31/05/2026
"අභිත්ථරේත කල්‍යාණේ"
(පොදු යහපත උදෙසා වහ වහා පෙලගැසෙමු)
2570 වන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ වෙසක් කූඩ ප්‍රදර්ශනය හා කාර්යාල පරිශ්‍රය ආලෝක කිරීම.
ඔබ සැමට සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා.🙏🙏🙏
27/05/2026
බුද්ධ වර්ෂ 2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පවත් වනු ලැබූ ධර්ම දේශනාමය පිංකම.
✅ දේශකයාණෝ සඳගිරි විහාරාධිපති, මාතලේ තෝමස් විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය අලවතුගොඩ මේධාවී ස්වාමීන් වහන්සේ
මේ සඳහා අකුරණ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්යාලීය නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ විය .
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අකුරණ
15/05/2026
අකුරණ කාර්යාල පවුලෙන් නික්ම නව සේවා ස්ථානයකට ස්ථාන මාරුවී යන විද්‍යා හා තාක්ෂණ නිලධාරී ප්‍රභා හේරත් මහත්මියට අකුරණ කාර්යාල පවුලේ හෘදයාංගම සුබපැතුම් එක් කරමු.🙏🙏🙏
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අකුරණ
2026.05.15
15/05/2026
ප්‍රාදේශීය කමිටු රැස්වීම 2026-05-13 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
06/05/2026
ක්ෂේත්‍ර නිළධාරී ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.05.06 දින කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි
05/05/2026
දශක තුනහමාරක් පමණ රාජ්‍ය සේවයේ නිරතව අද දින විශ්‍රාම දිවියට පා තබන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරී ලෙස සේවය කළ දීපිකා චන්ද්‍රකාන්ති මැතිනිය ඔබතුමියට නිදුක් නිරෝගී මානසික සුවය පිරි සුවබර විශ්‍රාම දිවියකට සුභාශිංසනය ප්‍රාර්ථනා කරමු.💐💐💐
ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අකුරණ කාර්යාල පවුලේ සියලුදෙනාගේ හෘදයාංගම ප්‍රාර්ථනය🙏🙏🙏
"ලොව ඇත්තේ යාම් ඊම් පමණි
ආවොත් නොගිහින් බැරිය, ගියොත් ආපසු එනු බැරිය"
(සරත්චන්ද්‍ර - මළගිය ඇත්තෝ)
ඔබට සුබ ගමන් අපේ AO මිස්...!
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අකුරණ
2026.05.05
30/04/2026
හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරුවී යන සහකාර අධ්යක්ෂ සිසිර අබේරත්න මැතිතුමනි ඔබතුමාට
තෙරුවනේ ආශිර්වාදයෙන් කන්ද උඩරට දළදා හාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් අභිනව සේවා ස්ථානයේ කටයුතු සාර්ථකත්ව සිදුකිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි
ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යාල පවුලේ සියලු දෙනාගේ හෘදයාංගම ඒකායන සුබ පැතුම් එක් කරමු...❤❤❤❤
අප රාජකාරී දිවියේ නැවත හමුවෙන තුරා එතෙක් ඔබට සුබ ගමන් සහකාර අධ්‍යක්ෂතුමනි🙏🙏🙏
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අකුරණ
2026.04.30
29/04/2026
ග්‍රාම නිළධාරී පොදු කොට්ඨාස දින රැස්වීම 2026-04-29 වන දින කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අකුරණ
2026-04-29
27/04/2026
A GLOBAL Walk for Peace - 2026
සාමයේ පාද යාත්‍රාව 2026