Divisional Secretariat Office - Horowpothana

Call Directions Website Contact the organization

Divisional Secretariat Office - Horowpothana හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ නිල facebook පිටුව.

වැඩිහිටි දිනයට සමාගාමීව, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන්, වැ...
15/10/2026

වැඩිහිටි දිනයට සමාගාමීව, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන්, වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2026/10/13 දින හොරොව්පොතාන ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වින.

ඒ සඳහා සහයෝගය දැක්වූ සංවර්ධන නිලධාරී (උපදේශන) , සංස්කෘතික නිලධාරීතුමිය, ළමා හා කාන්තා ප්‍රවර්ධන නිලධාරීතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට අපගේ ස්තූතිය පුද කරමු.

සමාජ සේවා අංශය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරොව්පොතාන.

2026 හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක ළමා දින සැමරුම් උත්සවය 2026.10.10 දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්ව...
15/10/2026

2026 හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක ළමා දින සැමරුම් උත්සවය 2026.10.10 දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහනට සමගාමීව 2026.10.03 දින ළමා සමාජ දරුවන් උදෙසා සාහිත්‍යය තරඟාවලියක් පවත්වන ලද අතර එයින් ජයග්‍රහණය කරන ලද දරුවන් සියලු දෙනාට සහතික පත්‍රයක් හා පොල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පොල් පැලයක් ලබාදෙන ලදි.

මෙම වැඩසටහන තුල ළමා සමාජ දරුවන්,පෙර පාසැල් දරුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විසින් ඔවුන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදි. එම දරුවන් සියලු දෙනාටම ත්‍යාගද ප්‍රධානය කරන ලදි.හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය පවත්වන ලදි.

හොරොව්පතාන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, හොරොව්පතාන පොලිස් ළමා හා කාන්තා කාර්යංශ නිළධාරීන් ඇතුලු ආරාධිතයින් මේ සඳහා සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම් අධීක්ෂණය යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි.

🎊Udeshika Kumari ඔබතුමියට සතුට, සෞභාග්‍යය සහ නිරෝගීභාවය පිරි සුබ උපන්දිනයක් වේවා! 🙏🎂🎊
13/10/2026

🎊Udeshika Kumari ඔබතුමියට සතුට, සෞභාග්‍යය සහ නිරෝගීභාවය පිරි සුබ උපන්දිනයක් වේවා! 🙏🎂🎊

✨♦️ *රැකියා අපේක්ෂිත ඔබට මෙන්න අනගි අවස්ථාවක්!* ♦️✨*කාගිල්ස් ෆුඩ්සිටි ආයතනයේ පහත රැකියා අවස්ථා සඳහා හොරොව්පොතාන කොට්ඨාසය...
12/10/2026

✨♦️ *රැකියා අපේක්ෂිත ඔබට මෙන්න අනගි අවස්ථාවක්!* ♦️✨

*කාගිල්ස් ෆුඩ්සිටි ආයතනයේ පහත රැකියා අවස්ථා සඳහා හොරොව්පොතාන කොට්ඨාසයේ රැකියා අපේක්ෂිතයින් බඳවා ගැනේ.*

🔹 *මුදල් අයකැමි*
🔹 *පාරිභෝගික සේවා සහායක*
🔹 *ආධුනික කෝකිවරු*
🔹 *ඔසුසැල් සහායක*
🔹 *කළමනාකරණ පුහුණුලාභීන්*

━━━━━━━━━━━━━━━

📢 *සම්මුඛ පරීක්ෂණය*

📅 *2026.10.14*
⏰ *උදෑසන 8.30ට*
📍 *හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී*

━━━━━━━━━━━━━━━

🎁 *කාගිල්ස් ආයතනය මගින් ලබාදෙන පහසුකම්*

✅ නවාතැන් පහසුකම්
✅ ප්‍රවාහන පහසුකම්
✅ ආහාරපාන
✅ වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම්
✅ රක්ෂණාවරණ පහසුකම්

━━━━━━━━━━━━━━━

👥 *ඔබටත් මෙම අවස්ථාව හිමිවිය හැකියි!*

🎯 වයස *අවු. 18 – 50* අතර නම්
🎯 *9 ශ්‍රේණිය සමත්* නම් හෝ
🎯 *අ.පො.ස. (සා/පෙළ) සමත්* නම් හෝ
🎯 *අ.පො.ස. (උ/පෙළ) සමත්* නම් හෝ
🎯 *උපාධිධාරියෙකු/උපාධිධාරිනියක* නම්

📄 *ඔබගේ රැකියා අයදුම්පත රැගෙන 2026.10.14 දින සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න.*

සහභාගීත්වය තහවුරු කරගැනීම සඳහා පහත දුරකථන අංකයට CFC ලෙස සදහන් කරමින් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

0702177921
මානව සම්පත් සංවර්ධන නිලධාරී

ඒකාකාරී ජීවිතයට මද අස්වැසිල්ලක්..ජීවිතය විඳින්න..ජීවිතය දකින්න....රසවත්ව ගෙවන්න...යන්න තේමා කරගත් රස වින්දන වැඩසටහන 2026...
07/10/2026

ඒකාකාරී ජීවිතයට මද අස්වැසිල්ලක්..

ජීවිතය විඳින්න..ජීවිතය දකින්න....රසවත්ව ගෙවන්න...යන්න තේමා කරගත් රස වින්දන වැඩසටහන 2026.09.25 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඉතා සාර්ථකව පැවැත් විය.ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පයකට අනුව නිලධාරීන් වෙනුවෙන්ම වෙන් වූ හෝරාකිහිපයක් ප්‍රවීන දේශක පොලිස් සැරයන් සම්පත් උඩුදුම්බර මහතා විසින් ඉතාමත් ම හරවත්ව සහ රසවත්ව සිදු කරනලදී.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී, රුවන්වැලි වැඩිහිටි බලමණ්ඩලය විසින් ජාත්‍යන්තර වැඩිහිටි...
06/10/2026

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී, රුවන්වැලි වැඩිහිටි බලමණ්ඩලය විසින් ජාත්‍යන්තර වැඩිහිටි දිනට සමගාමීව සංවිධානය කරන ලද වැඩිහිටි සංස්කෘතික උත්සවය 2026/10/02 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි.

මේ සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීතුමිය, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය සහ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීතුමිය ඇතුළු ප්‍රධාන සම්භාවනීය අමුත්තෝ සහභාගී වූහ.

මෙම වැඩසටහන සඳහා සහයෝගය දැක්වූ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ප්‍රදීප් ගිංතොටගේ මහතා, සංස්කෘතික නිලධාරී ඉරේෂා දිසානායක මහත්මිය ඇතුළු සියලුම නිලධාරීන්ට අපගේ ස්තූතිය හිමිවේ.

(සමාජ සේවා අංශය - හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය).

2026.10.01 දින ලෝක ළමා දිනය වෙනුවෙන් අ/ මොරකෑව විදුහලේ දී නවයොවුන් වියේ දරුවන් සඳහා ගී රස වින්දනයක් සහ දරුවන්ට විනෝදාත්ම...
05/10/2026

2026.10.01 දින ලෝක ළමා දිනය වෙනුවෙන් අ/ මොරකෑව විදුහලේ දී නවයොවුන් වියේ දරුවන් සඳහා ගී රස වින්දනයක් සහ දරුවන්ට විනෝදාත්මක වැඩසටහනක් සිදුකරන ලදී. ළමා ආරක්ෂක නිළධාරි තුසිත ලක්මාල් සේනාරත්න මහතා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරි ප්‍රදීප් ගිංතොටගේ මහතා සහ සංස්කෘතික නිළධාරි ඉරේෂා දිසානායක මහත්මිය යන නිළධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් මේ සඳහා සහභාගී වී සම්පත්දායකත්වය ලබාදෙන ලදි.

02/10/2026
ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් ...
24/09/2026

ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව 2026 සැප්. 25 - 28 කාලය තුළ තාවකාලිකව අක්‍රීය කෙරේ.

Address

Kapugollewa Road, Horowpothana
Anuradhapura
50350

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252278438

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Office - Horowpothana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Office - Horowpothana:

Shortcuts

Share