MOH Office -Nuwaragam Palatha Central Anuradhapura
Dewanampiyathissapura ,Anuradhapura .
01/11/2023
10/10/2023
09/10/2023
09/10/2023
# ඉදිරි වැසි සමයත් සමගම දිස්ත්‍රික්කය පුරා මදුරුවන් බෝවීමේ අවදානම වැඩි වන අතර ඒ සමගම ඩෙංගු වසංගත තත්වයක් ඇති වීමේ අවදානම ද ඉහල යනු ඇත.
# එම ඩෙංගු අවදානම අවම කිරීම පිණිස මෙම සතිය තුල එනම් ඔක්තෝබර් 9 සිට 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වේ.
# එම සතිය තුල ඔබ ජීවත් වන වටපිටාව මදුරුවන් බෝ නොවන ආකාරයෙන් පිරිසිදුව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.
# ඔබගේ සේවා ස්ථානය, ව්‍යාපාරික ස්ථානය, වැඩ බිම, කර්මාන්ත ශාලාව, කඩ මණ්ඩිය, හෝටලය, නවාතැන්පොල, මෙන්ම ඔබගේ නිවස සහ අවට පරිසරය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන්න.
# එමෙන්ම පාසල, පන්සල, පෞද්ගලික උපකාරක පන්ති, සුසාන භූමි, ක්‍රීඩා භූමි, බස් නැවතුම්, අත්හැර දැමූ ඉඩම්, පොදු කාණු පද්ධති ආදී පොදු ස්ථාන ද පිරිසිදු කිරීමේ සාමූහික වගකීම ඔබ සතුවේ.
# විවෘත පරිසරයේ ඇති බඳුන්, ටින් , බූලි, ටයර්, වැහිපීලි, අක්‍රමවත්ව බැහැර කල කසල, පොලිතින්, ෂොපින් බෑග් , අවහිර වූ කාණු, වතුර ටැංකි, ආදී ජලය එක්රැස් විය හැකි සියළු ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න.
# ඔබගේ නිවස හෝ ගොඩනැගිලි තුල ඇති කූඹි උගුල්, මල් බඳුන්, භාවිතා නොකරන වැසිකිලි, පොකුණු, ටැංකි, ආදියේ ද මදුරුවන් බෝවිය හැකි බැවින් ඒවා ද ඉවත් කරන්න.
# මෙම කටයුතු සඳහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරි සහ පොලිස් නිලධාරීගේ උපදෙස් හා අධීක්ෂණය ලබා ගත හැක.
# ඉදිරි දින කීපය තුල සෞඛ්‍ය බලධාරීන් ඔබ පරිශ්‍රය පරීක්ෂා කිරීමට පැමිණෙන අතර නිසි පරිදි පිරිසිදු කිරීම් නොකර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් සහ ආයතන වලට විරුද්ධව දැඩිව නීති මගින් කටයුතු කරනු ලැබේ.
# ඩෙංගු මාරාන්තිකයි. මීළඟ ඩෙංගු ගොදුර ඔබ, ඔබේ ආදරණීය දරුවා හෝ ඔබේ සමීපතමයෙකු වීමට ඉඩ නොතබමු.
අපි සියලු දෙනා අප සතු වගකීම ඉටු කරමු. අදම අපගේ වටපිටාව පිරිසිදු කර ගනිමු.
ස්තුතියි.
2023.10.09
අද දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය ස්ථාපිත කරනු ලැබුවා..(Sports Medical unit.).
ක්‍රීඩා කිරීමේ දී ඇති වන ගැටලු සහ තුවාල අස්ථි බිඳීම් පේශි තැ ලීම් වලට එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගත හැක...
තවද අද සිට ක්‍රීඩා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ ද සිදු කරනු ලැබේ. උපුටාගැනීම Dr Hema Weerakoon
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Dewanampiyathissapura
Anuradhapura Town
50000
Opening Hours
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 16:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 08:00 - 16:00 |
| Saturday | 08:00 - 12:00 |

30/11/2023