25/05/2026
2026.05.23 දින පැවති සහභාගිත්ව සංවර්ධන පදනමේ අභිමානවත් 26 වන සැමරුම් උත්සවයෙහි සුවිශේෂී අවස්ථාවන් කීපයක්......
Social Service
1998 අංක 8 දරන පනතෙන් සංශෝධිත ,1980 අංක 31 දරන ස්වෙච්චා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අදීක්ෂණය කිරීම ) පනත යටතේ ස්වෙච්චා සමාජ සේවා/රාජ්‍ය නොවන සන්විධානයක් වශයෙන් ආ/19/ස් .සං අංකය යටතේ 2001.05.23 දින ස්ථාපිත කර ඇත.
25/05/2026
2026.05.23 දින පැවති සහභාගිත්ව සංවර්ධන පදනමේ අභිමානවත් 26 වන සැමරුම් උත්සවයෙහි සුවිශේෂී අවස්ථාවන් කීපයක්......
12/05/2026
සහභාගිත්ව සංවර්ධන පදනමේ 26 වන සංවත්සර මහා සභා රැස්වීම 🎊
අභිමානවත් 26 වසරක ගමන් මඟ සමරමින්, සහභාගිත්ව සංවර්ධන පදනමේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාට වාර්ෂික මහා සභා රැස්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
📅 දිනය: 2026 මැයි 23
🕘 වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා
📍 ස්ථානය: ප්‍රධාන කාර්යාලය, හලාවත පාර, ආණමඩුව.
න්‍යාය පත්‍රය සැකෙවින්:
සමාරම්භක කටයුතු හා පිළිගැනීම.
වාර්ෂික වාර්තා සහ විගණන වාර්තා ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම.
2026/2027 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම.
ක්‍රමෝපායික සැලසුම් පිළිබඳ සාමාජිකයින් දැනුවත් කිරීම.
දිවා භෝජනය සහ සංවත්සර සැමරුම් සංග්‍රහය.
පත්වීම් ලිපි ප්‍රදානය සහ ආරාධිත දේශන.
ඔබ සැමගේ සහභාගිත්වය අප බලාපොරොත්තු වෙමු!
Invitation to the 26th Anniversary General Meeting - Participatory Development Foundation 🎊
Marking 26 years of excellence and community service, we cordially invite all our valued members to the 26th Anniversary General Meeting.
📅 Date: May 23, 2026
🕘 Time: 9.00 AM - 4.30 PM
📍 Venue: Head Office, Chilaw Road, Anamaduwa.
Highlights of the Day:
opening ceremony and organization pledge.
Presentation of Annual Reports (2025) and Strategic Plans (2026).
Election of Office Bearers, Board of Directors, and Executive Council.
Special Session on Strategic Planning.
Appointment ceremonies, guest speeches, and the Anniversary Luncheon.
Join us as we step into another year of progress and collaboration!
பங்குபற்றல் அபிவிருத்தி அறக்கட்டளையின் 26வது ஆண்டு பொதுக்கூட்டம் 🎊
எமது நிறுவனத்தின் 26 வருட கால வெற்றிகரமான பயணத்தைக் கொண்டாடும் முகமாக நடைபெறும் 26வது ஆண்டு பொதுக்கூட்டத்திற்கு எமது அங்கத்தவர்கள் அனைவரையும் அன்புடன் அழைக்கின்றோம்.
📅 திகதி: 23 மே 2026
🕘 நேரம்: முற்பகல் 9.00 - பிற்பகல் 4.30 வரை
📍 இடம்: தலைமை அலுவலகம், சிலாபம் வீதி, ஆனமடுவ.
நிகழ்ச்சி நிரல்:
ஆரம்ப நிகழ்வுகள் மற்றும் வரவேற்புரை.
ஆண்டு அறிக்கைகள் மற்றும் கணக்காய்வு அறிக்கைகள் சமர்ப்பித்தல்.
புதிய நிர்வாகக் குழு மற்றும் பணிப்பாளர் சபை தெரிவு (தேர்தல்).
மூலோபாயத் திட்டமிடல் தொடர்பான விழிப்புணர்வு.
நியமனக் கடிதங்கள் வழங்குதல் மற்றும் விருந்தினர் உரை.
மதிய போசனம் மற்றும் ஆண்டு விழா உபசாரம்.
உங்கள் அனைவரின் வருகையையும் எதிர்பார்க்கின்றோம்!🙏
30/04/2026
🌱 "ලියදිරිය" ගෙඋයන් ව්‍යාපෘතිය - කාන්තාවන් ව්‍යවසායකත්වයට! 👩🌾
ඔබත් වගාවට ලැදි, ස්වයං රැකියාවකින් ස්වාධීන වීමට සිහින දකින කාන්තාවක්ද? එන්න, අප හා එක්වන්න!
🎯 අපෙන් ඔබට ලැබෙන දේ:
✅ ආධාර: මූලික යටිතල පහසුකම් හා මව් ශාක සඳහා මූල්‍ය සහාය.
✅ ණය: ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය ණය පහසුකම්.
✅ පුහුණුව: වගාව, නවීන තාක්ෂණය හා වෙළඳපල පිළිබඳ පූර්ණ මගපෙන්වීම.
💰 අපේක්ෂිත වාසි:
මසකට රු. 25,000කට වැඩි අතිරේක ආදායමක්.
මනසට සහනයක් සහ සාර්ථක ව්‍යාපාරික දැනුමක්.
📍 ක්‍රියාත්මක ප්‍රදේශ:
පුත්තලම් දිස්ත්‍රික්කයේ දැදුරු ඔය සහ මී ඔය මිටියාවත් ආශ්‍රිත ප්‍රදේශ. (වයස 15-35 තරුණියන්ට විශේෂ අවධානයක් යොමු කෙරේ.)
📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න:
☎️ 032-2263097 / 074-3744986 / 077-1621576
📍 PDF SRI LANKA, හලාවත පාර, ආණමඩුව.
"සවිබල ගැන්වුණු කාන්තාවකගෙන් - සශ්‍රීක හෙටක්!" 🇱🇰
HRFAC Anamaduwa
27/04/2026
"නීතියේ සහාය සැමට සමව ලැබිය යුතුයි" යන විශ්වාසය මත PDF Sri Lanka හලාවත පාර,ආණමඩුව කාර්යාලයේදී 2026.04.23 දින ප.ව 2.00ට නොමිලේ නීති උපදෙස් වැඩමුළුවක් පවත්වන ලදී.
ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මෙහිදී තමන් මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව විද්වත් නීති නිලධාරීන් මගින් උපදෙස් ලබා ගත්හ. අපගේ සේවාවන් පිළිබඳ ඉදිරි තොරතුරු දැනගැනීමට අපගේ පිටුව සමග එක්වන්න.
Anamaduwa
27/04/2026
🌸 සහභාගිත්ව සංවර්ධන පදනමේ බක්මහ අසිරිය - 2026 🌸
ආණමඩුවේ අපේම හදගැස්ම, සහභාගිත්ව සංවර්ධන පදනම (PDF) මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "බක්මහ උළෙල - 2026" පසුගිය අප්‍රේල් 23 වන දින හලාවත පාර, ආණමඩුව ආයතන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි! 🚩☀
සංවිධානයේ සාමාජික සාමාජිකාවන්, කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල, සැබවින්ම සාමුහිකත්වයේ සහ සතුටේ සැමරුමක් විය. 🤝❤️
විශේෂාංග:
✅ උණුසුම් තරග අංග 12ක් 🏃♂️🏹
✅ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ සංස්කෘතික අංග 🪘
✅ ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග ප්‍රදානය 🎁
මෙම උළෙලේ ත්‍යාග අනුග්‍රහය දක්වමින් අපට විශාල ශක්තියක් වූ;
✨ ශාලිකා තුෂාරි මහත්මිය (ව්‍යවසායිකා)
✨ චන්දන විජිත බණ්ඩාර මහත්මා (ව්‍යවසායක)
✨ නෙළුම් හේරත් මහත්මිය (ආයතන කාර්ය මණ්ඩලය)
✨ කලාම් මහතා (මානව හිමිකම් නීති නිලධාරී)
✨ ජෆ්රාන් මහතා (මානව හිමිකම් නීති නිලධාරී)
ඇතුළු දායකත්වය දැක්වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු! 🙏✨
එක්ව ඉදිරියට යමු! සහයෝගීතාවයේ නව මාවතක් සොයා...👣🌟
The Participatory Development Foundation (PDF) successfully organized its first-ever "Bakmaha Ulela" to celebrate the Sinhala and Tamil New Year. The event brought together members of the organization, staff, and their families for a day of joy and togetherness.
The celebration featured 12 traditional games and competitions, creating a lively and competitive spirit among participants of all ages. At the end of the event, prizes were distributed to the winners.
We extend our heartfelt gratitude to our generous sponsors:
Ms. Shalika Thushari (Entrepreneur)
Mr. Chandana Wijitha Bandara (Entrepreneur)
Ms. Nelum Herath (Staff Member)
Mr. Kalam (Human Rights Legal Officer)
Mr. Jaffran (Human Rights Legal Officer)
Their support played a vital role in making this inaugural event a grand success. This celebration has further strengthened the bond within the PDF family.
21/04/2026
සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය සමඟින්, PDF Sri Lanka පවුලේ සැමට වෙන්වූ සොඳුරු සැණකෙළියට ඔබ සැමට සාදරයෙන් ඇරයුම්! 🥁🥥
සංස්කෘතික අනන්‍යතාවය විදහා දක්වන සාම්ප්‍රදායික ක්‍රීඩා රැසක් සමගින්...
එන්න අපි හැමෝම එකට එකතු වෙමු. සිංහල සහ දෙමළ සහෝදරත්වයේ බැඳීම උත්කර්ෂවත් ලෙස සමරන මේ සොඳුරු දවස අමතක නොවන මතකයන්ගෙන් පුරවා ගනිමු.
📅 දිනය: 2026 අප්‍රේල් 23 වනදා
⏰ වේලාව: දවස පුරා
📍 ස්ථානය: PDF Sri Lanka කාර්යාල පරිශ්‍රය, හලාවත පාර, ආණමඩුව.
14/04/2026
🌞🌿 සුභ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! | Happy New Year! 🪔✨
ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද,
සංස්කෘතික, එකමුතුකම ඉහවහා ගිය, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🍯🕊️
பிறந்துள்ள சிங்கள, தமிழ் புத்தாண்டு நமது கலாச்சாரமும் ஒற்றுமையும் மேலோங்கும், மகிழ்ச்சி நிறைந்த இனியதொரு புத்தாண்டாக அமைய நல்வாழ்த்துக்கள்! 🌾🎇
Wishing everyone a very Happy, Prosperous, and Peaceful Sinhala and Tamil New Year! May this beautiful season overflow with our rich culture, unity, and endless joy! 🌸🙌
03/04/2026
"ලිය දිරිය" ගෙවතු වගා සමාජ ව්‍යවසායකයත්වය වැඩසටහන 2026.03.26 දින ආණමඩුව සහභාගීත්ව සංවර්ධන පදනම හා මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්තාන කර්‍යාල පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි.
Mother Plant-Daughter Plant ආකෘතිය භාවිතා කරමින් තිරසාර ගෙවතු වගාව සහ ආදායම් උත්පාදන අවස්ථා තුළින් කාන්තාවන් සහ තරුණයින් බලමුළුගන්වමින් සමාජ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.
මේ සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා අතුළු කාර්‍ය මණ්ඩලය,අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපති නිමල් දිසානායක මහතා, ආණමඩුව මහජන බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරතුමා,ආණමඩුව රාජ්‍ය හා පළාත් විශ්‍රාමික සුබසාධක සමිතියේ ගරු සභාපති අධිකාරී මහතා,ආණමඩුව ගොවිජන සේවා කාර්‍යාලයේ කෘෂිකර්ම පර්‍යේෂණ නිලධාරී කීර්ති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි අතර ප්‍රදේශය තුළ මේ වන විට ගෙවතු වගාව සුළු පරිමාණයෙන් සිදු කරන කාන්තාවෝ විශාල සංඛ්‍යාවක්ද මෙම ජාලය සමග එක්කාසු වූහ.
03/04/2026
UNOPS VRIDDHI ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත PDF "ලියදිරිය" Home Gardens හි සාමාජික ව්‍යවසායක කොට්ටුකච්චිය ප්‍රදේශයේ මල් වගා කාරිනියන් හට පැළ බදුන් කිරීම,අංකුර කැපීම හා පොහොර යෙදීම පිළිබද පුහුණුවක් ලබා දෙමින්.
මේ සදහා ආයතනයේ පරිපාලන නිලධාරිනී සරෝජා රංජනී මහත්මියත්,"ලියදිරිය" Home Gardens හි ප්‍රධාන ව්‍යවසායිකා සන්ධ්‍යා ඉදුනිල් මහත්මියත් සහභාගි වන ලදී.
2026.03.16
03/04/2026
PDF Sri Lanka හි සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළමු සමිතිය පිහිටුවීම.
2026.03.15