NPP France

Itinéraire Site Web

NPP France ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

කොලොම්බියාවේ යලි සිවිල් යුද්ධයක් ?පසුගිය ජුනි මස පැවති ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් වාදී අනුප්‍රාප්තිකයා සීමිත චන්ද ප්‍රමාණය...
06/08/2026

කොලොම්බියාවේ යලි සිවිල් යුද්ධයක් ?

පසුගිය ජුනි මස පැවති ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් වාදී අනුප්‍රාප්තිකයා සීමිත චන්ද ප්‍රමාණයකින් බලයට පත්වීමෙන් පසු රට තුල "සිවිල් යුද්ධයකට" යාමේ බියක් පිළිබඳව ධූරයෙන් ඉවත්ව යන කොලොම්බියානු හිටපු ජනාධිපති GUSTAVE PETRO විසින් අනතුරු හඟවා සිටි. මැතිවරණය දූෂිත බවත්, ට්‍රම්ප් පරිපාලනය ඍජුවම අන්ත දක්ෂිණාංශික අපේක්ෂක Abelardo de la Espriella ගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වූ බවත් පවසමින් ඔහු මාධ්‍ය අමතමින් ඇමරිකාවට චෝදනා කර සිටියේය. මේ අතර තේරී පත් වූ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයකට පෙර ට්‍රක් බෝම්බයක් එරට පොලිස් ස්ථානයක් අසල පුපුරා යාමෙන් පොලිස් හා සිවිල් වැසියන් 11 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබු බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

මෙම ප්‍රහාරය හෙලා දකින නව ජනාධිපති Abelardo de la Espriella පාතාල කල්ලි හා ගරිල්ලා සංවිධාන වලට මසක් ඇතුලත යටත් වන ලෙස නිවේදනයක් කරමින් ඉල්ලා සිටි.

මේ අතර තම අනුප්‍රාප්තිකයා වන Abelardo de la Espriellaගේ අසත්‍ය චෝදනා මත තමන් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට සැලසුම් කරන බවත් හිටපු ජනාධිපති GUSTAVE PETRO මාධ්‍ය වෙත හෙළි කර සිටියේය. තම ධූරය අවසන් වීමට පෙර කියුබාවේ සංචාරය කල GUSTAVE PETRO කියුබාවට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය විසින් සිදු කරන අනිසි බලපෑම් හා නව සම්බාධක ද හෙලා දුටුවේය. එසේම ඔහු ට්‍රම්ප් පරිපාලනය විසින් කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහයුමක් ලෙස පෙන්වමින් ඒවාට කිසිදු සම්බන්ධකමක් නැති ධීවරයින් හා සිවිල් වැසියන් 261 දෙනෙකු මරා දැමු බවට චෝදනා කළේ ඇමරිකානු CIA වාර්තාවක්ද උපුටා දක්වමින්ය.

දැඩි දක්ෂිණාංශික නියෝජිතයෙකු වන Abelardo de la Espriella 2026 ජුනි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දෙවන වටය GUSTAVE PETRO ගේ pact historic පක්ෂය ඉදිරිපත් කල IVAN CEPEDA ඉතාමත් අඩු චන්ද සංඛ්‍යාවකින් පරාජය කළේය. පාතාල කණ්ඩායම් හා ELN හා FARC ගරිල්ලා කණ්ඩායම් බෝම්බ දමා මර්දනය කරනු ලබන බවත් එල්සල්වදෝරයේ මෙන් මෙගා සිර ගෙවල් නිර්මාණය කරන බවත් ඔහු පවසා සිටි. ඒ අනුව එරට අගනුවර වන බොගෝටා හි ජාතික සභාව ඉදිරිපිට උත්සවය පවත්වන සම්ප්‍රදායට පටහැනිව, පාතාල හා ගරිල්ලා කණ්ඩායම් වල ඍජු ග්‍රහණයට ලක්ව ඇති කැලි නම් (බටහිර කොලොම්බියාවේ) දී තම දිවුරුම් දීම සිදු කිරීමට Abelardo de la Espriella තීරණය කර ඇත්තේ හමුදා සෙබළුන් 11000ක් එම ප්‍රදේශයට කැඳවමිනි.

මැතිවරණ ප්‍රථිපල ප්‍රතික්‍ෂේප කරමින් IVAN CEPEDA ගේ නායකත්වයෙන් යුත් කොලොම්බියානු කොංග්‍රසයේ වාමාංශික කණ්ඩායම උත්සවය වර්ජනය කරන බව නිවේදනය කර ඇති අතර, එදින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් බොගෝටා, කැලි සහ බැරන්කිල්ලා හි පැවැත්වෙන විරෝධතා සඳහා පැමිණෙන ලෙස ජනතාවට ආරාධනා කර ඇත. 2019 සහ 2021 අතර, කාලයේදීත් දක්ෂිණාංශික අයිවන් ඩියුක්ගේ පාලනය ට එරෙහිව GUSTAVE PETRO විසින් සහාය දක්වන ලද විරෝධතාවල දී සිය ගනනක් මිය ගියහ. GUSTAVE PETRO හිටපු ජනාධිපතිවරයාට අනුව, ජුනි මැතිවරණය “අතිවිශාල ඡන්ද ප්‍රමාණයක් තුල ක්‍රමානුකූලව, කුමන්ත්‍රණ කාරී ලෙස සිදු කල මැතිවරණ වංචාවක්” වූ අතර, විශේෂයෙන් විදේශයන්ගෙන් වෙසෙන කොලොම්බියානු චන්ද දායකයින්ගේ චන්ද ඉතා සියුම්ව වංචා කරන ලැබ ඇති බව පෙන්වා දේ. මේ හා සමාන චෝදනාවක් පෙරුවියාවේ නව ජනාධිපතිනියගේ පත්වීම සම්බන්ධයෙන් ද කියවේ.

කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ දේශපාලනයට නවක නීතිඥයෙකු වන Abelardo de la Espriella මැතිවරණ ව්‍යාපාරය අතරතුර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ අනුමැතිය ඔහුට ලැබුණු බවයි. ඒ ආකාරයෙන්ම ට්‍රම්ප් පරිපාලනය චිලියේ, බොලිවියාවේ, ඉක්වදෝරයේ, පේරූ හා ළඟදීම බ්‍රසීලයේ ද තම අපේක්ෂකයින්ට සහය ලබා දී තිබිණි. නමුත් ට්‍රම්ප් පරිපාලනයේ සහය ලබන මෙම අපේක්ෂයකයින් මැතිවරණ ජයග්‍රහණ කලද මෙම රටවල පාර්ලිමේන්තු තුල ඔවුන්ගේ පක්ෂ වලට ඇත්තේ අඩු මන්ත්‍රීන් සංඛ්‍යාවක් නිසා තම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකිව බලයෙන් ඉවත් වීමට සිදු වී ඇත. පෙරුවියාවේ වසර දහයට ජනාධිපතිවරු 10 දෙනෙක් පත් වීම නිදසුනක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් මේ අතර පෙන්වා දේ.

GUSTAVE PETRO විසින් තම පාලන කාලය තුල සාකච්ඡා කිරීමේ උත්සාහයන් මගින් ගරිල්ලා කණ්ඩායම් හා පාතාල කණ්ඩායම් කීපයක් සාමාන්‍ය ජීවිතයට එක් කිරීමට සමත් වුවත්, එය සාමය සඳහා ලබා දුන්නේ සුළු ප්‍රතිඵල වූ අතර දශකයක් ගත වූ පසුත් රට තුළ දරුණුතම ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව 2026 ජුනි 21 වන දින පැවති කොලොම්බියානු ජනාධිපතිවරණයේ දෙවන වටයේදී Abelardo de la Espriella සහ ඉවන් සෙපෙඩා අතර පැවැත්වූ අවසන් ජනාධිපතිවරනයෙන් වාර්තා වූ ප්‍රතිඵලවලට අනුව, Abelardo de la Espriella 49.7% ක් ලබා ගත් අතර IVAN CEPEDA 48.4% ක් ලබා ගත්තේය. එහි ඇත්තේ ප්‍රතිශත ලකුණු 1.3 ක පමණ වෙනසක් පමණි.

2026 දී, Abelardo de la Espriella කොලොම්බියානු ජනාධිපති ධුරය දිනා ගත් නමුත්, ඔහුගේ Defensores de la Patria ව්‍යාපාරයට කොංග්‍රසයේ හා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැත. එසේම සෙනෙට් සභාව තුල ප්‍රධාන පාර්ලිමේන්තු බලවේගය වන්නේ එහි ආසන 103 න් 25 ක් දිනා ගෙන ඇති Gustavo Petro හා Iván Cepedaගේ PACT HISTORIC ඓතිහාසික ගිවිසුම පක්ෂයට වේ. එම නිසා Abelardo de la Espriella රට පාලනය කිරීම සඳහා අනෙකුත් දක්ෂිණාංශික පක්ෂ සමග සන්ධාන වීමට බල කෙරේ.

එසේම ආර්ථික කේෂ්ත්‍රය තුල 2025–2026 දී කොලොම්බියාවේ දළ දේශීය නිෂ්පාදිතය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 457 ක් ලෙස පෙන්වන අතර, ආර්ථික වර්ධනය 2.6% ක්, උද්ධමනය 5.2% කට ආසන්න වන අතර විරැකියාව 9–10% ක් පමණ වේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 61% ක රාජ්‍ය ණය ප්‍රමාණයක් නියෝජනය කරයි. මේ අතර, අසමානතාවය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඓතිහාසික වශයෙන් විශාල ඉඩම් හිමියන් සුළු පිරිසකගේ අතේ රටේ ඉඩම් සංකේන්ද්‍රණය වී ඇත.

වසර 60ක් පුරා කොලොම්බියාවේ ඉඩම් ගැටළුව කේන්ද්‍රීය අර්බුධයක් ලෙස ඉතිරිව ඇති අතර රටේ සිවිල් යුද්ධය අවසන් නොවීමට එය ඍජුවම බලපා ඇත. රටේ ඉඩම් හිමියන් ගෙන් 1% ක් වඩාත් ඵලදායී ඉඩම්වලින් 80% කට වඩා පාලනය කරනු ලබයි. සන්නද්ධ ගැටුම් හේතුවෙන්ද හෙක්ටයාර මිලියන ගණනක් අත්හැර දැමීම හෝ සන්නද්ධ කණ්ඩායම් විසින් අත්පත් කර ගන්නා ලදී. 2016 සාම ගිවිසුමට ඉඩම් නොමැති ගොවීන්ට නැවත බෙදා හැරීම සඳහා හෙක්ටයාර මිලියන 3 ක අරමුදලක් ඇතුළත් විය. නමුත් කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ප්‍රධාන දේශපාලන ගැටලුවක් ලෙස තවමත් පවතින අතර කොංග්‍රසයේ, සෙනට් සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීම හේතුවෙන් Gustavo Petro හට මෙම අර්බුධය අවසන් කිරීමට නොහැකි විණි. ELN චේගුවේරාවාදී ගරිල්ලා කණ්ඩායම ආයුධ බිම තැබීම ප්‍රතික්‍ෂේප කරනුයේද මෙම ඉඩම් අර්බුධය නොවිසඳීම නිසාවෙනි.

ඉඩම් නොමැති ජනතාව පාරට බස්සවා Gustavo Petroපෙට්‍රෝ රජය (2022–2026) ඉඩම් නැවත බෙදා හැරීම වේගවත් කිරීමට උත්සාහ කළේ විශාල ඉඩම් හිමියන්ගෙන් ඌන උපයෝජිත ඉඩම් මිලදී ගැනීම මගිනි. එසේම ඉඩම් නොමැති ගොවීන්ට ඉඩම් වෙන් කිරීම, පවුල් ගොවිතැනට රජයේ සහාය ලබා දීම, නැවත බෙදා හැරීම සෙමින් සිදු වුවද ඉඩම් හිමියන්ගෙන් ශක්තිමත් දේශපාලන හා නීතිමය ප්‍රතිරෝධයක් එයට එරෙහිව එල්ල වීම නිසා ග්‍රාමීය ප්‍රදේශ යන්හි තවමත් ඉඩම් ආරවුල් නිතර පවතී.

ඒ අනුව දේශපාලන විචාරකයින් තව දුරටත් පෙන්වා දෙන්නේ Abelardo de la Espriella නව ජනාධිපතිවරයාට හට අඩු වැඩි වශයෙන් එල්සල්වදොරයේ හා ආර්ජන්ටිනාවේ මෙන් ඒකාධිපති දේශපාලන විලාසයක් තිබිය හැකි නමුත්, කොලොම්බියානු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වන කොංග්‍රසය, ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තුව, යුක්තිය සහ මැතිවරණ - සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන තාක් කල්, ඔහුට නීත්‍යානුකූලව ඒකාධිපතියෙකු ලෙස කටයුතු කළ නොහැකි බවයි. විශේෂයෙන් අතරමැදි චන්දයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා පරාජය වීමේ ඉඩකඩක් තිබීමත්, කොලොම්බියාවේ වාමාංශික ව්‍යාපාරය සමග Z පරම්පරාව බහුතරයක් එක්වී සිටීමත්, වසර 60ක අත්දැකීම් සහිත සාමාජිකයින් 6000-10000 සහිත ELN ගරිල්ලා කණ්ඩායමක් රට තුල සිටීමත්, ආයුධ බිම තැබූ FARC සාමාජිකයින් නැවත සන්නද්ධ වීමට ඇති ඉඩ කඩත්, යුද්ධ නිසා ජනතාවගෙන් 50%ක් හෙම්බත් වී සිටීමත් මත Abelardo de la Espriella තම ධූර කාලය කිසිදු පොරොන්දුවක් ඉටු නොකර සාමාන්‍ය ලෙස ගතකර ඉවත් වීමට ඇති ඉඩකඩ වැඩි බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දේ.

පැරිස් සිට සමන් මුදුන්කොටුව

CONGRATULATIONS 💐
01/08/2026

CONGRATULATIONS 💐

05/07/2026
21/06/2026

සිසු විරු දිනය (ජූනි 20)

18/06/2026

පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකරනු

18/06/2026

දුයිෂෙන්ගෙන් ආදර්ශයක්

20/05/2026

වින්දිත දරුවන් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් යුක්තිය වෙනුවෙන් මැදිහත් වීමේ කාර්ය අප මේ මොහොතේ ඉටුකරමින් ඉන්නව..(Mrs.Saroja Savithri Paulraj -Minister of Women and Child Affairs.)

20/02/2026
A small demonstration was held today in Paris by Sri Lankans living in France  🇱🇰🇫🇷. They gathered to express their supp...
18/01/2026

A small demonstration was held today in Paris by Sri Lankans living in France 🇱🇰🇫🇷. They gathered to express their support for the new educational reforms currently being debated in Sri Lanka. They highlighted the need for a modern education system that meets global demands and aligns Sri Lanka with international standards. While encouraging positive criticism and constructive suggestions to improve the reforms, they strongly condemned the poor and outdated campaigns carried out against these changes by various parties. They pointed out that such campaigns lack coherent logic and fail to engage meaningfully with the substance of the reforms. Moreover, they also urged the government to address this issue in a more modern and holistic manner.

Many Sri Lankan professionals and education experts living in France also came forward and stated that they are ready to support and assist the government whenever needed. They reaffirmed their support for all progressive efforts to modernize Sri Lanka’s education system 🤝🤝

🇫🇷🇱🇰🇫🇷🇱🇰ප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් අද දිනයේදී පැරිස් නගරයේදී එක්රැස් වී, ශ්‍රී ලංකාවේ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය සහයෝගය ප්‍රකාශ කරන ලදී. එසේම, අනාගත ගෝලීය අවශ්‍යතා සපුරාලීමට හැකි නවීන අධ්‍යාපන පද්ධතියක අවශ්‍යතාවය ඔවුන් ඉතාමත් අවධාරණයෙන් මතු කරන ලද අතර මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම සඳහා විවිධ පාර්ශව වලින් ඉදිරිපත් වන ධනාත්මක විවේචන සහ නිර්මාණාත්මක යෝජනා ඔවුන් පිළිගන්නා බව ප්‍රකාශ කළා. නමුත් මේ දිනවලදී එයට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරන දුර්වල, අසත්‍ය සහ මඩගැසූ ව්‍යාපාර පිළිබද ඔවුන් ඔවුන්ගේ කණස්සල්ල ප්‍රකාශ කළා. එවැනි දියාරු ව්‍යාපාරයන්ට කිසිදු තාර්කික පදනමක් නොමැති බවත්, ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳ ගුණාත්මක සංවාදයකට ඒවා කිසිසේත්ම දායක නොවන බවත් එවැනි ව්‍යපෘති රටේ අනාගතයට ඉතාම හානිදායක බව ඔවුන් ඔවුන් ශ්‍රී ලංකා රජයට පෙන්වා දුන්නා. එලෙසම මෙම ගැටලුවට රජය විසින් නොබියව, සංයමයෙන් සහ නවීන ආකාරයකින් මුහුණ දිය යුතු බවටද ඔවුන් අවධාරණය කළහ.

එසේම ප්‍රංශයේ වාසය කරන බොහෝ ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් සහ අධ්‍යාපන විශේෂඥයන්ද ඉදිරියට පැමිණ රජයට අවශ්‍ය අවස්ථාවලදී සහය සහ උපකාර ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීන කිරීම සඳහා සිදුකරන සියලුම ප්‍රගතිශීලී උත්සාහයන්ට තම සහය අඛණ්ඩව ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කළා🤝.

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque NPP France publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager