30/10/2025
යූරෝ 16න් (රුපියල් 6000න්) 🇮🇹ඉතාලි යමු.
💝ඇත්තටම යූරෝ 16න් ඉතාලි යන්න පුලුවන්.
ඔව් යම් යම් සාදක කපාහැරියම පුලුවන්.
🙈ඒ කියන්නේ බෑද? පුලුවන්ද? හරියට කියන්නකෝ…….
අපි එහෙනම් කොහොමද මේක වෙන්නෙ කියලා බලමු.
🫷🫷මේ ලිපිය ටිකක් දිග වෙන්න පුලුවන්, ඒ නිසා ඉමේජ් එක බලලා මාතෘකාව බලලා බනින්න නම් එපා. 👹සම්පූරනයෙන්ම කියවන්න.
🤩2026-2027-2028 කාලයට ඉතාලියට සේවකයින් ලක්ශ 5කට ඇතුල් වෙන්න අවසරය දෙන නීතිය සම්මත වෙලා තියෙනවා.
ඉතාලියට එන්න මග බලන් ඉන්න අය ගොඩාක් ඉන්න නිසාත් ලංකාවේ අය අතර යූරෝ 16න් ඉතාලි එන්න පුලුවන් කියලා කතාවක් යන නිසාත් මේක ලියන්නේ.
❗️යූරෝ 16යේ කතාව මොකක්ද?
ඉතාලියේ වීසා නීතියට අයදුම් කරන්න ඉතාලි රජයට ගෙවන්න ඕනා Marca da bollo (මුද්දරයක් කියමුකො) එකට යූරෝ 16 යි.
ඉතාලි රජය අයදුම් කරන අයගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. (ඒ වුනාට වක්‍රව තව දේවල් එකතු වෙනවා. ඒවා ලියන්න ගියොත් මේක වෙනම ලිපියක් වෙනවා.)
මෙහෙම තියෙද්දි සමහරු ලක්ශ ගනන් ඉල්ලන එකට ඉතාලියට බනිනවත් දැක්කා. ඇත්තටම ඉතාලියෙන් කියන්නේ නෑ යූරෝ 10000-12000ක් මේ වැඩේට වියදම් කරලා ඉතාලි එන්න කියලා.
ඉතින් ඒ නිසා ඉතාලියට බැනලා තේරුමක් නෑ.🍈 දෝනිට කවුරුත් දොස් කියන්න එපා….❌❌❌
💣අපි එහෙම කිව්වට මේ නිකුත් කරන කෝටා එක වගේ 4 ගුනයක් වත් මේකට අයදුම් කරනවා. ඕකෙන් නොතේරුන අයට යූරෝ 16 ආයේ රිෆන්ඩ් කරන්නෙ නෑනේ.
ඉතාලියත් පැත්තකින් බිස්නස් එකක් තමයි කරන්නේ .හබැයි අහිංසක විදියට. 🐈🐈
——————————————————————
🛑ලංකාවේ ඉන්න ඔබට රුපියල් 6000ක් අතේ තියෙනවා. දැන් ඔයාට පුලුවන්ද ඉතාලි එන්න.
⛔️බෑ නේද?
ඇයි බැරි….
මේ ඉතාලි වීසා විස්තරේ වෙනත් රටවල වීසා විස්තර එක්ක සසදන්න බෑ. මේ වැඩේට ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනෙක්ගෙන් උදව්වක් ඕනා. ලංකාවේ රජය මැදිහත් වීමකුත් නෑ. ඉතාලි යවන ඒජන්සි ලංකාවෙත් නෑ.
මොකද මේ විසා ඇප්ලිකේශන් එක පුරවන්න පුලුවන් ඉතාලියේ ඉන්න කෙනෙක්ට විතරයි. වැඩේට ඉතාලියෙන් සේවායෝජකයෙක් ඕනා.
🥸අඩො… අපේ මාමා ඉතාලියේ අවුරුදු 18. පොර ඉතාලි සිටිසනුත් අරන් ඉන්නේ. Xhdhdhdhd නම් පට්ට කුහ🔞කයෙක්. අපිව ඉතාලි ගන්නේ නෑනේ බන්…
අපේ අයියා ඉතාලි ඉන්නේ අනේ.තාම මාව ඉතාලියට ගන්න බැරි වුනානේ. වෙන අය නම් යනවත් එක්ක..🔞
💢මේ ඉතාලි වීසා ගැන පෝස්ට් පලවෙද්දි අදුරන කවුරුහරි ඉතාලි ඉන්න අයගේ කමෙන්ට් කිහිපයක්.
🇮🇹ඉතාලියේ සංඛයා ලේඛන අනුව 2024 අවුරුද්දේ 🇱🇰ලාකීකයින් 110.532 ප්‍රමානයක් නිත්‍යානුකූලව ඉතාලියේ ඉන්නවා.
ඔය 110.532 ටම හැකියාවක් නෑ ඉතාලියෙන් මේ වැඩේට හරි යන සේවායෝජකයෙක් හොයාගන්න.
🔰සල්ලි තියෙන,
🔰රැකියාවකට වෙනත් රටකින් පුද්ගලයෙක් ගේන්න කැමති,
🔰ඉතාලියේ නිකුත් කරන කෝටාවට ගැලපෙන ආයතනයක් තියෙන ඉතාලි ජාතිකයෙක් හොයාගන්න බෑ.
ඔය වැඩේ කරන්න පුලුවන් අය ඉන්නේ 1% කටත් වඩා අඩුවෙන්. ඉතින් ඔයාගේ පුංචට, මාමට, බාප්පට බනින 🔞එක සාදාරන නෑ නේද?
🙈ඒ කියන්නේ යූරෝ 16 හීනයක්ම විතරද?
අපි හිතමුකෝ ඔයාට ඉතාලියෙන් සේවායෝජකයෙක් හම්බුනා කියලා. ඒතකොට යෝරෝ 16න් ඉතාලි එන්න පුලුවන්ද? වෙන වියදම් තියෙනවද?✅
01. Asseverazione - යූරො 100-150
02.idoneita alloggiativa සදහා. (මුලික වැඩ වලට අයදුම් කල රිස්ට් පත්‍රයද ප්‍රමනාවත්) යූරෝ 1000-2000 * විස්තරය වෙනම දාන්නම්
03. Contratto සදහා
04. bilancio contabile della azienda
05. මේ සමහර ඩොකුයුමන්ට් ටික පිලියෙක කරන්න ඒජන්සියකට බාරදුන්නොත් යූරෝ 200-800 ත් අතර
❗️ඉතාලියේ රස්සවකින් කෙනෙක් ගියොත් අයින්වුනොත් ඒකට එන්න බලාගෙන තව 50ක් 100ක් ඉන්නවා. එහෙම තියෙද්දි මෙහෙ ඉන්න ඉතාලි ජාතිකයෝ අර කලින් කිව්ව වියදම් ටික කරන් ලංකාවෙන් කෙනෙක් ගෙන්වයිද?
🥸අන්න මෙතනින් පස්සේ තමයි ඔය ලංකාවේ අය ඉල්ලන ලක්ශ ගානක කතාව දිග හැරෙන්නේ.
මේ කතාව ප්‍රසිද්දියේ කියන එක වැරදි,ඒත් මේ දේවල් ඉතාලියේ වෙනවා.
ඇත්තටම ඉතාලියේ ඔය ආයතන තියෙන සේවායෝජකයින් මේ වැඩේට කැමති කරගන්න මුදල් දෙන්න වෙලා තියෙනවා. දැන් එහෙම නැතිව ඕක වෙන්නේ නැති තරම්. ලොකුම හිතවත්කමක් තියෙන ඉතාලි කෙනෙක් මෙහෙම නොකරන්න පුලුවන්.
මේ ගැන ඉතාලියත් දැනුවත් මේ නිසාම සමහර නුල්ලා පවා දෙන ඒවා නතර කලා. ඕවට නඩු වෙනම යන්වා..
🛑සරලව කියනවා නම් ඒ අයට යූරෝ 5000-6000ක් දෙන්න වෙයි. ඒ කියන්නේ ලක්ශ 17- 18 ක් කියමුකෝ. හැබැයි නුල්ලා ඔස්තා ආවම තමයි ඕක දෙන්න වෙන්නේ. තෙරුනොත් විතරයි.
🛑එතකොට ඒජන්සි ගාස්තු හා අනෙක් ඩොකුයුමන්ට් ගාස්තු වලට අඩුම 1000ක් ගියා කියන්න. ලක්ශ 3.5 ක්. ඔබට ඉතාලි වීසා වලට තේරුනා හෝ නැතා මේ වියදම ආයේ ගන්න බෑ. ගියොත් ගියාමයි.
🛑තේරුනා හෝ නැතා දැනට ලක්ශ 3.5ක් වියදමක් එකතු වුනා. රුපියල් 6000 කුඩු…
❗️නුල්ලා ඔස්තා ලැබුනාම ලක්ශ 40-50 ඉල්ලන්නේ ඇයි?
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.
අර මුලින් කිව්ව කරුනු දෙකට ලක්ශ 20ක් අයින් කරමු. ඉතිරි ලක්ශ 30 ?
ඕක තරැව්කාරයෝ කීපදෙනෙක් අතර බෙදෙනවා. තැරැව්කරුවො වැඩි වෙන තරමට ගාන වැඩි.මේක අසාදාරනයි. ඒත් මේකට පාලන මිලක් නෑනේ.
ඒ අය ඉල්ලුමට සැපයුම දෙනවා. ඒ මුදලට අකමැති නම් ඔබට නොදී සිටීමේ හැකියාවක් තිබෙනවා. එහම නැත්නම් වීසා අයදුම් කරන අය සංවිදානාත්මකව එකතු වෙලා 40 ට වැඩියෙන් ඉල්ලන අයව රිජෙක්ට් කරලා දාන්න පුලුවන්.
❌❌මේ විදියට මුදල් ගැනීම සම්පූරන වැරදි. මේ තැරැව්කරුවන් ගැන ඉතාලියේ පැමිනිල්ලක් දැම්මොත් ඒ අයට හොද පෝරියල් එකක් හම්බෙනවා. ලංකාවේ නීතිය නම් ඉතිං……..
🙈🙈එතකොට ඩොමැස්ටික්/ වැඩිහිටියන් බලා ගැනීමේ රැකියාවල් වලට ඇයි ලක්ශ 40-50ක්?
ගොඩාක් වෙලාවට මේ ඩොමැස්ටික්/ වැඩිහිටියන් බලාගැනීමේ වීසා වැඩෙන් තමයි ලොකුම 🐕 වැඩේ වෙන්නේ.
ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනාට සරිලන ආදායමක් තියෙනවා නම් ඒ පුද්ගලයට ලංකාවෙන් කෙනෙක් ගේන්න පුලුවන්. එහෙම වුනොත් එයාට දල වශයෙන් යූරෝ 1000 ක් මුලික වියදමක් යයි. ඔය ගාන වැඩියෙනුත් එක්ක තියලා තියෙන්නේ. ඒ කියන්නේ ලක්ශ 3.5ක් වගේ. තෙරුනොත් තවත් ලක්ශ 10ක් වගේ….
😁සම්පූර්න වැඩේට ලක්ශ 40ක් ගත්තොත්. පේනවා නේ ලාබය…..
ඔය වීසා කතන්දරේට ලංකාවේ එම්බසි ගාස්තු+ ටිකට් ගාස්තු අදාල නෑ.එන කෙනා ඒවා වෙනම දාරගන්න ඕනා.
ඇත්තටම මේ විස්තරය මම වැඩිය කතා කරන්නත් අකමැති දෙයක්.
මේ ලිපිය ලියන මම කිසිම දිනක වීසා සදහා පුද්ගලයින් ඉතාලියට ගෙන්වීමක් හෝ තැරැව්කරුවෙක් විදියට පුද්ගලයින් සම්බන්ද කිරීමක් කිසි දිනක කරලා නෑ.
මාව විශ්වාස කරන ඉතාලියේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම මේ වැඩ කලා නම් මේ වෙද්දි ඉතාලියේ ඉන්න හොද සල්ලි කාරයෙක් වෙන්න තිබ්බා.ෆෙරාරියකින් බැහැලා සර්දේනියා දූපතේ හොද ගෙයක් අරන් ඉන්න තිබ්බා.
❌ප්‍රතිපත්තියක් විදියට මම මේ වැඩේ කරන්නේ නෑ.
❌අද වෙනකන් කිසිම කෙනෙක්ගෙන් යූරෝ 1ක් අරගෙන නෑ.
✅මාව නොදන්න කෙනෙක් මේ විස්තරය බලන්නේ , වැරදි කමෙන්ට් එකක් දාන්න කලින් මේ දේ ලිව්වේ.
මේ ලිපියෙන් ඉතාලියට එන්න කොච්චර වියදමක් යනවද කියන එක ගැන සරල අවබෝදයක් ලැබෙන්න ඇති කියලා හිතනවා.
ඒ වගේම ඉස්සර අදුරන්නෙ නැති අයව කිසිම මුදලක් නැතිව ඉතාලියට ගෙන්වපු අය ඉදලා තියෙනවා. ඒ අයට හදවතින්ම ස්තූතිය. ❤️
ඒ වගේම සාදාරන මුදලකට ගේන අයත් ඉන්නවා. ඒ අයට හදවතින්ම ස්තූතිය.❤️
මේ වැඩේ කරන්න , සේවායෝජකයෝ හොයන එක ලේසි නෑ. ඒ නිසා මේවා කරන අයටත් මුදලක් තියෙන්න ඕනා. ලාභයක්
තියෙන්න ඕනා තමයි. ඒත් ඒක අසාධාරණ නොවිය යුතුයි.
ඔබ කල දේ ඔබ ගෙනියයි මම කල දේ මම ගෙනියයි🙏☸️🙏☸️🙏☸️
කරන වැඩේ සාදාරන්ව කරන්න……..
📝 ඔයාගේ අදහස කමෙන්ට් එකකින් දාන්න!
අනිත් අයට බලන්න Share කරන්න 🇮🇹✨
ඉතාලිය ගැන අලුත් විස්තර බලන්න එකවුන්ට් එක ෆලෝ කරලා තියාගන්න.
Thilana Fernando
24/10/2025
🚨 2024 'Decreto Flussi' අයදුම්පත් සඳහා විශේෂ දැනුම්දීමක්! 🇮🇹
2024 වසරේ ඉතාලියේ 'Decreto Flussi' (Flussi) සඳහා අයදුම්පත් (Domanda) යොමුකළ සියලු දෙනාගේ අවධානය පිණිසයි.
වාර්තා වන අන්දමට, 2024 වසරේ (විශේෂයෙන් මාර්තු 18, 20, 25 යන Click Day දිනවලදී) ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා 'Nulla Osta' (නුල්ලා ඔස්තා) මේ දිනවල නිකුත් වෙමින් පවතී.
එමනිසා, ඔබගේ අයදුම්පත ඉදිරිපත් කළ ආයතනය, නියෝජිතයා (agente) හෝ ඔබව ගෙන්වන ස්වාමියා (datore di lavoro) සමඟ නිරන්තර සබඳතාවයකින් සිටින්න.
ඔබගේ අයදුම්පතේ තත්ත්වය (Status) පිළිබඳව නිතරම විමසිලිමත් වන්න. Nulla Osta එක ලැබුණු වහාම ඊළඟ පියවර සඳහා සූදානම් විය යුතු බැවින්, මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.
අයදුම් කළ සියලු දෙනාටම සුබ පතමු! 🙏
🇱🇰🇮🇹
23/10/2025
DECRETO FLUSSI - අයදුම්පත් භාරගැනීම ඇරඹුණා!
🇱🇰 (Sinhala)
ශුභ ආරංචියක්! "Decreto Flussi" (ෆ්ලුස්සි) ඉල්ලුම්පත් යොමු කිරීම Wide Service කාර්යාලය වන අප විසින් අද සිට ආරම්භ කරනු ලැබේ.
ඔබ ඉතාලියේ කුමන නගරයක (Tutta Italia) සිටියත්, ඔබගේ සේවකයා ගෙන්වා ගැනීමට අවශ්‍ය "Nulla Osta" අයදුම්පත අප හරහා පහසුවෙන් යොමු කළ හැක.
🇮🇹 (Italiano)
AVVISO DECRETO FLUSSI: Il nostro ufficio Wide Service avvia da oggi le procedure per la compilazione e l'invio delle domande Flussi.
Offriamo assistenza ai datori di lavoro in tutta Italia, indipendentemente dalla città di residenza.
🇬🇧 (English)
DECRETO FLUSSI NOTICE: Our office, Wide Service, is starting the Flussi application procedures from today.
We offer assistance to employers all across Italy, regardless of your city.
විස්තර සඳහා අමතන්න | Per info | Contact us:
📞 3773452530 - 388 250 8976
(Wide Service)
19/10/2025
Flussi එකට ඉල්ලන්න 16 යුරෝ කියන අය ටිකක් ඇස් ඇරල බලන්න.
Flussi ක්‍රියාවලියේ පියවර (පිළිවෙලට)
කෝටා ප්‍රකාශ කිරීම (Quota): ඉතාලි රජය විවිධ අංශ යටතේ (උදා: කෘෂිකර්ම, ඉදිකිරීම්) ගෙන්වන සේවක සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි.
සේවායෝජකයා අයදුම් කිරීම (Click Day): ඉතාලියේ සිටින ඔබේ සේවායෝජකයා (Boss) නියමිත දිනයේදී "Nulla Osta" (වැඩ කිරීමේ අවසර පත්‍රය) ඉල්ලා ඔන්ලයින් (Online) ක්‍රමයට අයදුම් කරයි.
Nulla Osta නිකුත් කිරීම: අයදුම්පත අනුමත වුවහොත්, ඉතාලි බලධාරීන් (Prefettura) විසින් Nulla Osta පත්‍රය නිකුත් කර, එය ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයටද දන්වයි.
සේවකයා වීසා අයදුම් කිරීම (Visa): ඔබේ සේවායෝජකයා එවන Nulla Osta පත්‍රය සහ අනෙකුත් ලියකියවිලි සමග, ඔබ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් (VFS) "Work Visa" සඳහා අයදුම් කළ යුතුය.
ඉතාලියට පැමිණීම (Permesso): වීසා ලැබුණු පසු, ඉතාලියට පැමිණ දින 8ක් ඇතුළත, ඔබ තැපැල් කාර්යාලය (Poste Italiane) හරහා "Permesso di Soggiorno" (වාසස්ථාන බලපත්‍රය) සඳහා අයදුම් කළ යුතුය.
අවශ්‍ය ප්‍රධාන ලියකියවිලි (Categories)
A. ඉතාලියේ සේවායෝජකයාට (Employer) අවශ්‍ය දේවල්
(Nulla Osta සඳහා අයදුම් කිරීමට)
SPID/CIE: ඔන්ලයින් අයදුම් කිරීමට අවශ්‍ය ඩිජිටල් අනන්‍යතාවය.
ආදායම් සහතික (Reddito): සේවකයෙකුට වැටුප් ගෙවීමට හැකියාව ඇති බව පෙන්වීමට.
Asseverazione: (සියලු දෙනාටම අවශ්‍ය නැත) තම ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ නීත්‍යානුකූල බව ගැන ඉතාලියේ වෘත්තිකයෙකුගෙන් (උදා: Consulente del Lavoro) ලබාගන්නා සහතිකයක්.
නවාතැන් තහවුරු කිරීම (Idoneità Alloggiativa): සේවකයාට දෙන නවාතැන ජීවත් වීමට සුදුසු බවට සහතිකයක්.
Marca da Bollo: €16.00 මුද්දරයක්.
B. ශ්‍රී ලංකාවේ සේවකයාට (Worker) අවශ්‍ය දේවල්
(Visa සඳහා අයදුම් කිරීමට)
Nulla Osta: සේවායෝජකයා විසින් එවන ලද අනුමත අවසර පත්‍රය.
Passport: වලංගු ගමන් බලපත්‍රයක්.
වීසා අයදුම්පත: නිවැරදිව පුරවන ලද ජාතික වීසා (D-Type) අයදුම්පත.
ඡායාරූප (Photos): නියමිත ප්‍රමිතියේ පාස්පෝට් ඡායාරූප.
ගුවන් ටිකට්පත් වෙන් කිරීම (Flight Booking).
14/10/2025
🇮🇹🇱🇰 ඉතාලියේ ඉන්න අපේ හැමෝටම ගොඩක් වැදගත්! ISEE (ඊසේ) සහතිකය ගැන හරියටම දැනගමු!
"ISEE" (ඊසේ) කිව්වම සමහරු හිතන්නේ මේකත් 730 වගේ බදු ගෙවන ලියවිල්ලක් කියලා. නැහැ! මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්.
🤔 එහෙනම් මොකක්ද මේ ISEE කියන්නේ?
ISEE (Indicatore della Situazione Economica Equivalente) කියන්නේ සරලවම, ඔබගේ පවුලේ සමස්ත ආර්ථික තත්ත්වය (ලැබෙන ආදායම, බැංකුවේ ඇති මුදල්, දේපළ) පෙන්වන සහතිකයක්. මේක රජයෙන් දෙන විවිධ සහනාධාර සහ බෝනස් (Bonus) ලබාගන්න අත්‍යවශ්‍යම ලියවිල්ලක්.
✅ ISEE සහතිකය අවශ්‍ය වෙන්නේ මොනවටද?
👨👩👧👦 Assegno Unico: දරුවන්ට මාස් පතා රජයෙන් දෙන මුදල ලබාගැනීමට. (ISEE අගය අඩු වෙන්න ලැබෙන මුදල වැඩි වෙනවා).
👶 Bonus Asilo Nido: බාලාංශ ගාස්තු සඳහා ලැබෙන සහනය.
💡 Bonus Sociale: ලයිට්, ගෑස් වැනි බිල්පත් සඳහා ලැබෙන වට්ටම්.
🎓 Tasse Universitarie: දරුවන්ගේ විශ්වවිද්‍යාල ගාස්තු සඳහා සහන ලබාගැනීමට.
🏠 Case Popolari: රජයේ නිවාස යෝජනා ක්‍රම සඳහා අයදුම් කිරීමට.
... සහ තවත් බොහෝ රජයේ සහනාධාර සඳහා!
📝 ISEE හදන්න සාමාන්‍යයෙන් අවශ්‍ය ලියකියවිලි:
හැඳුනුම්පත් සහ කෝදිචේ ෆිස්කාලේ (පවුලේ සැමගේම).
Saldo e Giacenza Media: ඔබගේ බැංකු ගිණුමේ වසර දෙකකට පෙර තිබූ මුදල් ප්‍රමාණයන් දැක්වෙන බැංකු ලියවිල්ල (උදා: 2025 ISEE එකට 2023 දෙසැම්බර් 31 තිබූ තොරතුරු).
Certificazione Unica (CU/CUD) හෝ Modello 730.
නිවාස කුලී ගිවිසුම (Contratto d'affitto).
වාහන තිබේ නම් ඒවායේ අංකය (Targa).
📍 කොහෙන්ද හදාගන්නේ?
ඔබට ළඟම ඇති CAF හෝ Patronato කාර්යාලයකට ගොස් නොමිලේම ISEE සහතිකය හදාගන්න පුළුවන්. කලින් වෙලාවක් වෙන් කරගෙන යෑම පහසුයි.
වැදගත්: ISEE සහතිකය හැම අවුරුද්දකම ජනවාරි මාසයෙන් පස්සේ අලුත් කරගන්න ඕන. අවශ්‍ය වෙලාවට කලබල නොවී, දැන්ම ඔබගේ ISEE එක හරිද කියලා බලන්න, නැත්නම් අලුත් කරගන්න.
මේ තොරතුරු නොදන්නා ඔබගේ යහළුවන්ටත් දැනගන්න Share කරන්න!
13/10/2025
Commission Letter Missing? | කොමිෂන් ලියුම ඔබටත් නොලැබුණාද? ඉතාලියේ රැකියා බලපත්‍ර අයදුම් කළ අයට විශේෂ දැනුම්දීමක්!
වැදගත්: ඔබ ඉතාලියේ රැකියා බලපත්‍රයකට (බොහෝ දෙනා "Rifugi Illana" ලෙස හඳුන්වන ක්‍රමය) අයදුම් කර, කොමිෂන් සභාවෙන් (Commissione/Prefettura) එවන ලියුම නොලැබී බලා සිටිනවාද? මෙය මේ දිනවල බොහෝ දෙනෙකුට ඇති ලොකු ගැටලුවක්.
ගැටලුව කුමක්ද?
බොහෝ විට ඔබ අයදුම්පතේ ලබා දී ඇත්තේ ඔබ තාවකාලිකව නැවතී සිටින නිවසක (Ospiti) ලිපිනයයි. මෙවැනි ලිපිනවලට තැපෑල නිසියාකාරව නොලැබීමේ ඉඩකඩ වැඩියි. සමහර විට තැපැල්කරුට නිවස සොයාගැනීමට නොහැකි වීම, නිවසේ නමට ඔබේ නම නොතිබීම හෝ වෙනත් හේතු නිසා එම වටිනා ලියුම නැවත ආපසු යෑමට හෝ නැතිවී යෑමට පුළුවන්.
ඔබගේ interview එකට හෝ ලියකියවිලි ලබාගැනීමට දිනයක් සහිතව එවන මෙම ලියුම මගහැරීමෙන් ඔබගේ සම්පූර්ණ ක්‍රියාවලියම අසාර්ථක වීමේ අවදානමක් ඇත.
හොඳම විසඳුම:
තවදුරටත් අවදානමක් ගන්න එපා! ඔබගේ ලියුම අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන බවට සහතික කරගැනීමට ඇති හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය මෙයයි.
ඔබට ළඟම ඇති ඉතාලි තැපැල් කාර්යාලයට (Poste Italiane) යන්න.
එහිදී, ඔබට වැදගත් ලියුමක් ලබාගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා විශ්වාසවන්ත ලිපිනයක් අවශ්‍ය බවත් පවසන්න. ඔබට ඔවුන්ගෙන් "Fermoposta" සේවාව හෝ තැපැල් පෙට්ටියක් (Casella Postale) කුලියට ගැනීම ගැන විමසිය හැකිය.
Fermoposta සේවාව:
මෙහිදී ඔබට ලැබෙන ලියුම්, ඔබගේ නමට අදාළ තැපැල් කාර්යාලයටම එවනු ලැබේ. ඔබට ඔබගේ හැඳුනුම්පත (Passport) පෙන්වා එම ලියුම් තැපැල් කාර්යාලයෙන්ම ලබාගත හැක.
Casella Postale (P.O. Box):
මෙය තැපැල් කාර්යාලයේ ඇති ඔබටම වෙන්වූ කුඩා ලොකරයක් වැනිය. ඔබගේ සියලුම තැපැල් භාණ්ඩ ඊට එවන අතර, ඔබට ඕනෑම වේලාවක එය ලබාගත හැක.
මෙම සේවාවක් ලබාගත් පසු, ඔවුන් ඔබට ලබාදෙන අලුත් ලිපිනය, ඔබගේ අයදුම්පත භාරදුන් කාර්යාලයට (Sportello Unico per l'Immigrazione/Prefettura) ගොස් යාවත්කාලීන කරන්න. එවිට ඔබගේ සියලුම ලියකියවිලි ආරක්ෂිතව එම ලිපිනයට ලැබෙනු ඇත.
සාරාංශය:
ලියුම එනකල් බලාගෙන ඉඳලා අවස්ථාව නැති කරගන්න එපා. අදම තැපැල් කාර්යාලයට ගිහින් ඔබගේ නමට ලිපිනයක් හදාගෙන, එය බලධාරීන්ට දැනුම් දෙන්න.
මෙම පණිවිඩය ඉතාලියේ සිටින, රැකියා බලපත්‍ර බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ සියලුම මිතුරන්ටත් දැනගැනීම සඳහා Share කරන්න.