01/06/2026
පිණ්ඩපාත දානමය වැඩ සටහන - හොරොව්පොතාන
==================================
සම්බුදු තෙමඟුල වෙනුවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවිධ වැඩ සටහන් රාශියක් සංවිධානය කර තිබිණි. මෙයින් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා වෙත පිණ්ඩපාත දානය ලබා දීමේ වැඩසටහනක් 2026 මැයි මස 27 දින, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්රමුඛ කොට ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන් හා ප්‍රදේශ වාසීන් සම්බන්ධ වී සිදු කරන ලදී.
උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක, අඹගස්වැව පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව ඉන්දජෝති නාහිමියන්, උතුරු මධ්‍යම දිසාවේ හුරුලු පලාතේ ප්‍රධාන සංඝනායක අලුවිහාරේ විමලරතන නාහිමියන්, වැලිමුවපොතානේ පියරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගි විය.
හොරොව්පොතාන නගරයවේ ලංකා බැංකුව ඉදිරිපිට දී ආරම්භ වූ පිණ්ඩපාත චාරිකාව හොරොව්පොතාන නගරය හරහා ශ්‍රී සවර්ණතිලකාරමා විහාරස්ථානය ගමන් කරන්නට යෙදුණි.
මෙහි දී විශාල පිරිසක් භික්ෂූණ් වහන්සේලාට දානය පිරිනැමීම සඳහා මාර්ග දෙපස රැස්ව සිටි අතර විශේෂයෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන් ද මෙහි දී දානය පිලිගැන්වීමට දායක වුණි.
27/05/2026
වෙසක් සතියට සමගාමීව සවිය ආබාධිත සංගම සහ මගින් රුවන්වැලි වැඩිහිටි බලමණ්ල මගින් 2026/05/26 දින කඩල දන්සල හා බීම දන්සල හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කර්යාලය ඉදිරපිට පැවැත්විය.
~ සමාජසේවා අංශය
27/05/2026
හොරොව්තාපොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගර්භනී මව්වරුන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරීම සඳහා ගී රස වින්දන වැඩසටහනක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ (Udeshika Kumari) පූර්ණ මග පෙන්වීම යටතේ මුල් ළමා විය සංවර්ධන නිලධාරිනිය විසින් සංවිධානය කරන ලදී. මෙහි සම්පත් දායකත්වය ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී ප්‍රදීප් ගිංතොටගේ මහතා සහ සංස්කෘතික නිලධාරී ඉරේෂා දිසානායක මහත්මිය විසින් සිදු කරන ලදි.
හොරොව්පොතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී, ප්‍රධාන කළමනාකරන සේවා නිලධාරී, පරිපාලන ග්‍රාම නිළධාරී සහ හොරොව්පොතාන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියද මෙම වැඩසටහනට සහභාගි වූ අතර මෙහි සංග්‍රහ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දුන් ග්‍රාම සංවර්ධන නිලධාරී, සමාජ සේවා අංශයේ නිලධාරීන් සහයෝගය ලබා දුන් අතර දිවා ආහාරය වෙනුවෙන් මරදන්කාකඩවල කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකාවන් දැක්වූ අනුග්‍රහය ද කුෘතවේදීව සිහිපත් කරමු.
එමෙන්ම වැඩසටහන වෙනුවෙන් සහයෝගය දැක්වූ දිනේෂ් චන්ද්‍රෙස්කර, අනුරාධා දසනායක, නිවර්තනා වෛද්‍යරත්න, තොරතුරු තාක්ෂණ නිලධාරී සහ වනිතා සංවර්ධන කුසුමලතා මැණිකේ යන නිලධාරීන්ද කෘතවේදීව සිහිපත් කරමු.
19/05/2026
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් හොරොව්පතාන, අඹගස්වැව පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මරණයට කැපවී සිටි ගවයින් 37 දෙනෙකුට අභයදානය ලබා දී, ඔවුන් ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ජීවනෝපාය සඳහා බෙදා දීමේ විශේෂ වැඩසටහනක් (2026.05.16 දින) සාර්ථකව ක්‍රියාවට නැංවිණි.
උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක, අඹගස්වැව පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව ඉන්දජෝති නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ තායිවාන් රජයේ සිල් මෑණියන් වහන්සේලා ඇතුළු දායක පිරිසකගේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එහිදී නිදහස් කරගත් ගවයින් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී සහ කිරි ගොවිතැනෙහි නියුතු සුදුසුකම් ලත් පවුල් වෙත නොමිලේ ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම විශේෂ අවස්ථාව සඳහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා එන්.ජී. අබේසේකර මහත්මිය,හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් උදේශිකා කේ. රාජපක්ෂ මහත්මිය (Udeshika Kumari) ,අනුරාධපුර විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.
05/05/2026
2025 දිත්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස හිමි ප්‍රතිලාභීන් 31 දෙනෙකු වෙත වන්දි මුදල් ලබා දීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් (Udeshika Kumari) 2026.05.04 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
05/05/2026
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් සංවිධානය කරන ලද අලුත් 2026 අවුරුදු උත්සවය 2026.04.29 දින ප්‍රාදේශීය ලේකම් තුමියගේ Udeshika Kumari ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
04/05/2026
මැහුම් ක්ෂේත්රයේ නියුක්ත ඔබට වටිනා අවස්ථාවක්🎉️🎊️❤️
ඔබත් හොරොව්පොතාන කොට්ඨාශය තුළ මැහුම් ක්ෂේත්රයේ නියලී සිටින අයෙක් නම්,
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ඔබටම සුවිශේෂී වූ මෙම වැඩසටහන සදහා සහභාගි වන්න.
එදිනට සහභාගි වන ඔබට,
👉ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) සදහා යොමු කිරීම
👉දේශීය විදේශීය රැකියා අවස්ථා සම්බන්ධීකරණය
👉වැඩිදුර පුහුණු පාඨමාලා අවස්ථා
👉අලෙවිකරණය සදහා සමාජ මාධ්‍ය භාවිතය
👉ඩිජිටල් අලෙවිකරණ දැනුම
👉වයාපාරික අවස්ථා සංවර්ධනය කරගැනීමේ දැනුම ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම වැඩසටහන
📅2026.05.20 වන දින
⏰පෙ.ව. 9.00 ට
🏤හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.
ඔබගේ වෘත්තීය වටිනාකම ඉහළ නංවා ගැනීමට මෙම වටිනා අවස්ථාවට සහභාගි වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.
ඔබගේ සහභාගිවීම තහවුරු කිරීම සදහා නම හා ලිපිනය පහත දුරකථන අංකයට whatapp කරන්න.
0702177921
විමසීම්-
මානව සම්පත් සංවර්ධන නිලධාරී
20/04/2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ, අංක - 124 ගම්මැහේගේවැව, අංක 137 - තවලංහල්මිල්ලෑව, අංක් 147- වෙලංගහඋල්පත යන වසම් වල හිමිකමක් නොමැතිව භුක්තිවිදිනු ලැබූ රජයේ ඉඩම් සදහා බලපත්‍ර බෙදාදීමේ උත්සවය උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා සහ අනෙතුත් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, ප්‍රාදේශීය ලේකම් තුමියගේ(Udeshika Kumari) සංවිධානත්වයෙන් 2026.04.08 වන දින හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදි.