හඳුන් දිවියයි උරුලෑවයි තාමත් පටලවා ගන්නවාද? 🐆❌🐾
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේ සත්තු දෙන්නම එක්කෙනෙක් කියලා. හැබැයි මේ දෙන්නාගේ හැසිරීම් ඇඟේ ලප වගේම වලිගයත් සම්පූර්ණයෙන්ම වෙනස්!
වීඩියෝ එක අවසාන වෙනකම් බලලා මේ දෙන්නාව ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් ප්‍රධාන වෙනස්කම් ටික දැනගන්න.
💬 ඔයා මීට කලින් මේ සත්තුන්ව සැබෑවටම දැකලා තියෙනවාද? පල්ලෙහායින් Comment එකක් දාන් යන්න!
🔄 වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න දැන්ම Share කරන්න.
🌿 තවත් මේ වගේ ලස්සන වනජීවී වීඩියෝ බලන්න අපේ පිටුව Follow කරන්න!
SL Wild Tips
Conserve Our Wild life
ඔබත් නයා සහ නාගමාපිලා පටලවා ගන්න කෙනෙක්ද? වැරදුණොත් ජීවිතයක් ඉවරයි! සත්තුන්ව බේරගන්න, සර්ප අනතුරු වලින් වැළකෙන්න මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. වටිනවා නම් යාළුවන්ට බලන්න ශෙයා කරන්න!
මූව මරන්න ලෝක විනාශයක් ආවත් බෑ! 🤯🐻
මිලිමීටරයකටත් වඩා කුඩා මේ "Water Bear" ලෝකයේ ඉන්න අමරණීයම සත්වයා වෙන්නේ කොහොමද? කෑම බීම නැතුව අවුරුදු 30ක් ඉන්න, අභ්‍යවකාශයේ වුණත් ජීවත් වෙන්න මුන්ට පුළුවන් පුදුම සහගත හැකියාව ගැන මේ වීඩියෝවෙන් බලන්න!
ඔයාලත් මේ වගේ දේවල් දැනගන්න කැමති නම් අපේ Page එක Follow කරන්න අමතක කරන්න එපා! 👇✨
වැරදුණොත් ඉවරයි! 😱 පිඹුරාද? තිත් පොළඟාද? 🐍👇
ලංකාවේ ගොඩක් දෙනෙක් වරද්දගන්න, ඒ වැරදීම නිසා හැමදාම වටිනා ජීවිත නැතිවෙන ලොකුම පටලැවිල්ලක් තමයි "පිඹුරා සහ තිත් පොළඟා" කියන්නෙ!
❌ තිත් පොළඟව "පිඹුරු පැටියෙක්" කියලා හිතලා අල්ලන්න ගිහින් ජීවිත අනතුරේ දාගන්න අය ඕනෑතරම් ඉන්නවා.
❌ ඒ වගේම, කිසිම විෂක් නැති, මීයන් මර්ධනය කරලා ගොවිබිම් රකින අහිංසක "පිඹුරාව", පොළඟෙක් කියලා හිතලා අමානුෂික විදිහට මරලා දානවා.
තත්පර ගාණකින් මුන් දෙන්නව හරියටම අඳුරගන්නෙ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න! 💡
⚠️ මේ වැදගත් පණිවිඩය දැන්ම ඔබේ යාළුවන් අතරේ SHARE කරන්න. ඔබ දැනගන්නා මේ පුංචි වෙනස තව කෙනෙක්ගේ ජීවිතයක් වගේම අහිංසක සතෙක්ගේ ජීවිතයක් බේරන්න හේතුවක් වේවි! 🙏❤️
🚨 එක වගේ පෙනුනට දෙන්නෙක් මාරයෝ, එක්කෙනෙක් අහිංසකයෙක්! රැවටෙන්න එපා! 🚨
ලංකාවේ ගොඩක් දෙනෙක් වරද්දගන්න ඒ වැරැද්ද නිසාම හැමදාම අහිංසක සත්තු දරුණු විදිහට මැරුම් කන තැනක් තමයි "තෙල් කරවෙලා", "මුදු කරවෙලා" (විෂ සහිත) සහ "අළුරදනකයා" (නිර්විෂ).
මාරාන්තික විෂ තියෙන කරවෙල්ලුන්ට රැවටිලා, අපේ ගෙවල්වල ඉන්න, අපිට උදව් කරන අහිංසක අළුරදනකයාව මරන්න එපා. මුන් තිදෙනාව බලපු ගමන් ලෙහෙසියෙන්ම අඳුරගන්න පුළුවන් රහස් ටික මේ විනාඩි 4න් බලන්න.
👉 බලලා නිකන් ඉන්න එපා, තවත් කෙනෙක් අතින් වෙන මේ මහා පව නවත්වන්න දැන්ම SHARE කරන්න! 🔄 ඔබේ එක Share එකක් අහිංසක @ජීවිතයක් බේරාවි!
😂😂🤭 සිරා
වන්දා ගැන ඔබ නොදත් අභිරහස් 03ක්..😱
ඔයාල මොකද හිතන්නෙ මේ ගැන🤔 ඔයාලගෙ අදහසත් comment කරන් යන්න ✍️
30/06/2026
🦏💔 #ලෝකයෙන්ම_ඉතිරිව_ඇත්තේ_දෙදෙනෙක්_පමණයි_උතුරු_සුදු_රයිනෝසිරස්ගේ_ශෝකී_කතාව!
අද අපි ජීවත් වෙන මේ ලෝකයේ, තවත් වසර කිහිපයකින් සදහටම නැතිවී යාමට නියමිත, මුළු පෘථිවියටම ඉතිරිව ඇත්තේ එකම එක සත්ව විශේෂයක දෙදෙනෙක් පමණක් බව ඔබ දන්නවාද?
ඔව්, ඒ තමයි උතුරු සුදු රයිනෝසිරස් (Northern White Rhinoceros).
තවමත් ලෝකය මෙතරම් දියුණු මට්ටමක තිබියදීත්, අපේ ඇස් පනාපිටම වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින මේ අහිංසක යෝධයන් ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න
📌 #ඉතිරිව_සිටින_අවසන්_බලාපොරොත්තු_දෙක
නජින් සහ ෆාටු අද මුළු ලෝකයේම ඉතිරිව සිටින එකම උතුරු සුදු රයිනෝසිරස්වරුන් දෙදෙනා මොවුන්ය. මවක සහ දියණියක වන මොවුන් දෙදෙනාම ගැහැණු සතුන් වේ.
කෙන්යාවේ පිහිටි ඕල් පේජේටා රක්ෂිතයේ දැඩි සන්නද්ධ ආරක්ෂක රැකවල් මැද මොවුන් ජීවත් වේ.
2018 වසරේදී 'සුඩාන්' (Sudan) නමැති අවසන් පිරිමි උතුරු සුදු රයිනෝසිරස් වයස්ගත වීම සහ රෝගාතුර වීම නිසා මියගියේ මුළු ලෝකයම කඳුළින් තෙත් කරමිනි.
⚠️ #මොවුන්_වඳවී_යාමට_හේතුව_කුමක්ද?
ස්වභාවික හේතූන් නිසා නෙවෙයි, මිනිසාගේ අසීමිත තණ්හාව නිසාමයි!
රයිනෝ අං වලට ආසියාතික රටවල පවතින ඉහළ ඉල්ලුම සහ මිථ්‍යා විශ්වාස නිසා දශක කිහිපයක් තිස්සේ සිදුකල අමානුෂික දඩයම් කිරීම් මේ ඛේදවාචකයට ප්‍රධානතම හේතුවයි.
මොවුන් බහුලව ජීවත් වූ මධ්‍යම අප්‍රිකානු කලාපයේ පැවති සිවිල් යුද්ධ නිසාද මොවුන්ගේ ගහනය සීඝ්‍රයෙන් වඳවී ගියේය.
🔬 #විද්යයාවේ_අවසන්_සටන
ස්වභාවික ක්‍රමයට මොවුන්ට නැවත බෝවීමක් සිදුවිය නොහැකි වුවත්, විද්‍යාඥයින් මේ වන විට සත්ව ලෝකයේ සිදුකරන අතිශය අසීරුම මෙහෙයුමක නිරතව සිටිති.
මියගිය පිරිමි සතුන්ගේ ශුක්‍රාණු සහ ඉතිරිව සිටින සතුන්ගේ ඩිම්බ එකතු කර, කෘතිම සිංචන තාක්ෂණය (IVF) මගින් කළල සාදා ඇත.
මෙම කළල, උතුරු සුදු රයිනෝ සිරස්ගේ සමීපතම ඥාති විශේෂයක් වන 'දකුණු සුදු රයිනෝ' (Southern White Rhino) ගැහැණු සතෙකුගේ කුස තුළ තැන්පත් කර, අනාගතයේදී උතුරු සුදු රයිනෝ පැටවෙකු මෙලොවට බිහිකිරීමට විද්‍යාඥයින් මේ දිනවල දැඩි උත්සාහයක නිරත වේ.
💬 ැකි_පාඩම
සුඩාන්, නජින් සහ ෆාටු අපට කියා දෙන්නේ සොබාදහමට වඩා ඉහළින් මිනිසාට යා නොහැකි බවයි. එක් ජීවී විශේෂයක් මෙලොවින් වඳවී යාම මුළු පෘථිවියේම පැවැත්මට තර්ජනයකි. වනජීවී සංරක්ෂණය සහ සතුන්ට ආදරය කිරීම හුදෙක් විනෝදාංශයක් නොව, අපේම අනාගතය වෙනුවෙන් ඉටුකල යුතු යුතුකමකි. මේ වගේ තව දේවල් ගැන දැන ගන්න අපිව කරල මේ ගැන ඔයාගෙ අදහස මොකක්ද කියල Comment කරන් යන්න✍️
📷 Photo Credit: Ami Vitale / National Geographic
😹😹😹😹
මෙහෙම කෙනෙක් ඇත්තටම හිටියද 😱
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
London
London
