HRDC SRI LANKA

HRDC SRI LANKA

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HRDC SRI LANKA, Social service, No 112/1, Udakakulawala, Bujjomuwa, Alawwa.

Photos from HRDC SRI LANKA's post 11/01/2022

අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි අධ්‍යාපනයේ නිරත වී සිටින ස්වාමීන් වහන්සේලා විසි පස් නමක් සහ එහි වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා සඳහා අධ්‍යාපනික උපකරණ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු මූල්‍යමය ආධාර පූජා කිරීමේ වැඩසටහන 2021 උඳුවප් පුර පසළොස්වක පොහොය දින සාර්ථකව සිදු කෙරිණි. එයට සමගාමීව පහන් පන් දහසක ආලෝක පූජාවද පැවැත්විණි. මේ සියලු දේ සඳහා අනුග්‍රහය දක්වූ සැම දෙනා හටම HRDC අප සියලු දෙනාගේම ආචාරය....

27/05/2021

ස්වාදීන රූපවාහිනී සේවය ඔස්සේ වෙසක් පුර පසළොස්වක් දින විකාශය වූ වැඩසටහනකින් උපුටා ගනු ලබූ කොටසකි.

කැටයක් කඩා නාගදීපයේ දසරියන් පිළීමයක් තැනූ පුංචි මිනිසා | TV Sri Lanka 27/05/2021

https://www.youtube.com/watch?v=XEJmedRmFtk

කැටයක් කඩා නාගදීපයේ දසරියන් පිළීමයක් තැනූ පුංචි මිනිසා | TV Sri Lanka නාගදීප පූජා භූමියේ මාස 02 වැනි පොඩිකාලයක් තුලදී දසරියන් හිටිවන පිළීමයක් තැනවූ කථාවක් - මෙම වීඩියේව නරඹා ඔවුන්ගේ මෙ...

Photos from HRDC SRI LANKA's post 27/05/2021

නාගදීප පුදබිම තුල පිහිටි පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා අප විසින් පාසල් උපකරණ බෙදා දීමටද කටුතු කරන ලදී. ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ අභිවුර්ධිය උදෙසා මෙම උතුම් පුන්‍යකර්මය පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සමගාමීව සිදු කරන ලදී. මෙම මහඟු පුණ්‍ය කර්මයටද නන් අයුරින් දායකත්වය ලබා දුන් ඔබ සැම දෙනාට අපගේ ප්‍රණාමය........

Photos from HRDC SRI LANKA's post 27/05/2021

දස රියන් උස හිටි පිළිම වහන්සේ බක් පුර පසළොස්වක පොහොය දිනයේදී නිරාවරණය කිරීමේ කටයුත්ත සියලු දෙනාගේ දායකත්වයෙන් සිදු විය. අප මහා බුදුරජානන් වහන්සේ නාගදීප පුද බිමට වැඩම කරන්නට යෙදුනේද බක් පුර පසළොස්වක දිනයකදීය. එවන් දිනයක දස රියනක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නාගදීප විහාරයට පූජා කරන්නට ලැබීම අප සියලු දෙනාගේම භාග්‍යකි.මේ සඳහා අපහට නිරන්තරයෙන් නාවික හමුදාව යුධ හමුදාව මෙන්ම තවත් පාර්ශව රැසකින් සහයෝගය ලැබිණි. එමෙන්ම පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය සජීවීව ලොව පුරා විකාශය කල ජාතික රූපවහිනියටද අප කණ්ඩායමේ ස්තුතිය පුද කරමු. ඒ අතරම මෙම පිළිම වහන්සේගේ වැඩ ආරම්භ කල අවස්ථාවේ පටන් නිරාවරණය කර නාගදීප පුදබිමට පූජා කරන අවස්ථාව දක්වා නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනා හට අප කණ්ඩායමේ ප්‍රණාමය පුද කරමු........

Photos from HRDC SRI LANKA's post 27/05/2021

මැදින් පුර පසළොස්වක පොහොය දින තුල තැන්පත් කෙරුණු දස රියන් පිළිම වහන්සේ බක් පුර පසළොස්වක පොහොය දිනයේදී නිරාවරණය කිරීම උදෙසා අප කණ්ඩායම මහත් වූ පරිශ්‍රමයකින් පිළිම වහන්සේ අවට පූජා භූමියම සූදානම් කළේය. මේ සඳහා නිරන්තරයෙන් අපට නාවික හමුදාවේද සහය ලැබිණි. මෙම පිළිම වහන්සේගේ වැඩකටයුතු උදෙසා බොහොමයක් බැතිමතුන් අප හා අත්වැල් බැදගත්තේය. මේ සඳහා දායකත්වය ලබා දුන් සැමදෙනා හට අප කණ්ඩායමේ ප්‍රණාමය........

Photos from HRDC SRI LANKA's post 27/05/2021

සියලු වැඩ නිම කරන ලද දස රියන් පිළිම වහන්සේ නාගදීප පුදබිම වෙත වැඩම කිරීමට නියමිතයි. මාස කිහිපයක කැපවීම සහ මහන්සියක ප්‍රතිඵලයක් ලෙස පිළිමවහන්සේගේ වැඩකටයුතු සාර්ථකව නිම කිරීමට හැකියාවත් ලැබුණි. මේ සඳහා දිවා රාත්‍රී වෙහෙස නොබලා කටයුතු කල අප සභාපති තුමාගේ කැපවීම සාර්ථකත්වයේ නිදසුනකි. එය අප කණ්ඩායමටම ආදර්ශයක් පමණක් නොව නිහතමානීව ආඩම්බර විය හැකි කරුණකි. සියලු වැඩ නිම කිරීමෙන් අනතුරුව පිරිත් සජ්ජායන කොට නාගදීප පුදබිම කරා වැඩම කිරීම ආරම්භ විය. අවසානයේ දියෙන් ගොඩින් වැඩම කරන ලද දස රියන් පිළිමවහන්සේ මැදින් පුර පසළොස්වක පොහොය දින තුල සුභ මොහොතින් තැන්පත් කරන්නට විය. මෙම කටයුත්ත මෙතෙක් ආ ගමන් මගේ සුවිශේෂ වූ සංදිස්ථානයක් විය.

Photos from HRDC SRI LANKA's post 27/05/2021

විවිධ පරාසයන් තුල නිහඬව සමාජ සත්කාරයන් සිදු කරන අප කණ්ඩායම තවත් දැවැන්ත කරතව්‍යක් සඳහා මුල්ගල තැබීය. එනම් අප සභාපතිතුමන්ගේ සංකල්පයක් මත ඉතා කුඩා මුදලකින් ගත් ආරම්භයත් සමග තවත් පින්වත් දායක මහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාගයනුත් එක්කාසු කොට ආරම්භ කරන්නට යෙදුනු දස රියනක් උසැති අප මහා සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ අනුරුවක් සඳහා මුල් ගල තැබීම සහ වැඩ කටයුතු ආරම්භ කිරීමයි. හිටි පිළිම වහන්සේ නමක් නොමැති කමින් එම අඩුව පුරවාලීමවස් අප මෙම වැඩකටයුතු ඓතිහාසික නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ කළේය. මෙම භාරදූර්ය කාර්ය සිදු කිරීම ලෙහෙසි කරත්ව්‍යක් නොවූවත් අප සභාපති තුමන් හට ඇති අපිරිමිත දෛර්යය හේතුකොටගෙන වැඩ කටයුතු ආරම්භ කළේය. මේ සඳහා නාවික හමුදාවේද ලද සහය සිහිපත්කල යුතුය.

Photos from HRDC SRI LANKA's post 27/05/2021

අප රට ජලයෙන් ස්වයංපෝෂිත පින් බිමකි. එහෙත් අප කලින් සඳහන් කල ආකාරයට ජලය නොමැතිව දුක් පීඩා විඳින පිරිසක්ද අපේම රට තුල ජීවත් වෙයි. එසේම පිරිසිඳු පානිය ජලය ලබා ගැනීමට අපහසු ස්ථාන බොහොමයක් ඇත. මේ හේතුවෙන් තායිවාන් බෞද්ධ ශ්‍රී ලංකා පදනම මගින් අප වෙත පරිත්‍යාග කරනු ලබූ ජල පෙරන (Water Dispenser) කිහිපයක් අප විසින් විහාරස්ථාන සහ පෙර පාසල් කිහිපයකට බෙදා දෙන ලදී. සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩ නැගීම අප කාගේත් වගකීමකි. මේ සඳහා දායකත්වය ලබා දුන් තායිවාන් බෞද්ධ ශ්‍රී ලංකා පදනම වෙත අප කණ්ඩායමේ ප්‍රණාමය......

Photos from HRDC SRI LANKA's post 27/05/2021

Covid 19 වෛරසය හමුවේ සමාජ දුරස්ථ භාවය ඉතාමත් වැදගත් කරුණක් විය. එබැවින් අලව්ව පොලිස් ස්ථානයේ මහජන කුටිය තීන්ත ආලේප කොට ප්‍රතිසංස්කරණය කරන්නට විය. මෙහිදී පැමිණෙන ජනතාව සඳහා දුරස්ථ භාවය තබා ගනිමින් රැදී සිටීමට හැකි අයුරින් එය යකඩ ආවරණයක් සහිතව පුළුල් කර මනා ලෙස පුවරු සහිතව වැඩ නිම කළේය.

Photos from HRDC SRI LANKA's post 27/05/2021

Covid 19 වෛරසය මුළු ලොවටම එල්ල කල බලපෑම අති මහත්ය. අප වැනි කුඩා රටකටද එය දරා ගැනීමට අසීරු තත්වයකි. මේ ඇති වී තිබෙන තත්වයෙන් මිදීමට අප සියලු දෙනාම අවබෝධයෙන් වගකීම් සහගතව කටයුතු කල යුතුව ඇත. එය සමාජයක් වශයෙන් රටක් වශයෙන් සහ ලෝකයක් වශයෙන් එක්ව කටයුතු කල යුතු අවස්ථාවකි. නමුත් අප සමාජයේම ඇතැම් පිරිසක් වගකීම් විරහිතව කටයුතු කරන අවස්ථා ඔබ අප දැක තිබේ. මෙම තත්වය හමුවේ අපට හැකි පමණින් මුඛ ආවරණ නොමැති පිරිස් වෙත මුඛ ආවරණ ලබා දීමට අප කටයුතු කලේ සමාජ වගකීම පිලිබඳ ඇති අවබෝධය නිසාවෙනි. මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමටද අප සභාපති චමින්ද මහතා විසින් පූර්ණ අනුග්‍රහය සැපයුවේය. කණ්ඩායම් සාමාජිකයින්ගේ එකමුතුකමින් සාර්ථකව මුඛ ආවරණ ජනතාව වෙත බෙදා දීමට හැකි විය. මෙම ව්‍යසනය පහවී යන තුරු නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරමු.

Want your business to be the top-listed Government Service in Alawwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No 112/1, Udakakulawala, Bujjomuwa
Alawwa