24/12/2021
Consulate General Of Sri Lanka, Cyprus
Welcome To The Consulate General of The Democratic Socialist Republic of Sri Lanka in Cyprus.
Open :: Monday to Friday 9.30 hrs - 14.00 hrs
Holiday :: Saturday & Sunday and Public Holidays
24/12/2021
28/11/2021
සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල මූලිකව සැදී ඇත්තේ සයිප්‍රසයේ නීතිරීති අනුව එම රටේ පුරවැසියන් වෙනුවෙනි. එහෙත් එහි සේවයට පැමිණෙන විදේශිකයන්ට ද සෞඛ්‍යය ප්‍රතිලාභ හදිසි අනතුරු ප්‍රතිලාභ ආදී අංශ 12 වෙනුවෙන් සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල තුළින් ප්‍රතිලාභ ලබාදේ.
දරු උපතක් සඳහා euro 3000/- පමණ ප්‍රතිලාභ ලැබෙන අතර ඉතා බැරෑරුම් වෛද්ය ප්‍රථිකාර වෙනුවෙන් Euro 15,000/- බිල්පත් ගෙවූ අවස්ථාද තිබේ. පසුගිය මස හතරේ පමණක් ශ්‍රී ලාංකිකයන්ගේ දරු උපත් 20 කට වඩා අදාල දීමනා ලබාදී ඇත.
මේ වසරේ පමණක් දැනටමත් මියගිය දෙදෙනෙකුගේ සිරුරු ශ්‍රී ලංකාවට යැවීමට Euro 3,000/- බැගින් වූ මුදල් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේද විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට අවම වශයෙන් මාස 120 සේවා කාලයක් එනම් වසර 10 කාලයක් සේවය කර තිබිය යුතු අතර විශ්‍රාම වැටුප් ගැනීමට වසර 60ක් දක්වා සිටිය යුතුය.
එය සයිප්‍රසයේ අවම කාලය වසර 12කි. විශ්‍රාම වැටුප් ගෙවන කාලය වයස 65කි
දැනට සයිප්‍රස් කොන්සල් ජනරාල් කාර්යාලයට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් 20ක් පමණ වයස 65 සම්පුර්ණ වූ පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබා ඇත. එක කාන්තාවක් දැනටමත් සම්පුර්ණ විශ්‍රාම වැටුප් ලබමින් සිටි.
එයට අමතරව වසර 12 හෝ එයට වඩා සේවය කළ ශ්‍රී ලාංකිකයන් 340 දෙනෙකු පමණ එක්වරක් ලැබෙන දීමනාවට හිමිකම් ලැබෙන අතර
ඉහළ වැටුප් ලද එක පුද්ගලයෙකුට Euro 40,000/- එකවර ගෙවන මුදලක් ලැබීමට නියමිතය. දැනට ඔහුගේ වැටුප Euro 1700 කි. වසර 19ක් සේවය කොට ඇත.
මෙම සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව තොරතුරු මානව පැහැදිලි කර තිබිය දී ඒවා නිවැරදිව තේරුම නොගැනීම පුදුමයකි.
වැඩිදුර විස්තර සඳහා http://www.mlsi.gov.cy/mlsi/sid/sidv2.nsf/index_en/index_en?OpenDocument වෙබ් අඩවියට පිවිසෙන්න
සයිප්‍රස්හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සිදු කරන්නේ අදාල අරමුදල් ලබා ගැනීම සඳහා මග පෙන්වීම හා උදව් කිරීම පමණි. ඔබට හිමි මුදල් නිලධාරියෙකුට හෝ රජයකට අයථා ලෙස ලබා ගත නොහැක.
සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල කිසිඳු තොරතුරක් නොදත් සමාජ මාධ්‍යයන්හි පෙනී සිටින හා විවිධ සංවිධාන නමින් පෙනී සිට සයිප්‍රසයේ රැකියා කළ පිරිස රවටන අයගෙන් ප්‍රවේශම් වන මෙන් කාරුණිකව දන්වමි.
යළිත් ඔබට අවධාරණය කොට පහදා දෙමි.
එක්වරක් ලබාගන්න දීමනාව සඳහා වසර 12 සිට 24 දක්වා කාලයක් සේවය කළ යුතුය.
එම මුදල් වයස 68 දී ලබාගත හැක. වයස 68 සම්පුර්ණ කළ දෙදෙනෙකු ඉදිරිපත් කළ වූ අයදුම් පත් දෙකක් මේ සතියේ ලැබුණි.
එක කාන්තාවක වසර 20 හා අනෙත් පුද්ගලයා වසර 22 සේවය කොට ඇත.
විශ්‍රාම වැටුප් සඳහා වසර 25ක් සේවය කොට වසර 65 සම්පුර්ණ කළ යුතුය.
දැනට පුර්ණ විශ්‍රාම වැටුප් ගෙවා අත්තේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට පමණි
සයිප්‍රස් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිළිබඳව මුල මැද අග නොදැන සිටි බොහෝ දෙනෙකු කොන්සල් ජනරාල් කාර්යාලයේ දැනුවත් කිරීම මත එහි ප්‍රතිලාභ ලබාගනිමින් සිටිති.
ඒ පිළිබඳව අපට ඇත්තේ සියුම් ප්‍රීතියකි.
24/11/2021
ඔබගේ පහසුව සඳහා සෑම මසකම අවසන් ඉරිදා දින (නිවාඩු දින) මෙම කොන්සල් ජනරාල් කාර්යාලය විවෘතව තැබීමට ගත් තීරණය අනුව 2021 නොවැම්බර් මස 28 වැනි ඉරිදා ද පෙරවර 09.00 සිට දහවල් 1.00 දක්වා රාජකාරි කටයුතු සඳහා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘතව තබනු ඇත.
එමෙන්ම සයිප්‍රසයේ දැනට සේවයේ නියුතු 2021 සැප්තැම්බර් පළමුවැනි දිනට ප්‍රථම මෙහි පැමිණි ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ ආවරණය සඳහ මෙතෙක් ලියාපදිංචිය නොමැතිව නම් ඒ සඳහා 2021.11.15 දින සිට 2021.12.15 දින දක්වා ලියාපදිංචි වීමේ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇති බව කාරුණිකව දන්වන අතර එම ලියාපදිංචි කටයුතු ද එදිනට සිදු කල හැකිබව කාරුණිකව දන්වමි .
සයිප්‍රසයේ දැනට සේවයේ නියුතු 2021 සැප්තැම්බර් පළමුවැනි දිනට ප්‍රථම මෙහි පැමිණි ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ ආවරණය සඳහ මෙතෙක් ලියාපදිංචිය නොමැතිව නම් සඳහා 2021.11.15 දින සිට 2021.12.15 දින දක්වා ලියාපදිංචි වීමේ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇති බව කාරුණිකව දන්වමි.
ලියාපදිංචිය සඳහා පැමිණීමේදී පහත සඳහන් ලිපිලේඛන සමඟ පැමිණෙන්න
1) වලංගු විදේශ ගමන් බලපත්‍රය
2) වලංගු වීසා බලපත්‍රය (වීසා බලපත්‍රය අලුත් කිරීමට භාරදී ඇත්නම් වර්තමාන සයිප්‍රස් රැකියා ගිවිසුම රැගෙන ඒම ප්‍රමාණවත් වේ.)
3) වර්තමාන රැකියා ගිවිසුම / රැකියා බලපත්‍රය හෝ ස්වයං ප්‍රකාශය (ස්වයං ප්‍රකාශය පහත දක්වා ඇති අතර මෙම කාර්යාලයෙන්ද එදිනට ලබා ගත හැක.)
ලියාපදිංචි ගාස්තුව Euro 75/-
ඔබ ඉහත අවශ්‍යතා සපුරන්නේ නම් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට පැමිණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපදිංචිය ලබාගන්න මෙන් කාරුණිකව දන්වා සිටිමි.
ඔබගේ පහසුව සඳහා 2021.11.28
ඉරිදා දින ද පෙ.ව.9.00 සිට ප.ව 1.00 දක්වා මෙම කොන්සල් ජෙනරාල් කාර්යාලය විවෘතව තබන බවත් වැඩි දුරටත් දන්වා සිටිමි.
31/10/2021
2021 ඔක්තෝම්බර් 31 වැනි ඉරිදා කොන්සල් ජනරාල් කාර්යාලය සේවාවන් සඳහා විවෘත කළ පසු සේවාවන් ලබා ගැනීමට පැමිණි පිරිස.
27/10/2021
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි 2021 ඔක්තෝම්බර් 31 වැනි ඉරිදා පෙරවර 08.30 සිට දහවල් 12.30 දක්වා රාජකාරි කටයුතු සඳහා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘතව තබනු ඇත.
25/10/2021
2021 අගෝස්තු මාසයේ ඉල්ලුම් කළ ගුවන් ගමන් බලපත් 14ක් කොන්සල් ජෙනරාල් කාර්යාලයට ලැබී ඇත.
ඒවායේ ලදුපත් අංකයන් පහත දැක්වේ.
අදාල අයදුම්කරුවන්ට කොන්සල් ජෙනරාල් කාර්යාලයට පැමිණ ඒවා ලබා ගත හැක.
පැමිණීමේදී ඔබගේ පැරණි ගමන් බලපත්‍රය හා මුදල් ගෙවූ ලදුපත රැගෙන එන මෙන් කාරුණිකව ඉල්ල සිටිමි
25/10/2021
සයිප්‍රස් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සතියේ වැඩ කරන දිනවල (12.30 සිට 16.30 දක්වා) පැය හතරක පවිත්‍රතා කටයුතු කිරීම සඳහා පුරප්පාඩු පවතී.
කොන්සල් ජනරාල් කාර්යාල ආසන්නයේ පදිංචි නීත්‍යනුකුල වීසා හිමි වයස් අවුරුදු 22-35 අතර කෙනෙකු යෝග්‍ය වේ.
මේ සඳහා උනන්දු අයෙකු වේ නම් 2021 ඔක්තෝම්බර් 26 වැනිදා පස්වරු 02.00 සිට 04.00 දක්වා තමන්ගේ ගමන් ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය සමඟ කොන්සල් ජනරාල් කාර්යාල පැමිණෙන්න.
කරුණාකර දුරකථන ඇමතුම් දීමෙන් වලකින්න
මැණිකේ මගේ හිතේ ගීතයේ - ග්‍රීක භාෂා අනුවාදය නිකෝෂියා නුවර පදිංචි සමනලී දිසානායකගෙන්
Cover Song by : Samanalee Dissanayake
Music Rearrangement & Greek Lyrics : Xenios - Cyprus
Video By Dulan Chamara Abeywickrama
MANIKE MAGE HITHE
Satheeshan ft. DulanARX
Music - Chamath Sangeeth
Lyrics - Dulan ARX (Dulanja Alwis)
Guitar - Shane Vas
Mixing & Mastering - Chamath Sangeeth @ C Music
21/10/2021
ඔක්තෝම්බර් මස 28 වැනි දිනට යෙදෙන සයිප්‍රස් නිල නිවාඩු දිනයක් හේතුවෙන් එදින කොන්සල් ජනරාල් කාර්යාලය වසා තබන බව කාරුණිකව සලකන්න.
මෙම සටහන කොන්සල් ජනරල් කාර්යාලයේ සේවාව බලාපොරොත්තුවෙන් පැමිණෙන පිරිසගේ දැනගැනීම සඳහා පමණි.
එසේ නොමැතිව කොන්සල් ජනරාල් කාර්යාලයේ නිවාඩු දිනයක් යයි කියූ විට ව්‍යාජ Face Book ගිණුම් වලින් සටහන් තබන අයට කලබල වීම සඳහා නොවේ.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
No. 18, Androkleous Street
Nicosia
1061
Opening Hours
| Monday | 09:30 - 14:00 |
| Tuesday | 09:30 - 14:00 |
| Wednesday | 09:30 - 14:00 |
| Thursday | 09:30 - 14:00 |
| Friday | 09:30 - 14:00 |
