැලසුමක් බවයි.
🔹පවුල් සංවිධාන සහ ඥාති සබඳතා (Family Networks) උපයෝගී කරගනිමින්, ඉතා රහසිගතව මුදල් පරිශ්‍රය කරමින් මෙම ප්‍රහාර මාලාව සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී තහවුරු විය.
4. සාර්ථක නඩු පැවරීම සහ ඇමරිකානු අධිකරණ බලය
🔹Extraterritorial Jurisdiction:
ඇමරිකාවෙන් පිටතදී ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව සිදුවන ත්‍රස්ත ක්‍රියා විමර්ශනය කිරීමට FBI ආයතනයට ඇති නීතිමය බලය යටතේ මෙම විමර්ශනය සිදුවිය.
🔸ප්‍රතිඵලය:
🔹ලංකාවේදී රැස්කරගත් සාක්ෂි මත, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ ISIS සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීම යන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට (මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්, අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් සහ ලුක්මන් තාලිබ් ලුක්මන් හකීම්) එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක සාර්ථකව නඩු පවරන ලදී.
🔹 රාජ් පටෙල් පවසන පරිදි, FBI ආයතනය ඔවුන්ගේ ඉතිහාසය තුළ මුහුණ දුන් අතිශය සංකීර්ණ සහ ඉහළ පීඩනයක් සහිත ජාත්‍යන්තර ත්‍රස්ත විමර්ශනයක් ලෙස මෙම පාස්කු ප්‍රහාර විමර්ශනය (Sri Lanka Easter Bombings case) හැඳින්විය හැකිය.
🔷 රාජ් පටෙල් ගේ අවසාන නිගමනය මොකද්ද ?
1. ප්‍රධාන මහ මොළකරු (The Mastermind)
🔹සහරාන් හෂීම් (Zahran Hashim)
ඔහු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ISIS (Islamic State) සංවිධානයේ ස්වයං-ප්‍රකාශිත නායකයා වූ අතර ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු විය. බෝම්බ පුපුරවා ගත යුතු ස්ථාන තීරණය කිරීම, බෝම්බකරුවන් තෝරාගැනීම සහ ප්‍රහාරයට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම සෘජුවම සිදු කළේ ඔහුය. ඔහු ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් මියගියේය.
2. දෙවන මට්ටමේ නායකත්වය සහ ප්‍රධාන සැලසුම්කරුවන්
🔹ඇමරිකානු FBI ආයතනය විසින් වසර දෙකක දීර්ඝ විමර්ශනයකින් පසු ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණය හමුවේ නිල වශයෙන් අධිචෝදනා ගොනු කරමින් ප්‍රහාරය සැලසුම් කිරීමට සහ ආධාර කිරීමට සම්බන්ධ පහත පුද්ගලයන් ප්‍රධානීන් ලෙස නම් කර ඇත.
🔸මොහොමඩ් නවුෆර් (Mohomad Naufer):
FBI ආයතනය විසින් මොහොමඩ් නවුෆර් ශ්‍රී ලංකා ISIS කණ්ඩායමේ දෙවන නායකයා (Second Emir) සහ ප්‍රහාරයේ දෙවන මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇත. ඔහු මතවාදීව කණ්ඩායම මෙහෙයවූ සහ සැලසුම්වලට දායක වූ ප්‍රධානියෙකි.
🔸මොහොමඩ් රිස්කාන් (Mohomad Riskan) සහ අහමඩ් මිල්හාන් (Ahmad Milhan)
ප්‍රහාරයට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය සපයා ගැනීම, ISIS සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීම සහ ප්‍රහාරය සඳහා සන්නද්ධ පුහුණුවීම් සැලසුම් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල විය.
3. ජාත්‍යන්තර සබඳතාව (Global Network)
🔹මෙම ප්‍රහාරය හුදෙකලා දේශීය කණ්ඩායමක සැලසුමක් නොවන අතර, එය ජාත්‍යන්තර ISIS (Islamic State) ත්‍රස්ත ජාලයේ මතවාදයන් සහ උපදෙස් මත මෙහෙයවූවකි.
🔹ප්‍රහාරයෙන් පසු ISIS සංවිධානයේ එවකට ලෝක නායකයා වූ 'අබු බකර් අල්-බග්දාදි' (Abu Bakr al-Baghdadi) වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරය සැලසුම් කළ සහරාන් ඇතුළු කණ්ඩායමට ප්‍රශංසා කර තිබුණි.
🔷FBI නිගමනය
🔸රාජ් පටෙල් ඇතුළු FBI කණ්ඩායමේ විමර්ශන මඟින් අවධාරණය කරන්නේ, දේශපාලන බලය ලබාගැනීම සඳහා වෙනත් පාර්ශව විසින් මෙය සැලසුම් කළ බවට සමාජයේ පවතින දේශීය කුමන්ත්‍රණ කතාන්දර (Conspiracy Theories) සාක්ෂි සහිතව බිඳ වැටෙන බවයි.
🔸මෙය සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී පිරිසක් විසින් ISIS ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයේ සහාය ඇතිව ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක් බව ඔවුන් සනාත කරයි.
චිරාත් උයනහේවා
04/06/2026
පාස්කු වින්දිතයන්ට සැබෑ යුක්තිය
🔻 කෙටියෙන්ම ලියන්නම් 🔻
👉 මුලින්ම අපි බලමු වවුනතිව් කේස් එක
⚫ වවුනතිව් පොලිස් නිළධාරින් ඝාථනය වෙන්නේ 2018/11/29 රාත්‍රි
⚫ බුද්ධි නිළධාරින් ලබාදුන් තොරතුරක් අනුව කිළිනොච්චිය පොලිසිය ද්‍රවිඩ තැනැත්තෙක් අත් අඩංගුවට ගන්නේ 2018/12/01
⚫ එම විමර්ශණ ශානි අබේසේකර භාරගන්නේ 2018/12/02
⚫ ඒ අනුව කිළිනොච්චිය පොලිසිය අත් අඩංගුවට ගෙන සිට සැකරුව CID භාරයට ගෙන රැදවුම් නියෝග මත 90 ක් ප්‍රෂ්ණ කර ඇත.
⚫ එම ප්‍රෂ්ණ කිරීම් අනුව කරුණු අනාවරණය වන බවත් වැඩිදුරටත් ප්‍රෂ්ණ කිරීමට අවශ්‍ය බවත් පවසා සැකකරුට තවත් දින 90ක රැදවුම් නියෝගයක් ලබාගැනීමට CIDය 2019 මාර්තු මාසයේ කටයුතුකර ඇත.
⚫ එහෙත් අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවෙන්තුරු කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට ශානි ප්‍රමුඛ CIDය අපොහොසත් විය.
⚫ එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවි ඇත.
⚫ ප්‍රහාරයෙන් පසුව 2019 මැයි 11 එම සැකකරුව මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර නඩුවෙන් මුදාහැර ඇත.
⚫ අවසානේ වව්නතිව් ඝාථනය කල සැබෑ සැකකරුවන් සහ ගිණි අවි සොයාගැනීමට හැකිවෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව.
⚫ ඒ අනුව පළමු සැකකරු පිළිබදව තොරතුරු ලබාදුන් මඩකළපුව ප්‍රදේශයේ එවකට රාජකාරි කල නිළධාරින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන සංදර්ශනයක් පවත්වා CID වරධ, නොහැකියාව වසා ගැනීමට මාලිමාවේ ශානි අබේසේකර වර්ථමානයේ කටයුතු කරමින් ඇත
🟥 එහෙත් එදා වවුනතිව් කේස් එක ශානිලා හරියට හෙව්වනම් මෙතරම් අපරාධයක් වෙන්නේ නැත. ( 2018/12/02 සිට 2019 අප්‍රේල් 21 දක්වා )
👉 දෙවනුව අපි බලමු මාවනැල්ලේ කේස් එක
⬛ මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කරන්නේ 2018/12/26
⬛ ඒ පිළිබදව තස්ලීම් නැමැත්තා ලබාදුන් තොරතුරු අනුව CIDය 2019/01/02ත් 05ත් අතර සැකකරුවන් 13ක් අත් අඩංගුවට ගෙන ඇත.
⬛ එම සැකකරුවන්ගෙ ප්‍රෂ්ණ කිරීමේදි බුද්ධ ප්‍රතිමා විනාශ කලේ සහරාන් හෂීම්ගේ නියෝගයට අනුව බව සැකකරුවන් CIDය හමුවේ පාපොච්චාරණය කර ඇත.
⬛ එහෙත් ඔවුන්ට රැදවුම් නියෝග ලබාගැනීමට CID කටයුතුකර තිබුණේ නැත.
⬛ එම සැකකරුවන්ව 2019/01/14 මාවනැල්ලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර ඇත.
⬛ තස්ලිම්ගේ තොරතුරු මත 2019/01/16 පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්ත පරීක්ෂාකර සැකකරුවන් 04ක් අත් අඩංගුවට ගෙන ඇත.
⬛ ඔවුන්ගෙන් සිදුකල ප්‍රෂ්ණකිරීම අනුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සොයාගත් අතර එම ද්‍රව්‍ය සහරාන්ගෙ බව එහි හිම්කරු පාපොච්චාරණය කර ඇත.
⬛ CIDට තොරතුරු දුන් තස්ලිම්ට සහරාන්ගේ පිරිස විසින් 2019/03/09 වෙඩිතබා ඇත.
⬛ එහෙත් පාස්කු ප්‍රහාරය සිදුවෙන තුරු එම සැකකරුවන්ව අත් අඩංගුවට ගැනීමට CIDය අපොහොසත් විය.
⬛ එතරම් වැදගත් තොරතුරක් ලබාදුන් තස්ලිම්ව ආරක්ෂා කිරීමට හෝ CIDට නොහැකි විය.
🔴 එම කරුණු අධ්‍යනය කිරීමේදී අනාවරණය වන්නේ CID බරපතල අතපසුවිම් සහ නොහැකියාවන්ගෙන් සමාන්විතව කටයුතුකර කර ඇති බවයි.
👉 තෙවනුව අපි බලමු බුද්ධි තොරතුර ගැන
🔘 SIS DIG නිළන්ත ජයවර්ධන ලබාගත් නිෂ්චිත බුද්ධි තොරතුර ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට යවන්නේ 2019/04/09
◾ සිසිර මෙන්ඩිස් එම තොරතුර පොලිසතිට එදිනම යොමුකර ඇත
🔘 පොලිස්පති පූජිත් ජයසුන්දරද එම තොර CID DIG රවි සෙනෙවිරත්ත වෙතද එදිනම යොමුකර ඇත
◾ ඒ වනවිට රවී සෙනෙවිරත්ත විදෙස් ගතව සිට ඇත. ඔහු විදෙස් ගතවනවිට වැඩ ආවරණය කිරීමට කිසිවෙකු පත්කර තිබුණේ නැත.
🔘 රවී නැවත ලංකාවට පැමිණ ලිපිය බලා ඇත්තේ අප්‍රේල් 16 වැනිදාය. ඒ අනුව එම ලිපිය එදිනම සහරාන් පිළිබදවව විමර්ශණ භාරව සිටින ශානි අබේසේකර සහ ASP වික්‍රමසේකර වෙත යොමුකර ඇත.
◾ එහෙත් ශානි අබේසේකර එම ලිපිය දැක ඇත්තේ අප්‍රේල් 23 ( ඒ කියන්නේ එකම බිල්ඩින් එකේ, එමක මහලේ, එක ලග කාමර දෙකේ ඉන්න දෙන්නා අතර හදිසි ලිපියක් හුවමාරු වෙන්ඩ දින 07ක් ගිහින් කියන එක නේද )
🔘 නිලන්ත ජයවර්ධන විසින් අප්‍රේල් 18, 19, 20 ඉදුරාම ලිපි 03ක් සහාන් පිළිබදව CIDය වෙත යොමුකර ඇත.
◾ ඊට අමතරව නිලන්ත විසින් රවීට වට්ස්ඇප් ඔස්සේ පණිවිඩ යවා ඇත.
🔘 එම පණිවිඩවලට රවී "තෑන්ක්ස් මචන්" යනුවෙන් පිළිතුරු යවා ඇත.
❌ ඒ අනුව පැහැදිලි වන්නේ CID ය වවුනතිව් කේස් එක හරියට කරලත් නෑ.
❌ මාවනැල්ල කේස් එක හරියට හොයලත් නෑ.
❌ තස්ලිම් දුන්න කේස් එක බලලත් නෑ.
❌ ලැක්ටෝස් වත්තෙන් ලැබුණ තොරතුරට වටිනාකමක් දීලත් නැහැ
❌ බුද්ධි තොරතුර පිළිබදවත් අවධානය යොමුකර නැහැ.
💯 එම විමර්ශණ භාරව සිටි CID එකේ SIU යුනිට් එකේ OIC CI ජානක මාරසිංහ පාස්කු කොමිසමට මේ සියල්ල හෙළි කරල තමයි ශානිගෙ ගොදුරක් වෙයි කියල බියේ රට පැන්නේ.
💯 ASP වික්‍රමසේකරත් මේවගෙ අගක් මුලක් නොදන්නවා කියල හිතන්ඩ අමාරුයි.
💯 ඉමාම් වාර්ථාව සහ අල්විස් වාර්ථාව අනුව ශානි සහ රවී වැරදිකරුවන් වෙන්ඩ යනකොට ඔවුන් දෙදෙනා දේශපාලන රැකවරණය ගන්ඩ මාලිමාවට රිංගුවා
💯 අත් අඩංගුවට ගන්ඩ එපා කියා උපරිමාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කලා.
💯 මාලිමාවයි, කතෝලික සභාවයි කිසිදු සොයා බැලීමකින් තොරව ඉමාම් වාර්ථාව සහ අල්විස් වාර්ථාව ප්‍රතික්ෂේප කලා
👇 වත්මන් තත්වය
🚩 ශානි අබේසේකරට CID භාරදීල DIG තනතුරට උසස්වීමකුත් දුන්නා
🚩 විශ්‍රාම ගිහින් හිටපු රවී සෙනෙවිරත්නට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුර දීල සමස්ථ පොලිසියම භාර දුන්නා.
🈴 රට පැනල ඉන්න විවෘත වරෙන්තුකරුවෙක් වෙන අසාද් මවුලානා කිව්ව කතාවකට කිසිදු පදනමක්, පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේව DO ගහල හිරකරගත්තා. ( උසාවි ගේන්ඩත් බැරි බැරියාව )
🈴 දැන් කියනවා සලේ මහ මොළකරුලු
🈴 හෙට අනිද්දා තව තව වැඩ කරන දක්ෂ නිළධාරින් කී දෙනෙක් මුන්ගේ ගොදුරු බවට පත්වෙයිද කියල දන්නේ පැලවතේ බලකායම තමයි ඉතින්.
🙏 අවසානේ එකක් කියන්නම්. රට ඉන්න ත්‍රස්තවාදියෙක් කිව්ව ගොතපු කතාවකට කිසිදු සාක්ෂියක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි පුංචි අම්මව ගත්තත් කමක් නෑ. ඒවා අපි බලාගමු උසාවියෙදි සහ ජාත්‍යන්තරය ඉදිරියේ. හැබැයි මේකත් මතක තියාගත්තොත් හොදයි.
🤝 සහරාන් පිළිබදව විමර්ශන කරමින් සිටියේදි ලද තොරතුරුවලට වටිනාකමක් නොදී චේතාන්විතව වගකීම් පැහැර හැරි ශානිටයි, රවීටයි ඊලග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක වෙන එක නවත්වන්ඩ සක්‍ර පුත් වයිමටවත් බැරිවෙයි.
සටහන
නාමල් කුමාර
2026/05/23