Israel Api

Directions

Israel Api ඊශ්‍රායල් වල තොරතුරු බෙදා ගැනීම

කාවන්තිස්ස ඇත් රජුට ඇත්තටම මොකද වුණේ?🐘 කාවන්තිස්ස ඇත් රජුට සාධාරණයක් ඉටුවෙයිද?"තාම ඇතා මැරුණේ නැද්ද? මැරුණට බය වෙන්න එපා...
17/10/2026

කාවන්තිස්ස ඇත් රජුට ඇත්තටම මොකද වුණේ?

🐘 කාවන්තිස්ස ඇත් රජුට සාධාරණයක් ඉටුවෙයිද?

"තාම ඇතා මැරුණේ නැද්ද? මැරුණට බය වෙන්න එපා. ලක්ෂ ගානක Antibiotics ගහලා තියෙන්නේ. ඇතා කුණු නොවෙන්න"

ඕගොල්ලන්ටත් මතක ඇති මේ කතාව. භාතිය ඇතා අන්තිම හුස්ම ගන්නකොට වෛද්‍ය කණ්ඩායම කිව්වෙත් මෙහෙම.

කාවන්තිස්ස ඇත් රජු සනීප කරන්නත් වගකීම පැවරිලා තිබුණේ මේ වෛද්‍ය කණ්ඩායමටම තමයි.

දැන් මොකක් හරි දෙයක් වුණොත් වගකීම කාගෙද කියලා අහද්දි,
වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා කියනවා එයාට වගකීමක් බාරගන්න බැහැලු, වගකීම බාරගන්න ඕන දෙපාර්තමේන්තුවලු.
දෙපාර්තමේන්තුව කියනවා ඒක තමන්ගේ වගකීමක් නෙමෙයිලු.

මේ කතාවෙන්ම තේරෙනවා මේ කට්ටිය කොච්චර ආදරයෙන් මේ සතාට සැලකුවද කියලා.

කාවන්තිස්ස කියන්නේ ලංකාවේ හිටපු උසම හස්තියා. අපරාදේ ලස්සන සතෙක්.
ඇතාගේ කකුලේ පොඩි තුවාලයක් තිබිලා තියෙනවා. හැබැයි තුවාලය තිබ්බ කාලෙත් දවසකට කිලෝ 150ක් විතර කෑම කාලා තියෙනවා.

මේ තුවාලය ගැන මුලින්ම දැනගන්නේ සැප්තැම්බර් 22.

ඊට පස්සේ මේ වෛද්‍ය කණ්ඩායම ඇතාව නිර්වින්දනය කරනවා. නිර්වින්දනය කරලා පුළුවන් තරම් බෙහෙත් දෙනවා.

හැබැයි එයාලට කරන්න අමතක වෙන ලොකුම දෙයක් තියෙනවා. ඒ තමයි ඇතාගේ Blood Sample එක ගත්තේ නැති එක.

Blood Sample එකක්වත් නොගෙන, පන්න පන්න Antibiotic ගහලා. ඒ විතරක් නෙමෙයි Overdose එකක් විදිහට.

ඒ නිසාම ඇතාට දරුණු පාචනය හැදෙනවා. පාචනය හැදුනට පස්සේ ඇතා කෑම ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. ටික දවසක් යද්දි විජලනය වෙනවා.

අන්තිමට තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න හිටපු කාවන්තිස්ස, ඔක්තෝබර් 16 වෙනිදා අවුරුදු 40න්ම මැරිලා යනවා.

දැන් මේ වෙද්දි ඇතාට ප්‍රතිකාර කරපු වෛද්‍ය කණ්ඩායම තමන්ගේ Facebook Account පවා වහලා දාලා හැංගිලා. කිසිම වගකීමක් ගන්නේ නෑ.

මුළු ලංකාවම "ඇතාට මොකද වුණේ" කියලා අහද්දි, බලධාරීන් බීරන්ට වීණා වයනවා වගේ නෑසූ කන්ව ඉන්නවා.

අපි බලන් ඉමු, කාවන්තිස්ස ඇත් රජුටවත් සාධාරණයක් ඉටු වෙයිද කියලා.

❄️🇮🇱❄️🇮🇱 අද වර්ෂාවත් සමඟ ඊශ්‍රායලයේ කාලගුණය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතිනවා. සීත කාලයට සූදානම් වීමට දැන් කාලයයි! 🧥🌧️සීතලට...
17/10/2026

❄️🇮🇱❄️🇮🇱 අද වර්ෂාවත් සමඟ ඊශ්‍රායලයේ කාලගුණය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතිනවා. සීත කාලයට සූදානම් වීමට දැන් කාලයයි! 🧥🌧️

සීතලට සූදානම් වෙමු… අපේ සෞඛ්‍යය රැකගමු!
❤️
තමන්ට සීතල දැනුනත් නැතත් අනිවාර්යයෙන් ජැකට් දිග කලිසම් සපත්තු අයිස් කැප් පැලදීම තමන්ගේම සෞඛ්‍යයට හොදයි

ඊශ්‍රායලයේ සීත කාලය ආරම්භ වීමත් සමඟ උෂ්ණත්වය අඩු වීම, වැසි ඇති විය හැකියි. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා කෘෂිකාර්මික වැඩ කරන අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් මේ කාලයේදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි. 🇱🇰🤝🇮🇱

🧥 සීත කාලයේදී අඳින්න ඕනෑ මොනවාද?

✅ ශරීරයේ උණුසුම රැකගන්න පුළුවන් ඝන ජැකට් එකක් අඳින්න.

✅ ශරීරයේ උණුසුම රඳවාගන්න පුළුවන් ඇතුළත ඇඳුමක් භාවිතා කරන්න.

✅ හිස සහ කන් ආවරණය වන කැප් එකක් හෝ හිස් වැසුමක් පළඳින්න.

✅ අත් සීතලෙන් ආරක්ෂා කරගැනීමට අත්වැසුම් පළඳින්න.

✅ වැසි සහිත දිනවල ජලය ඇතුළු නොවන සපත්තු හා වැසි කබායක් භාවිතා කරන්න.

✅ තෙත් වූ ඇඳුම් හැකි ඉක්මනින් මාරු කරන්න.

🏥 සීත කාලයේදී ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු

🔹 සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ
🔹 ඉන්ෆ්ලුවෙන්සා (Flu)
🔹 COVID-19 වැනි ශ්වසන ආසාදන
🔹 ඇදුම සහ අනෙකුත් ශ්වසන රෝග උත්සන්න වීම
🔹 අධික සීතල නිසා ශරීරයේ උෂ්ණත්වය අඩුවීම (Hypothermia)
🔹 තෙත් බිම්වල ලිස්සා වැටීම් සහ අනතුරු

💡 අපේ සහෝදරයන්ට වැදගත් උපදෙස්

🔸 හැකි සෑම විටම උණුසුම් පාන වර්ග සහ ප්‍රමාණවත් ආහාර ලබාගන්න.

🔸 තද සුළං සහ වැසි පවතින විට වැඩබිමේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.

🔸 උණ, හුස්ම ගැනීමේ අපහසුතා හෝ දැඩි අසනීප තත්ත්වයක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🔸 උණුසුම්ව සිටීම පමණක් රෝගවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නැහැ. අත් සේදීම, අවශ්‍ය එන්නත් ලබාගැනීම සහ අසනීප අය සමඟ සමීප සම්බන්ධතා අඩු කිරීමත් වැදගත්.

🙏 අපි හැමෝම ඊශ්‍රායලයට ආවේ අපේ පවුලේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා රැකියාව වගේම අපේ ජීවිතයත් සෞඛ්‍යයත් ආරක්ෂා කරගනිමු!

❤️ පරිස්සමින් ඉන්න. සීත කාලයට අදම සූදානම් වෙන්න!

📢 මේ තොරතුරු ඊශ්‍රායලයේ සිටින ඔබේ මිතුරන් අතරත් බෙදාගන්න.

🚨✈️ “සන්නද්ධ පුද්ගලයෙක් නියමුවාට පහර දුන්නා – මගීන් ඔහුව පාලනය කළා”ඩුබායි සිට ටෙල් අවිව් බලා පැමිණි Flydubai FZ1073 යානය...
30/09/2026

🚨✈️ “සන්නද්ධ පුද්ගලයෙක් නියමුවාට පහර දුන්නා – මගීන් ඔහුව පාලනය කළා”

ඩුබායි සිට ටෙල් අවිව් බලා පැමිණි Flydubai FZ1073 යානයේ සිදුවීම සම්බන්ධයෙන්, යානයේ සිටි මගීන් ලබාදුන් සාක්ෂි ලෙස දැඩි අවධානයක් යොමු වූ තොරතුරු වාර්තා වී තිබේ.

මගීන්ගේ ප්‍රකාශ අනුව, සන්නද්ධ පුද්ගලයෙකු නියමුවාට පහර දී ඇති අතර, පසුව මගීන් මැදිහත් වී ඔහුව පාලනය කර ඇති බව සඳහන් වේ. එක් මගියෙකුගේ පවුලේ සාමාජිකයෙකු Reuters වෙත පවසා ඇත්තේ කෑගැසීම් ඇසුණු බවත්, නියමුවෙකු බිම වැටී සිටින ආකාරය සහ රුධිරය දැකගත් බවත්ය.

යානය 7700 හදිසි සංඥාව සහ පසුව 7500 කේතය නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ Tabuk වෙත හරවා යවා තිබූ අතර, සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බව Flydubai තහවුරු කර තිබේ.

⚠️ වැදගත්: මගීන්ගේ මෙම සාක්ෂිවල සියලුම තොරතුරු තවමත් නිල පරීක්ෂණයකින් සම්පූර්ණයෙන් තහවුරු වී නොමැත. ඊශ්‍රායල් නිලධාරීන් පවසන්නේ මෙය පැහැරගැනීමක් නොවන බවයි; නියමුවන් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමක් සිදුවීමට හේතුව ලෙස වාර්තා වී තිබේ.

#ඊශ්‍රායල් ✈️🇮🇱

30/09/2026

🚨✈️ අද උදේ Flydubai ගුවන් යානයක් සම්බන්ධයෙන් හදිසි සිදුවීමක්! 🇮🇱

අද සැප්තැම්බර් 30 උදේ, Dubai සිට Tel Aviv බලා පැමිණෙමින් තිබූ flydubai FZ1073 ගුවන් යානයෙන් හදිසි සංඥාවක් නිකුත් වී ඇති බව වාර්තා වේ.

✈️ යානය මුලින් 7700 – සාමාන්‍ය හදිසි තත්ත්වයක් සඳහා භාවිත කරන signal එකක් නිකුත් කර ඇති අතර, පසුව 7500 signal එකක්ද කෙටි වේලාවකට නිකුත් වී තිබෙන බව වාර්තා වේ.

🇮🇱 මේ හේතුවෙන් ඊශ්‍රායල ගුවන් හමුදා යානා සීරුවෙන් තබා ඇති අතර, flydubai යානය තම ගමන් මාර්ගය වෙනස් කර Saudi Arabia දෙසට divert වී ඇති බව වාර්තා වේ.

⚠️ නමුත් මෙය hijacking එකක් බවට මේ වන විට නිල වශයෙන් තහවුරු කර නැහැ. Emergency signal නිකුත් වූ සැබෑ හේතුව පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

🙏✈️ යානයේ සිටි සියලු දෙනා ආරක්ෂිතව සිටිනු ඇතැයි ප්‍රාර්ථනා කරමු. ❤️🇮🇱

නවතම තොරතුරු ලැබුණු විට යාවත්කාලීන කරමු.

🕐🇮🇱 ඔක්තෝබර් 25 සිට ඊශ්‍රායලයේ වේලාව පැයක් පසුපසට📅 2026 ඔක්තෝබර් 25 ඉරිදා ඊශ්‍රායලයේ Daylight Saving Time (DST) අවසන් වී...
30/09/2026

🕐🇮🇱 ඔක්තෝබර් 25 සිට ඊශ්‍රායලයේ වේලාව පැයක් පසුපසට

📅 2026 ඔක්තෝබර් 25 ඉරිදා ඊශ්‍රායලයේ Daylight Saving Time (DST) අවසන් වීමට නියමිතයි.

⏰ එදින අලුයම 2.00ට ඔරලෝසු පැයක් පසුපසට කර 1.00 බවට වෙනස් කෙරේ.

ඒ අනුව ඔක්තෝබර් 25 සිට ඊශ්‍රායලය ශීත කාලයේ සම්මත වේලාවට (Winter Time) මාරු වේ.

🌅 වේලාව වෙනස් කිරීමෙන් පසු පෙර දිනට සාපේක්ෂව හිරු උදාව සහ හිරු බැසීම පැයකට පමණ පෙර සිදුවනු ඇත.

☀️ උදෑසන වැඩි ආලෝකයක් ලැබෙන අතර, 🌙 සවස් කාලයේ අඳුර ඉක්මනින් වැටෙනු ඇත.

📌 මතක තබාගන්න: ඔක්තෝබර් 25 ඉරිදා අලුයම ඔබගේ දුරකථනය සහ බොහෝ ඩිජිටල් උපාංග වේලාව ස්වයංක්‍රීයව වෙනස් කළ හැක. අතින් වේලාව සකස් කළ යුතු ඔරලෝසු තිබේ නම් පැයක් පසුපසට කරන්න.

🇮🇱 Winter Time / Fall Back

Undisputed. Untouchable. World No. 1. 👑🇱🇰88.55m to close out the year with Asian Games Gold,and complete one of the most...
28/09/2026

Undisputed. Untouchable. World No. 1. 👑🇱🇰

88.55m to close out the year with Asian Games Gold,
and complete one of the most dominant javelin seasons in history: 2026
🥇 Asian Games
🥇 Commonwealth Games
🏆 Diamond League
🏆 World Ultimate Championship

Remember the Name - 💎🥇

Rumesh Tharanga Pathirage

අඩේ රුමේෂ් 🔥♥️ මීටර් 91.09ක් ගැහුව්වා.. මොනතරම් වැඩ්ඩො හිටියත් අපේ එකාට ගහන්න එකෙක් ලොවෙත් නෑ. 💪🇱🇰ලෝක මළල ක්‍රීඩා සංගමය ...
13/09/2026

අඩේ රුමේෂ් 🔥♥️
මීටර් 91.09ක් ගැහුව්වා.. මොනතරම් වැඩ්ඩො හිටියත් අපේ එකාට ගහන්න එකෙක් ලොවෙත් නෑ. 💪🇱🇰

ලෝක මළල ක්‍රීඩා සංගමය විසින් අලුතෙන්ම ආරම්භ කළ "World Ultimate Athletics Championship" තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වෙනවා. 🏅 මළල ක්‍රීඩා පිටියේ වැඩ්ඩන්ගේත් වැඩ්ඩෝ තෝරන මේ සුපිරි තරඟාවලියේ කිරුළ හිමිකරගෙන රුමේෂ් අද ශ්‍රී ලංකාවම ඓතිහාසික ජයග්‍රහණයක් සටහන් කළා ආඩම්බරයි කොල්ලො. 🇱🇰

අද තමයි දවස.... රෑ 9.43 තමයි බන් වෙලාව.... 🔥විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයා වෙන්න, අපේ හෙල්ල මෙල්ල කරන මීළඟ ඔලිම්පික් බලාපොරොත්...
13/09/2026

අද තමයි දවස.... රෑ 9.43 තමයි බන් වෙලාව.... 🔥
විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයා වෙන්න, අපේ හෙල්ල මෙල්ල කරන මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව වන Rumesh Tharangaට පුළුවන් වෙයිද? 🇱🇰🔥

ඉතින් බන් ඔන්න අද තමයි දවස.... හංගේරියාවේ බුඩාපේස්ට්වලදී World Athletics Ultimate Championship එකේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව අද අපේ වෙලාවෙන් රාත්‍රී 9.43ට පැවැත්වෙනවා....

ඉතින් මේ පාර Diamond League එකේ දියමන්තිය, Diamond League ඉතිහාසයේ record holder, Commonwealth Games වල 1st, World Rankings වල 1st වන අපේ Rumesh Tharanga තරග වදිනවා....

ඉතින් මේ Ultimate Championship එක පළවෙනි පාරට තමයි තියන්නේ... ලෝකේ ඉන්න හොඳම සෙට් එක තමයි මෙතන කරට කර තරග වදින්නේ...

වර්තමාන ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා, Diamond League ශූරයා වගේම points වලින් තේරුණු සුපිරිම හෙල්ල විසිකරන්නන් කරට කර සටන් කරනවා....

Julian Weber, Arshad Nadeem, Anderson Peters මේ ඔක්කොම ඉන්නවා…. Neeraj Chopra විතරයි අඩු....ඉතින් මේ තියෙන්නේ ඒ 8 දෙනාගේ list එක.....

බලමු අපේ කොල්ලා මේකත් ඉවර කරලා දායිද කියලා! 🇱🇰🔥

🇮🇱🇱🇰 පණිවිඩය  ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික සැමදෙනා අතරේ බෙදා හරින්න 🙏🌸🙏 සදහම් අමා වර්ෂාවක් 🙏🌸📅 දිනය: සැප්තැම්බර් 12⏰ වේ...
10/09/2026

🇮🇱🇱🇰 පණිවිඩය ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික සැමදෙනා අතරේ බෙදා හරින්න 🙏

🌸🙏 සදහම් අමා වර්ෂාවක් 🙏🌸
📅 දිනය: සැප්තැම්බර් 12
⏰ වේලාව: පස්වරු 7:30
📍 ස්ථානය: Holon Museum Hall
🇱🇰 ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා! 🙏

🚨 Apple සමාගම iPhone 18 Pro සහ iPhone 18 Pro Max හඳුන්වා දෙයිතාක්ෂණ ලෝකයේ දැඩි අවධානයක් දිනාගනිමින් Apple සමාගම සිය නවතම...
10/09/2026

🚨 Apple සමාගම iPhone 18 Pro සහ iPhone 18 Pro Max හඳුන්වා දෙයි

තාක්ෂණ ලෝකයේ දැඩි අවධානයක් දිනාගනිමින් Apple සමාගම සිය නවතම ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් වන iPhone 18 Pro සහ iPhone 18 Pro Max නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.

නව iPhone 18 Pro මාදිලි සඳහා නව A20 Pro චිප්සෙට්, කැමරා පද්ධතියේ විශාල වැඩිදියුණු කිරීම්, වැඩිදියුණු කළ බැටරි කාර්යක්ෂමතාව සහ නව AI තාක්ෂණික විශේෂාංග රැසක් එක්කර ඇති බව Apple සමාගම පවසනවා.

මෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ Variable Aperture Camera System එක වෙතයි. එමඟින් විවිධ ආලෝක තත්ත්වයන් යටතේ ඡායාරූප සහ වීඩියෝ ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

🇺🇸 ඇමරිකානු වෙළෙඳපොළේ iPhone 18 Pro සහ iPhone 18 Pro Max මිල ගණන් ඇමරිකානු ඩොලර් 1,199 සිට ආරම්භ වන බව සඳහන්.

📅 සැප්තැම්බර් 12 සිට පෙර ඇණවුම් භාර ගැනීමට නියමිත අතර, සැප්තැම්බර් 18 සිට නව iPhone මාදිලි වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

📱🍎 නව iPhone 18 Pro මාලාව Apple සමාගමේ නවතම තාක්ෂණික හැකියාවන් රැසක් එකම උපාංගයකට ගෙන එන ප්‍රධාන නවීකරණයක් ලෙස සැලකෙනවා.

Address

Netanya
1210000

Website

Alerts

Be the first to know and let us send you an email when Israel Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category