18/07/2025
පාරම්පරික වෛද්‍ය සායනය හා ජ්‍යේතීශ්‍ය සායනය.
Splendiferous Madampagama
18/07/2025
පාරම්පරික වෛද්‍ය සායනය හා ජ්‍යේතීශ්‍ය සායනය.
07/06/2025
නීරෝගී පරිසරයක් වෙනුවෙන්... ❤️
මාදම්පාගම ප්‍රාදේශීලේකම් කාර්‍යාලයේ සීනිගම බැංකුවට අයත් පැරෑලිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ පරිසර දිනය නිමිති කර ගනිමින් වෙරළ තීරය පිරිසිදු කිරීම හා රුක්රෝපන වැඩසටහනටක් 2025.06.05 දින පැරෑලිය සුනාමි ස්මාරකය අසල දී පැවැත්වුණා.
පැරෑලිය දකුණ වසම්භාර නිලධාරී නිරෝශා ලක්මාලි මෙනවිය විසින් එම වැඩසටහන සංවිධානය කර තිබුණා.
කලාප කළමණාකරු ආනන්ද මහත්මා , මූලස්ථාන කළමනාකරු නාලනී මහත්මිය , සමාජ සංවර්ධන නිලධාරී වරුණි මහත්මිය මෙන් ම මීටියාගොඩ පොලීසිය නියෝජනය කරමින් නිලධාරින් 05 දෙනෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියංකර මහත්මා හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම වැඩසටහන සාර්ථකව සිදුකෙරුණා.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාදම්පාගම -
06/06/2025
🌳ප්ලාස්ටික් වලින් තොර හරිත වර්ණයෙන් දිදුලන පරිසරයක් නිර්මාණය කිරීමට අපිත් පෙළ ගැසෙමු 🌳
"🌳Ending plastics pollution" යන ගෝලීය තේමාව පෙරදැරි කර ගනිමින් පරිසර අමාත්‍යාංශය හා මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද " *දලුලන්න ඉඩදෙන්න " ජගත් පරිසර දින සමරු වැඩසටහන* ගලගොඩ ROC පෙර පාසලේදී මාදම්පාගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙහිදී
🪴පලතුරු පැළ රෝපණය
🪴ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ තුරුලතා සුරකීම සම්බන්ද දැනුවත් කිරීමක් ද පවත්වන ලදි.
🪴කොට්ඨාශයේ පෙර පාසල් වල රෝපණය කිරීම සඳහා පළතුරු පැල ලබාදීම ද මීට සමගාමීව සිදු විය.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් දායකත්වය ලබා දුන් සියළුම දෙනාට තුති පුදකර සිටිමු. 💐
30/05/2025
සුවැති දිවියකට අත්වැලක්...
මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මාදම්පාගම ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව වැඩිහිටි සමිති සාමාජිකයින් සදහා සංවිධානය කරන ලද පාරම්පරික වෛද්‍ය සායනය 2025.05.28 දින මාදම්පාගම නිග්‍රෝධාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී විහාරාධිපති පූජ්‍ය මාතලේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ හා මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහත්මියගේ ප්‍රධානත්වයෙන්,ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් විරිත්තමුණි මහතාගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
මෙය මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහත්මියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.ශාලිකා නිල්මිණි මහත්මියගේ මග පෙන්වීම යටතේ පවත්වන ලදී.
මෙය පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවහි ප්‍රතිපාදන සහිතව හා මාදම්පාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන්ගේ අනුග්‍රාහකත්වය සහිතව සිදු කරන ලදී.මෙහිලා සම්බන්ධීකරණ කටයුතු පළාත් සමාජ සේවා නිළධාරි අනෝමි වික්‍රමනායක මහත්මිය, වැඩිහිටි ප්‍රවර්ධන නිළධාරි කේ.පී.ඩබ්.එස්.නිමන්ති මහත්මිය, සංස්කෘතික නිලධාරී එච්. නිලන්ති සංජීවනී මහත්මිය බෞද්ධ කටයුතු සමායෝජක එන්.විපුලසාර හිමි, හා දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරි සුදීපනී කුසලානී මහත්මිය විසින් සිදු කරන ලදී.
මේ සදහා ආරාධිත සම්පත් දායක වෛද්‍යවරුන් ලෙස සමස්ථ ලංකා ආයුර්වේද සම්මේලනයේ ගරු සභාපති, රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ජයවීර පීරිස් වෙද මහතා, ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බල මණ්ඩලයේ ගරු සභාපති ලලිත් චන්නක සල්ගමුව වෙද මහතා, අම්බලන්ගොඩ ආයුර්වේද සංරක්ෂණ සභාවේ චමෝද්‍යා රණසිංහ මෙනවිය , ලසන්ති ප්‍රියංගිකා මහත්මිය සහභාගී වන ලදී.
එමෙන්ම මේ සදහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ද සපයමින් මාදම්පාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ ගරු සභාපති විජේසේකර ඉන්ද්‍රසිරි වෙද මහතා, ගරු ලේකම් සුමේධා සූරියආරච්චි වෙද මහත්මිය, ගරු භාණ්ඩාගාරික ඩයනා අබේවික්‍රම වෙද මහත්මිය,ගරු උපසභාපති ඩී.පී.පී.ද සිල්වා මහතා,විජේසේකර සමනසිරි මහතා,උපුල් විජේසේකර මහතා සම්පත් දායකත්වය දක්වන ලදී.
තවද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට නොමද සහයක් මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිශාන්ත උපුල් රාජපක්ෂ මහතා, සංස්කෘතික නිලධාරී එච්. නිලන්ති සංජීවනී මහත්මිය,පී.වී.සංඛ මදුරංග මහතා, වෙරළ සංරක්ෂණ නිලධාරී ලක්ෂිකා දුෂ්මන්ති මහත්මිය, ඉඩම්තොට ආර්ථික සංවර්ධන නිලධාරී එන්.පී.මලවර ආරච්චි මහත්මිය,ජාතික ඒකාබද්ධතා නිලධාරී උපේක්ෂා මහත්මිය ඇතුළු කාර්යාලීය නිලධාරීන් , කාර්යාල කාර්ය සහයක නිලධාරීන් විසින් ලබා දෙන ලදී.
තෙල්, තැවුම් සාත්තු වලින් සුවපත්ව වයෝවෘධ අම්මාවරුන් තෙත් වු දෑසින් දෙඅත් එක් කොට දුන් පින් ඔබ සැමට අනුමෝදන් වේවා !!ආශිර්වාදයක්ම වේවා!!
ඔබ සැමට හිතායු!! සුඛායු!! දිගායු!!
27/05/2025
සුවැති දිවියකට අපේ දේ ❤️
11/05/2025
2025 වෙසක් පොහොයට සමගාමීව 2025.05.07 දින ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ශ්‍රමදාන වැඩසටහන ඉඩම්තොට සීමා මාලක පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ, ආර්ථික සංවර්ධන නිලධාරීන්,ක්ෂේත්‍ර නිලධාරින්,කාර්යාල නිලධාරීන් හා අවට ගම්වාසින්ගේ සහයෝගය ඇතුවයි.
එමෙන්ම 2025.05.08 දින සිදුකරන ලද සීල භාවනා වැඩසටහනද මාණ්ඩලික නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්,ක්ෂේත්‍ර නිලදාරින්,කාර්යාල නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගයෙන් ඉඩම්තොට සීමා මාලකයේදී සිදු කරන ලදී.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාදම්පාගම -
17/04/2025
හිසතෙල් ගෑමේ මංගල්‍ය 2025
මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මාදම්පාගම ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කරන ලද 2025 හිස තෙල් ගෑමේ මංගල්‍යය හා නානුමුර නර්තනාංගය 2025.04.16 දින මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවා.
මෙය මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහත්මියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.ශාලිකා නිල්මිණි මහත්මියගේ මග පෙන්වීම යටතේ පවත්වන ලදී.
මෙහිලා සම්බන්ධීකරණ කටයුතු සංස්කෘතික නිලධාරී සෝමරත්න මහතා, බෞද්ධ කටයුතු සමායෝජක එන්.විපුලසාර හිමි,ටී.එච්.ඩබ්.ප්‍රියංගනී මිය හා දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරි සුදීපනී කුසලානී මහත්මිය විසින් සිදු කරන ලදී. මෙහිලා නිවේදන කටයුතු 78 A ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී සචින් රවීෂ මහතා විසින් සිදු කරන ලදී.
මේ සදහා නිග්‍රෝධාරාම විහාරාධිපති මාතලේ ජිනවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් වැඩම කරන ලදී .
තවද මෙම අවස්ථාව සදහා මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ඩබ්.එම්.ටී.සරත් කුමාර මහතා,සහකාර සැලසුම් අධ්‍යක්ෂ එච්.කේ.සුසිත් වාසව මහතා , සමෘද්ධි මූලස්ථාන කළමනාකරු බී.කේ.නාලනී මිය ඇතුළු කාර්යාල නිලධාරීන් හා ප්‍රදේශ වාසීන් සහභාගී වන ලදී.
එමෙන්ම සහභාගී වූ සියළුම දෙනා සදහා සෙත් පිරිත් හා මගුල් බෙර වාදන මධ්‍යයේ පෙ.ව.9.04 ට එලඹි සුභ නැකැතින් හිස තෙල් ගෑම මාදම්පාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ ගරු සභාපති විජේසේකර ඉන්ද්‍රසිරි වෙද මහතා, ගරු ලේකම් සුමේධා සූරියආරච්චි වෙද මහත්මිය, ගරු භාණ්ඩාගාරික ඩයනා අබේ වික්‍රම වෙද මහත්මිය විසින් සිදු කරන ලදී.තවද මෙම අවස්ථාව සදහා මාදම්පාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ ගරු උප සභාපති ඩි.පී.පී.ද සිල්වා මහතා, විජේසේකර සමනසිරි මහතා,එච්.එල්.ලසන්ති ප්‍රියංගිකා මහත්මිය ද සහභාගී වන ලදී.
තවද පැමිණි සිටි පිරිස් සදහා ඔසු පැළයක් නොමිලේ ලබා දෙන ලද අතර එහිලා සම්බන්ධීකරණ කටයුතු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් විරිත්තමුණි මහතා විසින් සිදු කරන ලදී.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාදම්පාගම -
2025 අප්‍රේල් 17
13/04/2025
ලැබුවා වූ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
08/04/2025
21/03/2025
"වනාන්තර සහ ආහාර"
අදට (21) යෙදී ඇති ජාත්‍යන්තර වනාන්තර දිනය නිමිති කරගනිමින් මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර සංවර්ධන නිලධාරිණියගේ සම්බන්ධීකරණය යටතේ, ඇල්පිටිය අඩවිවන කාර්යාලයේ ද සහයෝගය ඇතුවයි.
ඒ අනුව, "වනාන්තර සහ ආහාර" යන තේමාවට අනුව කුලීගොඩ සස්මිත පෙරපාසල් ළමුන් අතර නැදුන් පැළ 90 ක් බෙදාදීම සිදුකෙරුණා.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාදම්පාගම -
2025 මාර්තු 21